IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


අග්නිදිග තාක්ෂණ පීඨ සිසුහු සරසවිය අතහැර කොළඹ එති

තරිඳු ජයවර්ධන

අග්නිදිග විශ්ව විද්‍යාලයේ පරිපාලනයෙන් වසරක් තිස්සේ තමන්ට සාධාරණයක් නොවන නිසා එම විශ්ව විද්‍යාලය හැර දා කොළඹට පැමිණීමට තාක්ෂණ පීඨයේ දෙවැනි වසර ශිෂ්‍ය ශිෂ්‍යාවන් තීරණය කළ බව ඔළුවිල් තාක්ෂණ පිඨ ශිෂ්‍ය එකමුතුවේ ප්‍රකාශකයෙක් ලංකාදීපයට පැවසීය.

ඒ අනුව තාක්ෂණ පීඨයේ  සිසුහු අද (17) රාත්‍රී එම විශ්ව විද්‍යාලයෙන් පිටත්වූහ.

තාක්ෂණ පීඨයේ දිගින් දිගටම සිටියත් සිසුන්ට සාධාරණයක් නොවන නිසා විශ්ව විද්‍යාලය හැරදා කොළඹ පැමිණීමට තීරණය කළ බව ද එම ප්‍රකාශකයා පැවසීය.

අග්නිදිග විශ්ව විද්‍යාලයේ තාක්ෂණ පිඨයේ පළමු වසර ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේද සභාගීත්වයෙන් අද (17) දහවල් කෑම විවේකයේදී විශ්ව විද්‍යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක් සිදු කිරීමට නියමිතව තිබුණත් කෑම විවේකයේ ද විශ්ව විද්‍යාල සිසුන් රඳවාගනිමින් ඔවුන්ට පිටතට පැමිණීමට නොහැකි වන සේ ගේට්ටු වසා දමා තිබුණු බව සිසුහු කියති.

තාක්ෂණ පීඨයේ සිසුන් 21 දෙනකුට එරෙහිව ඊයේ (16) විනය ක්‍රියාමාර්ග ගැනීමට විශ්වවිද්‍යාල පාලනාධිකාරිය කටයුතු කර තිබිණි. විනය ක්‍රියාමාර්ග ගත් සිසුන් ඉවත් කිරීමට පොලු හා වෙනත් උපකරණ රැගෙන ගොස් විශ්ව විද්‍යාල ආරක්ෂක අංශය තර්ජනය කළ බව කියමින් සිසුහු පිරිසක් අද (17) පොලිසියට පැමිණිල්ලක් ද කළහ.

සිසුන්ට විනය ක්‍රියාමාර්ග ගැනීමට ආසන්න හේතුව පළමු වසර සිසුන් සමඟ බෝධිපූජා පින්කමක් සූදානම් කිරීම බව සිසුහු කියති. විශ්ව විද්‍යාල ප්‍රකාශකයෙක් පැවසුවේ එම චෝදනාව ප්‍රතික්ෂේප කරන බවයි.

මේ අතර එම සරසවියේ කළමනාකරණ පීඨයේ සිසුන් ද තාක්ෂණ පීඨයේ සිසුන්ට සහාය දක්වමින් අද (18) කොළඹට පැමිණ විරෝධතාවයක නිතර වන බව ශිෂ්‍ය නියෝජිතයෝ කියති.

ලංකාවේ විශ්ව විද්‍යාලයක ආරම්භ කළ පළමු තාක්ෂණ පීඨය අග්නදිග සරසවියේ තාක්ෂණ පීඨයයි. එහි මුල්ම ශිෂ්‍ය කණ්ඩායම දැන් දෙවැනි වසරේ ඉගෙනුම ලබන අතර විශ්ව විද්‍යාල පරිපාලනය සහ සිසුන් අතර ඇතිවූ අර්බුදයට නිසා ඔවුන්ට සෙමෙස්තර විභාග දෙකක් ද මගහැරී තිබේ.



අදහස් (5)

අග්නිදිග තාක්ෂණ පීඨ සිසුහු සරසවිය අතහැර කොළඹ එති

Thushan Tuesday, 17 July 2018 06:22 PM

සංහිඳියාවනේ...

:       0       0

chandana Tuesday, 17 July 2018 07:12 PM

ඔන්න අපි බලාපොරොත්තු වුනු ජාතින් අතර සහජීවනේ. රටම දන්නා විදියට කිසිඳු සිංහල සිසුවෙකුට එම විශ්වවිද්‍යාල පාලනාධිකාරිය විසින් බෞද්ධ හෝ කතෝලික ආගම හෙවත් තමන්ගේ ආගම ඇදහීමට කිසිඳු අවසරයක් ලබා දෙන්නේ නැත. ඒත් ඔය දෙයම රටේ සිංහල ප්‍රදේශයක වුණා නම්? එනම් මුස්ලිම් ඔවුන්ගේ ආගම අදහන්න ඉඩක් නොදුන්නානම්..? එහෙනම් ඉස්සෙල්ලාම පාරට බහින්නේ අපේ ඊනියා, සිංහල සහජීවන කරුවන් ටික... අනේමන්දා මේක ජාතියේ නිවටකමද? ශ්‍රේෂ්ඨකමද කියලා තේරුම් ගන්න බැහැ

:       1       0

සනත් Tuesday, 17 July 2018 07:36 PM

සාකච්ඡා මාර්ගයෙන් ප්‍රශ්න විසඳාගැනීම හැර වෙන කිසිම ක්‍රමයක් නැත.

:       0       0

sunanda Wednesday, 18 July 2018 03:10 AM

...වැඩේ පැහැදිලියි නේද .....සහජීවනේ...සහජීවනේ...

:       1       8

කොඩ්ඩා Wednesday, 18 July 2018 03:47 AM

බදියුදීන්, පිරිභාකරන්ට වඩා පිළිලයක් වෙන්න යන්නේ ...

:       1       7

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 152 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 349 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 399 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 281 2

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 388 2

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


ඇමෙරිකා කෘෂි උප ලේකම් ජනපති හමුවෙයි
2024 අප්‍රේල් මස 26 137 0

ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1727 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site