IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


අම්පාරෙන් කොළඹට ගෙන ආ ඇමෝනියා ගැන පුළුල් විමර්ශනයක්

අජිත්ලාල් ශාන්තඋදය

අම්පාරේ සිට කොළඹ බලා රාත‍්‍රී කාලයේ එමින් තිබූ පෞද්ගලික බස් රථයක පිටුපස ඩිකිය කොටසේ තිබී හමුවූ ඇමෝනියා කිලෝ 150 ක තොගය කාගේ උවමනාවක් මත ගෙනෙන ලද්දැක් ද යන්න පිළිබඳව සොයා ගැනීම සඳහා පුළුල් විමර්ශනයක් අරඹා ඇති බව රත්නපුර පොලීසිය පවසයි.

පසුගිය 9 වැනිදා රාත‍්‍රීයේ රත්නපුර නගරයේ වාහන සෝදිසි කිරිමක දී අම්පාරේ සිට කොළඹ බලා යමින් තිබූ පෞද්ගලික බස් රථයක් පරීක්‍ෂා කිරීමේ දී කිලෝ ග‍්‍රෑම් 150 ග‍්‍රෑම් 180 ක් බරැති කැට ලෙස තිබූ ඇමෝනියා පාර්සලයක් හමුවී තිබේ.

එහි අයිතිකරුවෙක් මගීන් අතර නොසිටි නිසාත් පාර්සලය බස් රථයේ පිටුපස ඩිකිය තුළින් හමුවූ  නිසාත් එය දැමූ පුද්ගලයා පිළිබඳ නොදන්නා බව පැවසීමෙන් කොන්දොස්තරවරයා සහ රියදුරා පොලීසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.

අත්අඩංගුවට පත් රියදුරා සහ කොන්දොස්තරවරයා මෙම ඇමෝනියා තොගය බස් රථයේ ඩිකියට ඇතුළු කිරීම නොදන්නේ නම් බස් රථයේ අයිතිකරු විසින් එය කළේ ද යන්න සොයා බැලීම සඳහා අයිතිකරුගෙන් ප‍්‍රශ්න කිරිමට පොලීසියේ අවධානය යොමුව ඇති බව කීය.

අම්පාරේ සිට මේ ඇමෝනියා තොගය බස් රථයෙන් එව්වේ කාටද, කුමක් සඳහා ද යන්න ගැන හෙළි කරගැනීම තුළින් අපරාධ සැලසුමක් ඇද්දැයි අනාවරණය කරගැනීමට හැකිවනු ඇතැයි පොලීසිය විශ්වාස කරයි. රත්නපුර මූලස්ථාන පොලිස් පරීක්‍ෂක රොහන්  ඕලූගල මහතාගේ උපදෙස් මත සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.



අදහස් (1)

අම්පාරෙන් කොළඹට ගෙන ආ ඇමෝනියා ගැන පුළුල් විමර්ශනයක්

පිටිගල මිලානෝ Wednesday, 10 July 2019 07:31 AM

ඇමෝනියා ප්‍රවාහනය කල සියල්ල නිදහස්වී අල්ලපු පොලිස් නිලධාරීන් හිරේ නොගියොත් මට පිටිගල කියන්න එපා!

:       4       45

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 447 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 893 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 1059 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 601 2

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 613 2

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


ඇමෙරිකා කෘෂි උප ලේකම් ජනපති හමුවෙයි
2024 අප්‍රේල් මස 26 211 0

ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1730 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site