IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


අත්තන්ගනේ රතනපාල නාහිමි රාමඤ්ඤ මහා නිකායේ අධිකරණ නායක ධුරයට

(මීරිගම විශේෂ පුෂ්පකුමාර මල්ලවආරච්චි)
   
ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ කාරක සංඝ සභාව විසින් තඹුත්තේගම සමාධි බෞද්ධ මධ්‍යස්ථානාධිපති මහාචාර්ය, රාජකීය පණ්ඩිත අත්තන්ගනේ රතනපාල නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ අධිකරණ නායක පදවියට  පත්කරනු ලැබීය.

අධිකරණ නායක පදවිය දැරූ මිනීඔළුව විද්‍යාවාස පිරිවෙන් විහාරාධිපති මකුලෑවේ විමල නාහිමියෝ එම පදවියෙන් ඉවත් වීම  නිසා ඇතිවූ මේ පුරප්පාඩුවට රත්නපාල නාහිමියෝ පත් කරනු ලැබූහ.

උන් වහන්සේ මෙතෙක් අධිකරණ ලේඛකාධිකාරි ධූරය දැරූහ.

1988 සිට ප්‍රාදේශීය සංඝ සභා ලේකම්වරයෙකු ලෙස ද, 1993 සිට වසර 27ක් කාරක සංඝ සභිකවරයෙකු වශයෙන්ද ජෙට්ඨානුවිජ්ජක, උපරිමානුවිජ්ජක,  ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය සාමාජිකයෙකු වශයෙන්ද ප්‍රතිපත්ති සංවර්ධන සභා ලේඛක, ශාසනික ගැටළු කළමනාකරණ කමිටුවේ ප්‍රධාන සංවිධායක, නිකායාභිවෘධිය සඳහා පත් කළ විවිධ කමිටුවල සාමාජිකයකු වශයෙන්ද අධිකරණ ලේඛකාධිකාරින් වහන්සේ වශයෙන්ද, නිකායාභිවෘද්ධිය හා ශාසන චිරස්ථිතිය වෙනුවෙන් සුවිශාල සේවාවක් සිදුකර ඇති  හිමිනමකි.

විහාරස්ථාන 25ක් ඇති කළ උන්වහන්සේ 120 නමක් පමණ ශිෂ්‍ය පිරිසක් ඇතිකළ ආචාර්යවරයාණන් කෙනෙකු ද වෙයි.

කුඩා කලම ප්‍රාචීන භාෂා ශාස්ත්‍ර හදාරා ශ්‍රී ලංකා ප්‍රාචීන භාෂෝපකාර සමාගමේ රාජකීය පණ්ඩිත උපාධිය 1976 ලබාගත් උන්වහන්සේ 1974 වර්ෂයේ පැවති උපසම්පදා පරීක්ෂණයෙන් ද 1978 පැවති නිකායේ ත්‍රිපිටක විශාරද පරීක්ෂණයෙන්ද ප්‍රථම ස්ථානය ලබා සමත්ව ඇත.



අදහස් (1)

අත්තන්ගනේ රතනපාල නාහිමි රාමඤ්ඤ මහා නිකායේ අධිකරණ නායක ධුරයට

කමල් Sunday, 27 September 2020 01:41 AM

ඔය කියන අධිකරණ නායක පදවියේ වගකීම් මොනවාද, කෙරෙන කටයුතු මොනවාද?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අපරාධ වලින් ඉපැයූ සල්ලි අය කර ගන්න නීති
2024 අප්‍රේල් මස 26 152 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග විස්තීරණ ණය පහසුකම ලබා ගැනීම සඳහා එළැඹ ඇති ගිවිසුම අනුව 2014 වර්ෂය වන විට වත්කම් අය කර ගැනීම සම්බන්ධයෙන් පරිපූර්ණ නීතියක් හ


ගිණුම් වලින් සල්ලි අදින හොර කල්ලියක්
2024 අප්‍රේල් මස 26 411 0

ජංගම ගිණුම් සහ ඉතිරි කිරීමේ ගිණුම් හරහා ඔන්ලයින් ගනුදෙනු කරන අයගේ ගිණුම් වලින් මුදල් අදින ජාවාරමක් දැනට සතියක පමණ සිට ක්‍රියාත්මක වෙමින් තිබෙන බව පො


මත්තල ගුවන්තොට ඉන්දියාවට - රුසියාවට
2024 අප්‍රේල් මස 26 910 0

මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළෙහි කළමනාකාරීත්වය රුසියා සහ ඉන්දියා සමාගම් දෙකකට බාරදීම සඳහා කැබිනට් අනුමැතිය ලබා දී ඇත.


බලශක්තියට නව නියාමන ආයතනයක්
2024 අප්‍රේල් මස 26 185 0

බලශක්ති අංශය සඳහා නව නියාමන ආයතනයක් හඳුන්වා දීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


බාල සහල් ගැන සජිත්ගෙන් පැමිණිල්ලක්
2024 අප්‍රේල් මස 26 232 0

රටේ ඇතැම් ප්‍රදේශවලට බාල සහල් බෙදා දීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන්නැයි රජයෙන් ඉල්ලීමක් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිම


පාර්ලිමේන්තු පක්ෂ නායක රැස්වීමක් කැඳවයි
2024 අප්‍රේල් මස 26 659 0

පාර්ලිමේන්තු කටයුතු කාරක සභාවේ විශේෂ රැස්වීමක් අද (26) දහවල් 11ට කැඳවන බව නියෝජ්‍ය කතානායක රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 334 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1719 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1558 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site