IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


අධිකරණයට ගෞරව නොකරන රටකට ඉදිරියට යා නොහැකියි

හිටපු රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතාගේ දුරකතන හඬපටවලින් අධිකරණය සම්බන්ධයෙන් හෙළිවී ඇති කරුණු පිළිබඳව අගවිනිසුරුවරයා අවශ්‍ය ක්‍රියාමාර්ග ගනු ඇතැයි තමන් අපේක්‍ෂා කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා ඊයේ (20) පැවැසීය.

අධිකරණය කෙරෙහි වූ ගෞරවය හා විශ්වාසය නොමැතිව රටකට ඉදිරියට ගමන් කළ නොහැකි බැවින් එම විශ්වාසය නැවත ඇතිකිරීමේ වගකීම සියලුම දෙනාට පැවැරෙන බව ද ඔහු කීය.
අගමැතිවරයා මේ බව සඳහන් කළේ විද්‍යුත් මාධ්‍ය ප්‍රධානීන් සමග අරලියගහ මන්දිරයේදී ඊයේ (20) පැවැති සාකච්ඡාවකදීය.

ඉකුත් රජය යටතේ අධිකරණයට ඇඟිලි ගැසීම් සිදුව තිබෙන බව ඉතාම පැහැදිලි බවත් කෙසේ වෙතත් මෙම හඬපට සම්බන්ධයෙන් පරීක්‍ෂා කිරීමට ජනාධිපති කොමිෂන් සභාවට දන්වා තිබෙන බවත් අගමැතිවරයා පැවැසීය.

පෞද්ගලික අංශයත් මැදිහත් කරගෙන රටේ සංවර්ධනය ඇති කිරීම රජයේ බලාපොරොත්තුව බව කී අගමැතිවරයා ණය ගෙවාගත නොහැකි ව්‍යාපාරිකයන්ට සහන ලබාදීමත් සමග රටේ පොඩි පොඩි වෙනස්කම් සිදුවෙමින් තිබෙන බවද සඳහන් කළේය.

හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට වත්මන් ආණ්ඩුවෙන් විශේෂ ආරක්‍ෂාවක් ලබාදී ඇති බවට එල්ලවන චෝදනාව සම්බන්ධයෙන් අදහස් දක්වමින් අගමැතිවරයා සඳහන් කර සිටියේ හිටපු අගමැතිවරයා වශයෙන් ඔහු ආරක්‍ෂාව ඉල්ලා ඇතත් ඒ සම්බන්ධයෙන් තවමත් අවසන් තීන්දුවක් ගෙන නැති බවයි.

ඔහුට එල්ලවී ඇති තර්ජන සම්බන්ධයෙන් සොයාබලා ඔහුට ආරක්‍ෂාව ලබාදෙන බව කී අගමැතිවරයා ජනාධිපතිවරණයෙන් තමා පරාජයට පත්වූ දවසේම ඉකුත් රජය තම ආරක්‍ෂාව ඉවත්කළ බව ද සඳහන් කළේය.

ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා ලංකාවට ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් සිදුකෙරෙන වැඩපිළිවෙළ අඛණ්ඩව ක්‍රියාත්මක වන බව පැවැසූ අගමැතිවරයා එය කිසිසේත්ම නතර නොකරන බව ද කීය.

වත්මන් රජය රටේ ජාතික සම්පත් නොවිකුණන බවට ප්‍රතිපත්තියක සිටිය ද ඒවා බදු නොදීමට තීරණයක් ගෙන නැති බව ද කීය. ගැබිනි මවුවරුන්ට ලබාදෙන පෝෂණ මල්ල නතර කර ඇති බවට පැතිර යන ප්‍රචාරයන් සම්පූර්ණයෙන්ම අසත්‍ය බව ද අගමැතිවරයා සඳහන් කළේය.

තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ, උසස් අධ්‍යාපන, තාක්‍ෂණ හා නවෝත්පාදන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන, රාජ්‍ය අමාත්‍යවරුන් වන කෙහෙළිය රඹුක්වැල්ල, මහින්දානන්ද අලුත්ගමගේ මහත්වරු ද එම අවස්ථාවට සහභාගි වූහ.



අදහස් (26)

අධිකරණයට ගෞරව නොකරන රටකට ඉදිරියට යා නොහැකියි

saman - doha Tuesday, 21 January 2020 05:32 AM

ශ්‍රියානි බණ්ඩාරනායක අග්‍ර විනිශ්චයකාර පුටුවෙන් එලවන කොට අදිකරණයට ලොකු ගෞරවයක් වෙන්න ඇති. මෙතුමන්ලා කතා කරන්නේ ලංකාවේ මිනිස්සු මැරිලා ඉපදුණා කියලා හිතාගෙනද දන්නේ නැහැ.

:       0       464

රවින් Tuesday, 21 January 2020 05:34 AM

නැතිව නැතිව. යුද්දෙට නැති කඩුව කොස් කොටන්නද? කියනකොට එහෙමයි කරනකොට මෙහෙමයි.

:       0       210

dilan Tuesday, 21 January 2020 05:38 AM

ඔව් ඇත්තමයි ශිරාණි බණ්ඩාරනායක සිද්ධිය අපේ රටට තදින්ම බලපානවා.

:       0       218

එම්. ඒග ජේ Tuesday, 21 January 2020 05:40 AM

සහතික ඇත්ත අගමැති තුමා! ඔබ තුමා ඒක එදත් ඔප්පු කරලා පෙන්නුවා අදත් එය ප්‍රායෝගිකවම ඔප්පු කරලා පෙන්නන්නයි හදන්නේ! දැන් දැන් බලල්ලු එකා දෙන්නා මල්ලෙනන් එලියට පනින්නේ "තිබුන නිතිය වැරදියි කියාගෙන". දේශපාලකයොයි ඇතැම් රූපවාහිනි චැනලුයි මේ රටට කරන හානිය ගැන කම්පාවෙනවා හැරෙන්න රට වැසියෙක් හැටියට වෙන කරන්න දෙයක් නෑ

:       0       174

wijebahu Tuesday, 21 January 2020 05:42 AM

ඔවු ඔබතුමා හොඳට ගරු කරා කියල මුළු රටම දන්නවා. 2015 ප්‍රතිපලයෙන් ඒක පෙනුන නේ?

:       0       194

hemantha Tuesday, 21 January 2020 05:42 AM

සමහරවිට ඒක නිසා වෙන්න ඇති අපි වසර 70 තිස්සේ එකම තැන ඉන්නේ.

:       1       92

kap Tuesday, 21 January 2020 05:47 AM

මිනිස්සු ඉස්සරහ කොහොම මේ වගේ කතා කියනවද මන්දා ?

:       0       82

පිටිගල මිලානෝ Tuesday, 21 January 2020 06:08 AM

අනේ මඟේ කට....! ඒ දවස්වල දේවල් මතකම නැද්ද ආයිබෝන් ...!

:       0       68

rana Tuesday, 21 January 2020 06:09 AM

අපි නම් මැරිලා ඉපදිලා නැහැ , මේ ඇයො ගැන නම් දන්නේ නැහැ. වෙන්න ඇති නේ නැත්නම් මේ දේවල් කියැවීය.

:       0       23

suranjith Tuesday, 21 January 2020 06:29 AM

අනේ අගමැති තුමනි අහන්නත් සන්තෝසයි ඔබතුම මනාව තේරුම් අරගෙන කියලා.

:       0       34

Asanga Tuesday, 21 January 2020 06:42 AM

ඔබතුමාගේ කාලේ කරපු බොහෝ වැරදි දැන් අමතක වෙලා වගේ. අපිටනම් මතකයි.

:       0       5

Nuwan Tuesday, 21 January 2020 06:44 AM

අපේ දේශපාලකයෝ හිතන්නේ රටේ ඉන්නේ ඔක්කොම ගොන්නු කියලා.................

:       0       29

Mahesh Tuesday, 21 January 2020 06:52 AM

මාර විහිලුනේ ඔයා සපයන්නේ. රන්ජන් දෙක මේ..

:       0       29

බැසිල් Tuesday, 21 January 2020 06:58 AM

බැසිල්ගේ නිවස සහ අක්කර 16 ඉඩම ගැන අධිකරණය මොනවා හරි කරාවිද ?

:       0       54

Amula Tuesday, 21 January 2020 07:05 AM

මෙන්න මෙයා හීනෙන් දොඩවනවා. අර ට්‍රම්ප් උන්නැහේ වගේ මනෝ වෛද්‍යවරයෙකුට පෙන්නමුද?

:       0       10

Chathuri Tuesday, 21 January 2020 07:17 AM

වයසේ වැරැද්දට මෙවැනි කතා කියන්නේ. ප්‍රභාකරන් ඇත්තනේ කිව්වේ සිංහලයට හැමදේම ටික දවසයි මතක කියලා. නමුත් ඒ වචනේ හරි මේ වගේ ලොක්කන්ට විතරයි. ජනතාවට හොඳ මතකයක් තියෙනවා මෙයාගේ. තමන්ට බලය තියෙනකොට අධිකරණය අල්ලේ නටවන කට්ටිය නැතිකොට පලු අරිනවා. රන්ජන්ට මේ වගේ කට්ටියගෙන් හඬ පටියකුත් ගැහුවනම් අද ගෙදර.

:       0       7

raviTuesday, 21 January 2020 12:54 PM

මෙයාගේ පටිත් තියෙනවාලු....

:       0       0

Wadi bana Tuesday, 21 January 2020 07:18 AM

බලන්න ජීවිතේට අධිකරණයට බලපෑම් කරන්න හිතලවත් නැති පට්ට හොරෙක් ඒ වගේම පට්ට හොරු සෙට් එකක් ඉස්සරහ තියාගෙන වැදි බණ දෙසනවා. 2015 ඡන්ද ප්‍රතිඵල අනූව අග්‍රවිනිශ්චයකාරයෙක් ළග තියාගෙනලු කියන්නේ. මොකෝ දන්නේ නෑ.

:       0       20

Rata Perata Tuesday, 21 January 2020 07:42 AM

මේ මනුස්සයා කටින් ද දන්නේ නෑ කතා කරන්නේ? නැත්නම් හරක් පට්ටියකට වෙන්න ඇති.

:       0       130

Raveendra Tuesday, 21 January 2020 07:50 AM

ඉතින් මේ අපිද ඒ ගෞරවය නැති කළේ? දියවන්නා ඔයේ ඉන්න " මිහරකුන් 225 " ම ඒ නිවට අලුගුත්තේරු වැඩේට ඍජුවම වගකිව යුතුයි නේද ? අපේ මතක නිවැරදි නම් මෙය පටන්ගත්තේ මට කළ නොහැක්කේ ගැහැනියක මිනිහකු කිරීමට පමණයි වහසි බස් දෙඩූ කෙනාගෙන් නොවේද.? එතනින් පටන් ගෙන මේ මොහොත වෙනකම් මිහරකුන් 225 ම අඩුවැඩි නැතිව මේ වැඩේට දායක උනා නේද ?

:       1       73

isuru Tuesday, 21 January 2020 08:29 AM

මෙයා අද ඉපදිච්ච කෙනෙක් වෙන්න ඇති .... නැත්තම් ඔලුව කොහේ හරි සැරෙන් වැදිලා ඇති.

:       0       2

jinasiri Tuesday, 21 January 2020 08:35 AM

ටොම්පචයෝ ජෝකර්ලව සනසන කතා ...

:       0       69

Mahee Tuesday, 21 January 2020 08:52 AM

ආදී කාලීන මිනිස්සු කොළ අතු ඇන්දා. ඒ තම නිරුවත ප්‍රදර්ශනය වුවහොත් ඇතිවන ලැජ්ජාව නිසායි. අද දේශපාලුවෝ රෙදි අඳිති. ඒ තම නිරුවත ප්‍රදර්ශනය නොකළොත් මදි පාඩුවක් වෙයි කියා ඇතිවන ලැජ්ජාව නිසාය.

:       0       18

Ratta Tuesday, 21 January 2020 09:45 AM

නීතිගරුක රජයක් යටතේ හඩ පට ලීක් වෙන්නේ බෑ. ඒකියන්නේ මේවා බොරු හඩ පට.

:       0       0

Nimal Tuesday, 21 January 2020 02:24 PM

අනේ අපි මැරිලා ආයෙත් ඉපදුනු අය කියාලවත් මෙයා කලපනා කලාවත්ද?

:       0       0

jayanyha Monday, 17 February 2020 03:22 AM

වැද්දෝ බන කිව්වට මොලේ තියෙන මිනිස්සු අහන්නේ නැහැ. මේ අය හිතන්නේ මිනිස්සු මැරිලා ඉපදිලා කියලා.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 372 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 781 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 940 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 525 2

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 560 2

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


ඇමෙරිකා කෘෂි උප ලේකම් ජනපති හමුවෙයි
2024 අප්‍රේල් මස 26 197 0

ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1729 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site