IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


අඩුආදායම්ලාභී පාසල් සිසුන්ට වියළි ආහාර සලාකයක්

(ඩයනා උදයංගනී)
 
අඩු ආදායම්ලාභී පාසල් සිසුන්ට පෝෂ්‍යදායී ආහාරවේලක් ලබාදීමේ රජයේ වැඩපිළිවෙල යටතේ ආහාරවේලක් හිමි සිසුන් ලක්‍ෂ 12කට පසුගිය මාස දෙකක කාලය වෙනුවෙන් වෙන් කළ යුතු මුදලින් වියළි ආහාර මල්ලක් ලබාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
 
කොරෝනා වසංගත තත්ත්වය හමුවේ මාස දෙකක් පාසල් නොපැවැත්වීම නිසා මෙම සිසුන්ට එම ආහාර වේල නොලැබුණු බැවින් රුපියල් 965 ක වටිනාකමකින් යුත් වියළි ආහාර මල්ලක් මෙලෙස ලබාදීමට අනුමැතිය හිමිවූ බව සම කැබිනට් ප්‍රකාශක වැවිලි කර්මාන්ත සහ අපනයන කෘෂිකර්ම ඇමති රමේෂ් පතිරණ මහතා පැවසීය
 
ඒ අනුව සමූපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව හරහා බිත්තර 10, සමපෝෂ ග්‍රෑම් 200 පැකට් 6ක්, බිස්කට් ග්‍රෑම් 75 පැකට් 3ක්, සහල් නූඞ්ල්ස් පැකට්ටුවක් සහ කව්පි හෝ කඩල කිලෝවක් සහිත ආහාර මල්ලක් මෙම දරුවන්ට ඉදිරි කාලයේදී ලබාදෙන බව ද රමේෂ් පතිරණ මහතා සඳහන් කළේය.
 
අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස ඩලස් අලහප්පෙරුම මහතා ඉදිරිපත් කළ යෝජනාවකට මෙම අනුමැතිය හිමිවූ බව ද ඇමතිවරයා කීවේය.ඇමතිවරයා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (28) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමිනි. 
 



අදහස් (8)

අඩුආදායම්ලාභී පාසල් සිසුන්ට වියළි ආහාර සලාකයක්

ravin Thursday, 28 May 2020 12:37 PM

ගුණ්ඩු...!!! ඡන්ද ගුණ්ඩු...!!! ආණ්ඩුවේ සේවකයින්ගේ පඩි නඩි ගෙවාගන්න බැරුව කොහොමද මේවා කරන්නේ...? අහුවෙන්න එපා....

:       59       366

karuThursday, 28 May 2020 05:07 PM

දෙන දේවල් ඔක්කොම ගන්න. ඡන්දය දෙන්නම් කියලත් කියන්න. නමුත් අන්තිමේදී ඡන්දය අනිත් පැත්තට දෙන්න.

:       0       1

Kamal Thursday, 28 May 2020 01:13 PM

අන්තවාදීන් පැටව් ගහන්න තවත් උදව් කරන්න නිකන් දීලාම. 20, 30 ඉන්නවනේ එක පවුලක... දුප්පත් මිනිස්සුන්ව පොහොසත් කිරීමට වැඩක් කරන්නේ නැහැ.. දුප්පත්කම වැඩි කරමින් සහනාධාර බෙදනවා ඡන්ද ගන්න එච්චරයි පුළුවන්...

:       0       0

Nishantha Thursday, 28 May 2020 01:30 PM

ගොඩක් හොඳ වැඩක්...

:       1       0

නන්නාදුනන හාදයා Thursday, 28 May 2020 03:08 PM

වහලුනි, මෙන්න නුඹලාට වශීතෙල් ගාපු ආහාර මල්ලක්... ඕක අරගත්තොත් ඡන්දෙන් පස්සේ නුඹලාට කන්න වෙන්නේ ඔය වියළි අාහාර දමා තිබෙන ගෝනිය පමණයි.

:       0       0

Champa Thursday, 28 May 2020 04:21 PM

හුඟක් හොඳ තීරණයක්...

:       1       0

gunda Thursday, 28 May 2020 04:48 PM

ගෝඨාභය මහත්මයාට ලණු දෙන හෝ ලණු කවන පිරිසක් ආණ්ඩුවේ හෝ උපදේෂන සේවා තුළ ඉන්නවා. උදා; 1. පරිප්පු 65/- සහ සැමන් 100/- කිරීම හා අවලංගු කිරීම. 2. සහල් වල පාලන මිල ඉවත් කිරීම 3. ආහාර ද්‍රව්‍ය ගණනාවක් සඳහා මේ වෙලාවේ ආනයන බදු ඉහල දැමීම. 4. IOC තෙල් මිල වැඩි කිරීම 5. සහනාදාර දියයුතු අය හඳුනා නොගෙන 5000/- බෙදාදීම. 6. පුද්ගලික බස් මාෆියාව ඉදිරියේ මුනිවත රැකීම. 7 අන්තවාදීන් හා මහා බැංකු මංකොල්ලකරුවන් තවමත් යහතින්.. එහෙම ඉදිරියටත් වුනොත් 69" ගේ බලාපොරොත්තු ඉටුවේවිද? ලාංකිකයින්ට තිබෙන අවසාන හා එකම අවස්ථාව...

:       0       1

kamal Friday, 29 May 2020 04:01 AM

හැමදාම පීඩිත පන්තිය, පීඩිත පන්තිය ලෙසම තබා ගැනීම ඉතාම වැදගත්. හදිස්සියකට පෝස්ටරයක් අලවා ගන්න, ගේකට ගල් ගහන්න... කාට හරි හූ කියන්න, මැයි දිනේට දක්කන්න අපේ බේබිලාව යවන්න බැහැනේ...

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

තැනින් තැනට අදත් ගිගුරුම් සහිත වැසි
2024 අප්‍රේල් මස 26 49 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වලට අද පස්වරු 2.00 පමණ පසු තැනින් තැනට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කිය


හොර දොස්තර රෝහලට ආ දරුවාගේ පංචායුදය උස්සලා
2024 අප්‍රේල් මස 26 454 0

කකුලේ ඇතිව තිබූ තුවාලයකට ප්‍රතිකාර ගැනීමට කුලියාපිටිය ශික්ෂණ රෝහලට පෙරේදා (24) මවත් සමග පැමිණ සිටි දරුවකු පැළඳ සිටි රුපියල් තුන් ලක්ෂ අසූ දෙදහසක් පමණ වට


රෝහ‍ල් කුස්සියේ බඩු උස්සා මිනී කාමරේ හංගලා: කෝකියා දැලේ
2024 අප්‍රේල් මස 26 445 0

කෑගල්ල මහ රෝහලේ අරක්කැමි (කොකියා) රුපියල් හාර දහස් අසු දෙකක් වටිනා කරවල, අලුත් මාළු හා අර්තාපල් සොරාගෙන යමින් සිටියදී රෝහල් අධ්‍යක්ෂවරයාට හසුවූ බව කිය


එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 262 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 485 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 2442 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 326 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1552 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site