IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


ආණ්ඩුවට එරෙහි විශ්වාසභංග යෝජනාව කතානායකට

(ශාන්ත රත්නායක)

රජයට එරෙහිව ගෙන ආ විශ්වාසභංග යෝජනාව  අද (21) පෙරවරුවේ ජනතා විමුක්ති පෙරමුණ විසින්  කථානායක කරූ ජයසූරිය මහතාට බාරදුන්නේය.

ජනතා විමුක්ති පෙරමුණු  නායක අනුර කුමාර දිසානායක මහතා විසින් එය භාර දුන් අතර එම අවස්ථාවට පාර්ලි‌‌මේන්තු මන්ත්‍රීවරුන් වන සුනිල් හදුන්නෙත්ති, විජිත හේරත්,  නිහාල් ගලප්පති බිමල් රත්නායක ද සහභාගීව සිටියහ.



අදහස් (35)

ආණ්ඩුවට එරෙහි විශ්වාසභංග යෝජනාව කතානායකට

සේක Tuesday, 21 May 2019 06:12 AM

හරියට පෙම් හසුනක් බාරගන්නවා වගෙයි කරූ ලොක්කා ඉන්නෙ. කොහොමද ටිකිරි මොළේ.

:       641       1741

අමිල Tuesday, 21 May 2019 06:21 AM

කතානායකගේ කපටි හිනාව ..... මේක ගේන්නෙ ආණ්ඩුව පරද්දන්න නෙවේ. මේ කරන්නෙ යූ එන් පි කොන්ත්‍රාත් එකක්.පරද්දන්න බහුතරය නැති බව දැන දැනත් මේ කරන්න හදන්නෙ රටට ලෝ⁣කෙට ආණ්ඩුවට බහුතර විස්වාසය තියෙනව කියල පෙන්නන්න ........

:       1363       2676

anura Tuesday, 21 May 2019 12:46 PM

එකෙක් 1053 ඔබාගෙන ඉන්නේ ජවිපෙ වෙනුවෙන් ජවිපෙ යූ.එන්.පී.. වෙනුවෙන් මරාගෙන මැරෙන්න සූදානම් මුස්ලිම් සමහර පිරිසක් සිංහලුන් මරාගෙන මැරෙනවා.. ඔන්න ඕකයි තත්වේ...

:       0       0

Sanath KandyTuesday, 21 May 2019 03:55 PM

එතකොට කලින් මහින්දලා විශ්වාසභංග ගෙනාවේ බහුතරය තිබිලද?

:       0       0

ධනුෂ්කWednesday, 22 May 2019 02:18 AM

අාණ්ඩුවකට තම රට ජනතාව ගැන තිබෙන්නා වූ වගකීම් පැහැරහැරි කුමන අවස්ථාවක වුවද විපක්ෂයට විශ්වාශභංගයක් ඉදිරිපත් අාණ්ඩුව ගෙදර යැවිය හැක. නමුත් මල් පොහොට්ටුව කලේ එක් අැමතිවරයෙක් පමනක් ඉලක්ක කිරීම. නමුත් ජ.වි.පෙ අාණ්ඩුවම ඉලක්ක කරා එය දිනවීමට විපක්ෂයට හැකියාව තිබෙනවා. නමුත් ඔවුන් බයයි ඒක සම්මත වෙලා අාණ්ඩුව ගෙදර ගියොත් ලකුනු ජ.වි.පෙට වැටෙයි කියලා.

:       1       39

nirosh Tuesday, 21 May 2019 06:47 AM

අනේ ජවිපෙට ගිය කලක්

:       3292       4609

Nishantha De Silva Tuesday, 21 May 2019 06:53 AM

මේවට රැවටෙන අය ඉන්න රටනේ

:       650       907

Suranga Bandara Tuesday, 21 May 2019 07:00 AM

සහෝදරයිනි, නුඹලා රඟ දක්වන මොණර නාඩගමට​, දේශපාලනයෙන් අන්ඳ වූ ජනයා තප්පු ලනු ඇත​. 89-90 අලු වූ දේශප්‍රේමී සහොදර-සහෝදරියන්, වැහි නැති හෙන පතනු ඇත​. මන්ද යත්, පහුගිය පස් වසරේ ඉදිරියට නෙරා ආ නුඹලාගේ උදරය​, නුඹලාගේ දේශපාලනයේ අවංක බාවයට කදිම සාක්‍ෂියක් වනු ඇත​.

:       2494       3844

Samurai Tuesday, 21 May 2019 07:02 AM

මමනම් හිතන්නේ ජනතාව විසින් විශ්වාස බංගය ගෙන්න ඕනේ 225 ගෙදෙර යන්න

:       25       252

isurandi Tuesday, 21 May 2019 07:15 AM

විශ්වාසභංග යෝජනා නම් එමටයි. මේවල ප්‍රගතියක් දකින්න නැහැනේ කවදත්

:       0       182

Shihan Tuesday, 21 May 2019 07:28 AM

ත්‍රස්තවාදී අනතුර වෙලා මාසයක් යනකම් මුකුත් නොකර හිටිය අනුර කුමාරයට දැන් ජනතාව ගැන බොරු දුකක් පහලවෙලා.

:       1811       3216

VajiraTuesday, 21 May 2019 04:03 PM

අනතුර උන වෙලාවේ ක්‍රියාත්මක වෙන්න ඕන රජය සහ ආරක්ෂක අංශ. මේ අනතුර වලක්වා ගැනීමට නොහැකි වීමේ වග උත්තරකරු රජය. ඒ නිසා රජයට විරුද්ධව විශ්වාසභංගයක් කරන එක තමා කළ යුත්තේ. එහෙම නැතිව වෙන අයට විශ්වාසභංග ගේන්නේ ආණ්ඩුව නිදොස් කරන්නද?

:       0       0

Nuwan Tuesday, 21 May 2019 07:50 AM

සමාජවාදී තාත්තලා සහ සමාජවාදී සහෝදරවරු යනු දෙගොල්ලකි.

:       186       76

sirimal Tuesday, 21 May 2019 08:15 AM

මේ රටේ ප්‍රශ්න ගොඩක් විසඳා ගන්නට පුළුවන් උවමනාවක් සහ හැකියාවක් තිබුණට ඒ සඳහා අත්‍යාවශ්‍ය වෙන බලය ලබා ගැනීමේ ක්‍රමවේදය හරි හැටි කළමනා කර ගන්නට හැකියාවක් නැති එක තමයි මේගොල්ලන්ගේ කරුමේ. කොටුව දුම්රිය පල ඉදිරියේ කොළ බෙද බෙදා ඉඳල නම් ඒ වැඩේ කරගන්න ලැබෙන එකක් නැහැ ගොයියෝ.

:       635       728

JeW Tuesday, 21 May 2019 08:18 AM

තිර පිටපත, අධ්‍යක්ෂණය, වේෂ නිරූපණය ආදි මෙකි නොකි සියල්ලම යූඇන්පියෙන්... නලූවෝ ටික ජේවීපෙන්....

:       1625       2817

Prabha Tuesday, 21 May 2019 08:40 AM

මේ වෙනකල් මම විස්වාස කලේ නැහැ ජේවීපී එක ආණ්ඩුව රකිනවා කියන කතාව. මේ දැන් තමයි වැටහුනේ ඒ කතාවේ ඇත්තක් තියන බව.

:       0       0

maaraya Tuesday, 21 May 2019 09:57 AM

පළමුව බදුරුදීන් සුද්දකරගෙන දෙවනුව, ලිඛිතව ආණ්ඩුවට ලකුණු ලබාදෙන ක්‍රමයක්. කඩේ යාමේ ප්‍රමුඛයෝ. රතු හැත්ත

:       0       0

ajith Tuesday, 21 May 2019 10:24 AM

මේ වෙලාවේ ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංගයකදී රිෂාඞ් බදුර්දීන්ගේ පක්ෂයේ මන්ත‍්‍රීවරුන් 06-07 දෙනා තීරණාත්මක සාධකයක් වෙනවා. මේ විදියට විශ්වාසභංග යෝජනා 02ක් ගෙන ආවාම රිෂාඞ් බදුර්දීන්ට ‘කේවල් කිරීමේ බලයක්’ ලැබෙනවා. දැන් රිෂාඞ් බදුර්දීන්ට ආණ්ඩුවේ මන්ත‍්‍රීවරුන්ට කිව හැකියි, ‘නුඹලා මා බේරා නොගත්තොත් මගේ පක්ෂයේ ඡන්ද ටික ආණ්ඩුව බේරා ගැනීමට ලබා දෙන්නේ නැහැ’ කියා.

:       0       0

trump Tuesday, 21 May 2019 10:27 AM

නියම විහිළුව...

:       0       0

රජින්ද Tuesday, 21 May 2019 10:42 AM

බදියුදීන්ට එරෙහි රැල්ල සහ ඔහුට එරෙහි විශ්වාසභංගය කඩාකප්පල් කිරීම සඳහා රනිල්ගේ කුමන්ත්‍රණයේ මෙහෙයුම් පාර්ශවය ජ.වී.පෙ. ක්‍රියාත්මක වීම මේ පුහු වදෙන් කරලියට පැමිණ තිබේ. ජනතාව ඇන්දවීමට වෙනත් මගක් මොවුන් විසින් සොයාගත යුතුව ඇත.

:       0       0

chathuri Tuesday, 21 May 2019 10:45 AM

මේ 225 වැඩ දැක්කම... බඩ දඟලනවා. කැරකිල්ල, වමනය, අතීසාරය... පුදුම අප්පිරියාවක් එන්නේ දොස්තර කිව්වා. පුවත්පත් බලනකොට මෙ නඩේගේ වැඩ දැක්කම කාටත් මේ ලෙඩ එනවලු..

:       0       0

Ananda Tuesday, 21 May 2019 11:36 AM

හරිම හොඳ වැඩක් මොකද ජනතාවට දැන් හොඳටම තේරුම් ගන්න පුළුවන් මොවුන් රටට ආදරේ මිනිස්සුද, නැත්නම් ද්‍රෝහීන්ද කියා... ඒ අනුව ඊ ළඟ ඡන්දයේදී එකම මන්ත්‍රී කෙනෙක්වත් පාර්ලිමේන්තුවට පත් නොකිරීමට ජනතාව වගබලා ගනීවි...

:       0       0

Kriss Tuesday, 21 May 2019 11:40 AM

ඔයගොල්ලෝ හිතාගෙන ඉන්නේ මිනිස්සු ඕවට රැවටෙනවා කියලද? කවදා හරි ඡන්දයක් තියන්න වෙනවනේ. එදාට ඕවායේ ප්‍රතිඵල ලැබෙයි.

:       0       0

janahitha Tuesday, 21 May 2019 12:41 PM

කොයි මේ මුට්ටිය, ඒක බිම තියලා කොලේ විතරක් අතට දෙනවා.

:       0       0

අයි.ඕ.සිරිසේන Tuesday, 21 May 2019 12:52 PM

බදියුර්දීන්ට විශ්වාස භංගයක් ගෙනැල්ලා ආණ්ඩු පෙරලන්න බැහැ. මේක කරන්නේ ඊළඟ ජනාධිපතිවරණයේදී බදියුර්දීන්ගේ සහාය ගන්න... ඡන්දයට කලින් බදියුර්දීන්ව ආණ්ඩුවෙන් ඉවත් කරන්නයි. එහෙම නැතිව ඇත්තටම රටට හෝ ජනතාවට ආදරයට නොවෙයි. දැන් ඇත්ත අභියෝගය කරලා තියෙන්නේ, බදියුර්දීන්ව නොවෙයි ආණ්ඩුවම ගෙදර යවන්න පුලුවන් විශ්වාස භංගයක් ගෙනැල්ලා තියනවා. අපි කියනවා පුලුවන් නම් ඒකාබද්ධයේ හොරු නඩයට බදුර්දීන් එක්කම මේ ආණ්ඩුවත් ගෙදර යවලා පෙන්වන්න කියලා. නමුත් අපි දන්නවා මේ හොරු නඩයට එහෙම නොකරන බව...

:       0       0

Muhna Tuesday, 21 May 2019 02:20 PM

නිදහසින් පසු මෙරට පාලනය කල ප්‍රධාන පක්ෂ දෙක සහ එහි නායකයන් අද රටේ තත්වයට වග කියන්න ඕනේ... ඒ වුණාට අහක ඉන්න ජෙප්පන්ට හැමෝම පලු යන්න බනිනවා. ඒ ඇයි එහෙම වෙලා තියෙන්නේ...

:       0       0

chandima Tuesday, 21 May 2019 04:45 PM

රටේ ත්‍රස්තවාදය නැතිකරන්න අත්‍යවශ්‍යම දෙයක් මෙයාල කරලා තියෙන්නේ.

:       0       6

charith Tuesday, 21 May 2019 06:29 PM

සුන්දර පින්බර සිරිලංකාව පාලනය කරන රජය විසින් නිෂ්පාදන කරන්නාවූ අලුත්ම නාට්‍ය මාලාවේ පිටපතේ මුහුරත් උලෙලයි මේ

:       7       9

ranjith Tuesday, 21 May 2019 10:17 PM

225 ම වැඩක් නැහැ.

:       0       0

sarath Wednesday, 22 May 2019 01:31 AM

කොහෙන්ද හිනාවෙන්නේ කියලා හිතාගන්න අමාරුයි හැබැයි ලොකු තරහක් නම් එනවා. විජේවීර හිටියනම් මේ අය ගෙදර යවලා ගොඩක් කල්

:       8       41

saliya Wednesday, 22 May 2019 03:31 AM

හැම පක්ෂයකම දේශපාලකයන්ගේ වැරදි ඇත. වැදගත් වන්නේ යූ අන් පී ද පොහොට්ටුවද ජවිපෙ ද යන කාරණාවට වඩා, මෙම විශවාසභංග වල අඩංගු කරුණු, ඒවායේ සත්‍ය අසත්‍යතාවය පිලිබඳව සියලුම චන්ද දායකයන් දැන ගැනීමය. මේවා අප වඩා අපක්පාතීව ගැඹුරින් විමසා බැලිය යුතුය. සැම පක්ෂයක් හා සම්බන්ධ පුද්ගලයින් කරුණු විකෘති කරමින් ප්‍රචාරයේ යෙදෙයි.

:       0       135

Ajith Nissanka Wednesday, 22 May 2019 04:50 AM

අනේ අම්මෝ බලාගෙන යනකොට බොහොම දෙනකුට ආණ්ඩුව රැක ගන්න ඕන වගේ ! නැත්නම් ආණ්ඩුවක් වට්ටන්න තියන විස්වාසබංගයක් ගේනකොට ඒක ආණ්ඩුවට වාසියක් හැටියට පෙනෙන්නේ කොහොමද ?

:       0       33

Ajith Nissanka Wednesday, 22 May 2019 02:21 PM

ඒකට අපේ පොහොට්ටු ජාති මාමකයෝ ! තිර පිටපත, අධ්‍යක්ෂණය, වේෂ නිරූපණය ආදි මෙකි නොකි සියල්ලම චීනෙන් ජනාධිපතිවරණයට එන නළුවා අමෙරිකාවෙන් !

:       0       0

ඉදුනිල් ප්‍රියන්ත Wednesday, 22 May 2019 02:23 PM

ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංගයක් ගෙනාවාම ඒක කොහොමද වැරැද්දක් වෙන්නෙ?

:       0       0

Kriss Thursday, 23 May 2019 04:21 PM

ඕවා වැඩක් නෑ. අවංකවම වරදට එරෙහිවෙන්න කැමතිනම්, අවංකවම රට ගැන හිතනවනම් තීරණයක් ගන්න ජනතාවට අවස්ථාව ලබාදෙන්න කටයුතු කරන්න. ආණ්ඩුව විශ්වාසය කඩ කලාද නැද්ද කියලා තීරණය කරන්න ජනමත විචාරණයක් තියන්න කටයුතු සූදානම් කරන්න. ජනතා පරමාධිපත්‍යයට අවස්ථාවක් දෙන්න. ඔය තුට්ටු දෙකේ නාට්‍ය රඟදක්වන කොයි කෙනත් ජනතා පරමාධිපත්‍යය ඉස්සරහට එන්න බයයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 340 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 705 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 872 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 478 2

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 530 2

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


ඇමෙරිකා කෘෂි උප ලේකම් ජනපති හමුවෙයි
2024 අප්‍රේල් මස 26 188 0

ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1729 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site