IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


අල්ලස් ගත් පොලිස් ලොක්කා රිමාන්ඩ්

(මනෝප්‍රිය ගුණසේකර)

කෝවිලේ ඇති හක්ගෙඩි වලට නඩු නොපවරවා සිටීම සඳහා සහ බාධාවකින් තොරව දේවාලයේ කටයුතු පවත්වාගෙන යෑමට ඉඩ ලබාදීම සඳහා රුපියල් ලක්‍ෂ දෙකක අල්ලසක් ඉල්ලා ඉන් රුපියල් 1,90,000/- ක අල්ලසක් ලබාගත් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් හලාවත සහකාර පොලිස් අධිකාරීවරයා ලබන මස 04 වැනිදා තෙක් රිමාන්ඞ් බාරයේ රඳවා තැබීමට හලාවත වැඩබලන මහෙස්ත්‍රාත් බී.ඩබ්ලිව්. ශානක උදයංග මහතා අද (22) නියම කළේය.

අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසමේ නිලධාරීන් විසින් අද (22) පස්වරුවේ අත්අඩංගුවට ගනු ලැබු හලාවත සහකාර පොලිස් අධිකාරී කීර්ති බණ්ඩාර මහතා එලෙස රිමාන්ඞ් බාරයට පත් කළ වැඩබලන මහෙස්ත්‍රාත්වරයා ලබන 04 වැනිදා සැකකරු කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස බන්ධනාගාර අධිකාරීවරයාට නියම කළේය.

සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසමේ නිලධාරීන් කළ ඉල්ලීමක් සළකා බැලු මහෙස්ත්‍රාත්වරයා එලෙස නියම කළේය.

සැකකරු අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී සිද්ධියට අදාළව සිදුකළ විමර්ශන වල ප්‍රගතිය දැක්වෙන වැඩිදුර වාර්තාවක්ද අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කරන ලදී.

හලාවත කාලි දේවාලයේ දේවගැතිවරියක විසින් කරන ලද පැමිණිල්ලකට අනුව අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් සිදුකරන ලද වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගත් බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

හලාවත කාලි දේවාලයේ තිබු වාලම්පුරියක් අස්ථාන ගතවී ඇති අතර ඒ පිළිබඳව එහි දේවගැතිවරිය විසින් හලාවත පොලිසියට පැමිණිල්ලක් කොට ඇති අතර ඒ සම්බන්ධයෙන් කරන පරීක්‍ෂණ කටයුත්තක් සඳහා හලාවත සහකාර පොලිස් අධිකාරීවරයා දේවාලයට පැමිණ ඇති බවද ඒ අවස්ථාවේදී දේවාලයේ තවත් හක් ගෙඩි ඇතු`ථ ද්‍රව්‍ය තිබෙනු ඔහු නිරීක්‍ෂණය කොට ඇති බවත් සඳහන් කළ අල්ලස් කොමිසමේ නිලධාරීන් ඒ අවස්ථාවේදී හලාවත සහකාර පොලිස් අධිකාරීවරයා කෝවිලේ දේවගැතිවරිය අමතා මෙම ද්‍රව්‍ය සම්බන්ධයෙන් නීතී මඟින් ක්‍රියා කිරීමට හැකියාව ඇති බවත් ඇය  අත්අඩංගුවට ගැනීමට හැකි බවත් දැනුම් දී ඇතැයිද පැවසීය.

 

තමන් අත්අඩංගුවට නොගන්නා ලෙස කෝවිලේ දේවගැතිවරිය සහකාර පොලිස් අධිකාරීවරයාගෙන් ඉල්ලා ඇතැයිද ඒ වෙනුවෙන් රුපියල් ලක්‍ෂ දෙකක මුදලක් අවශ්‍ය බව ඔහු දැනුම් දී ඇතැයිද පසුව කළ ඉල්ලීමකදී 1,90,000/- ක මුදලක් ලබාගැනීමට ඔහු එකඟ වී ඇතැයිද පැවසු අල්ලස් කොමිසමේ නිලධාරීහු මේ සම්බන්ධයෙන් සිදුකළ වැටලීමකදී අල්ලස් මුදල් ලබා ගන්නා අවස්ථාවේදී සැකකරු අත්අඩංගුවට ගත් බවත් පැවසීය.

සැකකරු හලාවත මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවද අල්ලස් කොමිසමේ නිලධාරීන් වැඩිදුරටත් පැවසීය.

අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසමේ අධ්‍යක්‍ෂ විමර්ශන ප්‍රියන්ත චන්ද්‍රසිරි මහතාගේ උපදෙස් මත අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන පවත්වයි.



අදහස් (17)

අල්ලස් ගත් පොලිස් ලොක්කා රිමාන්ඩ්

Shan Friday, 22 November 2019 05:42 PM

උපරිම දඬුවම් දෙන්න ඕනේ මේ පගාකරුවන්ට..

:       27       575

Raveendra Friday, 22 November 2019 09:02 PM

අප සෑම දවසෙම අසන පැනයක් ඇත "ඇයි මේ හොරුන්ගේ නම් ගම්, ඡායාරූප පල නොකරන්නේ?" යන්නයි. එයට නීතිමය බාධාවක් තිබේද?

:       9       84

Mahee Friday, 22 November 2019 09:21 PM

අල්ලස් කොමිසම මන්දගාමීව දුවන ආයතනයක්. අපි දැක්කනේ සමහර නඩු යට යන හැටි. දිල්රුක්ෂිට වෙච්චදේත් අපි දැක්කා. මේ ආයතනයට බැනලා වැඩක් නැහැ. බනින්න ඕන අල්ලස් කොමිසමට ස්වාධීන බලතල නොදී ඒක යටකර ගන්න හදන ලොක්කන්ටයි. අනික විශ්‍රාමිකයන්ගේ අනාථ නිවාසයක් බවට පත් නොකර සක්‍රීය සේවයේ නියුතු කොමසාරිස්වරුන් මේ ආයතනයට පත්කරන්න.

:       0       39

Raveendra Friday, 22 November 2019 10:29 PM

නිල ඇදුම ඇගේ ඔතාගත් මෙවන් "නරින්ට" උපරිම දඩුවම් ලැබේවා ..!!! කරුණාකර නම්ගම් මෙන්ම ඡායාරූපද පලකරන මෙන් ඉල්ලා සිටින්නෙමු. එමගින් මේ අයගේ ඥාතීන්ටද පාරේ යාමට නොහැකි වෙනු ඇත. එයම දඬුවමක් නොවේද? එවිට ඕනෑම කෙනෙකු "ජරාව" ගැනීමට පෙර අනේ මම අහුවුණොත් මගේ ඥාතීන්ටත් පාරේ යාමට බැරිවෙනවා නේද යන බිය නිසා මෙවන් වැඩ කිරීමේ ප්‍රවණතාවය අඩුකර ගත හැකි වෙනවා නොවේද?

:       0       19

ලෙස්ලි හර්බට් විජේසිංහ Saturday, 23 November 2019 01:03 AM

අපෝ ඕක මොකක්ද? හක් ගෙඩිය වෙනුවට ඒ කෝවිලේම පොල් ගෙඩියක් ගහන්න... වැඩේ ශේප්..!!!

:       0       10

wijitha Saturday, 23 November 2019 01:04 AM

පොලිස් සේවයේ නම්බුව විනාශ කරන පව් කාරයින්...

:       0       15

Gamarala Saturday, 23 November 2019 01:25 AM

අල්ලස් ගැනීම මෙන්ම දීමත් බරපතල වැරැද්දක්. මෙය අද බොහෝ තැන්වල මෙන්ම බොහෝ විට සිදුවන්නක්. මේ දෙපාර්ශවයටම විරුද්ධව නීතිය මගින් කටයුතු කළ යුතුයි. නීත්‍යානුකූලව කරගන්න බැරි දේවල්, එහෙම නැත්නම් වැරදි දේවල් කරන්න බොහෝ දෙනෙක් අද අල්ලස් දී කරගන්න බලනවා. අපේ ජනාධිපතිතුමා මේ ගැන සොයා බලාවි යයි සිතනවා.

:       0       6

Mahesh Saturday, 23 November 2019 02:02 AM

ඉහළ නිලධාරීයෙක් මෙහෙම නම් හැසිරෙන්නේ, පහළ නිලධාරීන් ගැන කවර කතාද? මනුස්සයෙක් පැමිණිල්ලක් කළාම ඒ මනුස්සයාගේ ප්‍රශ්නය විසඳනවා වෙනුවට තව අමරුවේ දාලා පගාත් ගන්න හදනවා. පොලීසියේ ඉහළ තනතුරුවලට ගනිද්දී හොඳට ඔහුගේ ආර්ථික ශක්තිය ගැනත් වියදම් කරන ආකරය වගේ ඒවා ගිහින් හොයලා බලන්න ඕනෑ. හිඟන්නන් සහ අමනුස්සයින් බඳවා ගත්තාම තමයි මෙහෙම වෙන්නේ..

:       0       5

chandra weerasinghe Saturday, 23 November 2019 02:31 AM

අල්ලස් ගත් පොලිස් ලොක්කගේ රැකියාව දරුවන්ට, බිරිඳට ඇතිවන ලැජ්ජාව ගැන නොසිතා මෙය කරන්න ඇති... නුඹ නාඩන් නුඹ නාඩන්... මේවා අපට හොඳ පාඩම්!!!

:       0       15

Thilanka Siriwardana Saturday, 23 November 2019 03:56 AM

හක් බෙල්ලන් ළඟ තබා ගැනීමට අවසර අවශ්‍ය නැත.

:       0       3

Kumara Saturday, 23 November 2019 06:12 AM

මෙම මුදල පොඩියි. ගන්නවා නම් මිලියන් ගණන්වලින් ගන්න ඕනේ.. එහෙම අයව අල්ලස් කොමිසමට පේන්නේ නැහැ.

:       0       5

eresh S kumara Saturday, 23 November 2019 06:28 AM

උපරිම දඬුවම් ලැබිය යුතුමයි.

:       0       6

Raveendra Saturday, 23 November 2019 06:41 AM

මෙතෙක් කල් සිය පවුලට කෑම බීම සපයා ඇත්තේ මිනිසුන්ගෙන් බලෙන් ගන්නා ලද පගා මුදල්වලින් බව දැනගත්විට ඔවුන්ට දැනෙන අපහසුතාවය කෙබඳුද? අනේ මේ වටිනා නිල ඇඳුම කොහේ හරි ගසක එල්ලා තැබීම එයට කරන ගරුත්වයකි.

:       0       162

MaheeSaturday, 23 November 2019 04:04 PM

රවීන්ද්‍ර මහතා, ඔබ ඔය කියන්නේ ලෝක පාලක ධර්මතා වශයෙන් හඳුන්වන 'ලැජ්ජාව සහ භය' ගැනයි. වරදක් සිදුවීමට පෙර මිනිසුන් (පාපයට තිබෙන) ලැජ්ජාව සහ බිය නිසා වරදින් වළකිනවා කියන සිද්ධාන්තය උඩයි බුදුන්ගේ කාලයටත් පෙර ඔය ලෝක පාලක ධර්ම සමාජගත වුනේ. ඒවායින් යම් දුරකට දුශ්චරිත පාලනය වන බව ඇත්ත. ඒත් හත් දෙයියනේ ලැජ්ජාවක් බයක් නැති කෙනාට කරන්න බැරි අපරාධය මොකක්ද? ඒ හින්ද නීතියම තමයි පිහිට. රටක රජවිය යුත්තේ පුද්ගලයෙකු නොව නීතියයි, නීතියේ ආධිපත්‍යයයි.

:       0       0

සෙනෙවිරත්න Saturday, 23 November 2019 07:52 AM

ආගමික ඇදහීමකට මිස ව්‍යාපාරික අදහසින් නොවන බැවින් පොලීසිය කටයුතු කළ ආකාරය වැරදිය. එසේවුවද දේවගැතිවරියන්ගේ මුදල්ද අල්ලස් මුදල් හා සමානයි. දඬුවම් දියයුතුයි. එසේවුවද හක්බෙල්ලන් නොව වනයේ සිටිය යුතු අලිපැටව් පන්සල් වල සිටිය බව සිහිකළ යුතුයි.

:       3       37

GuneSaturday, 23 November 2019 04:18 PM

හක්‌ බෙල්ලන් ළඟ තබා ගැනීම නීති විරෝධී දැයි මම නොදනිමි. නමුත් ඒවා ව්‍යාපාරික කටයුත්තකට නොව ආගමික කාර්යයකට යොදා ගන්නා නිසා පොලිසිය ක්‍රියා කල ආකාරය වැරදි යයි ඔබ කියන දේ නම් වැරදිය. රේගුවෙන් රාජසන්තක කළ රත්තරන් ආගමික කටයුත්තකට පුජා කළත් වරදක් වන්නේද එබැවිනි. වනයේ ඉන්න අලි පැටිය ආගමික කටයුතු වලට ළඟ තබාගත්තත් එය අපරාධයකි.

:       0       0

ඇත්ත Saturday, 23 November 2019 03:24 PM

සියල්ල ඉවරයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අපරාධ වලින් ඉපැයූ සල්ලි අය කර ගන්න නීති
2024 අප්‍රේල් මස 26 171 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග විස්තීරණ ණය පහසුකම ලබා ගැනීම සඳහා එළැඹ ඇති ගිවිසුම අනුව 2014 වර්ෂය වන විට වත්කම් අය කර ගැනීම සම්බන්ධයෙන් පරිපූර්ණ නීතියක් හ


ගිණුම් වලින් සල්ලි අදින හොර කල්ලියක්
2024 අප්‍රේල් මස 26 436 0

ජංගම ගිණුම් සහ ඉතිරි කිරීමේ ගිණුම් හරහා ඔන්ලයින් ගනුදෙනු කරන අයගේ ගිණුම් වලින් මුදල් අදින ජාවාරමක් දැනට සතියක පමණ සිට ක්‍රියාත්මක වෙමින් තිබෙන බව පො


මත්තල ගුවන්තොට ඉන්දියාවට - රුසියාවට
2024 අප්‍රේල් මස 26 957 0

මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළෙහි කළමනාකාරීත්වය රුසියා සහ ඉන්දියා සමාගම් දෙකකට බාරදීම සඳහා කැබිනට් අනුමැතිය ලබා දී ඇත.


බලශක්තියට නව නියාමන ආයතනයක්
2024 අප්‍රේල් මස 26 189 0

බලශක්ති අංශය සඳහා නව නියාමන ආයතනයක් හඳුන්වා දීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


බාල සහල් ගැන සජිත්ගෙන් පැමිණිල්ලක්
2024 අප්‍රේල් මස 26 234 0

රටේ ඇතැම් ප්‍රදේශවලට බාල සහල් බෙදා දීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන්නැයි රජයෙන් ඉල්ලීමක් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිම


පාර්ලිමේන්තු පක්ෂ නායක රැස්වීමක් කැඳවයි
2024 අප්‍රේල් මස 26 666 0

පාර්ලිමේන්තු කටයුතු කාරක සභාවේ විශේෂ රැස්වීමක් අද (26) දහවල් 11ට කැඳවන බව නියෝජ්‍ය කතානායක රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 334 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1719 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1558 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site