IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


අවුරුදු 21ට වැඩි සිංගප්පූරු වැසියන්ට බෝනස්

අවුරුදු 21 ට වැඩි සෑම සිංගප්පූරු වැසියකුටම සිංගප්පූරු ඩොලර් 300ක පාරිතෝෂිකයක් (බෝනස් මුදලක්) ගෙවන බව සිංගප්පූරු මුදල් අමාත්‍යවරයා ඉකුත් දා නිවේදනය කළේය. 

පසුගිය වසරේ අයවැයෙන් සිංගප්පූරු ඩොලර් බිලියන 10ක (ආසන්න වශයෙන් එක්සත් ජනපද ඩොලර් බිලියන 7.6) අතිරික්තයක් ලැබී ඇති බවත් එහි ප්‍රතිලාභ සිංගප්පූරු වැසියන්ට හිමි විය යුතු බවත් සඳහන් කරමින් සිංගප්පූරු මුදල් අමාත්‍යවරයා ඒ බව කීය. 

පාර්ලිමේන්තුවේදී තම අයවැය කතාව කරමින් සිංගප්පූරුවේ මුදල් අමාත්‍ය හෙන්ග් ස්වී කීත් අයවැය අතිරිකත්යක් වාර්තා වී ඇති බවත් අවුරුදු 21ට වැඩි සෑම සිංගප්පූරු පුරවැසියකුටම අදාළ අතිරිත්කයේ ප්‍රතිලාභ හිමිවිය යුතු බවත් කීවේය. 
විශේෂ අවස්ථාවලදී ලබාදෙන මූල්‍ය ත්‍යාග සිංගප්පූරුවේ මැන්ඩරීන් භාෂාවෙන් ‘හොන්ග්බාඕ’ යනුවෙන් හඳුන්වන අතර අමාත්‍යවරයා බෝනස් මුදල විස්තර කළේද ‘හොන්ග්බාඕ’  වදන යොදාගනිමින් වීම විශේෂත්වයකි. 

බෝනස් මුදල ගෙවීමේදී සිංගප්පූරු රජයට සිංගප්පූරු සිංගප්පූරු ඩොලර් මිලියන 700ක (එක්සත් ජනපද ඩොලර් මිලියන 533ක) පිරිවැයක් දැරීමට සිදු වේ. ජනතාවගේ ආදායම් තක්සේරු කිරීමෙන් අනතුරුව මෙම බෝනස් මුදල ගෙවන බව වාර්තා වේ. මේ අනුව මේ වසර අවසන් වනවිට සිංගප්පූරුවේ ලක්ෂ 27 ක පිරිසකට මෙම බෝනස් මුදල හිමිවනු ඇත. 

ආදායම සිංගප්පූරු ඩොලර් 28,000 හෝ ඊට අඩු අගයක් හෝ ගන්නේ නම් එම පිරිසට සිංගප්පූරු ඩොලර් 300ක බෝනස් මුදලක් හිමි වේ. ආදායම සිංගප්පූරු ඩොලර් 28,001ත් සිංගප්පූරු ඩොලර් 100,000ත් අතර නම් එම පිරිසට සිංගප්පූරු ඩොලර් 200ක බෝනස් මුදලක් හිමිවන අතර ආදායම සිංගප්පූරු ඩොලර් 100,000 ඉක්මවන පිරිසට හිමිවන්නේ සිංගප්පූරු ඩොලර් 100ක බෝනස් මුදලකි.  

සිංගප්පූරු රජය පසුගිය එනම් 2017  මූල්‍ය වර්ෂයේදී අපේක්ෂා කළාට වඩා ආදායම් ලබමින් සිංගප්පූරු ඩොලර් බිලියන 9.61ක ආදායම් අතිරික්තයක් වාර්තා කළේය. 

අතිරික්ත මුදලෙන් ඩොලර් බිලියන 5ක මුදලක් එරට දුම්රිය යටිතල පහසුකම් අරමුදලට යොදවන බව මුදල් අමාත්‍යවරයා කීය. තවත් මුදලක් වැඩිහිටි ජනතාව වෙනුවෙන් ද තවත් මුදල් විවිධ ආබාධ තත්ත්වල සිටින ජනතාවගේ දෛනික කටයුතු සඳහා ද ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට රක්ෂණ වැඩසටහනක් සැකසීම සඳහා තවත් කොටසක් ද යොදවන බව සිංගප්පූරු මුදල් අමාත්‍යවරයා තවදුරටත් කීය. 

055



අදහස් (38)

අවුරුදු 21ට වැඩි සිංගප්පූරු වැසියන්ට බෝනස්

Sunil Friday, 23 February 2018 05:01 PM

අපේ සල්ලි නම් කාගේ කාගේත් සාකුවලට ගිය නිසා අපිට නම් හැමදාම ලැබෙන්නේ හොම්බෙන් යන බාඕ නේ?

:       0       0

Raveendra Friday, 23 February 2018 05:24 PM

අපේනම් ඉතින් දියවන්නඔයේ ඉන්න "හරකුන්ට" ජිවිතකාලේටම බෝනස් ගෙවන්නේ චිරාත් කාලයක් තිස්සෙනේ සිංගප්පුරුවට ඕක අලුත් දෙයක් උනාට. ඒ අතින් බැලුවාම අපි කොච්චර දියුණු රටක්ද අම්මපා....

:       0       0

දයාන් Friday, 23 February 2018 05:27 PM

සිංගප්පුරුවට ඇත්තේ අය වැය අතිරික්තයක්. අපට ඇත්තේ කිසිදා පියව ගත නොහැකි අය වැය හිඟයක්.

:       0       0

Sanka Friday, 23 February 2018 06:14 PM

අනේ අපි කවදාක පීනමුද ඒ ගංඟේ......

:       0       0

විමලබුද්ධි හිමි Friday, 23 February 2018 07:57 PM

අපේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ඉන්න අය මෙහෙම හිතනවා ඇති; "අයියෝ මේ සිංගප්පුරු මන්ත්‍රීවරු පල් මෝඩයි. අපි එහෙමනම් ඒ සල්ලි ජනතාවට දෙන්නේ නෑ. අපි ගසා කනවා."

:       0       7

sam Friday, 23 February 2018 08:51 PM

1996 සිට 2008 පමණ වනතුරු ඕස්ට්‍රේලියාවේ බජට් එක අතිරික්තව තිබුනාට සතයක්වත් රටවැසියන්ට දුන්නේ නැහැ. ඒ වෙනුවට නොයෙකුත් දීර්ඝ කාලීන සංවර්ධන වැඩ වලට යෙදුවා . නමුත් 2009 ලෝක ආර්ථික අවපාතයට ඔස්ට්‍රේලියාව පත් වීම වැලක්වීමට කියා සෑම දරුවෙකුටම ඩොලර් 900 ගානෙත් සෑම බදු ගෙවන්නෙකුටම 900 ගානෙත් බෙදුවා . ඒකෙන් චීනය දියුණු උනා මිසක් ඔස්ට්‍රේලියාවට පලක් නොවුන බව තමයි කියවුනේ .මොකද බලාපොරොත්තු රහිත මුදලක් අතට ලැබුනාම බොහෝ දෙනෙක් ඒවායින් මිලදී ගත් දේවල් හදා තිබුනේ චීනයෙයි . එකල විපක්ෂය කිව්වේ මේ මුදල ගණිකා ඇසුරකට වියදම් කලොත් පමණක් ඕස්ට්‍රේලියාවේ රැඳෙන බවත් බඩු මුට්ටු මිලදී ගැනීමෙන් චීනය පොහොසත් වන බවත් ය . ඒ කියමන ඇත්ත බව තේරෙන්නේ 2009 ට පසු තවමත් අතිරික්තයක් නොලැබීම නිසයි .

:       0       0

Rajen Friday, 23 February 2018 08:54 PM

ලංකාවේ අපිටනම් හැමදාම බෝනස් හම්බ වෙනවා.

:       0       0

Sarasi Friday, 23 February 2018 09:26 PM

මේවා නිකම්ම පහල වෙන ප්‍රතිලාභ නෙවෙයි. කාර්යක්ෂම වැඩකරන ජනතාව , දුෂණයෙන් තොර දේශපාලකයන් සහ මනා දැනුමෙන් පරිපුර්ණ ක්‍රියාශීලි පරිපාලක නිලධාරීන්ගෙන් පොහොසත් රටක සරු අස්වැන්න. බලයට ආපු ගමන් රටේ සම්පත් ගෙදරට ගොඩ ගහගන්න දුෂිත දේශපාලකයන්, කොයි වෙලේ බැලුවත් ඈනුම් යවන ගමන් ඉන්න රජයේ සේවකයන් , උගත්කම තිබුනත් වෘත්තියට අදාළ ප්‍රායෝගික හැකියාවන් නැති නිලධාරින් සහ තවමත් යුද්ධය ගැන කතා කරමින් මිසක් ඉදිරියක් ගැන සැලසුම් නැති චන්ද දායකයන් ඉන්න රටකට මේවා මැජික්. !

:       0       0

lalith Friday, 23 February 2018 09:51 PM

මෙහෙත් දැන් මීළඟ අවුරුදු දෙකේ වයි පයි දීල බ්‍රේස්ලට් බැඳලා පයින් යන උන්ට බයිසිකල් දීල බයිසිකල් වල යන උන්ට කාර් දීල එහෙම ඉවර උනාම බලපල්ලකො බෝනස් දෙන හැටි?

:       0       2

Indhika Friday, 23 February 2018 09:53 PM

කන්තෝරු වල අයට පඩි දීගන්න බැරිව ඉන්න ලංකාවේ අපිට නම් දිවියලෝක තියෙනවා කියන එකටත් වඩා හීන කතාවක් මීක. ඇත්තටම පුදුමයි.

:       0       0

Dr Edward Perera Germany Friday, 23 February 2018 11:09 PM

බටහිර රටවල් වලට විරුද්ධව බොරුව ට කෑගහන ඇතැම් ඊනියා දේශප්‍රේමින් නිසා ශ්‍රී ලංකාව දියුණු බටහිර රටවල් වලින් ඈත්වුනා. බටහිර රටවල් ආදර්ශයට ගත යුතුයි කියන නිගමනය වෙනුවට දියුණු ආසියාතික රටවල් වලින් අපට බොහෝ දේ ඉගෙන ගත හැකිව තිබුනා. සිංගප්පුරුව හොඳම උදා හරණයක්. ලංකාදීප පුවත් පත සපයන තොරතුර ට අනුව අයවැය පරතරය නිමා කොට අතිරික්ත ධනයක් රටට ලබා දෙන්න එරට පාලකයින් සමත් වුයේ බොහෝ කලක සිට දුෂණය පිටු දකින්න ඒ රටට හැකි වූ නිසයි. පිරිසිඳු කම අතින් බැලුවත්, විනය අතින් බැලුවත් තාක්ෂණය අතින් බැලුවත් අපහට යුරෝපයෙන් ජර්මනියත් ආසියාවෙන් සිගප්පුරුවත් උදාහරණයක් හැටියට ගන්න පුළුවන්. අවාසනාවකට මෙන් දේශපාලන වාසි තකා වෙනත් රටවල ප්‍රතිපත්ති වලට බැණ වදිමින් තමන්ගේ මඩිය පමණක් තර කරගන්න උත්සාහ කරන දේශපාලකයින් සිටින ශ්‍රී ලංකාවට සිංගප්පුරුව සැමදාටමත් සිහින රාජ්‍යයක්ව පවතිනවා නොඅනුමානයි.

:       0       0

පසන් Saturday, 24 February 2018 12:13 AM

අර්ජුන මහේන්ද්‍රන්ටත් ලැබෙන්න ඇති.

:       0       0

නුමා Saturday, 24 February 2018 12:22 AM

අපිත් සිංගප්පූරුව වගේ තමා. පොඩි වෙනසකට තියෙන්නෙ, සිංගප්පූරුව ජනතාවට බෝනස් ගෙවනව, අපි රටම එකතුවෙලා මන්ද බුද්ධික 225 දෙනෙකුට පාරිතෝශික ගෙවනව. ඒක තමා අපේ මන්ද බුද්ධික රැල නිතරම වේදිකා වල කිව්වෙ 'ලංකාව සිංගප්පූරුවක් කොරනව' කියල.

:       0       0

සෑම් Saturday, 24 February 2018 12:24 AM

මේ අතිරික්තයේ අපේ බැඳුම්කරේ සල්ලිත් තියනවද දන්නැහැ? හනේ හපොය් ලංකාවට ගිය කල !

:       0       0

Bamunuarachchi Saturday, 24 February 2018 12:38 AM

එරට තිබෙන ජීවන වියදමේ හැටියට මෙමුදල එක්තරා සහනයක්

:       0       0

meena Saturday, 24 February 2018 01:36 AM

මාරු සිංගප්පූරුවේ එවුන් ලංකාවෙන් හොරකම් කරලා, 21 ට වැඩි පුරවැසියන්ට බොනසුත් දෙනවා. ලංකාවේ එවුන්ගේ ලොකුකම වැඩි හින්ද එක එකාට වැඩ පවර පවර ඉන්නවා... විශ්වවිද්‍යාල වල ඉන්න වුන් හිතන් ඉන්නේ වුන් තම මුළු ලෝකෙම නොම්මර එකේ වැඩ කාරයෝ කියාල. එත් හැමදාම පිකටින් එකක්. මහ බැංකු අධිපතිකමට එකෙක් ලංකාවෙන් හොයාගන්න බැහැ. ලංකාවේ ඉන්න නොම්මර එකේ වැඩකාරයෝ දන්නේ ඉගෙන ගෙන පිකටින් කර කර ඉන්න විතරයි. පිටරට එවුන් ඇවිල්ල ඔලුවට අත හෝදලා යනවා.

:       0       0

RASA Saturday, 24 February 2018 03:26 AM

සින්ගපොරේ එහෙම උනාට ලංකාවේ එහෙම වෙන්නේ නැහැ කවදාවත්, අතිරික්තයක් තිබුනත් ජනතාවට ලැබෙන්නේ නැහැ,

:       0       8

ධනුෂ්ක Saturday, 24 February 2018 03:26 AM

අවුරුදු 21 ට වැඩි සෑම ලාංකිකයෙකුටම ඩොලර් 300ක පාරිතෝෂිකයක් (බෝනස් මුදලක්) ගෙවන බව ශ්‍රී ලංකා මුදල් අමාත්‍යවරයා ඉකුත් දා නිවේදනය කළේය. පසුගිය වසරේ අයවැයෙන් රුපියල් බිලියන 10ක (ආසන්න වශයෙන් එක්සත් ජනපද ඩොලර් බිලියන 7.6) අතිරික්තයක් ලැබී ඇති බවත් එහි ප්‍රතිලාභ ශ්‍රීෟ ලංකා වැසියන්ට හිමි විය යුතු බවත් සඳහන් කරමින් මුදල් අමාත්‍යවරයා ඒ බව කීය. පාර්ලිමේන්තුවේදී තම අයවැය කතාව කරමින් මුදල් අමාත්‍ය මංගල සමරවීර අයවැය අතිරිකත්යක් වාර්තා වී ඇති බවත් අවුරුදු 21ට වැඩි සෑම පුරවැසියකුටම අදාළ අතිරිත්කයේ ප්‍රතිලාභ හිමිවිය යුතු බවත් කීවේය. විශේෂ අවස්ථාවලදී ලබාදෙන මූල්‍ය ත්‍යාග ලංකාවේ සිංහල භාෂාවෙන් ‘දානය’ යනුවෙන් හඳුන්වන අතර අමාත්‍යවරයා බෝනස් මුදල විස්තර කළේද ‘මල දානය’ වදන යොදාගනිමින් වීම විශේෂත්වයකි.

:       0       0

දිලුම් Saturday, 24 February 2018 04:24 AM

අපිට නම් මෙහෙම දෙයක් කවදාවත් අහන්න ලැබෙන එකක් නෑ. කවදාහරි මේ වගේ අතිරික්තයක් ලැබුණත් ඒක අපේ දේශපාලකයෝයි, රජයේ ඉහළ නිලධාරිනුයි ගන්න සැලසුම් හදනවා මිසක් මේ වගේ ජනතාව ගැන හිතලා නම් තීන්දු ගන්න එකක් නෑ. ඒකයි ලංකාවෙ හැටි...

:       0       275

දිලාන්Saturday, 24 February 2018 06:49 AM

අපිට ලැබෙන්නෙ බදු බෝනස්.

:       0       5

BamunuarachchSaturday, 24 February 2018 07:54 AM

මේ වගේ අතිරික්තයක්! සිරි ලංකාවේ අතිරික්තයක් ලබනවාට වඩා ලෙහෙසියෙන් ඔබට මාර්ග ඵල ලබන්න පුළුවනි. සිහිනෙන්වත් නොලැබෙන දෙයක් ගැන සිතා දුක්වෙන්න එපා. හැබැයි සිංගප්පූරුවේ ජීවන වියදම හරි ඉහළ බව සිටි ටික කාලයට දැනුණා.

:       0       8

ChandimaSaturday, 24 February 2018 04:23 PM

නෑ නෑ, දෙයි දෙයි අපිටත් ළඟදීම ලැබේවි. බයවෙන්න එපා. අපේ තාම කොච්චර දෙනවද කියල ගණන් බලනවා ඇති. දෙන එක සිංගප්පුරුවට උඩින් යන්න දෙන්න එපැයි. එකයි මේ දවස්වල ආණ්ඩුවේ සද්ද බද්ද නැත්තේ.

:       0       2

ruchiraSaturday, 24 February 2018 09:36 AM

අපිට වැරදිලාවත් ලැබුණානම් වැඩි අදායම් අයට වැඩි බෝනස් මුදලකුත්, අඩු අදායම් අයට අඩු බෝනස් මුදලකුත් තමා!

:       0       30

sarath Muscat Saturday, 24 February 2018 05:39 AM

එහෙ එහෙම වුණාට ලංකාවේ එහෙම වෙන්නේ නෑ...

:       0       28

Nuwan Saturday, 24 February 2018 05:47 AM

අපේ රට උදාහරණයකට අරන් සිංගප්පුරුව දියුණු වුනා.. මෙන්න ප්‍රතිඵල ..

:       0       28

ප්‍රියන්ත Saturday, 24 February 2018 05:55 AM

අනේ වාසනාවන්!!! අපේත් පොහොට්ටුව පිපිලා. අපිටත් හොඳ කලක් යාවි සිංගප්පුරුවට වගේ ...

:       65       304

Sarah QatarSunday, 25 February 2018 03:47 AM

ඔව්, පොහොට්ටුව පිපිලා දැනට ලක්ෂ හතරාමාරක් වන එක පුද්ගල ණය, රුපියල් ලක්ෂ දාහතරාමාරක් නොවේවායි පතමි.

:       0       19

shelton Saturday, 24 February 2018 06:06 AM

ඔන්න ලංකාවේ නම් අපිව හූරන් කන ආණ්ඩුවක් තියෙන්නේ. කියක් හරි හම්බ කරගත්තොත් නඩු දමනවා. බදු ගහනවා.

:       3       16

Srilankikaya Saturday, 24 February 2018 06:06 AM

අපේ කට්ටියත් අපිට වැඩි වෙච්ච හරිය සිංගප්පූරුවෙන්ම කෙනෙක් ආනයනය කරලා බෙදලා දුන්නේ මහා බැංකුවේ වැඩි හරියයි. ඒ කියන්නේ අපිට (රට කරන උදවියට) තියනවා. සිංගප්පූරුවට වැඩිය අාදායමක්...

:       0       110

abaran Saturday, 24 February 2018 06:41 AM

අනේ අපි කවදාක පීනමුද ඒ ගඟේ.....

:       0       0

අබරා Saturday, 24 February 2018 06:44 AM

එක සිංගප්පූරු වැසියෙක් ඒ බෝනස් මුදල මදි හින්දා අපේ ලංකාවේ මහා බැංකුවෙන් චූටි බෝනස් පාරක් දා ගත්තා....

:       0       0

Ken Saturday, 24 February 2018 06:49 AM

එහෙම දීමනා ලෙබෙන්න නම් සිගප්පූරු යටත් විජිත සමයක තමයි

:       0       0

samira Saturday, 24 February 2018 08:19 AM

ඇයි නැත්තේ අපෙත් ගෙවනවා... අපිට නෙමෙයි මේ රට කන අයට...

:       0       6

Kumari Saturday, 24 February 2018 10:36 AM

එහෙ මහබැංකු අධිපති ලංකාවෙන් ගිය කෙනා නෙවෙයි නේද?

:       1       27

yaka mahathaya Saturday, 24 February 2018 10:40 AM

වෙනස මේකයි - නීතිය තදින්ම ක්‍රියාත්මකයි, නීතිය කාටත් පොදුයි, කැබිනට් එකේ ඉන්නේ ඉහළින්ම උගත් පිරිසක් (15 දෙනයි), අන්‍යාගමිකයි (ව්‍යවස්ථාව සහ ආගම් දෙක එකිනෙක සම්බන්ධ නැහැ), ඉස්කෝලවල ආගම උගන්වන්නෙත් නැහැ.

:       1       19

Jahamanayaa Saturday, 24 February 2018 11:22 AM

අපිට නොමිලේ ලැබෙනවා නම් ඕනෙ දෙයක්. අපි වගේ කම්මැලි ජාතියක්. සිංගප්පූරුවට වඩා සෑම දෙයක්ම (ඇල්වතුර පවා) තියෙදිදී පිටරටින් එනතෙක් බලා ඉන්නවා.

:       0       8

චතුරිකා පිරිස් Saturday, 24 February 2018 08:00 PM

ඇත්ත, ලංකාවේ ඉන්න මිනිස්සු තරම් කම්මැලි ජාතියක් මේ ලෝකයේ කොහෙවත් නැහැ...වාසනාවකට ලංකාව ශීතල රටක් නොවෙයි..එහෙම වුනානම් .."...අධික ශීතල තියෙන කාලයට රැකියාවට යන්න අවදිවෙන්නේ නැහැ....ඔලුවේ ඉඳන්ම පොරවාගෙන රටේ ඔක්කොම උන් නිදාගනිවී.. ආයේ දෙකක් නැහැ..ෂුවර්...

:       0       0

ruwan Sunday, 25 February 2018 02:30 AM

අපිට බෝනස් නම් ඕනෑ නැහැ. එත් පිටරට වලින් ණය අරගෙන රට ණය බරක හිර කරන්නේ නැතිව රට පාලනය කළා නම් ඇති.

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 67 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 175 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 229 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 198 0

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 312 2

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


ඇමෙරිකා කෘෂි උප ලේකම් ජනපති හමුවෙයි
2024 අප්‍රේල් මස 26 108 0

ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1727 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site