IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


අමතර බිලියන 900ක් සොයා ගන්නේ කෙසේදැයි කියන්න

(මුදිතා දයානන්ද)

           

රටේ ආදායම ණය පොලී හා වාරික ගෙවන්නත් ප‍්‍රමාණවත් නොවන තත්ත්වයක් යටතේ ක්ෂුද්‍ර මූල්‍ය ණය හා බදුවලින් 20% කපාහැරීමටත්, ගොවීන්ට පොහොර නොමිලේ ලබාදීමටත් අමතර බිලියන 900ක් සොයා ගන්නේ කෙසේදැයි ප‍්‍රායෝගිකව පිළිගත හැකි විසඳුමක් රටට ඉදිරිපත් කරන්නැයි ඉල්ලා සිටින බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික, පාර්ලිමේන්තු මන්ත‍්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා අද (13) පැවසීය.

ඔහු මේ බව පැවසුයේ පැලවත්තේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රධාන කාර්යාලයේ දී පැවති මාධ්‍ය හමුවකදීය.

එහිදි තවදුරටත් ඔහු මෙසේද පැවසීය.

රටේ ආදායම රුපියල් බිලියන 2000යි. ණය පොලී ගෙවීමට පමණක් රුපියල් බිලියන 1800ක් අවශ්‍යයි.  රට ගෙනියන්න ඉතිරි වෙන්නේ බිලියන 200ක් වෙද්දී ක්ෂුද්‍ර මූල්‍ය ණය කපාහැරීමට බිලියන 100කුත් බදු කපාහැරිමට බිලියන 400කුත් පොහොර නොමිලේ ලබාදීමට බිලියන 400කුත් සොයාගන්නේ කෙසේද? ක්ෂුද්‍ර මූල්‍ය ණය කපාහරින්න කතා කරන අය ඇත්තටම කළ යුත්තේ මුලින්ම මේ ආයතන මහ බැංකුවෙන් නිසි නියාමනයකට ලක් කිරිමයි.

දෙවනුව අපේ රටේ ජනතාව මේ ආයතනවල ණය උගුලකට අසුවීමට බලපාන ආර්ථික රටාව වෙනස් කළ යුතුයි. වඩාත් වැඩියෙන් මේ ණය උගුලේ සිරවී සිටින්නේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයෝ. ඔවුන්ගේ ව්‍යාපාර දියුණු කරගන්න සහය දීමෙන් මේ ණය උගුළෙන් ගොඩ ගන්න පුළුවන්. ඒවාට ක‍්‍රමවේදයක් මේ අයට නැහැ. ඒක තිබෙන්නේ ජාතික ජනබලවේගය සතුව පමණයි.



අදහස් (32)

අමතර බිලියන 900ක් සොයා ගන්නේ කෙසේදැයි කියන්න

රජින්ද Sunday, 13 October 2019 11:41 AM

මෙහෙමනේ මහත්මයා, අපි වගේ සාමාන්‍ය දැනුමක් තියෙන අයට උනත් හිතාගන්න පුළුවන් රට හරියට කරන නායකයෙක් ආවොත් එයාට ඕනනම් මහබැංකු මංකොල්ලේ මුදල් ආපසු අපේ රටට ලැබෙන ක්‍රමවේදයක් සකසන්න පුළුවන්. ඒ වගේම අපනයන ආර්ථිකය වර්ධනය කරන්න ඊට අදාල යටිතල පහසුකම් දෙන්නත් පුළුවන්.තව බව-භෝග වර්ග ආනයනය කරන්න වැයවෙන මුදලට වඩා ලාබෙට කාබනික පොහොර ගොවීන්ට නොමිලේ සපයලා ඒ තුලින් ආනයන වියදම ඉතුරු කරන්නත් පුළුවන්. එතකොට තව පුල්මුඩේ හමුවන ඛනිජ වර්ග 14 නිසි ක්‍රමවේදයකට අරගෙන ඒවා මේ රටේ නිෂ්පාදන වලට යොදවන්න පුළුවන්. එතකොට එප්පාවල ෆොස්ෆෙට් නිධියේ කැනීම් විධිමත්ව පරිසර හිතකාමිව කරලා මේ රටේ කාබනික පොහොර ඇතිවෙන්න හදන්න පුළුවන්. පුරන් වෙච්ච කුඹුරු වල තිරිගු හදලා මේ රටේ තිරිගු පිටි වලට වැයවෙන ආදායම 50%කින් අඩු කරගන්න පුළුවන්. තව කොච්චර දේවල් තියෙනවද? මේ රටේ තියෙන දේවල් වලින් අපිටම යැපෙන්න පුළුවන්. අවශ්‍ය වෙන්නේ දැක්මක් සහ කොන්දක් තියෙන නායකයෙක් විතරයි. දැනට ඒ දෙකම තියෙනවා පේන්නේ ගෝඨාගේ විතරයි.

:       2402       2619

tharinduSunday, 13 October 2019 12:28 PM

ඔබගේ අදහස හරිම අනගි

:       43       14

Tharindu PereraSunday, 13 October 2019 01:33 PM

කරයි, බලාගෙන ඉන්න. ඔයා අනුර දිසානායක‌ගේ වචන ‌ගෝඨට ආදේශ කරන්න එපා. ඒ වගේ වැඩපිළිවෙලක් තියෙන්නේ අනුරට විතරයි. ‌කවදාවත් ‌ගෝඨාගෙන් ඒ ‌දේවල් බලාපොරොත්තු ‌වෙන්න එපා. අඩුම තරමේ ‌ගෝඨා එහෙම කතාවක් ගැන කිව්ව තැනක්වත් කියන්න. ‌ගෝඨට රට හදනවනම් රට හදන්න යුද්ධෙ ඉවර කරලත් අවුරුදු 6ක් ‌ගෙඩි පිටින් තිබුණා. ඒ වගේ ස්වර්ණමය අවස්ථාවකදීවත් රට හදන්න බැරි ‌වෙච්ච ‌කෙනා දැන් බලයට ඇවිල්ලා රට හදයි කියලද හිතන් ඉන්නේ. අයියයි මල්ලියි ‌දෙන්නා එකතුවෙලා කරපු එකම ‌දේ පාලම් ‌බෝක්කු හදලා තමනගේ මඩිය තරකර ගත්ත එක විතරයි. ඔය කියන ‌දේවල් ඒ කාලේ කළා නම් අද ‌මේ රට ‌මොනතරම් දියුණු ද? ඒකෙන්ම ‌පේනවා ‌ගෝඨගේ අසාර්ථකත්වය. ඔයා වගේ අය අනුරලාගේ වචන ‌‌කොපි කරලා ‌ගෝඨට මුක්කු තියලා එයාව තවත් සවුත්තු කරනවා. පුළුවන් නම් ගෝඨා තමන්ගේ රට හදන වැඩපිළිවෙල ගැන ‌‌කියපු ‌ ‌දෙයක් කියන්න.

:       86       507

PereraSunday, 13 October 2019 05:40 PM

හරි හරි බලන් ඉන්න ඕව ඔක්කොම වෙලා ලංකාව සුර පුරයක් වෙනකම්. 1948 නිදහස ලැබුනට පස්සේ කවුරු දින්නත් ලංකාව හැමදාම වලපල්ලේ.

:       5       31

DasaSunday, 13 October 2019 11:50 PM

පුරන් වන කුඹුරු වල තිරිගු හිටවලා ඇමෙරිකාවටත් යවලා විදේශ විනිමය උපයමු

:       2       18

අප්පුහාමිMonday, 14 October 2019 01:16 AM

1965 සිට 1970 දක්වා පැවතුනේ ඩඩ්ලි සේනානායක අගමැතිතුමාගේ රජයයි.ඒකාලේ රටේ සියල්ලන්ටම නොමිලේ හාල් සේරුවක් ඒ කාලෙ කිලෝග්‍රෑම් නැහැ දුන්නා. ඇමරිකාව හඳට ගොඩබැස්සේ 1969 දී. මේකාලේ 1970 මහ මැතිවරණයට ඉදිරිපත්වූ සිරිමාවෝ මැතිණිය කියපු එකම දෙය තමයි අපි බලයට ආවම හඳෙන් හරි ගෙනත් හාල්සේරු දෙකක් නොමිලයේ දෙනවා කිව්වා. මිනිස්සුත් ඇයට තුනෙත් දෙකක බලයක් දුන්නා පස්සේ සිදුකලේ රටේ හාල් ප්‍රවාහනයත් මිරිස් ප්‍රවාහනයත් තහනම් කරමින් හාල් පොත් මිරිස් පොත් දමා කටයුතු කලා. එයට අමතරව අඟහරුවාදාටත් සිකුරාදාටත් බත් කන්න තහනම් කලා. ඒකාලේ ආණ්ඩු පක්ෂයේ හිටපු අත්දැකීම් ඇති මන්ත්‍රීලා දෙදෙනෙක් දැනුත් පාර්ලිමේන්තුවේ සිටිනවා රජින්ද කියනදේ කරන්න පෙර පොරොන්දු ඉටු කරන්න වෙනවා කියපු දෙයක් කල රජයක් මෙතෙක් මෙරට තිබුනේම නැතිබව කිවහැකිය

:       0       12

අප්පුහාමිMonday, 14 October 2019 04:20 AM

මම කිව්වේ දැන්කාලේ භාෂාවෙන් කියනවානම් බැරියර් දමා සියළුම ගමන් මළු පරීක්ෂාකලා හාල් හා මිරිස් ගෙනයනවද කියල සමහර වෙලාවල කුඹුරේ වැඩකරන මිනිසුන්ට ආහාර ගෙනයන විට බත් ගෙනගියොත් අත්අඩංගුවට ගත් අවස්ථාත් තිබුනා. ඒ වගේම ඒකාලෙ පාන් පෝලිම් බයිසිකල් ටයර් පෝලිම් ටෝච් එකට බැටරිගන්න පරණ බැටරිදීම වැනි දේවලුත් තිබුනා.

:       0       5

SenanayakeMonday, 14 October 2019 01:53 AM

මෙහෙමනේ මහත්තයෝ, ගෝටාභය වටේ ඉන්නේ මහින්ද ළග හිටපු හොරු ටිකමනේ. ගෝටත් ඒ හොරු ටික තමන්ට බලයට එන්න වැලද ගන්නවනේ. දුමින්ද වැලද ගැනීම එක උදාහරණයක් විතරයි. යෝෂිත නැවත නේවි එකට යාම, අයථා උසස් වීම, අයථා හිඟ වැටුප් ලබා ගැනීම යනාදිය තමන්ට බලය ලැබුනත් පාලනය කරන්නේ හොරු ටිකම බවට වර්තමානයේ උදාහරණයක්. ඉතිං ඔයා කියන දේවල් ගෝටාභය ගෙන් වෙන්නේ නැති බව පැහැදිලියි නේද.

:       117       257

sirimalMonday, 14 October 2019 05:38 AM

විකාර හීන දකින්නෝ. බොරු ටෝක්.

:       0       1

Bamunuarachchi Sunday, 13 October 2019 12:09 PM

ණය ගෙවීමෙන් පසු රටේ ඉතිරිවෙන්නේ බිලියන 200 නම් ඔබලා කොහොමද රට ගෙනියන්නේ කියා පහදා දෙන්න? එජාපයින්ට නම් කොහොමත් රට ඉදිරියට ගෙනයන්න බැරි බව අපි දන්නවා. රජයේ සේවකයින්ට පඩි වැඩි කිරීමට බිලියන කීයක් වැය වෙනවාද? එසේ වැඩි කිරීමෙන් වාසිවෙන්නේ රාජ්‍ය සේවකයාට පමණි. ඒ වැඩිකිරීමෙන් වන්නේ රටේ උද්ධමනය තවත් වැඩිවීමකි. නමුත් ගොවියාට පොහොර නොමිලේ ලබා දීමෙන් කරන්නේ රටේ හිගන්නාගේ සිට ධනවතා දක්වා සැමටම සහනයකි. පොහොරමිල වැඩි උනොත් සහල් මිල ඇතුළුව ගොවි නිෂ්පාදනවල මිල ඉහල යයි. එවිට බත්පතේ මිල ඉහල යනවා. ජනතාව පිටි භාවිතය වැඩිකරනවා. ගොවි නිෂ්පාදනවල මිල ඉහල ගොස් ජීවන වියදම වැඩි උනොත් රජයේ සේවකයා තවත් ඔහුගේ වැටුප් වැඩිකර ගනී. සෙසු ජනතාවට වන්නේ උපයන මුදල කෑමට පමණක් වියදම් කිරීමටය.

:       88       189

ranilSunday, 13 October 2019 12:26 PM

එතකොට රට ඉදිරියට ගෙනියන්නෙ කොහොමද? ගිය ආන්ඩු කාලෙ හොරා කාපුව ආයිමත් රට ඈතුලට ගෙනල්ලද?

:       0       35

BamunuarachchiMonday, 14 October 2019 01:46 PM

ඇයි ඕයි කොමිසමකින්ම පෙන්නපු මේ ආණ්ඩුව හොරා කාපුවා... ගැනත් කතා කරනවකෝ...!! දෙගොල්ලම හොරා කෑවා.... නමුත් හොරාකන ගමන් රටට වැඩක් කලේ රාජපක්ෂලා... යහපාලකයන් මොන බම්බුවක්ද කලේ...? අඩු ගණනේ මේ අයට මරණීය දණ්ඩනයවත් ගෙනෙන්න බැරිවුණා...

:       0       0

Tharinda PereraSunday, 13 October 2019 01:42 PM

අපි අවුරුදු 71ක් අනෙක් අයට අවස්ථාව දීලා බැලුව‌ෙනෙ එයාලා මොනවද කරන්නෙ කියලා. ඒ නිසා ‌අපි මෙයාලටත් අවුරුදු 5කට බලය දීලා බලමු. ‌දෙන්න බැරිනම් තවත් අවුරුදු 71ක් ‌කලින් වගේම ‌දෙමු. එච්චරයි.

:       1       6

RaveendraSunday, 13 October 2019 02:45 PM

Bamunuarachchi මයා වෙත, ඔබගේ අදහස් අප අගය කරන්නෙමු මේ සෑම දෙයකටම මුලික හේතුව ලෙස අප දකින්නේ අප වැඩිදෙනෙකු වංකව ක්‍රියා කිරීමය. දේශපාලුවන් මෙන්ම රජයේ නිලදාරීන් මෙන්ම සාම තරාතිරකම පුරවැසියන් වංකව සාම දෙයක් දෙසම බැලීම නොවේද ?

:       1       4

ලසන්තMonday, 14 October 2019 04:29 AM

බමුණුතුමෝ පොහොර නොමිලේ දීල කලේ කුමක්ද කියා ඔබ නොදන්නවා වුනත් එම මුදල් වී මිලෙන් තේ මිලෙන් හා වෙනත් නිෂ්පාදනවල මිළ අඩුකර ඉන් අයකර ගත්තා. ඒකාලෙ අමු තේ දළු කිලෝ එකක් රුපියල් 30 ක් පමනවුනා දැනට පොහොර මිටියක් රුපියල් 1300 කට පමණ මිලට ගන්න වෙවා තමයි නමුත් දැන් දළු කිලෝ එකක් රුපියල් සියයකට ආසන්නව තියෙනවා. වීමිළත් එසේමයි. මෑතදී ලොකු ලූනු ගොවීන්ටත් රුපියල් 300 ක් පමණ මිළක් ලැබුනා. බමුණෝ ලොක්කන්ට කියන්න මාළුවෙක් දෙන්නේ නැතිව බිලී පිති දෙන්න කියල.

:       0       6

BamunuarachchiTuesday, 15 October 2019 01:15 PM

කියන්න දෙයක්ද ? සහනාධාර දීලා ඒවා වෙත් ක්‍රම වලින් අය කර ගන්නවා. ඔබ කියන විදිහට ඒ පොහොර සහනාධාරය අඩුකර ගෙන තිබෙන්නේ තේ සහ වෙන ක්‍රම වලින්. ඒ වැඩිවීම සාමාන්‍ය ජනතාවට කෙලින්ම බලපාන්නේ නැත. පොහොර මිටිය 1300 උනාම සහල් සහ අනිකුත් ගොවි නිෂ්පාදවල මිල ඉහල ගියාම බත් පතේ මිල වැඩි වෙනවා. එය රටේ සැමදෙනාටම බල පානවා. මිනිස්සු බත් නොකා පාන් කන්න පුරුදුවෙනවා. අපි දවසට දවල්ට විතරයි බත් කන්නේ උදේට රෑට පාන් හෝ පිටිවලින් සාදන වෙන කෑමක් කන්නේ. රජයේ සේවකයාට වැටුප් වැඩි උනාම ප්‍රයෝජනය රජයේ සේවකයාට පමණයි. නමුත් ඒ බිලියන ගණනක මුදල ගෙවන්නේ රටේ ජීවත්වෙන සාමාන්‍ය මිනිසා. ඉන්දියාවෙන් ගෙන්වන සහල් වල මිල ලංකාවේ මෙන් 3/4 යි මොකද ඒ?

:       0       0

Rata Perata Sunday, 13 October 2019 12:21 PM

මෙන්න මේවගේ ප්‍රශ්න තමයි අහල ජනතාව දැනුවත් කරන්න ඕන. නැත්නම් මේකටත් කියාවි මහා බැංකු කොල්ලය ගැන. අනිත් කොල්ල කාපු 100ක් විතර තියෙනවා, කාටවත් කොන්දක් නෑ කතා කරන්න. මේවා ඔක්කොම අල්ලනවා කියල ආපු අයත් තාම නිදි.

:       0       46

කෝලිත Sunday, 13 October 2019 12:40 PM

ඔක්කෝම නිකං දීගෙන දීගෙන යනව කියන සජිත් ඒවට සල්ලි හොයාගත්තෙ කොහොමද කියල අහන්න නිකං මොකක්ද වගේ නේද....?

:       1       13

Amila Sunday, 13 October 2019 01:51 PM

ලෝක බැංකු සහ චීන ණය වගේම උපදෙස් ගත්තු හැම රටවල්ම ආර්ථික වශයෙන් හිරවෙලා ඉන්නේ. ඇත්තටම මේ ප්‍රශ්න උග්‍ර ලෙස වැඩි වෙන්න මූලික හේතු දෙකක් තියෙනවා. එකක් මහින්ද රාජපක්ෂගේ ඉවක් බවක් නැති ණය ගැනීම. ඉස්සර අපිට ලැබුනේ අඩු පොලී ණය නුමුත් බොරු වාර්තා පෙන්නලා වානිජ ණය ගත්තු නිසා තමයි මේ ප්‍රශ්න ගොඩක්ම නිර්මාණය වුනේ. ඔහුගේ බොහෝමයක් ප්‍රොජෙට් ලාභයක් එන ඒවා නොවේ. ඒකයි එවකට ණය ගෙවන්න, රාජපක්ෂ ආන්ඩුව හැම දේම වැඩි කරේ. ඔහුගේ කාලේ ඉනධන, ගෑස් වගේම විදුලි බිලත් එන්න එන්නම වැඩි කරේ ඒකයි. ඔවුන් ඉස්සරහට ආවත් කරන්නේ පොදු මහජනයා මත බදු වැඩිකරලා ඔය ටික කරන එක. අනිත් ප්‍රශ්න නිර්මාණය වුනේ බොන්ඩ් කේස් එකෙන්. ඒකත් ඉස්සර ඉදන්ම වුන දෙයක් ඒත් හාමුගේ කාලේ ඒක උග්‍ර වුනා. ඔවුනුත් ඒකයි අඩු කරපු ඉන්ධන වැඩි කරේ සහ බදු පනත් ගෙනාවේ. කවුරු ආවත් ණය ගන්නවා මොකද ඒවායේ කොමිස් හැමෝටම ලැබෙනවා.

:       0       3

පී දයානන්ද Sunday, 13 October 2019 02:04 PM

ඕක සිම්පල් නෙ. අර සජිත් ගේ ප්‍රකාශ වගේ නෙමෙයි අනුර මැත්ඳුන්ගෙ ප්‍රකාශ. අනුර හොරුන්ට තදබල අනතුරු ඇඟවීමක් කලා තව මස දෙකයි දෙන්නෙ හොරකම් කල මුදල් ආපසු ගෙවනලෙස. මම හිතන්නෙ මාස දෙක ගෙවෙනකොටම ඔය බිලියන ගාන එකතුවෙයි කියල.

:       2       15

pakeer Sunday, 13 October 2019 02:42 PM

මේක ගොඩ දාන්න පුළුවන්. හැබයි විශාල කැප කිරීම් ඕනේ. කවුද ඒවාට කැමති? ජනාධිපති වෙන කෙනා කැමතිද එයාගේ සැප අඩු කරන්න? මැති ඇමති වරු කැමතිද? ඊට පස්සේ ඉන්න රජයේ ලොකු නිල දරන අය කැමතිද? මේක වටේ ඉන්න විශාල වෙළෙන්දෝ කැමතිද? ඇමතිවරු කැමතිද ඒ වෙළෙන්දන්ගෙන් එන කොමිස් අඩු කරන හරි විදිහට වෙලන්දම් කරගෙන යන්න දෙන්න? රටට උහුලන්න බැරි පෞද්ගලික වානහ අඩු කරලා පොදු ප්‍රවාහනය වැඩි කරලා, ආනයන කරන තෙල් අඩු කරලා සල්ලි ඉතුරු කරන්න? රටින් ගලා ගෙන යන බුද්දි ගලනය අඩු කරලා එක රටේ යහපතට යොදවන් වැඩ කරන්න?

:       0       4

අතුල Sunday, 13 October 2019 02:44 PM

"ඒවාට ක‍්‍රමවේදයක් මේ අයට නැහැ. ඒක තිබෙන්නේ ජාතික ජනබලවේගය සතුව පමණය" ඒ ක්‍රමවේදය 71 සහ 88-89 වගේ තරුණයො ලක්ෂ ගණන් මරල ද ? පොදු දේපොළ විනාශ කරලා , ගිනි තියල ද ?

:       2       17

Rasika Sunday, 13 October 2019 05:05 PM

යුද්දෙ දිනන්න බැහැ කියල ඒ දවස්වල ඔය කට්ටිය කිව්වා නේද? අවුරුදු 30 ක යුද්දය අවුරුදු 3 න් ඉවර කරන්න ඔහු මුලික වුනා. රාජ්‍ය යාන්ත්‍රණය ක්‍රමවත් කරන්න. මුදල් නාස්තිය නැතිකරන්න. තියෙන සම්පත් වලින් උපරිම ප්‍රයෝජන ගන්න. නව අදහස් එක් කරන්න. රට ගොඩනගමු. ලෝකයේ තියෙන ඕනෑම අමාරු රැකියාවක් කරන්න පුළුවන් දක්ෂයන් ලංකාවේ ඉන්නවා ඕනෑම ක්ෂේත්‍රයක. අපිට උවමන නිවැරදි නායකත්වය පමණයි. ක්‍රියාවෙන් ඔහු පෙන්නුවා.. ඒ ගෝටාබය ...

:       31       22

chandima Sunday, 13 October 2019 10:25 PM

ඇයි අනේ ඔය තරම් අමාරු වැඩක් කරන්න එල්ලී එල්ලී යන්නේ. ගෙදර ගිහින් සන්තෝසෙන් ඉන්නකෝ.

:       0       66

sunil perera Monday, 14 October 2019 02:01 AM

1.. රජයේ පාඩු ලබන සියලුම ආයතන පිළිබද කඩිනම් තීරණ ගැනීම. 2. මෝටර් රථ ආනයනය වසර පහකට අත්‍සිටුවීම. 3. උවමනාම දේ පමණක් පිටරටින් ගෙන ඒම. 4.ඉගෙනීමට සහ පිටරට සංචාරයට විනිමය නිකුත් කිරීම වසර පහකට අත්සිටවිම 5. අධිවේගී මාර්ග වෙනුවට කර්මාන්ත ශාලා ඉදිකිරිම 6. තරුණ ශ්‍රමිකයන් සදහා කෙටිකාලින විදේශ රැකියා පුහුණු පවත්වා විදේශ ගත කිරීම මෙවන් කෙටිකාලින සහ දිගු කාලින යෝජනා සියයක් පමණ වහා පටන් ගතහොත් මේ තත්වයට මුහුණ දිය හැකිය ...

:       1       120

SLMonday, 14 October 2019 03:33 AM

පැය ගණන් පාරේ කාලේ කන්න හිතාගෙන කර්මාන්තශාලා අරින්න ලංකාවට එන ආයෝජකයෝ ටිකකුත් හඳෙන් හරි හොයාගමු

:       0       9

ruwan Monday, 14 October 2019 04:05 AM

දැන් ජේ වී පී යනු යු එන් පී අතකොලුවකි.

:       1       11

ajith Monday, 14 October 2019 05:13 AM

රනිල් බලය ගත්තේ හොරු අල්ලනවා කියල මිසක් දඬුවම් කරනවා කියල නොවෙයි නේද? අන්න එම විධියට තමයි මහින්දලා ගෝඨා දිනුවොත් ඉදිරියට වැඩ කරන්නේ. ඔය කවුරුත් එකම වල්ලේ පොල්. ඔය දෙගොල්ලන්ම රටේ කෑලි කැලි විකුණලා කොමිස් කුට්ටි පිට රටවල ගිණුම් වලට බා ගත්තු මිනිස්සු මම නම් කියන්නේ ඡන්දෙදි කියන බේගල් විස්වාස කන්න තරම් අපි මෝඩ වෙන්න ඕනේ නැහැ කියලයි.

:       9       0

BamunuarachchiTuesday, 15 October 2019 01:21 PM

මොකක්ද අනේ මේ මෝඩ කතාව. ඔයාලාට රටේ සංවර්ධනයක් උවමනා නැහැ හොරු අල්ලන්නයි ඕනේ. හොරු ඇල්ලුවා කියලා රට සංවර්ධනය වෙනවාද. මේ ආණ්ඩුව කොපමණ රැකියා අවස්ථා නිෂ්පාදනය කර තිබෙනවාද. එතකොට මේගොල්ලෝ කොරපු දැනටම ඔප්පු වෙච්ච හොරකම් අල්ලන්නේ කව්ද? ඒවා ගැන කතා නැද්ද?

:       0       0

ananda Monday, 14 October 2019 05:16 AM

මොනවා කියන්නද ඔක්කොම කියලනේ

:       0       0

ආලෝකයක් සෙවීමට Monday, 14 October 2019 05:28 AM

බොරු පොරොන්දු මිස ප්‍රතිපත්ති නැති මේ ප්‍රදාන අපේක්ෂකයන් දෙදෙනාම ප්‍රතික්ෂේප කිරීමට කාලය පැමිණ ඇත. දිනුම හෝ පැරදුම කවරක් වුවද අනිවාර්යයෙන්ම පවතින දේශපාලනය හා දේශපාලකයින් ප්‍රතික්ෂේප කර ප්‍රතිපත්ති සහිත විකල්පය තෝරමි. අදුරට එක පහනක් කෝ දැල්වීම සදහා මෙවර ම පසුබට නොවෙමි. මේ දුෂිත දහරාවේ ගොදුරක් වූ බහුතරයක් කෙරෙහි අනුකම්පා කරමි. ජාතිබේදයෙන් තොර ව ශ්‍රී ලාංකිකයන්ත උදෙසා, විනාශය 70 වසරක් නිර්මාණය කල යක්ෂය න් දෙදෙනාම ප්‍රතික්ෂේප කරමු. පුද්ගල කේන්ද්‍රීය නොවූ (කිසිදා ඉටු නොවන බොරු පොරොන්දු ඇති ) ප්‍රතිපත්ති හුවාදක්වමින් චන්දය පතන පාර්ශව අතරින් ආලෝකයක් සෙවීමට මෙවර මැලි නොවෙමු.

:       11       21

vijitha Monday, 14 October 2019 05:52 AM

ලංකාවේ ඉතහාසය හොයල බල්ලන එංගලන්තයේ අයවැය පියවන්න ලංකාවෙන් මුදල් ගෙනිච්චේ නිදහසට පසුව

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පාර්ලිමේන්තු පක්ෂ නායක රැස්වීමක් කැඳවයි
2024 අප්‍රේල් මස 26 222 0

පාර්ලිමේන්තු කටයුතු කාරක සභාවේ විශේෂ රැස්වීමක් අද (26) දහවල් 11ට කැඳවන බව නියෝජ්‍ය කතානායක රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.


ලොරි අනතුරකින් හමුදා සෙබ‌ළෙක් මරුට
2024 අප්‍රේල් මස 26 191 0

මාන්කුලම වසන්තනගර් හන්දියේදී අද (26) අලුයම ලොරි රථයක් සහ හමුදා ට්‍රක් රථයක් ගැටී සිදුවු අනතුරකින් යුද හමුදා සැරයන්වරයකු මිය ගොස් තවත් හමුදා සාමාජිකයන්


උලපනේ හිමි ඇතුළු පස් දෙනාට දැඩි කොන්දේසි මත ඇප
2024 අප්‍රේල් මස 26 162 0

අධිකරණ නියෝගයකට අවනතව කටයුතු නොකර රාජ්‍ය නිලධාරීන්ට බාධා පමුණුවා, ඇමතිවරයකුගේ ලිපියක් පෙන්නමින් බලපෑම් කළේ යැයි රක්ෂිත බන්ධනාගාර ගතව සිටි ගුරු විද


මෛත්‍රී පාස්කු ගැන පාර්ලිමේන්තුවටත් කියන්න යයි
2024 අප්‍රේල් මස 26 428 0

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට අද ප්‍රකාශයක් කිරීමට නියමිතය.


ජනපතිට එරෙහිව අල්ලස් පැමිණිල්ලක්
2024 අප්‍රේල් මස 26 873 0

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දේශපාලන කටයුතු සඳහා තරුණ සේවා සභාවේ දේපල යොදාගැනීම පිළිබඳ විමර්ශනයක් කරන ලෙස ඉල්ලා අල්ලස් හා දුෂණ කොමිෂන් සභ


මත්පෙති සමඟ අයෙක් අත්අඩංගුවට
2024 අප්‍රේල් මස 26 145 0

යාපනය ප්‍රදේශයේ තරුණයන් හට අලෙවි කිරීම සදහා මත්පෙති සන්තකයේ තබාගෙන සිටි මහා පරිමාණ ජාවාරම් කරුවකු පොලිස් විශේෂ කාර්ය බලකායේ නිළධාරින් විසින් අත්අඩ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 332 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1713 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1554 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site