IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


අත්තනගල්ල ව්‍යාපාරිකයා ඝාතනයේ සුලමුල හොයන්න මහජන සහය ඉල්ලයි

(පුෂ්පකුමාර මල්ලවආරච්චි )

අත්තනගල්ල රජමහා විහාරය අසල පසුගිය 21 වැනිදා පැවති  සංගීත සංදර්ශනයකට කඩාවැදී  වෙඩි තබා ව්‍යාපාරිකයකු මරා දමා ගැබිණි කතක ඇතුළු  සිව්දෙනෙකුට බරපතල තුවාල කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු හඳුනා ගැනීමට නිට්ටඹුව පොලිසිය මහජන සහාය පතයි.

මෙහිදී වෙඩි තබා පලාගිය සැකකරුවන් සම්බන්ධයෙන් ඇසින් දුටු සාක්කිකරුවන් ලබාදුන් තොරතුරු අනුව සැකකරුවන්ගේ හැඩරුව චිත‍්‍රයට නගා අද (26)   නිට්ටඹුව පොලිසිය විසින් මාධ්‍ය වෙත නිකුත් කරනු ලැබීය.

මෙම වෙඩි තැබීමෙන්  බියගම හෙයියන්තුඩුව දේවමිත්ත පෙදෙසේ පදිංචිව සිටි  මීගම ආරච්චිලාගේ රත්න දෙවප‍්‍රිය (37) නැමැති අත්තනගල්ල හුණුපොල ප‍්‍රදේශයේ වැලි හා පස් ව්‍යාපාරයක් පවත්වාගෙන ගිය අයෙකු මියගිය අතර තුවාලකරුවන් තවදුරටත් ප‍්‍රතිකාර ලබමින් පසුවේ. 

මියගිය ව්‍යාපාරිකයා අත්තනගල්ල රජමහා විහාරස්ථානය අසල  රථ ගාලක ජිප් රිය අසල සිටියදී වෙඩි ප‍්‍රහාරයට ලක්වුණු අතර මුදල් අරාවුලක් මත ඇතිවූ විරසකයක් හේතුවෙන් ව්‍යාපාරිකයා මරා දැමීම සදහා මෙම වෙඩි ප‍්‍රහාරය එල්ල කර ඇති බව මූලික පරීක්ෂනවලදී හෙළි වී ඇත.

 ඇසින් දුටු සාක්කිකරුවන් ලබාදුන් තොරතුරු අනුව  එක් සැකකරුවෙක් අවුරුදු 40-50 ත්   අතරවේ. කොණ්ඩය රැලි සහිත වන අතර හිස පිටුපස කොණ්ඩය බොකුටු සහිත මහත පුද්ගලයෙකි.

අනෙක් සැකකරු වයස අවුරුදු 30 - 32 අතර මුහුණ දිගැටි සුදු පැහැති උස අඩි හයක් පමණ වන පුද්ගලයෙකු බවට හදුනා ගත් බව  නිට්ටඹුව පොලීසිය පවසයි.

මේ පුද්ගලයින් දෙදෙනා පිළිබඳව යම් තොරතුරක් වෙතොත් ළඟම ඇති පොලීසියට ,නිට්ටඹුව පොලීසියේ 033-2287224 දුරකථන අංකයට  හෝ 033-2287225 සහ 0718591623 අංකවලින් නිට්ටඹුව මූලස්ථාන ප‍්‍රධාන පොලීස් පරීක්ෂක ප‍්‍රධාන පොලිස් පරීක්ෂක නලිින්ද දිලූරුක් මහතාට දන්වන ලෙද පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටී.

මෙම අපරාධය සම්බ්න්ධයෙන් ප‍්‍රධාන සැකකරු බවට සැලකෙන පාතාල කල්ලි සාමාජිකයකු බව කියන චාමර නැමැත්තාගේ බිරිය ඇතුලූ තිදෙනෙකු  අත්අඩංගුවට ගෙන රිමාන්ඩ්  කර ඇත.



අදහස් (2)

අත්තනගල්ල ව්‍යාපාරිකයා ඝාතනයේ සුලමුල හොයන්න මහජන සහය ඉල්ලයි

Asanka Thursday, 26 April 2018 08:12 AM

ලස්සනට ඇඳල තියනවා. පලා ගියා කියන්නේ ගිය වාහනයක අංකයක් එහෙම නැත්ද , සංගීත සංදර්ශනය අවස්ථාවක පොලිසිය මුර සංචාරයේ නැත්ද ,

:       0       25

Appuhami Thursday, 26 April 2018 08:00 PM

අසංක ඔයාට ඕකවත් තේරෙන්නේ නැද්ද.?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 462 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 914 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 1080 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 610 2

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 620 2

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


ඇමෙරිකා කෘෂි උප ලේකම් ජනපති හමුවෙයි
2024 අප්‍රේල් මස 26 213 0

ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1730 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site