IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


අල්ලස් චෝදනා නැත්තේ හෙදියන්ට විතරයි - අල්ලස් කොමිසමේ සභාපති

ඩී.ජී.සුගතපාල

අල්ලස නිසා අපේ රට ජාත්‍යන්තර වශයෙන් අවමානයට හා විවේචනයට ලක්ව ඇතැයි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශණ කොමිෂන් සභාවේ සභාපති නෙවිල් ගුරුගේ මහතා කියා සිටියේය.

අල්ලස් හෝ දූෂණ වැළැක්විමේ ජාතික ක්‍රියාකාරි සැළැස්ම සම්බන්ධයෙන් ගාල්ල දිස්ත්‍රික්කයේ රාජ්‍ය නිලධාරින් , සිවිල් සංවිධාන නියෝජිතයින් දැනුම්වත් කිරිම හා ඔවුන්ගේ අදහස් ලබා ගැනීම සඳහා අද (25) පොල්වතුමෝදර පැවති වැඩමුළුවකදි ඒ මහතා මේ බව පැවසීය.

එහිදි ඒ මහතා කියා සිටියේ මෙතෙක් අල්ලස් චෝදනා ලැබි නැත්තේ හෙදියන්ට පමණක් බවය. අල්ලස හිත සමඟ පවතින ගණුදෙනුවක් බවත් හිත දූෂිත වුවිට අල්ලස් ගැනීමට පෙළඹෙන බවත් ඒ මහතා කියා සිටියේය.

පසුගිය දිනක ඉහළම නිලධාරින් දෙදෙනෙකු රුපියල් කෝටි පනස් හතරක අල්ලසක් ඉල්ලා  අත්තිකාරම් ලෙස කෝටි දෙකක් ලබා ගනිද්දි අත් අඩංගුවට ගත් බවත් මෙතරම් මුදල් රැස් කරන්නේ කොහේ තියන්නදැයි විමසා සිටි ඒ මහතා   ඉදිරියේදි විමර්ශන නිලධාරින් සඳහා පොලිස් නිලධාරින් වෙනුවට උපාධිධාරින් පනහක් බඳවා ගන්නා බවත් ඒ මහතා කියා සිටියේය.



අදහස් (19)

අල්ලස් චෝදනා නැත්තේ හෙදියන්ට විතරයි - අල්ලස් කොමිසමේ සභාපති

sanath Friday, 25 May 2018 06:12 PM

ඇත්තම කියනවනම් රෝහල් වල ඉන්න අම්ම තමයි හෙදිය කියන්නේ. අම්ම දරුවන්ගෙන් අල්ලස් ගන්නේ නැහැ. රෝහලක වාට්ටුවේ ලෙඩෙක් විධියට ඉන්නකොට තමයි තේරෙන්නේ හෙදියෝ කොච්චර මහන්සි වෙනවද කියල. වෛද්‍යවරු ඇවිල්ල ටිකට් එකේ කලයුතු පරීක්ෂණ හා බෙහෙත් ගැන ලියල ගියාට පස්සේ හෙදිය තමයි මේ ඔක්කොම ක්‍රියාත්මක කරන්නේ. රෝගියෙක් වාට්ටුවට ඇතුළත් කරන්නෙත් පිටමන් කරන්නෙත් හෙදියයි ඒ අතරතුර කාලයේදී රෝගියා බලාගන්නෙත් හෙදියමයි.

:       0       0

Bamunuarachchi Friday, 25 May 2018 11:06 PM

දැන් එකිනෙකාට ඇඟිල්ල දික්කොරන්න බැහැ මුන් ඔක්කොම පට්ටා හොරු.......

:       0       0

රවින් Friday, 25 May 2018 11:23 PM

එගොල්ලන්ටත් එක්ක හරියන්න ඉස්පිරිතාලයේ ඉන්න අනිකුත් දෙනා ( ගේට්ටුවෙන් පටන් ගත්තම ) ගන්නවනේ.

:       0       0

සතයපාල Friday, 25 May 2018 11:40 PM

එතකොට අල්ලස් කොමිසමේ නිළධාරිනුත් අල්ලස් ගන්නවාද ?

:       0       0

sisil Saturday, 26 May 2018 01:03 AM

අපේ තාත්තත් පරණ සාත්තුසේවකයෙක් . අසාධ්‍ය වෙලා රෝහලේ ඉඳල ගෙදර අරගෙන ගියේ ට්‍රොලි එකක. වාහනයට දාන්න තව කෙනෙක් ඕන හින්දා නර්ස් කෙනෙක් ගෙන් උදව් ඉල්ලුවා. නර්ස් සාත්තුසේවකයෙක්ට කිව්වා. මිනිහා කිව්වා ටිකට් කැපුවට පස්සේ උදව් කරන්න බෑ කියලා. ටිකවෙලාවකට පස්සේ මිනිහා හරි යමු කියලා මාත් එක්ක ට්‍රොලිය අරගෙන වාහනය ලඟට ගිහින් තාත්තව වාහනයට උස්සන්න උදව් කළා. පස්සේ කිව්වා මහත්තයා පොඩි සපෝර්ට් එකක් දෙන්න කියලා. ඊට පස්සේ සල්ලි දෙන්න උනා. දැන් ඉන්න සමහර සාත්තුසේවකයෝ ලෙඩ්ඩු බලාගන්නවා කියලා 2-3න් දෙනාගෙන් සල්ලි ගන්නවා එක කෙනෙකුගෙන් 1500-2000 ගානේ.

:       0       1

Rasika Saturday, 26 May 2018 03:28 AM

ඔව් ඉතින් ගන්න විදියක් නැහැනේ. හැබැයි ඉතින්, ඉස්පිරිතාලේ තියෙන බෙහෙත් ටික බැන්ඩේජ් ටික ගෙදර අරන් යනවා. ලෙඩෙක්ට කතා කරන්න දන්නේ නෑ. රෑට නිදියනවා ලෙඩා මලත් දන්නේ නෑ. ඕවත් ඉතින් රාජ්‍ය දේපල අයථා ලෙස පරිහරණය කිරීම තමයි.

:       37       620

damayanthaSaturday, 26 May 2018 06:52 AM

කුහකකම නැතුව සතුටු වෙන්න අඩුම තරමේ රාජ්‍ය සේවයේ එක තැනක් හෝ අල්ලසෙන් තොර වීම ගැන...අපේ රටට හෙන ගැහිලා තියෙන්නේ කුහකකම නිසයි....

:       3       0

kalani Saturday, 26 May 2018 04:06 AM

නෛටින්ගේල් පරපුරටම හොඳ චරිත සහතිකයක්‌. සතුටුයි සහෝදරියනි...

:       108       25

sanjeevaSaturday, 26 May 2018 06:01 AM

හැබැයි ඔය හෙදියන්ව ඉස්සරහට දාගෙන පිංගුත්තර දේශපාලනය කරන පුද්ගලයා නම් අල්ලස් මල්ලක්...

:       0       160

RaveendraSaturday, 26 May 2018 07:54 AM

ඔව් ඔව් අර බයිල හාදය නේද ?? දේශපාලුවෝ නමැති අම්බරුවෝ එක්කම ලැගල ඉන්න බොබිල , රට ඇම්ඩන් ...

:       0       0

KamalSaturday, 26 May 2018 02:17 PM

ඇත්තටම සතුටු වෙන්න පුළුවන්. මම හිතන්නේ පවුල් සෞඛ්‍ය සේවිකාවන් පවා මේ ගණයට ගන්න පුළුවන්. හැම ක්ෂේත්‍රයකම අඩුපාඩු තියන කට්ටිය ඉන්නවා. එ්ක පුද්ගලික ආයතනවලත් තියනවා. මහලොකු කම්පැනිවල පත්තරේ ලොකුවට දැන්වීම් පලකරලා සේවකයෝ ගන්නවා. හැබැයි ඇඳුනුම්කමක් තියනවා නම් අවස්ථාව වැඩියි. නිකන් බොරුවට දේශපාලකයින්ට රජ්‍ය සේවකයාට බැන්නට හුඟදෙනෙක් වැඩ කරන්නේ අඳුනන මිනිහට... නැත්නම් අල්ලසට.

:       0       0

shelton Saturday, 26 May 2018 04:36 AM

හරි. නමුත් සාත්තු සේවකයෝ ගන්නවා.

:       0       0

Raveendra Saturday, 26 May 2018 05:08 AM

"මෙතෙක් අල්ලස් චෝදනා ලැබි නැත්තේ හෙදියන්ට පමණක් බවය " යන්න ඔබ විසින් අවන්කවම ප්‍රකාශ කිරීම පිලිබදව අප ඔබට ස්තුතිවන්ත වෙන්නෙමු.තවද ඔබ මෙමගින් සනාථ කර ඇත්තේ ඔබගේ ආයතනය වන " අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශණ කොමිෂන් සභාවත් " එම අසීලාචාර බෝට්ටුවේ ඉන්නා බව නොවේද ??? කෙසේ වෙතත් අප නැවතත් ඔබට ස්තුතිවන්ත වෙනවා "අපගේ බදු මුදල්වලින් වැටුප් ලබන රජයේ සේවයෙක් හැටියට ඔබ සත්‍ය ප්‍රකාශ කිරීම" පිලිබදව. ඔබට ජයප්‍රර්තනා කරන්නෙමු.

:       0       3

gayan Saturday, 26 May 2018 05:46 AM

සමහරක් හෙදියන්ට නැත්තේ අල්ලස් චෝදනා විතරයි.

:       36       62

saj Saturday, 26 May 2018 06:06 AM

මොන බොරුද? සමහර ඒකකවල හෙදියන්ගේ කෙරුවාව තාම හෙළිවෙලා නැතුව ඇති. හොඳට හොයලා බලන්න ඒ ගැන...

:       32       81

saj Saturday, 26 May 2018 06:10 AM

හෙදියන්ට ලැබෙන වැටුප් ඒකක බලද්දී අනෙකුත් රජයේ සේවකයින්ට ලැබෙන වැටුප ඉතාමත් අවමයි. මන් හිතන්නේ රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩිව තිබේ නම් ඔවුන් අල්ලසට, දූෂණයට යොමුවෙන්නේ නෑ.

:       4       54

සෙනෙවි Saturday, 26 May 2018 10:34 AM

කොල කඩ කඩ බොරුවට දෙනවා.

:       0       30

lusena Saturday, 26 May 2018 12:07 PM

සිරිලංකාවේ පළමු පුරවැසියාටත් ඔස්ට්‍රලියාවෙන් අල්ලස් චෝදනා එල්ල කරන කල අනිත් පුරවැසියන් ගැන කවර කතාද. ලුසේනා

:       0       36

kalani Wednesday, 30 May 2018 06:07 AM

සමස්ත කාන්තාවන්ගේ ඉරණම සම්බන්ධ තත්වය ඉහත යම් යම් ප්‍රකාශවලින් තහවුරු වෙයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 337 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 699 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 862 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 473 2

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 524 2

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


ඇමෙරිකා කෘෂි උප ලේකම් ජනපති හමුවෙයි
2024 අප්‍රේල් මස 26 188 0

ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1729 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site