IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


අප්පච්චි නැති කඳවුරක මට තනතුරු දරන්න බෑ

(අජන්ත කුමාර අගලකඩ)

අප්පච්චි නැති කඳවුරක හෘද සාක්ෂියට එකඟව තනතුරක් දැරිය නොහැකි නිසා තමා මධ්‍යම පළාත් සභාවේ යෞවන කටයුතු ඇමතිධුරයෙන් ඉල්ලා අස්වූ බව මධ්‍යම පළාත් සභා මන්ත්‍රී ප්‍රමිත බණ්ඩාර  තෙන්නකෝන් මහතා ලංකාදීපයට පැවසීය.

ඔහු සිය පළාත් සභා අමාත්‍යධූරයෙන් ඉවත් වීමෙන් පසුව අදහස් දක්වමින් මෙසේද කීවේය.

“අප්පච්චි නැති කඳවුරක මට හෘද සාක්ෂියට එකඟව තනතුරක් දරන්න පුළුවන්කමක් නැහැ. ඒ නිසා මම තීන්දු කළා හෘද සාක්ෂියට එකඟ වෙන්න“

“අද යුගයේ දේශපාලනඥයින් ඡන්දවලින් පැරදිලා ඇවිත් තනතුරු බදාගන්න යුගයක්. හැබැයි මම වැඩිම මනාප අරගෙන වැඩිම ප්‍රසාදය අරගෙන ආපු කෙනෙක්. මම පක්ෂයට මෙන්ම ජනතාවට අලුත් පණිවිඩයක් දෙන්න මේ තීරණය ගත්තේ. මගේ තනතුරට හෙට කවුරුහරි පත්කරයි.“

“මම අප්පච්චි වෙනුවෙන් සටනක් ආරම්භ කළා. දුමින්ද දිසානායකට අයිතියක් තියෙනවා නම් බර්ටි ප්‍රේමලාල් වෙනුවෙන් සටන් කරන්න, හිරුණිකා ප්‍රේමචන්ද්‍රට පුළුවන් නම් භාරත ලක්ෂ්මන් වෙනුවෙන් සටන් කරන්න මගේ සටනත් සාධාරණයි“ ඔහු කීවේය.



අදහස් (13)

අප්පච්චි නැති කඳවුරක මට තනතුරු දරන්න බෑ

shan saudi Tuesday, 25 April 2017 01:02 PM

ඔවු අප්පා නැති උනාම හොරකම් කරලා බෙර ගන්න කෙනෙක් නැහැනේ මේගොල්ල තම අප්පාගේ පිහිටෙන් රටටම කෙලින්නේ

:       463       494

channa Tuesday, 25 April 2017 01:34 PM

අප්පා විතරක් නෙමේ ඔයාගේ සීයත් බප්පලත් රටටම බරක් මහත්තයෝ.

:       429       527

පිටිගල මිලානෝ Tuesday, 25 April 2017 01:52 PM

ඔව් ඉතින් හොරකමේ යනකොට රකින්න මහා හොරෙක් දැන් නැහැනේ.

:       342       254

ලේක්කෝ ගලබඩ Tuesday, 25 April 2017 02:28 PM

පිටිගල අයියේ, මහා හොරෙක් රකින්නේ නැත්නම් විනිමය බිල්පත් හොරා නිදැල්ලේ ඉන්නේ කොහොමද?

:       61       275

de silva Tuesday, 25 April 2017 01:59 PM

මේ ගොල්ල හිතන් ඉන්නේ අප්පච්චිගෙන් පුතාට මේකත් හරියට අර ශ්‍රී වික්‍රම රාජසිංහ රටපාලනය කළ කාලේ කියල , මේගොල්ල පැත්තකට දමල , උගත්කමක්, සංවර කමක් තිබෙන අවංක කෙනෙකුට මේ තනතරු දෙන්න , නායකයා කවුරු වුනත් වුනත් මුලින්ම පක්ෂ සාමාජිකයන් නායකයට අවනත විය යුතුය , එහෙම නැත්නම් ඉදිරි ගමනක් නැත ,

:       297       388

nimalraqjapaksha Tuesday, 25 April 2017 08:56 PM

අනේ තාත්ත කරපු දේවල් වලින් බේරෙන්නත් ෆයිල් එලියට දාවි කියන බයටත් තමා ඔය පොහොට්ටුවට රිංගුවේ ,, මේක තාත්තල පුතාලගේ බුදලයක් නොවේ ,පුලුවන්නම් ඉන්න ,නැතිනම් දොර ඇරලා තියනවා යන්න පුළුවනි.

:       82       101

sanjay Wednesday, 26 April 2017 01:47 AM

අයින් කරනකම් හිටියද?

:       0       5

dias Wednesday, 26 April 2017 03:52 AM

ඔබේ අදහසට යම් තාක් දුරට මා අනුමත කරමි. එනමුත් තාත්තාගෙන් පුතාට කියන දේශපාලනය නතර විය යුතුයි. ඔබ තුමා ඉල්ලා අස්වීම හොඳයි. තාත්තා කළ හොඳයි නරකත් අපි දෙන්නව.මහින්ද මහත්තයට පරාජය කරන්ඩ ඔබේ පියාත් වෙහෙසුනා නේද.

:       0       41

nihal Wednesday, 26 April 2017 04:03 AM

ජනතාවට සේවය කරන්න ඕන නම් අප්පච්චි අවශ්‍ය නැත ...තමුන්ගේ ලපටි ලාමක කම රටට පෙන්වා ඇත ...,

:       5       96

citizen silva Wednesday, 26 April 2017 05:18 AM

.. පක්ෂේ සංවිදායක කමිනුත් අස් වෙන්නකෝ... ලොකු පිනක්.. පක්ෂේ සුද්ද කරගන්න පුළුවන් එතකොට.. අම්මට සිරි මේ පුතා මැරිච්ච තාත්තල දෙන්නෙකුට එයාගේ ජීවත් ඉන්න තාත්තව සමාන කරලා.. මාර පුත්තු නේ

:       6       23

Shan Wednesday, 26 April 2017 06:17 AM

මේ වගේ අඳබාල දේශපාලකයෝ.

:       2       9

desilva berlin Wednesday, 26 April 2017 07:04 AM

ඉදිරි දින කිහිපය තුල තම තනතුරු අහිමි වන බව හෝ තනතුරු වල වෙනසක් සිදු විය හැකි බව තේරුම් ගත් නිසා මොහු විසින් කලින්ම තනතුරු වලට සමු දී ඇත

:       0       1

Chanak Los Angeles Wednesday, 26 April 2017 02:16 PM

මේ වගේ උදවිය ඉවත් කිරීමට පිටකොන්දක් තිබුණට ස්තුතියි ... ඉදිරියටත් මේ වගේ තීරණ ගෙන රටේ උගත් වැදගත් පුද්ගලයන් පමණක් දේශපාලන ප්‍රවාහයට සම්බන්ධ කරගන්න එවිට රට දියුණු වෙනවා සිකුරුයි ..

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

තැනින් තැනට අදත් ගිගුරුම් සහිත වැසි
2024 අප්‍රේල් මස 26 50 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වලට අද පස්වරු 2.00 පමණ පසු තැනින් තැනට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කිය


හොර දොස්තර රෝහලට ආ දරුවාගේ පංචායුදය උස්සලා
2024 අප්‍රේල් මස 26 465 0

කකුලේ ඇතිව තිබූ තුවාලයකට ප්‍රතිකාර ගැනීමට කුලියාපිටිය ශික්ෂණ රෝහලට පෙරේදා (24) මවත් සමග පැමිණ සිටි දරුවකු පැළඳ සිටි රුපියල් තුන් ලක්ෂ අසූ දෙදහසක් පමණ වට


රෝහ‍ල් කුස්සියේ බඩු උස්සා මිනී කාමරේ හංගලා: කෝකියා දැලේ
2024 අප්‍රේල් මස 26 455 0

කෑගල්ල මහ රෝහලේ අරක්කැමි (කොකියා) රුපියල් හාර දහස් අසු දෙකක් වටිනා කරවල, අලුත් මාළු හා අර්තාපල් සොරාගෙන යමින් සිටියදී රෝහල් අධ්‍යක්ෂවරයාට හසුවූ බව කිය


එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 262 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 493 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 2458 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 326 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1552 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site