IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


අධ්‍යාත්මික බලයෙන් රෝග සුව කරගන්න ගිය දෙදෙනෙක් එලොව යති

( පැතුම් දර්ශන)

අධ්‍යාත්මික බලයෙන් රෝග සුව කිරීමේ වැඩසටහනකට සහභාගී වීමට පැමිණි  පිරිසක් අතරින් රෝගී ව සිටි  කාන්තාවක සහ  පුද්ගලයකු මියගොස් අසාධ්‍ය තත්වයෙ පසු වූ තවත් 18 දෙනෙකු  රෝහල්ගත කර ඇතැයි හොරොව්පොතාන පොලිසිය කියයි.

මෙලෙස මියගොස් ඇත්තේ අංක.271/1 ආබ්‍රපුර, මහවස්කඩුව, කළුතර ලිපිනයෙ පදිංචි පත්තිනිගේ දිනූෂා ද සිල්වා (39), සහ දික්හේනවත්ත, ඌරල,වදුරඹ, ගාල්ල, ලිපිනයේ පදිංචිව සිටි අත්තනායක මුදියන්සේලාගේ රණවක (78), යන  දෙදෙනාය.

අධ්‍යාත්මික බලයෙන් රෝග සුව කිරීමේ මෙම වැඩසටහන හොරොව්පොතාන මධ්‍යමහ විද්‍යාලීය ක්‍රීඩා පිටියේ ඊයේ (07)රාත්‍රියේ සිට අද (08) දහවල් දක්වා පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබුණ අතර ඒ සඳහා දිවයිනේ විවිධ ප්‍රදේශවල විවිධ රෝගාබාධවලට ලක්වූ 25000කට අධික රෝගීහු සංඛ්‍යාවක් සහභාගී වී සිටියහ.

මියගිය රෝගීන් දෙදෙනා සහ රෝහල් ගත කළ රෝගීන් 18 දෙනා එම වැඩසටහනට සහභාගී වීමට පැමිණ ඇති බව පොලීසිය සඳහන් කළේය. එම වැඩසටහන අතරතුරදී ඔවුනට වැළඳී තිබූ රෝග උත්සන්න වීම නිසා හොරොව්පොතාන රෝහලට ඇතුළත් කර  ඇති අතර ඒ වන විටත් බරපතළ තත්ත්වයේ සිටි දෙදෙනා මියගොස් සිටි බව රෝහල් ආරංචි මාර්ග කියයි.

අසාධ්‍ය තත්ත්වයෙන් රෝහල්ගත කළ 18 දෙනාගෙන්  14 දෙනෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත මාරුකර යවා ඇති අතර ඔහුගේ තත්ත්වය බරපතළ නොවන බව ද රෝහල් ආරංචි මාර්ග වැඩිදුරටත් කියයි.

මියගිය සිරුරු සම්බන්ධයෙන් මරණ පරීක්ෂණය හොරොව්පොතාන නාගරික හදිසි මරණ පරීක්ෂක ඩී.එම්.කෙ. දිසානායක මහතා විසින් සිදුකිරීමෙන් පසු ඥාතීන් වෙත බාරදුන් අතර හොරොව්පොතාන පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක රොෂාන් සංජීව මහතාගේ අධීක්ෂණය යටතේ පොලිස් කොස්තාපල්, (59233)ජයසෙන,(59397) හේරත් යන නිලධාරීන් ඉදිරි පරීක්ෂණ සිදු කරති.



අදහස් (46)

අධ්‍යාත්මික බලයෙන් රෝග සුව කරගන්න ගිය දෙදෙනෙක් එලොව යති

Saman Sunday, 08 September 2019 04:40 AM

"ලෙඩ දුක් සුව වෙනවද ජපකරලා මන්තර"? ඔය බොරු දේවල් පස්සේ යන්න ඉස්සර හිතන්න මිනිස්සුනේ.. මේ 21 වැනි ශතවර්ෂයයි...

:       10       43

Bamunuarachchi Sunday, 08 September 2019 04:59 AM

මොන ආගමිකයින්ද නොකියා සිටීමට සමත් වෙලා තිබුණත් අපි දන්නවා මේ නිකායේ උන්දැලා මැරුණු පළමු සැරේ මෙය නොවන බව... මේ නිකායේ අය මීට ප්‍රථමද බෙහෙත් නොගෙන ලෙඩ සුව කරගැනීමට ගොස් ස්වර්ගස්ථ වී තිබෙනවා. ලෙඩා මැරුණත් බඩ සුද්දවුණා කියනවා වගේ මොවුන් මැරුණත් ස්වර්ගයට කෙලින්ම යන නිසා අපි දුක්විය යුතු නැත.

:       295       277

GunasiriSunday, 08 September 2019 03:20 PM

තමන් මහා පණ්ඩිතයෙකියි සිතා ඉන්නා ඔබ වැනි මන්ද බුද්ධිකයන්ගේ දැනගැනීමටයි මේ. මේ මියගිය එක අයෙක් මම හොඳින් දන්නවා. ඉතා දීර්ඝ කාලයක් රෝගීව සිට, සකල විධ ප්‍රසිද්ධ විශේෂඥයින්ගේ ප්‍රතිකාරවලින් කිසිත් වැඩක් නොවුණු තැන කුමක් හෝ පිළිසරණක් සොයා ගිය අසරණයෙකු උපහාසයට ලක් කරන්න, මැරුණු එකමයි කාරිය කියා මළවුන්ටත් නිග්‍රහ කරන්න ඔබ ඇතුළු තවත් පඬිවරුන් බොහෝ දෙනෙක් මෙහි අදහස් දමා තිබෙනවා. ඒ පඬිවරුන්ගෙන් මං අහන්න කැමතියි, ඔබ එක්කෙනෙක්වත් කිසිම දවසක හඳහනක් බලා නැතද, කිසිම දවසක් නැකතට වැඩක් කර නැද්ද, හිතට එකඟව නෑ කියන්න ඔබ කිසිවෙකුටත් පුලුවන්ද?. අනික මෙතන අදහස් දැමූ බොහෝ දෙනෙක් තමන් මහා බෞද්ධයින් බව පෙන්වමින් කිතුණු නිකායකට බැන වදිනවා. නමුත් මේ ආශිර්වාද වැඩ සටහන කලේ බෞද්ධයෙක්. ඊළඟ කාරණේ තමයි, මෙවැනි මරණයක් ඔය තිරුපති පැත්තේ යන කෙනෙකුට වුණා නම්, ඒ කියන්නේ ලොක්කෙකුට වුණා නම්, නම ගම හෙලිකරනවද? නැහැ නේද?

:       68       83

BamunuarachchiTuesday, 10 September 2019 01:02 AM

මගේ පණ්ඩිත කමින් ඔහෙට වැඩක් නැත එත් මම කියපු කාරනාව වැරදිද කියලා කීවොත් හොඳයි. ඔහෙත් අර ගොඩේම කෙනෙක් නේද? මේක 21 වෙනි ශතවර්ෂය ඔය භූත ආත්මයෙන් මිදෙන්න. හදවත් මාරුකරන්න තරම් දියුණු වෛද්‍ය විද්‍යාවක් ඇති ලෝකයේ සෙප්පඩවිජ්ජා කාරයින්ගෙන් බෙහෙත් ගන්න මින්සුන් මෝඩයෝ නොවෙයිද/

:       90       2

GunasiriTuesday, 10 September 2019 02:22 PM

බමුණු උන්නැහේ, ලෙඩෙක් යන්න ඕන වෙදෙක් ගාවට තමයි, නමුත් වෙදුන්ට අවුරුදු දහයක් ගතවෙලත් සුව කරන්න බැරි වුනහම ඒ ලෙඩාගේ නෑයින් මොකද කරන්නේ? ආශීර්වාද බලයෙන් ලෙඩුන් සුවපත් කර ඇති බවට හෝ වෙනත් ක්‍රමයකින් රෝගීන් සුවකරන බවට පතල, ඒ බව සනාත කර ඇති කෙනෙකු වෙත හෝ තම රෝගියා රැගෙන යාමයි. එය පිදුරු ගහේ එල්ලීමක් වෙන්න පුළුවන්. නමුත් ඔබත් එහෙම පිදුරු ගස්වල ඕන තරම් එල්ලිලා ඇති. 21 වැනි සියවසේ ඉන්නේ සියලු රෝග වෙදකමින් සුවකරන වෙද්දු කියලද ඔබ කියන්නේ? අඩු ගන්නේ පත්තරවල පල වෙන දේවල් වත් කියවල ලෝකයේ සිදුවෙන දේ ගැන දන ගත්තොත් ඔහොම මෝඩ කතා නොකියයි කියල මං හිතනවා. ජීවිතේටවත් අහල නැද්ද ඇලොපති වෙදකමින් අත්හැර දමන ලද රෝගීන් ආයුර්වේද වෙදකමින් සුවවෙන අවස්ථා ගැන? හොරිවිල වේද මහත්තය ගන අහල තියෙනවද? ඒ වගේම අහල නැද්ද මානසික ප්‍රතිකාර වලින් ශාරීරික රෝග සුව කළ අවස්ථා ගැන. බමුණු මත ඉවත ලා සත්‍යය සොයන්න.

:       0       0

BamunuarachchiWednesday, 11 September 2019 02:44 PM

දැන් ඔය සුව වෙලා තිබෙන්නේ. මානසික රෝග පිළිබඳ ඉස්පිරිතාලයක් තිබෙනවා. ඒ ගැන විශේෂඥ වෛද්‍යවරු ඉන්නවා. එහෙම තිබෙද්දී සෙප්පඩවිජ්ජා කාරයෝ ලඟට ගිහිල්ලා ජීවිත නැති කරගන්න කැමති අය කර ගත්තාවේ...

:       0       0

සංජීව Sunday, 08 September 2019 05:09 AM

පිළිකා සුව කරනවා. වකුගඩු ආබාධ සුව කරනවා ආදී වශයෙන් දැන්වීම් පලකරමින් අසරණ වූ මිනිසුන් තවත් අසරණ කරන පුද්ගලයින්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කළ යුතුය. ඇත්තටම ලෙඩ්ඩුන්ට උපකාර කිරීමට අවශ්‍ය නම් කෙලින්ම පිළිකා රෝහලට ගිහින් ප්‍රතිකාර කරන්න...

:       1       68

Charith Sunday, 08 September 2019 05:13 AM

මෝඩකමට බෙහෙත් නෑ කියන්නේ ඕවට තමයි...

:       0       49

සේන Sunday, 08 September 2019 05:18 AM

ශ්‍රී සද්ධර්මය හැමතැනම ඇහෙනවා. හිත දියුණු කරගන්න. නිවැරදිව ලොව දකින්න. වෛද්‍යවරුන් ඕනෑතරම් මිනිසුන් දැනුවත් කරනවා. 21 වැනි සියවසේත් මිනිසුන් බොරුව පස්සේ යනවා. දෙලොවම පාඩුව තමන්ටමයි.

:       35       154

lakmalSunday, 08 September 2019 10:34 AM

මෙය කරන්නේ කිතුණු බැතිමතුන් නේද? ඉතින් සද්ධර්මය ගැන කතා කරන්නේ ඇයි..?

:       271       134

sameera Sunday, 08 September 2019 05:29 AM

අසත්‍ය පණිවිඩයක්ලු. නැවත සොයා බලන්න.

:       116       1

JCN Sunday, 08 September 2019 05:32 AM

ඕවට යන ගොන්හරක් මැරෙන්නමයි ඕනෑ. මේ මගඩිය කරපු අය අත්අඩංගුවට ගන්නේ නෑ වගේ.. ඒ අය දෙවිවරු වෙන්නැතිනේ...

:       1       58

MaheeMonday, 09 September 2019 12:23 AM

ඔබේ අදහස්වලට සමාන අදහස් වැඩි ප්‍රමාණයක් තිබෙන බව පේනවා. ඒවා දකිනවිට මට මතක් වෙන්නේ 'අලියා සහ අන්ධයෝ' කතාවයි. සමාජයේ බොහෝ දෙනෙකු පිළිගන්නා මානසික ශක්තිය, අධි මානසික ක්‍රියාකාරකම්. විශ්ව ශක්තිය වැනි සංකල්ප සියල්ල මිත්‍යාවන් සේ බැහැර කරන ඔබ ඉතා සංකීර්ණ ප්‍රශ්නයක මතුපිට අත ගා අදහස් පල කර ඇති බවයි පෙනෙන්නේ. පිරිතෙන් ලෙඩ සුව කල හැකි යයි ඔබ පිලිගන්නවවාද? ගැබිණි මවුන්ට අංගුලිමාල පිරිත දේශනා කරන්නේ අයි? සිත ශාරීරික රෝග බොහොමයකට මුල් නොවන්නේද? ලොව සියල්ල භෞතික විද්‍යා නියමයන්ට අනුව පමණක්ම සිදුවන්නේ නම් සියලු ආගම් ඉවත දැමිය යුතු නොවේද? අලියාගේ කන් අත ගෑ අන්ධයා අලියා කුල්ලක් වැනි සතෙකි කීය. අලියාගේ කකුල් අත ගෑ අන්ධයා ඌ වංගෙඩියක් වැනි සතෙකි යයි කීය. ඔබ ඇතුළු බොහෝ දෙනෙක් අල්ලාගෙන ඇත්තේ අලියාගේ වලිගය විය හැකිය.

:       2       132

Jayasinghe Sunday, 08 September 2019 05:41 AM

බලධාරීන් මොනවටද මේ වගේ විකාරවලට අවසර දෙන්නේ. රැස්වීමක් තියන්න අනිවාර්යයෙන් අවසර ගත යුතුයි. පිස්සු දූපතේ පිස්සු ආතල්...

:       6       34

Siri Sunday, 08 September 2019 05:51 AM

හොඳ වෙලාවට මලේ... හිටියා නම් ඔය මෝඩයින්ගේ ඡන්දත් අප්පච්චිලටනේ...!

:       262       67

DilanSunday, 08 September 2019 10:13 AM

එතකොට ඔබතුමා වැනි බුද්ධිමතුන්ගේ ඡන්දයෙන් පත් කරගත් ආණ්ඩුව නේද දැන් තියෙන්නේ..? හරිම බුද්ධිමත් තීරණයක්...

:       30       267

asela godahewa Sunday, 08 September 2019 06:00 AM

මෙච්චර දියුණු ලෝකේ මේවගේ මෝඩ මිනිස්සුත් ජීවත් වෙනවනේ.. මියගිය අයට නිවන්සුව...!!!

:       13       508

Pradeep Sunday, 08 September 2019 06:06 AM

ලෝකය, තාක්ෂණය මෙතරම් දියුණු යුගයක මිත්‍යා විශ්වාසයන්ට වහල් වූ මිනිසුන් තවමත් සිටිනවා. පැමිණි පිරිස 25000ක්.. ඇයි මේ වගේ මිනිසුන්ව රවටන ඊනියා අධ්‍යාත්මික හොරුන් නීතියේ රැහැනට හසුකර නොගන්නේ..?

:       1       145

Sira Sunday, 08 September 2019 06:21 AM

මැරෙන්න හිටිය අය තමයි ඔය තැනට ගියේ... පිදුරු ගසේ එල්ලී බලන්නට. හිතන්නකෝ 25000ක් රැස්වුණු තැන තිබුණු තෙරපීම, තෙහෙට්ටුව, විෂබීජ වැනි දේ... ලෙඩ සනීපකරණ බොරු දේවල් පැත්තකින් තියන්නකෝ? හොරොව්පොතාන පැත්තේ ඉස්පිරිතාල පවත්වන්න ඕනෑ නැහැ. අධ්‍යාත්මික බලයෙන් රෝග සුවකිරීමේ මෙම වැඩසටහන පමණයි. බෙහෙත් ඕනෑ කරන්නේ නැහැ. දොස්තරලා, නර්ස්ලා ඕනෑ කරන්නේ නැහැ. අවශ්‍ය එකම දේ තමයි එන හරකුන්ට කන්නදෙන්න අවශ්‍ය ප්‍රමාණයට තණකොළ, පිදුරු, පුන්නක්කු, වතුර තියන්න...

:       0       101

Chanak los angeles Sunday, 08 September 2019 06:45 AM

අධ්‍යාත්මික බලවලින් රෝග සුවකරන්න පුලුවන් නම් බුදුපියාණන් වහන්සේ අසනීප වූ අවස්ථාවේදී උන් වහන්සේටම සුව කරගන්න තිබුණා නේද? නමුත් එහෙම කළාද? බුදුන්ට තිබුණා වූ ඕනෑම දෙයක් දරා ගැනීමේ ශක්ති බලයෙන් රෝග වේදනාව ඉවසා දරාගැනීම පමණයි උන්වහන්සේ සිදුකලේ... සාමාන්‍ය මනුෂ්‍ය ශරීරයකට අධ්‍යාත්මික බලයක් ආරුඨ වෙලා කියා කව්රුන් හෝ කියනවා නම් එය එක්තරා මානසික රෝග ලක්ෂණයක්...

:       1       87

RandikaSunday, 08 September 2019 10:31 AM

මේවා කරන්නේ බෞද්ධයන් නෙමේනේ... එ්ක අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ..

:       4       67

ajithSunday, 08 September 2019 10:55 AM

අපේ අය මානසික රෝගීන්ගේ සුරඟන කතා අහන්න හරිම අාසයි.

:       2       3

nishantha Sunday, 08 September 2019 07:18 AM

දොස්තරලා නක්ෂත්‍රය විශ්වාස කරන, ඉංජිනේරුවෝ වාහනයේ දෙහි ගැට ගහන, ගෘහ නිර්මාණ ශිල්පින් වාස්තු බලන, බෝම්බ ගහද්දී ආරක්ෂා කරන්න බැරි දෙයියෝ තාමත් අදහන, ප්‍රාඩෝ එකෙන් ඇවිත් අපිට අනිත්‍ය, නිවන දේශනා කරන චීවරධාරීන් අදහන මිනිසුන් ඉන්නා මේ රටේ මෙව්වා නොවී තිබ්බොත් තමයි පුදුමේ...

:       480       533

kapSunday, 08 September 2019 11:15 AM

අගනා කතාව.. නමුත් ඔබට අකමැතිව ගොඩක් අය කතිරෙ ගසාවි. මේ රටේ ඇත්ත කතා කරන අයට මිනිස්සු අකමැතියි..

:       0       15

[email protected]Friday, 13 September 2019 08:54 AM

සහතික ඇත්ත... මෙවැනි මිථ්‍යාවන්වලට බෞද්ධයන් යොමුවීමට වත්මන් සඝ පරම්පරාව වගකිව යුතුය. මන්ද විද්‍යාත්මක බල මහිමයෙන් සොයාගත් සියලු මෙවලම් භාවිතා කර අවිද්‍යාව දේශනා කරති. නොපෙනෙන බලවේග ගැන විශ්වාස ඇතිකරති. එමගින් මුදල් ගරති.

:       0       0

ලුම්බිණි Sunday, 08 September 2019 07:19 AM

මේ වැඩසටහන කරපු අයට විරුද්ධව නීතියෙන් කටයුතු නොකරන්නේ මොකද?

:       1       47

කොස්තා Sunday, 08 September 2019 08:29 AM

අධ්‍යාත්මික බලයෙන් රෝග සුව කිරීමට හැකිනම් වෛද්‍යවරු කුමටද? රෝහල්, බෙහෙත් ශාලා කුමටද? එහෙනම් හැකි කෙනෙක් සිටිනවා නම් බටහිර, පෙරදිග යුනානි හෝමියෝපති කියමින් විවිධ ක්‍රමයෙන් සිදුකරන වෛද්‍ය ක්‍රමයන්ට කෝටි ප්‍රකෝටි ගණනින් ජනතා මුදල් නාස්ති කරන්නේ කුමටද? අනේ මෙහෙමත් මෝඩයන් සිටින ලෝකයේ තවත් රටවල් තිබේද? මෙලෙස ආගම් ප්‍රචාරය කරන මුවාවෙන් හෝ වෙනත් අදහසකින් මිනිසුන් නොමග යවන අයට දැඩිම දඬුවම් දියයුතුයි.

:       150       170

කරුණාවති Sunday, 08 September 2019 12:44 PM

කොහෙද යන්නේ? මල්ලේ පොල් කතාවක් ඔයා කියන්නේ. ඒක බෞද්ධ එකක් නොවෙයි. අබෞද්ධයින්ගේ එකක් වුණත් අපේ අය ප්‍රතිචාර දාන්නේ බෞද්ධයින් ඒකට ඈඳාගෙන..

:       1       46

ධම්ම Sunday, 08 September 2019 08:31 AM

පාලකයෝ තිරුපති යනවා. රටවැසියෝ නොපෙනෙන බලවේග පසුපස යනවා. මේ රටට වගතුවක් තියෙයිද?

:       4       128

Perera Sunday, 08 September 2019 08:33 AM

රෝහල්වලට නොගිහින් අධ්‍යාත්මිකව රෝග සුව කරන්න පුළුවන් කියලා ඔය ගිහින් තියෙන බුද්ධිමත් ජනතාව දන්නවා...

:       2       6

sena Sunday, 08 September 2019 08:41 AM

අපි දවසෙන් දවස පුදුමාකාර වේගයකින් අන්ධකාරයට යන ජාතියක්, කාලෝ ෆොන්සේකලා පනහක් හිටියත් මදි...

:       0       74

නිහාල් Sunday, 08 September 2019 08:59 AM

දුර බැහැර ගිහින් ඔය වගේ සෙනග ගොඩක් අස්සේ තෙරපෙන්න ආවම අසාධ්‍ය නොවුණත් නිකම්ම මැරෙනවා.

:       0       20

sirimal Sunday, 08 September 2019 09:03 AM

විවිධ රෝගාබාධයන්ට මුහුණදී අන්ත අසරණ තත්වයට වැටි යන එන මන්නැතුව ඉන්නා අහිංසක මිනිසුන් රවටා තමන්ගේ බඩ වඩාගන්නා මෙවැනි අපරාධකාරයින් අද අප රටේ අස්සක්, මුල්ලක් නෑර දක්නට ලැබෙන බව කිවයුත්තේ ඉතාම කණගාටුවෙනි. මේ අතර බෞද්ධ භික්ෂුන් වහන්සේලා සහ අනෙකුත් ආගම්වල පූජකවරුන්ද ඉන්නා බව පෙනෙන්නට ඇත. දිනපතා පුවත්පතක් ගෙන බැලුවහොත් "අද්භූත අභිරහස් වශී ගුරුකම්, කිලි නැත, කැවීම්, පැන්නවීම්, රත් කිරීම් නැත, පහසු ගෙවීමේ ක්‍රමයට මලයක්ෂයින්, ප්‍රේතයින්, පිශාචයින්, යක්ෂණියන් ලවා ඔබට අවශ්‍ය කාර්ය ඉටුකරදෙනු ලැබේ" වැනි අහිංසකයින් මුලාකරන දැන්වීම් පිටු පුරා පළකර තිබෙනු දක්නට පුළුවනි. මේ අපරාධකාර කපටින්ට ගොදුරුවන්නේ අහිංසක ජනතාවයි. මෙවැනි ක්‍රියාකාරකම් පිළිබඳව බලධාරීන් වහාම සොයාබලා එවැනි බොරුකාරයින්හට නිසි දඬුවම් ලබාදී ඔවුන්ට රැවටෙන අහිංසකන් ගලවා ගැනීමට කටයුතු කිරීම අත්‍යාවශ්‍ය වන්නේය.

:       1       81

අතුල Sunday, 08 September 2019 09:29 AM

තමන් කැමැති ආගමක්, ලබ්ධියක් ඇදහීමේ නිදහස ආණ්ඩුක්‍රම ව්‍ය්වස්ථාවෙන්ම ප්‍රතිශ්ඨාපනය කර ඇති මූලික මිනිස් අයිතිවාසිකමකි. ආගමක් යනු කුමක්ද ? සරලව කිව්වොත් "විශ්වාසයක් මත පදනම් වූ ඇදහිල්ලකි " සමහර විශ්වාස මුලු සමාජයටම භයංකර ප්‍රතිඵලවලට ගොදුරු වන අතර ඒවා මැඩීමට යම් යාන්ත්‍රණයක් අවැසි බව මෙවැනි සිදූවීම් වලින් මොනවට ඔප්පු වේ.

:       2       41

kamal Sunday, 08 September 2019 09:42 AM

සංහිඳියාව, සංහිඳියාව ඔහොම යං.. අපේ ලේකම්තුමා එනකම්.... බහුබූතවලින් තොර රටක් හෙට...

:       133       126

nimal Sunday, 08 September 2019 10:02 AM

මෙම දැන්වීම සම්පූර්ණ මුදල් ව්‍යාජ ලෙස මුදල් ඉපැයීමට යොදාගත් ව්‍යාපාරයකි. කිසිඳු සත්‍යතාවයක් නැත.

:       57       132

ajith Sunday, 08 September 2019 10:52 AM

රජය මේවට මැදිහත් වී මේ දේවල්වල ඇත්ත නැත්ත සොයාබලා මේක බොරුවක් නම් මේ අයට දඬුවම් දිය යුතුයි. ඒ වගේම මේක අැත්තක් නම් දේශීය විදේශීය රෝගීන් සුව කිරීමට පහසුකම් සලසා දිය යුතුයි...

:       0       2

AmilaSunday, 08 September 2019 11:49 AM

පාලකයෝ තිරුපති යනවා. ඉතින් ගෝලයෝ මෙහේ ඉන්න තිරුපතියෙක් අල්ලා ගන්නවා.

:       0       1

Amila Sunday, 08 September 2019 11:47 AM

මේ වගේ මිනිස්සු ඉන්න රටක්නේ මේ. ඉතින් හොරු සහ මහල්ලෝ රටේ පාලකයෝ වෙන එක අහන්නත් දෙයක්ද ?

:       0       1

sachith Sunday, 08 September 2019 12:21 PM

මෙහෙම ලෙඩ සනීප වෙනවනම් බොරුවට ඉස්පිරිතාල ඕනේ නැහැනේ... ගෝල්ෆේස් වගේ පිට්ටනියක සතියට එක ගානේ මේවගේ වැඩසටහන් කරා නම් රටම සුවපත් වෙනවා..

:       3       3

Mahee Sunday, 08 September 2019 02:52 PM

මම මේ කල්පනා කලේ වෙනත් දෙයක්. මෙවැනි දෙයකින් ලොක්කෙකුට අනතුරක් වුනා නම් උන් එකෙකුගේවත් නම් දානවද?

:       5       2

wije Sunday, 08 September 2019 05:22 PM

මෝඩ කමට බෙහෙත් නැහැ.

:       0       0

lalithm Monday, 09 September 2019 03:32 AM

දෙවිවරු පස්සේ යන එකත් දේශපාලුවෝ පස්සේ යනෙකත් දෙන්නම එකවගේ මෝඩයෝ. 21 නොවේ 31 සියවසට ගියත් මිනිසුන්ගේ මෝඩකම අත් හරින්න බැරිනම් මියගියාට කමක් නැහැ. එත් මේ මිනිස්සු ගොනාට අන්දන එවුන්ව නම් ජීවිතාන්තය දක්වා හිරේට යවන්න ඕනෙමයි.

:       0       1

Gamini Hewa Monday, 09 September 2019 06:17 PM

මහා චුන්ද බොජ්ජංග සූත්‍රය කියා බුදුහිමියන් ද, මහා කස්සප බොජ්ජංග සූත්‍රයෙන් කාශ්‍යප මහ රහතන්වහන්සේ ද, මහා මොග්ගල්ලාන බොජ්ජංග සූත්‍රයෙන් මුගලන් මහ රහතන්වහන්සේ ද සුවපත් වූ සේක.බුදුහිමියෝ පිරිනිවන් පාන්නට වඩින ගමනේදී, බඩේ අමාරුව සමාපත්ති බලයෙන් යටපත් කරගත් සේක.(සාමාන්‍යයෙන් බුදු, පසේබුදු, මහරහත් උත්තමයන් වහන්සේලා තමන්ගේ රෝග සුවකර ගැනීමට, තමන්ගේ ප්‍රශ්ණ විසඳා ගැනීමට තමන්ගේ මානසික ශක්තීන් යොදාගන්නේ නැත.) මෛත්‍රී භාවනාවෙන් ප්‍රථම ධ්‍යානය ලබාගත් අයට ද අනුන්ගේ රෝග සුවකළ හැක.එතැන සංවිධායකයින් බෞද්ධයින් වන අතර එතැනදී පැමිණි සියලු දෙනා සාමූහිකව මෛත්‍රී භාවනාව කරති. එක ම භාවනාව සාමූහිකව කිරීමේදී ජනිත වන ශක්තිය ඉතා අධික ය. එතැනට එන්නේ වෛද්‍ය ප්‍රතිකාර කර සුව නොවූ අය ය. බුදුදහමට බොහෝ යටි උගුල් අදින නිසා, කෑම වලට හොරෙන් වස දැම්මා ද දන්නෙත් නැත. බොහෝ වේලාවක් අව්වේ එළිමහනේ සිටින විට ද රෝග උත්සන්න වීමට බොහෝ ඉඩ කඩ තිබේ. මේ ගැන හදිසි නිගමන නොගෙන, පරීක්ෂණ කළ යුතු ය.

:       1       1032

gunasiriTuesday, 10 September 2019 02:27 PM

ඔබේ අදහස ඉතා අගනේය. මුලින් පණ්ඩිත ස්වරුපයෙන් වල් පල් ලියා ඇති බමුණු ආරච්චිට ඔබේ සටහන ඇස ගැසේවායි පතමි.

:       0       0

vidya Wednesday, 11 September 2019 05:47 PM

අද ලොව බුදුන් වහන්සේ නැත. රහතුන් වහන්සේලා නැත. මිනිසා විසින් මිනිසාව යටහත් කිරීමට, බිය ඇති කිරීමට දෙවියෙක් සහ දෙවිවරු හිතෙන් මවාගෙන සිටිති. අද්භූත දේවල් වල එල්ලිලා සිටිති. මිනිසාට දෙයක් කළ හැක්කේ සානුකම්පිත මිනිසෙකුට සහ ගැහැණියකුට පමණකි. සැතපුම් සියගණන් ගෙවා දුකට පත් මිනිසුන් ගෙන්වාගෙන කරන පීඩාවෙන් මෙවැනි මරණ සිදුවිය හැකිය. මෙවැනි දේශනා පටන්ගත්තේ බටහිර මුකරි, කතාවට දක්ෂ පූජකයන් කියාගන්න මිනිසුන් විසිනි. ඇමරිකාවෙහි සහ ඉන්දියාවෙහි මෙවැනි පූජකයින් කියාගන්න මිනිසුන් විශාල ධනවතුන් විය. අන්තිමට මේවාට ගිය මිනිසුන් අගාධයටම පත්විය. මිනිසුනේ මේවා පස්සෙන් යන්න එපා.. ඉතින් අපේ රටේ බෞද්ධ නායකයින් ඉන්දියාවේ දේවාලවල උඩුකය වසන්නේ නැතිව කෝවිල්වල බිම ඉඳගෙන ලැජ්ජා නැති වැඩ කරති. තව මොනවද කතා කරන්න තියෙන්නේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 323 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 677 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 827 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 454 2

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 519 2

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


ඇමෙරිකා කෘෂි උප ලේකම් ජනපති හමුවෙයි
2024 අප්‍රේල් මස 26 180 0

ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1729 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site