IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


අර්ජුන් මහේන්ද්‍රන් සිංගප්පූරුවේ ඉන්නවා

මනෝප්‍රිය ගුණසේකර
 
බැඳුම්කර සිද්ධියට අදාළව  අත්අඩංගුවට ගැනීමට සිටින ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා මේ වන විට සිංගප්පුරුවේ සිටින බව එරට ජාත්‍යන්තර පොලිසිය විසින් ශ්‍රී ලංකාවට දැනුම් දී ඇති බව අතිරේක සොලිසිටර් ජනරාල් ලසන්ත කෝදාගොඩ මහතා කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවියට දැනුම් දුන්නේය.

අර්ජුන් මහේන්ද්‍රන් මහතා ලංකාවට ගෙන්වා ගැනීම සඳහා උදර්පන නීතිය යටතේ අවශ්‍ය ක්‍රියාමර්ග ගනිමින් සිටින බවද කෝදාගොඩ මහතා වැඩිදුරටත් අධිකරණයට දැනුම් දුන්නේය.



අදහස් (11)

අර්ජුන් මහේන්ද්‍රන් සිංගප්පූරුවේ ඉන්නවා

nuwan Thursday, 24 May 2018 11:06 AM

ඉන්න හින්දනේ අර සමාජ මාධ්‍ය වල පින්තුර දාල තිබුණේ .මේකට වගේ කිව යුත්තෝ ලොකු පුටු වල තම රෙදි ඇදගෙන ඉන්නවනේ. මහා ලොකුවට පිටරටවල උදාහරණ අපිට පෙන්වනවා නමුත් ඇතුම දන්නේ නැහැ පිටරටවල මෙහෙම උනානම් මෙලහකට වගකිවයුත්තෝ ඉල්ලා අස්වෙලා. අපේ රටේ ඉන්න මෝඩ මිනිස්සු මේ වගේ අය පස්සේ යනවා.

:       121       316

MaheeThursday, 24 May 2018 11:42 AM

ගෙන්නලා දෙන්නම් කියපු උදවිය දැන් නිහඬයි. ඔබ කියනවා වගේ අපේ මිනිස්සු තවමත් මෙහෙම රැවටිලිකාරයෝ පස්සේ යනවා. අපේ මිනිස්සු වැඩි දෙනෙක් අර දකුණු ඉන්දියාවේ වගේ දේශපාලකයන් දෙවියන් සේ අදහන අන්ධ භක්තිකයන් වීම නිසා මේ හොරුන්ට යෙහෙන් වැජඹෙන්න පුළුවන්.

:       0       0

kamal Thursday, 24 May 2018 11:21 AM

මන් හිතුවේ එතුමා මඟුල් ගේකට සිංගප්පූරුවට ගියා කියලයි.

:       28       89

පිටිගල මිලානෝ Thursday, 24 May 2018 11:24 AM

මොහුව හැකි ඉක්මනින් ගෙන්වා රිමාන්ඩ් භාරයේ තබන්න නඩුව ඉවරවන තෙක්. කොහෙද ඉඳලා ඇවිල්ලා රටේ මහා බැංකුවට වැඩේ දීලා අපිට නයා පෙන්නලා රටිනුත් පැන්නා. මට දුක අර පහළම පෙලේ පක්ෂේ වෙනුවෙන් මැරෙන යුඇන්පී මහත්වරු ගැන. මදැයි හොරු අල්ලන්න එකතුකරගත්ත මිනිහා.

:       108       178

abiya Thursday, 24 May 2018 11:31 AM

එයා හොරෙක් නෙමෙයි එයා හොද මහත්තයෙක්. බලන්නකෝ මූණේ තියන පින් පාට.

:       0       0

Ny kaida rose pan Thursday, 24 May 2018 11:32 AM

අනේ පව්.......... මේ දවස්වල හරියට කනවාද දන්නේ නෑ..........

:       0       0

kosala Thursday, 24 May 2018 11:38 AM

උත්තල දර්පන නීතිය නැත්තම් අවතල දර්පන නීතිය හරි ගෙනල්ල වැරදි කරපු මිනිස්සුන්ට ඉක්මනට දඩුවම් දෙන්න, නැත්තම් රටේ මිනිස්සුන්ට මේ නීති පද්ධතිය එපා වෙන දවස වැඩි ඈතක නෙමේ.

:       0       0

Samathasena A . Aluthgama Thursday, 24 May 2018 12:08 PM

නව අධිකරණ වල කටයුතු ආරම්භ වූ පසු අධිකරණ තුනකින් නඩු ඇසෙනා බැවින්, මෙයාට වැඩිකල් මෙහෙම ඉන්නට බැහැ. දැනට වත්කම් තහනම් කර තියෙන නිසා පාඩුව අයකර ගන්නත් පුළුවන් වේවි. ඊළඟ ඡන්දයට පෙර මොහුට දඬුවම් දී පාඩුව පියවා නොගතහොත්, එය එජාපයට විශාල පසුබෑමක් වෙන නිසා ඒ අය මේ ප්‍රශ්නය ඒකාන්තයෙන්ම විසදනවාමයි. නැතහොත් එජාපයට පැවැත්මක් නැහැ. නව අධිකරණ පටන් ගැනීමේදී ප්‍රථමයෙන්ම අසන්නේ, බැඳුම්කර නඩුව බව එජාපය දැනටමත් පවසා තිබෙනවා. අධිකරණ කිහිපය දිනපතාම නඩු අසනා නිසා ඉක්මනින්ම ප්‍රශ්නය නිමාවක් දකීවි. ඒත්, සමහර දෙනා සත්‍ය යටපත් කිරීමට තමන් අත්අඩංගුවට නොගන්නා ලෙස කිසිම ලැජ්ජාවක් නැතිව අධිකරණයෙන් ඉල්ලා සිටිනවා.මේ බයවීමෙන්ම ඔවුන්ගේ නිදොස් බව ගැන සැක සිතෙනවා. කෙසේ උවත්,නීතියේ ආධිපත්‍යට කැළැල් වන මෙවන් දේ වහා නවතා නීතිය සැමට සාධාරණව ක්‍රියාත්මක විය යුතුයි.සියලු හොරුන්ට දඬුවම් දී රටේ මුදල් අයකර ගත යුතුයි.

:       0       58

Jagath Leanage Thursday, 24 May 2018 01:34 PM

අර්ජුන් මහේන්ද්‍රන් මැතිතුමා හිතනවා ඇති මෙහෙම "අල්ලයි මගේ නැට්ට" .

:       0       0

rasika Thursday, 24 May 2018 02:25 PM

රනිල් ඉල්ලා අස්වෙන්න ඕනේ. මෙයාව පත්කළේ රනිල්. මෙය රනිල් ගේ යාළුවා. නෑදෑයන්ට තනතුරු දෙනවා කියල දැන් යාළුවන්ට තනතුරු දුන්න. දෙකම එකයි. මෙයාව ඕන වෙලාවක ගෙන්නන්න පුළුවන් කියල පාර්ලිමේන්තුවේදී කිව්වේ රනිල්. ඉතින් ඒක බැරිනම් වහාම ඉල්ලා අස්වෙන්න. ලජ්ජය් ඔබතුම ගැන. හිතන් හිටියේ හොද දේශපනක්නයෙක් කියල. දැන් බලනකොට අන්තිමයි.

:       0       0

Hafeel Thursday, 24 May 2018 02:25 PM

අගමැතිතුමා පාර්ලිමේනතුවේදී කිව්වානේ ආයෙ ගෙන්න ගන්න පුළුවන්කියල

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 275 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 600 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 718 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 409 2

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 477 2

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


ඇමෙරිකා කෘෂි උප ලේකම් ජනපති හමුවෙයි
2024 අප්‍රේල් මස 26 169 0

ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1727 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site