IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


අධිකරණ නියෝගය දැනුම් දෙන්න අඬබෙර කරුවෙකු යවයි

(ඔගස්ටින් ප්‍රනාන්දු)            

මාදම්පේ ජයරත්නගම පිහිටි නිවසක හිමාකාරත්වය බලෙන් ලබා ගත් කාත්නාවක ඉවත් කර එම නිවස සැබෑ හිමිකරුවෙත ලබා දීමට ප්‍රදේශය පුරා අධිකරණ නියෝගයක් මත අද (20) අඬබෙර ගසන ලදී.

මාදම්පේ පිංවත්ත (ජයරත්නග ) පදිංචි වන්නිනායක මුදියන්සේලාගේ  හේරත් රත්නසිරි මහතා විසින් තම නිවස අන්දර‍ පිංතුගේ පර්ල් බර්ණදෙත් පිංතු නමැත්තිය විසින් බලහත්කාරයෙන් අත්පත් කර ගෙන සිටිතැයි ද  ඇය එම නිවසින් ඉවත් කර එහි අයිතිය තමන් වෙත ලබා දෙන ලෙසට ඉල්ලා හලාවත දිසා අධිකරණය හමුවට 2002 වසරේ දී පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණි.

එම පැමිණිලි විභාගයේ දී පැමිණිලිකරුගේ ඉල්ලීම පිළිගත් විනිසුරු ජගත් කහඳගමගේ මහතා වහාම නිවසින් ඉවත් වී පැමිණිලිකරු වෙත නිවස බාර දෙන  ලෙස විත්තිකාරියට දැනුම් දී තිබුණි.

විත්තිකාරිය එම නියෝගය ට එරෙහිව කුරුණෑගල සිවිල් අභියාචනාධිකරණය හමුවට ඇපෑලක් ඉදිරිපත් කර තිබුණත් එම අධිකරණය ඇගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් හලාවත අධිකරණය දුන් නියෝගය ක්‍රියාත්මක කිරීම තහවුරු කළේය.

එම නියෝගය ඇය මෙතෙක් පිලිගෙන නොසිටි නිසා අද (20) අධිකරණ නියෝගයට අනුව අධිකරණයේ සිතාසි හා ඇස්කිසි ක්‍රියාත්මක කිරීමේ නිලධාරී වන එස්.ජේ. වාස් මහතා අඬබෙර  කරුවෙකු යොදවා ඉවත් කිරීමේ නියෝගය ප්‍රදේශය පුරා නිවේදනය කරවනු ලැබීය.



අදහස් (6)

අධිකරණ නියෝගය දැනුම් දෙන්න අඬබෙර කරුවෙකු යවයි

tikiri Friday, 21 September 2018 03:17 AM

ඒකත් කරලා හරිගියේ නැත්නම් ඇතුන් ලවා පාගවයි .

:       0       30

Samadhi Friday, 21 September 2018 03:52 AM

හොද වැඩේ . අනුන් මහන්සියෙන්. හද ගත්ත දේ බලෙන් ගන්න හදනවට. ලජ්ජා නැති අය....

:       0       28

wedage Friday, 21 September 2018 06:50 AM

පට්ට ලැජ්ජයි ඔයි අනුන්ගේ ගෙයක් අල්ලාගෙන ඉන්නේ................

:       0       27

KANDEPOLA Friday, 21 September 2018 08:16 AM

මොන විහිලුවක්ද. අධිකරණයේ පිස්කල් නිලධාරියෙක් සිටිද්දී අණ බෙරකරුවන් මොනවටද ? රට ආපස්සට යනවා කියන්නේ මේකට තමා.

:       0       27

Danuka Friday, 21 September 2018 10:25 AM

සුද්දගේ නීතිය එපා කියල කෑ ගහලා සිංහල රජකාලේ නීතිය ගෙනෙමු. අඬ බෙර, කස පහර.. නියමයි..

:       0       18

prabha Friday, 21 September 2018 10:27 AM

ඔන්න ඔය රස්සාවට ගැලපෙන කෙනෙක් මේ දවස්වල පාර්ලිමේන්තුව තහනම් වෙලා ගෙදර ඉන්නවා

:       38       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පාර්ලිමේන්තු පක්ෂ නායක රැස්වීමක් කැඳවයි
2024 අප්‍රේල් මස 26 243 0

පාර්ලිමේන්තු කටයුතු කාරක සභාවේ විශේෂ රැස්වීමක් අද (26) දහවල් 11ට කැඳවන බව නියෝජ්‍ය කතානායක රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.


ලොරි අනතුරකින් හමුදා සෙබ‌ළෙක් මරුට
2024 අප්‍රේල් මස 26 199 0

මාන්කුලම වසන්තනගර් හන්දියේදී අද (26) අලුයම ලොරි රථයක් සහ හමුදා ට්‍රක් රථයක් ගැටී සිදුවු අනතුරකින් යුද හමුදා සැරයන්වරයකු මිය ගොස් තවත් හමුදා සාමාජිකයන්


උලපනේ හිමි ඇතුළු පස් දෙනාට දැඩි කොන්දේසි මත ඇප
2024 අප්‍රේල් මස 26 167 0

අධිකරණ නියෝගයකට අවනතව කටයුතු නොකර රාජ්‍ය නිලධාරීන්ට බාධා පමුණුවා, ඇමතිවරයකුගේ ලිපියක් පෙන්නමින් බලපෑම් කළේ යැයි රක්ෂිත බන්ධනාගාර ගතව සිටි ගුරු විද


මෛත්‍රී පාස්කු ගැන පාර්ලිමේන්තුවටත් කියන්න යයි
2024 අප්‍රේල් මස 26 444 0

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට අද ප්‍රකාශයක් කිරීමට නියමිතය.


ජනපතිට එරෙහිව අල්ලස් පැමිණිල්ලක්
2024 අප්‍රේල් මස 26 904 0

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දේශපාලන කටයුතු සඳහා තරුණ සේවා සභාවේ දේපල යොදාගැනීම පිළිබඳ විමර්ශනයක් කරන ලෙස ඉල්ලා අල්ලස් හා දුෂණ කොමිෂන් සභ


මත්පෙති සමඟ අයෙක් අත්අඩංගුවට
2024 අප්‍රේල් මස 26 147 0

යාපනය ප්‍රදේශයේ තරුණයන් හට අලෙවි කිරීම සදහා මත්පෙති සන්තකයේ තබාගෙන සිටි මහා පරිමාණ ජාවාරම් කරුවකු පොලිස් විශේෂ කාර්ය බලකායේ නිළධාරින් විසින් අත්අඩ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 332 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1713 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1554 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site