IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


අලි පන්නන්න ගිය වන ජීවි නිලධාරියා අලියකු පහරදී මරුට

(මහේෂ් කීර්තිරත්න)
 
මාතලේ-රජ්ජම්මන වනජීවී කලාපය තුළ අලි පළවා හැරීමේ මෙහෙයුමක යෙදී සිටි වනජීවී අඩවි සහකාර නිලධාරියෙකු  වන අලියෙකු පහරදීමෙන් අද(15) එම ස්ථානයේදීම මිය  ගිය බව මහවෙල පොලීසිය කියයි.
 
මියගොස් ඇත්තේ රත්තොට, කුඹල්ඔලුව පදිංචි 42 හැවිරිදි මෛත්‍රී මධුශාන් වික්‍රමසිංහ නම්වූ එක්දරු පියෙකි. මොහු රජ්ජම්මන වනජීවී කාර්යාලයට අනුයුක්තව සේවය කළ නිලධාරියෙකි.
 
නාඋල-ලිහිනියපිටිය ප්‍රදේශයේ ජන ජීවිතයට බාධා කරමින් සැරිසරන වන අලි කණ්ඩායමක් පලවා හැරීම සඳහා මෙම මෙහෙයුම 14 දින ආරම්භ කර තිබිණි. මාතලේ-උතුරු මාතලේ ප්‍රදේශයේ වන අලි සිටින ඉසව්වක් සෝදිසි කරන අතරතුරදී එම නිලධාරියා පිටුපස වන අලියා පන්නාගෙනවිත් පහරදී ඇත.
 
මියගිය අයගේ මළ සිරුර ආසන්නයේ වන අලි රංචුවක් ගැවසීම හේතුවෙන් මහත් පරිශ්‍රමයක් දරා සිරුර ඉවතට ගත් බව පොලිසිය කියයි.
 
එම වන ජීවී නිලධාරියා මීට වසර හතරකට පමණ පෙරද වන අලියෙකුගේ පහරකෑමට ලක්ව දිවි  ගලවා ගත් අයෙකි.
 
මියගිය අයගේ මළසිරුර මාතලේ රෝහල මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත. 
 
මහවෙල පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

(ඡායාරූපය - මහේෂ් කීර්තිරත්න)

(ඡායාරූප - ඉන්දික අරුණ කුමාර)

 

 



අදහස් (7)

අලි පන්නන්න ගිය වන ජීවි නිලධාරියා අලියකු පහරදී මරුට

sugath Sunday, 15 December 2019 01:49 PM

නගර බද ජීවත්වෙන "පරිසරවේදීන්ට" මේවා සුළු දේවල්. ජනජීවිතයට බාධා ඇතිකරන වල්අලින්ට වෙඩි තැබීමට අවසර දිය යුතුයි. මේ නිලධාරීන්ගේ දරු පවුල පරිසරවේදීන් රැකබලා ගන්නවා ඇතැයි සිතමි...

:       101       90

wije Sunday, 15 December 2019 02:24 PM

අනේ අපි ඔයාලගේ ජනජීවිතයට බාධා කරන්න ඔයාලගේ ගමට ආවේ නැහැ. ඔයාලා නේද අපිට ජීවත්වෙන්න තියන කැලේ කපාගෙන අපේ තැන්වලට ආවේ. අපිට ඔයාලත් එක්ක ගැටුම් ඇතිකරගන්න කිසිම වුවමනාවක් නැහැ. නමුත් ඔයාලා හිතාගෙන ඉන්නේ මේ පොළවේ ජීවත්වෙන්න ඕනෑ ඔයාලා විතරයි කියලනේ. එ් නිසානේ කැලේ එළිකරගෙන අපේ තැන් වලට එන්නේ. ඉතින් ඔයාලා එහෙම ඇවිත් අපේ ගෙවල් දොරවල් වලින් අපිව එළියට ඇදල‍ා දානකොට අපි කොහේ කියලා යන්නද? ඇත්තටම මරන්න හිතාගෙන ගැහුවා නෙවෙයි. අපේ පස්සෙන් එළවාගෙන ඇවිත් අපිට හිංසා කරන නිසයි ආත්ම ආරක්ෂාවට අපේ ජීවිත බේරගන්න ඕන නිසාවෙනුයි ගැහුවේ. වෙච්චදේට අපිටත් කණගාටුයි. නමුත් කරන්න දෙයක් නැහැ. ඔයාලා අපිට කිසිම ආදරයක් නැත්නම් අපිව ඔයාලට එපානම් අපි යන්නම යන්නම්... කොහොමත් තව වැඩි කාලයක් යන්න කලින් අපි මේ පොළව ඔයාලටම බාරදීලා සදහටම යන්නම යනවා. අනේ එතකම්වත් අපිට පොඩ්ඩක් නිදහසේ අපේ ගෙවල්වලට වෙලා පාඩුවේ ඉන්න දෙන්න.. ඔයාලාට පිං සිද්ද වෙයි.

:       10       219

sugathSunday, 15 December 2019 03:30 PM

වසර 1900 වනවිට කොළඹ ප්‍රධාන නගරය සිට ගාල්ල දක්වා වූ ප්‍රදේශය වන සතුන්ගෙන් ගහන, ඝන කැලෑබද ප්‍රදේශයක් විය. වර්තමානයේ එම ප්‍රදේශය රටේ වැඩිම ජනගහනයක් ජීවත්වෙන ප්‍රදේශයක් වන අතර, මිනිස් පරිහරණය සඳහා අතීතයේ එහි තිබුණු වනය එළිකොට එහි ජීවත්වූ වන සතුන් පලවා හැර ඇත. අද දිවයිනේ ඇති අනිකුත් ප්‍රධාන නගර වර්ධනය වීමේදීත් සිදුවූයේ මෙයයි. නගරබදව වෙසෙන පරිසරවේදීන් මේ ගැන කතා නොකරයි. කෘෂිකාර්මික ආර්ථිකයක් ඇති රටක, වැඩිවන ජනගහනයේ අවශ්‍යතා සඳහා කැලෑ එළිකිරීම යථාර්තයකි...

:       40       29

lankaSunday, 15 December 2019 07:19 PM

වසර 2100 වන විට 2000 ගැනත් එතකොට ඉන්න මිනිස්සු මේ වගේම කියයි ...

:       0       0

Chaminda Samaradiwakara Sunday, 15 December 2019 02:59 PM

මියගිය නිලධාරියාට නිවන් සුව ලැබේවා..!!!

:       0       16

කපුරුහාමි Sunday, 15 December 2019 04:01 PM

අලින්ගේ ප්‍රශ්නේ දැන් හෙනට උග්‍ර වෙලා. මේවා කාට කියන්නද? මිත්‍රයා ඔබට නිවන් සුව ලැබේවා!!!

:       0       11

lanka Sunday, 15 December 2019 07:17 PM

ඉදිරිපෙළ දක්ෂ නිලදාරියෙක් අහිමිවීම ලොකු පාඩුවක්. මොහු එඩිතර දක්ෂ බිය නැති නිලදාරියෙක්. නමුත් අලියාගේ ශක්තියට අබියෝග කරන්න මිනිස්සුන්ට අමාරුයි. මොහුට නිවන් සුව.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 267 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 584 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 691 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 401 2

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 471 2

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


ඇමෙරිකා කෘෂි උප ලේකම් ජනපති හමුවෙයි
2024 අප්‍රේල් මස 26 167 0

ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1727 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site