IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


අන්තරේ සිසුන්ට පහර දුන්නැයි එජාප මන්ත්‍රීට චෝදනා

(දයාරත්න ඇඹෝගම)

අන්තර් විශ්ව විද්‍යාලිය ශිෂ්‍ය බලමණ්ඩලයේ සිසු සිසුවියන් පිරිසට එල්ල කළ ප‍්‍රහාරයට ඝෘජුවම සම්බන්ධ බව කියන එජාප අනුරාධපුර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රි චන්දිම ගමගේ මහතා ඇතුළු පිරිස අත් අඩංගුවට නොගන්නේනම් එළබෙන සඳුදා කැකිරාවේ පිහිටි මන්ත‍්‍රිවරයාගේ නිවස ඉදිරිපිට දැවැන්ත උද්ඝෝෂණයක් සිදුකරන බව ලංකා ගුරු සංගමයේ සභාපති ප‍්‍රියන්ත ප‍්‍රනාන්දු මහතා අනුරාධපුරයේදි පැවසිය.

මාළබේ සයිටම් ආයතනය සම්බන්ධයෙන් කැකිරාව නගරයේ සිසුන් දැණුම්වත් කිරිම සදහා අත්පත‍්‍රීකා බෙදමින් සිටි අන්තර් ශිෂ්‍ය බල මණ්ඩලයේ සිසු සිසුවියන් පිරිසකට කැකිරාව නගරයේදි පහර දිම සම්බන්ධයෙන් අනුරාධපුර නගරයේදි පැවති මාධ්‍ය සාකච්ජාවකදි ප‍්‍රියන්ත ප‍්‍රනාන්දු මහතා අද (20) මේ බව පැවසිය.

අද (20) දින කැකිරාව නගරයේදි මැරයන් සිවු දෙනෙකු යතුරු පැදි දෙකකින් පැමිණ මෙම ප‍්‍රහාරය සිදුකර ඇති බව ප‍්‍රියන්ත ප‍්‍රනාන්දු මහතා පැවසිය.

මෙහිදි සිසුවියන් පස් දෙනෙකු සහ සිසුන් දෙදෙනකු තුවාල ලබා කැකිරාව රෝහලට ඇතුලත් කර තිබුණි.

 “සිද්ධිය වන අවස්ථාවේ කැකිරාව ප‍්‍රාදේශිය සභාවේ හිටපු මන්ත‍්‍රිවරයෙකු වන අශෝක ගුණසිංහ යන අයගේ කැබ් රථයත් තිබුණා. ඔහු චන්දිම ගමගේ මහතාගේ ගෝලයෙක්.මෙම පහරදිම පසුපස චන්දිම ගමගෙ මහතා සිටිනවා.එම නිසා අපි බලකර සිටිනවා මන්ත‍්‍රිවරයා ඇතුළු මෙම මැර පිරිස වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්න කියලා.අපි සියලූ විස්තර වාහන අංක සියල්ල කැකිරාව පොලිසියට ලබාදි තිබෙනවා.“යැයි ඒ මහතා පැවසීය.



අදහස් (11)

අන්තරේ සිසුන්ට පහර දුන්නැයි එජාප මන්ත්‍රීට චෝදනා

Sylvester Thursday, 20 July 2017 03:56 PM

මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීමට පෙර සෞඛ්‍ය අමාත්‍යංශයට කඩා වැදුණු සිසුන් යැයි කියා ගන්නා පිරිස අත් අඩංගුවට ගෙන හිරේ දමන්න.

:       711       1020

Wajiragnana Thursday, 20 July 2017 04:25 PM

නැවත 88/89 භීෂණය ඇති කරන්න හදනවා වගේ. ගෙවල් වට කරන්න අන්තරේට තිබෙන බලය මොකක්ද ?

:       183       450

Nipuna Thursday, 20 July 2017 09:52 PM

තමන්ටම වෙඩි තියා ගත්තු, නඩු දාන්න සයිටම් එකට ගිය අයව මුලින් අත්අඩංගුවට ගන්න.... ඒවට කොන්දක් නෑ. මොකද සල්ලි කුට්ටි ඉස්සරහ ඔක්කොම අවුල් වෙනවා.

:       1       0

නුමා Thursday, 20 July 2017 10:45 PM

අන්තරේ සිසුන්ට තියා කිසිම අයෙකුට පහර දෙන්න මන්ත්‍රීට තියෙන අයිතිය කුමක්ද? මෙතන උද්ඝෝෂණ, පිකටින් හෝ සමාජ විරෝධී දෙයක් සිදුවෙලා නැහැ. අත් පත්‍රිකා බෙදීම වරදක් වන්නේ කෙසේද? කොහොමත් සයිටම් පිළිබඳව, සයිටම් පවත්වාගෙන යාමට මන්ත්‍රීන් ඇතුළු පිරිස් දතකන්නෙ මන්ද? ශ්‍රී ලංකාවේ සමාජ, ආර්ථික පරිසරයට සයිටම් වැන්නක් නොගැලපෙන්නේ මන්ද යන්න පිළිබඳව ජනතාව් දැනුවත් කලයුතුයි. ලංකාවේ මිනිසුන් මංත්‍රීන්ට පහරදී එලවිය යුතු සමයක, මන්ත්‍රී අනුමැතියෙන් කළ පහරදීමක් සාධාරණය කරන්නෙ ඔහුගේ හෙංචයියන් විසින්මද?

:       59       1

rocky Friday, 21 July 2017 12:51 AM

කෝටි ගණන් පාඩු පිට දුවන, ඒ වගේම කෝටි ගානක් ණය ගෙවන්න තියන අවධිමත් රෝහලක් ආණ්ඩුවට පවරාගෙන එහි පරිපාලනයත් ණයකාරයාටම භාර දෙන්න හදන්නේ නම් ශිෂ්‍යයන් පමණක් නොවෙයි, මුළු මහත් ජනතාවම මෙයට විරෝධය දැක්වීම සාධාරණයි!

:       107       86

nimal Friday, 21 July 2017 12:54 AM

අන්තරේට සම්බන්ද කඩාකප්පල්කාරීන්ගේ ශිෂ්‍යභාවය තහනම් කල යුතුයි. මොවුන්ගේ ශිෂ්‍යභාවය තහනම් කිරීමට බලදාරින් කටයුතු නොකරන්නේ ඇයි.

:       46       117

wasantha Friday, 21 July 2017 03:38 AM

ශිෂ්‍යයිනි ප්‍රථමයෙන් අධ්‍යාපන කටුතු කරන්න. දේශපාලනට ඉන්පසු එන්න. ලැබී ඇති නිදහස අයුතු ලෙස පාවිච්චි කරන්න එපා. අවස්ථාවාදී දේශපාලුවන්ට පක්ෂ වලට රැවටෙන්න එපා. ඔබේ අනාගතය රැකගන්න.

:       55       155

ONESRILANKANFriday, 21 July 2017 07:58 AM

අධ්‍යාපනය කරන එක හොඳයි. දේශපාලනයට එන්න මේ ගොල්ලෝ රටක් ඉතිරි කරයිද? මොකක්ද නිදහස තියෙන.... හරිදේ වටහල කියනකොට 450ක් විතර දැනට ඔලුපලලා තියන එකද? මට පෙන්නලා දෙන්න පසුගිය වසර 30 තුල අවස්ථාවාදී නොවුණ දේශපාලකයා කව්ද කියලා..

:       134       59

පිටිගල මිලානෝ Friday, 21 July 2017 06:54 AM

ඔය අන්තරේ නිසා අහිංසක ඉගෙනීමට ලැදි බොහෝ දුෂ්කරතා ඇති සිසුන් කීදාහකට සරසවි වරම් ලැබිලත් එය කඩාකප්පල් වී යන එන මං නැති වුනාද? මේ අයව අල්ලලා හිරේ දාලා ශිෂ්‍ය භාවය අහෝසි කරන්න.

:       0       54

සුජීව Friday, 21 July 2017 07:29 AM

දේශපාලන වහල්ලුන්ට දැන් රිදිලා ප්‍රතිචාර කරයි.

:       0       0

laksiri Friday, 21 July 2017 07:53 AM

අන්තරේ නම් තියන්න සුදුසු එකක් නෙමෙයි. වහාම මේවා අයින් කරන්න ඕනෑ...

:       35       108

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 276 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 602 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 721 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 409 2

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 477 2

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


ඇමෙරිකා කෘෂි උප ලේකම් ජනපති හමුවෙයි
2024 අප්‍රේල් මස 26 169 0

ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1727 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site