IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


ඇතැම් විමර්ශනවලට දේශපාලන බලපෑම් එල්ලවූ බව හිටපු පොලිස්පති කියයි

(මනෝප්‍රිය ගුණසේකර)
 
සමහර සිද්ධීන් සම්බන්ධයෙන් පොලිසිය කරන විමර්ශන වලදී අනවශ්‍ය දේශපාලන බලපෑම් එල්ල වූ අවස්ථා ඇතැයි අනිවාර්ය නිවාඩු ගන්වා සිටින පොලිස්පති පුජිත් ජයසුන්දර මහතා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව හමුවේ සාක්කි දෙමින් පැවසීය.
 
මාවනැල්ල බුදු පිළිම කැඩීමේ සිද්ධිය වු පසු බස්නාහිර පළාතේ හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා තමාට දුරකථනයෙන් කතා කොට එම සිද්ධියට සම්බන්ධ අනත්වාදීන්  දෙදෙනා පියාගේ මාර්ගයෙන් පොලීසියට භාරදෙන බවට පොරොන්දු වූ බව ද පැවැසු පුජිත් ජයසුන්දර මහතා මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්‍ෂණ සිදුකරන නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ හා සහකාර පොලිස් අධිකාරීවරයාගේ දුරකථන අංක ලබා දුන්නත් අදාළ සැකකරුවන් බාරදීමට ඔහු කටයුතු කොට නැතැයිද පැවසීය.
 
මෙම ජනාධිපති පරීක්ෂණ කොමිෂමේ සාමාජිකයින් වශ්‍යයෙන් අභියාචනාධිකරණ විනිසුරු ජනක් සිල්වා (සභාපති), එහි පරීක්ෂකවරුන් වන බන්ධුල කරුණාරත්න, සුනිල් රාජපක්‍ෂ, බන්ධුල අතපත්තු සහ ඩබ්ලිව්. එම්.එස්. අධිකාරී මහත්ම මහත්මීන් කටයුතු කරයි.
 
මෙම ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ ලේකම්වරයා වශයෙන් බුවනෙක හේරත් මහතා කටයුතු කරන අතර කොමිසමේ භාෂා පරිවර්ථකවරයා වශයෙන් විමල් ද සිල්වා මහතා කටයුතු කරයි.
 
ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව පසුගිය 25 වැනිදා පැවැත්වු සාක්කි විභාගයේදී මාවනැල්ල බුදු පිළිම කැඩීමේ සිද්ධිය හා වනාතවිල්ලුව ප්‍රදේශයේදී බෝම්බ හමුවීමේ සිද්ධිය  සම්බන්ධයෙන් පමණක් කරුණු විමසු අතර පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන්  කරුණු වෙනත්  සැසියකදී  විමසන  බව  දැනුම් දෙනු ලැබිය.
 
කොමිසමේ සභාපතිවරයාගේ සහ එහි පරීක්ෂකවරුන්ගේ හා පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටින ජ්‍යෙෂ්ඨ රජයේ නීතීඥ සුහර්ෂි හේරත් මහත්මියගේ ප්‍රශ්න කිරීම් හමුවේ මුලින්ම සාක්කි දෙනු ලැබුවේ මාවනැල්ල බුදු පිළිම කඩා පළා යමින් සිටි සැකකරුවෙකු අල්ලා ගැනීමට කටයුතු කළ චානක ජයරත්න සහ සෙනරත් බණ්ඩාර නමැති තරුණයින් දෙදෙනාගෙන් සාක්කි විමසීය.
 
චානක ජයරත්න නමැත්තා කොමිසම හමුවේ සාක්කි දෙමින් 2018 වසරේ දෙසැම්බර් 25වැනිදා  යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් මාවනැල්ල බුදු පිළිම කඩා දැමීම සිදුකළ බවත් එලෙස බුදු පිළිම කඩා පළා යමින් සිටි එක් සැකකරුවෙකු අල්ලා ගැනීමට තමන් සහ මිතුරා සමත් වූ බවත් එක් අයෙකු තමාටද පහරදී පළාගිය බවත් පැවසීය.
 
යතුරුපැදියේ අංකය සටහන් කර ගැනීමට මෙන්ම අදාළ ඡායාරූප ගැනීමටද තමන් සහ මිතුරා සමත් වූ බවත් එම තොරතුරු සියල්ල එදිනම පොලිසියට ලබාදුන් බවත් පැවසූ චානක ජයරත්න නමැත්තා එසේ තිබියදීත් පාස්කු ප්‍රහාරය සිදුවන තෙක්ම එම පළාගිය සැකකරුවා අල්ලා ගැනීමට පොලිසිය අසමත් වූ බවත් පැවසීය.

සෙනරත් බණ්ඩාර නැමැත්තා සාක්කි දෙමින් බුදු පිළිම කැඩීමේ සිද්ධියට අදාළව සැකකරුවන් 13 දෙනෙකු අත්අඩංගුවට ගෙන සිටියත්ල සිද්ධියට මැදිහත් වී පළාගිය පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට නොහැකි වූයේ යම් දේශපාලන බලපෑමක් මත යැයි තමා විශ්වාස කරන්නේ යැයි පැවසීය.
 
ඉන් අනතුරුව කොමිසමේ සභාපතිවරයාගේ සහ එහි පරීක්ෂකවරුන්ගේ හා පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටින ජ්‍යෙෂ්ඨ රජයේ නීතීඥ සුහර්ෂි හේරත් මහත්මියගේ ප්‍රශ්න කිරීම් හමුවේ අනිවාර්ය  නිවාඩු ගන්වා සිටින පොලිස්පති පුජිත් ජයසුන්දර මහතා සාක්කි දුන්නේය. මාවනැල්ල බුදු පිළිම කඩා දැමීමේ සිද්ධිය පිළිබඳ පරීක්‍ෂණ කටයුතු බාරගන්නා ලෙස නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න මහතාට  උපදෙස් දුන් නමුත් මෙම සිද්ධිය පිළිබඳ පරීක්ෂණ කටයුතු සිදුකරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට වාචිකව උපදෙස් දුන්නේද යන්න මතක නැතැයිද විමර්ශන සිදුකිරීමේ වගකීම ඇත්තේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට බැයිද පැවසු පුජිත් ජයසුන්දර මහතා අසාද් සාලි මහතාගෙන් දුරකථන ඇමතුමක් ලැබුණත් ඒ 2018 දෙසැම්බර් මස 29 වනදාදැයි මතක නැති බවත් පැවසීය.
 
අසාද් සාලි මහතා දුරකථන ඇමතුමක් දී මාවනැල්ල ප්‍රදේශයේ බුදු පිළිම කැඩීමට අදාළ සැකකරුවන් දෙදෙනකුගේ විස්තර කිරීමට අවශ්‍ය බව දැනුම් දුන් බව ත් අදාළ සැකකරුවන් දෙදෙනා ඔවුන්ගේ පියවරුන්ගේ මාර්ගයෙන් භාරදිය හැකි බවත් පැවසු බවත් පසුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ හා කෑගල්ල සහකාර පොලිස් අධිකාරී ජගත් තෙන්නකෝන් මහතාගේ දුරකථන අංක ඔහුට ලබා දුන්නත් අදාළ සැකකරුවන් බාරදීමට ඔහු කටයුතු කොට නැතැයිද පැවසීය.
 
මාවනැල්ල බුදු පිළිම කඩා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් අසාද් සාලි මහතාට අමතරව කබීර් හසීම් මහතාද ඇමතුම් දුන් බවත් පැවැසු පූජිත් ජයසුන්දර මහතා විමර්ශන කටයුතු සම්බන්ධයෙන් ඇතැම් අවස්ථාවන්හීදී දේශපාලනඥයින් විමසීම් සිදුකරන බවත් සමහරුන් පුද්ගලික අභිමථාර්ත ඉටු කරගැනීම සඳහා අනවශ්‍ය බලපෑම් කරන බවත් පැවසීය.
 
වැඩිදුර සාක්කි විමසීම හෙට දක්වා කල් තබන ලදී.
 
 
 



අදහස් (8)

ඇතැම් විමර්ශනවලට දේශපාලන බලපෑම් එල්ලවූ බව හිටපු පොලිස්පති කියයි

Naushad Sunday, 26 January 2020 10:16 AM

නළුවෙකුට දුරකථන ඇමතුම් සංවාදයන් පටිගත කිරීම් මගින් පොලිස් නිලධාරියෙකු වීමට අවශ්‍ය විය. පොලිස් නිලධාරියාට සෝභන වැඩදාලා නළුවෙකු වීමට අවශ්‍ය විය. දැන් දෙදෙනාම සිටින්නේ හිරේය...

:       2       353

samMonday, 27 January 2020 05:01 AM

මරු කියමන. 100%ක් ඇත්ත. හැබැයි තව අවුරුදු කීපයකින් පූජිත ලොක්කත් ඡන්දෙ ඉල්ලාවිද දන්නේ නැහැ.. එයාට දේශපාලන හේතුමත හිරේ ලගින්න වුණා කියලා. ප්‍රධාන පක්ෂ දෙකෙන්ම තාම රිමාන්ඩ් නිසා සිවිල් සංවිධානයකින් එන්න පුළුවන්...

:       0       124

kamal Sunday, 26 January 2020 11:11 AM

කොන්ද පණනැති අයට වගකීම් දැරිය නොහැකියි.

:       0       67

Raveendra Sunday, 26 January 2020 12:05 PM

පළමුව අප කිසිවෙකු හෑල්ලුවට ලක්කිරීමට හෝ කෙනෙකුට අපහාස කිරීමට උත්සාහ කරනවා නොවේ. මේ රටේ මහජනතාවගේ සිවිල් ආරක්ෂාව වෙනුවෙන් තිබෙන ආයතනයේ ප්‍රධානියා විසින්ම කියා ඇති කරුණු දෙස බැලීමේදී අපට ඇතිවුනේ ඔහු පිළිබඳ මහත් වූ පිළිකුලකි. අතිමහත් අප්‍රසන්න තත්වයකි. දුප්පත් මහජනතාවගේ මුදලින් සියලු දීමනා සහිතව වැටුප් ලබමින් "කොහෙවත් යන පාදඩ දේශපාලුවන් නමැති මී හරකුන්ගේ " අණට කීකරුවී තමන් උපන් දේශයේ පුරවැසියන්ගේ ආරක්ෂාව නොසලකා හැරීම සමාව දියයුතු කරුණක්ද නැද්ද යන්න අට, පහ දන්නා කෙනෙකුට වුවත් තේරුම් යන දෙයකි. නිවට කාලකන්නි දේශපාලුවන් සතුටු කිරීමට තමාගේ වගකීම, යුතුකම, ආත්ම ගරුත්වය, තම නිලඇඳුම පාවාදීම හොඳද, නරකදවත් නොදත් මොහුට වහාම නිසි දඬුවම් දියයුතුය යන්න අප තරයේ විශ්වාස කරන්නෙමු. කලට වෙලාවට බදු ගෙවන අවංක පුරවැසියන් වන අප රටේ මුල්පුරවැසියාගෙන් මෙයට නිසි පිළිතුරක් බලාපොරොත්තු වන්නෙමු.

:       0       121

Raveendra Sunday, 26 January 2020 12:21 PM

නිවට කාලකන්නි දේශපාලුවන්ට තිබෙන බය නිසා මෙන්ම තමන්ගේ නිවට නියාලු බයාදුකම නිසා, මෙම නිලධාරියාගේ පක්ෂග්‍රාහී ලෙස ක්‍රියා කිරීමෙන් ජීවිත කියක් ලංකාමාතාවට අහිමි වුනේද? ඒ අහිමිවුණ මිලකළ නොහැකි ජිවිතවලට වගකියන්නේ මොන දේශපාලුවාද? දැන් මෙතනට පැමිණ මට බලපෑම් කළා රාජකාරිය කරන්න බැරිවුණා කියන්න තරම් පොලිසියේ ප්‍රධානියා මෙතරම් නිවට තොත්ත බබෙක් වීම මුළු පොලිස් දෙපාර්තමේන්තුවටම අවමානයකි. ආයතන ප්‍රධානියා හිටගෙන ශරීරකෘත්‍ය කරනවිට ගෝලයෝ දුව දුව එය කරනවා යන්න මෙම නිවට "අසුන්දර රජයේ " සේවකයාට අමතක වීම අවාසනාවකි. අවංකව රට වෙනුවෙන් තම සේවය, තම හිතට එකඟව කොන්ද කෙලින් තියාගෙන කර මොන දේශපාලුවාගේ උදහසට ලක්වී ගෙදර ගියත් එය අතිමහත් නම්බුය... යන්න මොහුට දෙමාපියන් විසින් කියා නොදීම මොනතරම් පාපයක්ද? අප තරයේ විශ්වාස කරනවා අප රටේ මුල්පුරවැසියා විසින් මෙම අදහස් දෙස ඔහුගේ නෙත් යොමුකර කෙසෙල් බඩ, හබරල, පතෝලවලින් කොඳු සෑදී ඇති නිවටයින් ආයතන ප්‍රධානින් ලෙස පත්වීම් ලබා නොදී යන්න. ලක් අම්මට ජයවේවා !!

:       0       119

Ratnamalala Sunday, 26 January 2020 03:40 PM

පව් කියලා හිතෙනවා... මේ නීතිය නවනවා කියපු පොලිස්පති නේද?

:       0       34

sugath Sunday, 26 January 2020 05:17 PM

පොලිසියේ නීතිය නැවිල්ල අනාදිමත් කාලයක සිට සිදුවූ දෙයක්... මෙතුමා ඉතා දක්ෂ නිලධාරියෙක් වන අතර මොහුව මෙතරම් විවේචනය වන්නේ මොහු සාමාන්‍ය මිනිසුන් සමග සහ මාධ්‍ය සමග සුහදව කටයුතු කළ බැවිනි. වර්තමාන වැඩබලන පොලිස්පති මාධ්‍ය අතේදුරින් තබාගෙන සිටින බැවින් ඔහු කිසිවිටක විවේචනය නොවේ..

:       17       29

suddiMonday, 27 January 2020 01:20 AM

මොහුව දෙපාරක්ම උඩට ගෙනාවේ චන්ද්‍රිකා සහ ඉන්පසු චන්ද්‍රිකා-චම්පික එකතුවයි. සුදුසුකම් නැතුව අැඳුනුම්කම්වලින් උඩට ඒම එතුමාගේ සුදුසුකමකි. ඒ නිසා තමයි දේශපාලුවන්ට ඔච්චර ගැතිවුණේ. හැබැයි ඒ ගැතිකම් තිබුණේ නැහැ ලිෆ්ට් ඇතුලේදී මිනිසුන්ට සයිස් දානකොට.

:       1       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

’’බාල බෙහෙත් හොරු කවුද’’: විශේෂ හෙළිදරව්වක් එන සතියේ
2024 අප්‍රේල් මස 27 133 0

බාල ඖෂධ ජාවාරම, ප්‍රමිතියෙන් තොර බෙහෙත් මිලදී ගැනීම, ඒවාට සම්බන්ධවූ පිරිස් සහ ඊට අදාල තවත් වැදගත් ආන්දෝලනාත්මක කරුණු ගණනාවක් හෙළිදරව් කෙරෙන පරිපූර්


තැනින් තැනට අදත් වැස්ස
2024 අප්‍රේල් මස 27 66 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, වයඹ සහ ඌව පළාත්වලට පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 1151 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 2020 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 2271 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 1137 2

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 345 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1734 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1571 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site