එෆ්.අස්ලම්
ආරක්ෂාකාරීව නිශ්කාෂණය කළ යුතුව ඇති උග්‍ර විස සහිත පිළිකානාශක ඖෂධවල එන්නත් කුප්පි ඇතුළු ආන්ත්‍රාදායක අපද්‍රව්‍ය තොගයක් බදුල්ල සතොස ආහාර ගබඩාවට යාබද ගොඩනැගිල්ලක ගබඩා කර තිබියදී අද(13) සොයා ගැණිනි.
රජයේ වෛද්‍ය නිලධාරී සංගමයේ අනාවරණයකට අනුව බදුල්ල සතොස කළමණාකාරවරයා විසින් සිදුකර ඇති පැමිණිල්ලක් මත බදුල්ල මහ නගර සභාවේ නගරාධිපතිවරයා සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් සිදුකළ සෝදිසියකදී මෙම තොගය සොයාගෙන තිබිණි.
බදුල්ල පළාත් මහ රෝහලේ වසර ගණනාවක සිට ඒකරාශී වූ භාවිතා කරන ලද ඖෂධවල එන්නත් කුප්පි සහ විෂ සහිත ආන්ත්‍රාදායක උපකරණ රෝහල් අධ්‍යක්ෂකවරයා විසින් මීට සතියකට පෙර සතොස ගොඩනැගිල්ලට යාබදව පිහිටි ගොඩනැගිල්ලේ ගබඩා කර තිබේ.
රෝහල් ආරංචි මාර්ග විසින් සතොස කළමණාකාරවරයාට ඒ පිළිබද කරන ලද දැනුම් දීමක් මත ඒ පිළිබද රෝහල් අධ්‍යක්ෂවරයාගෙන් විමසා ඇති අතර එහිදී අධ්‍යක්ෂවරයා පවසා ඇත්තේ ආන්ත්‍රාදායක ඖෂධ කිසිවක් එහි නැති බවය.
කෙසේ නමුත් පැවති සැකය මත සතොස කළමණාකාරවරයා මේ පිළිබද බදුල්ල මහනගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් වෙත සහ මධ්‍යම පරිසර අධිකාරිය වෙත පැමිණිලි කර ඇති අතර මෙම ස්ථානය වැටලීමට ලක් කළේ ඒ අනුවය.
ලොරි තුනක ආධාරයෙන් මේවා මෙම ස්ථානයට ගෙනවිත් ඇති අතර ඒවා පැටවූ රෝහල් සේවකයින් දහයකට ආසන්න සංඛ්‍යාවක් ද විවිධ රෝගවලට ලක්ව ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ බදුල්ල ශාඛාවේ ලේකම් වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා පැවසීය.
මේවා ආශ්වාසවීම තුළින් මිනිස් ශරීරයට ඉතාමත් අහිතකර පිළිකා වැනි රෝගවලට ලක්විය හැකි බවත් දහස් සංඛ්‍යාත පිරිසක් දෛනිකව පැමිණෙන සතොස පරිශ්‍රය තුළ විශේෂයෙන් ආහාර ගබඩාව යාබදව ආන්ත්‍රාදායක මෙම ඖෂධ කොටස් ගබඩා කරමින් රෝහල් අධ්‍යක්ෂවරයා සිදුකළ මෙම ක්‍රියාව ජන සංහාරයකට අඩිතාලම දැමීමක් බවද වෛද්‍යවරයා කීය.
බදුල්ල නගරාධිපති ප්‍රියන්ත අමරසිරි, නාගරික මන්ත්‍රීන් වන ශෂී සුරංග සහ උදේනි යන මහජන නියෝජිතයින් සහ වසන්ත ගුණරත්න,ප්‍රසාද් උපුල් කුමාර යන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් මෙම වැටලීම සිදුකරනු ලැබීය.
පාර්ලිමේන්තු කටයුතු කාරක සභාවේ විශේෂ රැස්වීමක් අද (26) දහවල් 11ට කැඳවන බව නියෝජ්‍ය කතානායක රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.
මාන්කුලම වසන්තනගර් හන්දියේදී අද (26) අලුයම ලොරි රථයක් සහ හමුදා ට්‍රක් රථයක් ගැටී සිදුවු අනතුරකින් යුද හමුදා සැරයන්වරයකු මිය ගොස් තවත් හමුදා සාමාජිකයන්
අධිකරණ නියෝගයකට අවනතව කටයුතු නොකර රාජ්‍ය නිලධාරීන්ට බාධා පමුණුවා, ඇමතිවරයකුගේ ලිපියක් පෙන්නමින් බලපෑම් කළේ යැයි රක්ෂිත බන්ධනාගාර ගතව සිටි ගුරු විද
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට අද ප්‍රකාශයක් කිරීමට නියමිතය.
වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දේශපාලන කටයුතු සඳහා තරුණ සේවා සභාවේ දේපල යොදාගැනීම පිළිබඳ විමර්ශනයක් කරන ලෙස ඉල්ලා අල්ලස් හා දුෂණ කොමිෂන් සභ
යාපනය ප්‍රදේශයේ තරුණයන් හට අලෙවි කිරීම සදහා මත්පෙති සන්තකයේ තබාගෙන සිටි මහා පරිමාණ ජාවාරම් කරුවකු පොලිස් විශේෂ කාර්ය බලකායේ නිළධාරින් විසින් අත්අඩ
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
ආන්ත්‍රාදායක අපද්‍රව්‍ය තොගයක් බදුල්ල සතොස ආහාර ගබඩාව අබියස
අයි.ඕ.සිරිසේන Tuesday, 13 August 2019 02:05 PM
සාපිගේ ජාතියේ ගේමක් වගේ...
kolam bossTuesday, 13 August 2019 03:50 PM
හරි ඔක්කොම හරි.. එංගලන්තේ නම් මේ වගේ ඒවා සල්ලි දීලා ලංකාවට පැටෙව්වා. අපි මේවා කොහාටද පටවන්නේ? සුවාසිලන්තේටවත් පටවන්න පුළුවන්ද? ඔය කොහේ හරිවලක් කපලා වලලමු. ඌරට මොන සෞඛ්‍යද කිව්වලුනේ... ඔන්න ඔහේ ගිනි තියලාවත් දාමු. දුමයන්නේ උඩට නේ. පස්සේ ලෙඩක් හැදුණොත් මැරිලා යන්න ඔය මොකක් හරි ඉන්ජෙක්ෂන් එකක් ගහන්න පුළුවන්නේ...
gunarathana himi. Tuesday, 13 August 2019 03:17 PM
ඇත්තටම මෙයින් වන හානිය අපට කවදාවත් ගණනය කරන්න බැහැ. හේතුව මිනිසුන්ට වන අසනීප ආපදා හා මරණ මෙයින් වුනා කියල කවදාවත් ඔප්පු කරන්න බැරි හින්දා.පරිසරයට වන කෙටි කාලීන හා දිගුකාලීන හානි ගැන කතා කරලම වැඩක් නැහැනේ.මොන පණ්ඩිතයින් මොන විදිහේ කතා කිව්වත් සැබවින්ම සිදුවිය යුත්තේ දේශපාලන වාද භේද හා නිලධාරි වාදය පසෙකලා සුදුසු පිළියම් යෙදීමත් වගකිවයුත්තන්ට දඬුවම් දීමත්ය.නමුත් අපේම අවාසනාවකට අපේ රටේ සිද්ද නොවන්නේත් ඒකමයි
RaveendraTuesday, 13 August 2019 04:13 PM
අවසරයි අපේ හාමුදුරුවනේ !! ඔබවහන්සේගේ අදහස් ඉතාමත්ම නිවැරදියි.. අප සැමවිටම කෙටිකාලීන ලාභ ප්‍රයෝජන බලාගෙන දීර්ඝ කාලීන පාඩු විඳීමට හරිම ජගතුන් නොවන්නේද? එයත් හරියට බලය වෙනුවෙන් සුළු පක්ෂයයි කියාගන්නා හිවලුන්ගෙන් උදව් ලබාගෙන අසුචි ඔටුන්න ඔලු ගෙඩියේ රඳවාගැනීම හා සමානයි.
ධම්ම Tuesday, 13 August 2019 03:24 PM
මේවා කොන්ත්‍රාත්. කොන්ත්‍රාත්එක බාරගත් කෙනාට තැන නොතැන ප්‍රශ්නයක් නොවෙයි. බොහෝවිට කවුරු හෝ දේශපාලකයෙක් මොවුන්ට රැකවරණය දෙනවා.
sam Tuesday, 13 August 2019 03:57 PM
ආන්ත්‍රාදායක අපද්‍රව්‍ය තොගයේ බෙහෙත්වල සමීප රූපයක් දාන්න. එතොකට බලාගන්න පුළුවන් මේ මොනවද කියලා? මේක සාපි ටෙලි නාට්‍යයේ දෙවැනි කොටස වගේ... දන්නවනේ අනාවරණය කරපු අයගේ හැටි...?
රවින් Wednesday, 14 August 2019 02:43 AM
මෙය සම්පූර්ණ ලෙසම සෞඛ්‍ය අමාත්‍යංශයේ වගකීමක් නොවේද? රෝහල්වල පරිපාලනය කරනු ලබන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශය නම් ඒවායේ අපද්‍රව්‍ය නිසිලෙස බැහැර කිරීමේ කාර්යයද එම අමාත්‍යාංශය විසින්ම දැරිය යුතු නොවේද? බෝලේ අනික් පැත්තට මාරුකරලා හරියන්නේ නැහැ. කොන්ත්‍රාත්කරුගේ වරද, සේවක වරද, කියකියා කාගේ හරි පිටවරද පටවා ඇඟ බේරා ගැනීම වැරදියි. දිවයිනේ ඇති විවිධ සෞඛ්‍ය ආයතනවල ඇති සෞඛ්‍යට අහිතකර විවිධ අපද්‍රව්‍ය බැහැර කිරීම සඳහා සුදුසු ක්‍රියාපටිපාටියක් ගැනීම විනා පුටු රත්කර වායුසමනය කළ කාමර තුළ කාලය කා දැමීමේ ප්‍රතිඵලයක්...