IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


අගමැතිකම ගන්න කියලා මටත් කිව්වා

(අංජුල මහික වීරරත්න)

බලය ලැබුණු දේශපාලකයින් හැප්පිය යුත්තේ තමන්ගේ නායකයන් සමඟ නොව දුප්පත්කම තුරන් කිරීම සඳහා යැයි එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා මාධ්‍ය හමුවකදී අද (07) පැවැසීය.

පාලක පරපුර හැසිරෙන්නේ කෙසේදැයි කුඩා දරුවන් පවා බලා සිටින හෙයින් සෑම ක්‍රියාවකදීම ප්‍රතිපත්තිගරුක වී නිසිලෙස හැසිරෙන්නට වගබලාගත යුතු  බවද ප්‍රේමදාස මහතා කීය.

අග්‍රාමාත්‍ය ධූරය බාර ගන්නැයි ජනපති ආරාධනා කළාද? ඊට පිළිතුරු ලෙස නායකතුමා සමඟ හැප්පෙන්නට නොහැකි යැයි ජනපතිට පැවැසුවාදැයි මාධ්‍යවේදියකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් සජිත් ප්‍රේමදාස මහතා මේ බව කීය.

තමාට අගමැති ධූරය බාරගන්නැයි ජනාධිපතිවරයා පැවැසූ බව කී ප්‍රේමදාස මහතා අර්බුදයක් මුල් කරගෙන පෞද්ගලික වාසි ගැනීම තම අරමුණ නොවූ බවද පැවැසීය.

‘‘අපි බලයට පත් වුයේ සම්මුතිය එකමුතු බව සහ යහපාලනය ක්‍රියාත්මක කරන්නයි මගේ අරමුණ වුයේ ජනපති සහ අගමැති එකට එකතු කරගෙන ගමනක් යාමයි.

ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ දේශපාලයේදී කටයුතු කළ යුත්තේ විධිමත් වැඩ පිළිවෙළක් යටතේයි.අප ප්‍රතිපත්තිගරුක විය යුතුයි අචාර ධර්ම පිළිගත යුතුයි.‘‘



අදහස් (16)

අගමැතිකම ගන්න කියලා මටත් කිව්වා

Ravi Wednesday, 07 November 2018 04:07 PM

ඒක හොදයි. අගමැතිකම හොරෙන් නීතියට පටහැනිව ලබා ගන්නවට වඩා

:       462       1057

රජින්ද Wednesday, 07 November 2018 04:18 PM

මෙතුමා හරියට නිවිලා තැන්පත්වෙලා වගේ යහපාලනය හොදයි කියලා නොකියා කිව්වට, යහපාලානේ බෝඩ් එක ගහගෙන කරපු සහ ගත් වැරදි තීරණ නිසා රටට වෙච්ච දේවල් ගැන වචනයක්වත් කියන්නේ නැහැ. අද රටට අවශ්‍ය පක්ෂග්‍රාහී නොවී මුළු රටම ගැන එකම විදිහට හිතන්න පුළුවන් අයෙක්වයි.

:       231       474

BamunuarachchiThursday, 08 November 2018 12:35 AM

පනින්න ඕනේ කියන අදහසක් හිත ඇතුලේ තිබෙන බව පෙනෙන්නේ නැද්ද?

:       140       31

athuraThursday, 08 November 2018 03:24 AM

දැන් ඔබතුමා කියන විදිහට ජනාධිපතිතුමා හිටියේ යහපාලන බෝඩ් එක යට නෙමෙයිද? එකෙන්ම පේනවා මෙතුමා බල පෙරේතයෙක් නොවෙන වග.

:       15       113

Bamunuarachchi Wednesday, 07 November 2018 04:44 PM

ඕවා ඔච්චර ගණන් ගන්න එපා.

:       133       61

Hafeel Wednesday, 07 November 2018 04:52 PM

ලැබුණු අවස්ථාව ප්‍රතික්ෂේප කරලා, එක් එක්කනාට දොස් කියලා හරියන්න නැහැ. ඔබ නායකයාට ගරු කලාට, එයා ඔබට අවස්ථාවක් දෙන්න නැහැ. දැන්වත් රට ගැන හිතලා වැඩේට බහින්න.

:       431       411

Rata Perata Wednesday, 07 November 2018 05:40 PM

ඉතා හොඳ තීරණයක්.

:       287       295

SATHYA LIYANAGE Wednesday, 07 November 2018 06:11 PM

මේ අවස්තවේ ඔබේ යුතුකම සහ ප්‍රධාන වගකීම වන්නේ පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් සමග එකට සිටීමය. එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ක්‍රියාකලාපය පාක්ෂිකයන් අගයකරනු ඇත. කතානායකතුමාගේ ක්‍රියා කලාපයත් අගයකරමු.

:       1461       2317

suddaThursday, 08 November 2018 12:15 AM

සජිත්ගේ ක්‍රියාව අනුමත කරමු. ඔහු නායකයාට පිටිපස්සෙන් පිහියෙන් අනින්නේ නැත.

:       61       162

vipula Thursday, 08 November 2018 02:46 AM

රට ගැන හිතන්න එපැයි නායකයා ගැන හිතන් නැතුව.

:       1       92

ATHULA BANDARA Thursday, 08 November 2018 03:23 AM

මම කවදත් ඔබතුමා අගය කරනවා. මේ වෙලාවේ ඔබ නිශ්ශබ්දව ඉන්න. වැඩි දවසක් යන්න කලින් මේ සියලු දෙනාම ඔබ ලගට එනවා. ඔබතුමා, නවින් දිස්සනයක. හරින් ප්‍රනන්දෝ, රුවන් විජේවර්ධන, බුද්දික පතිරණ, හොද නායකයෝ. මම ඔබලාට සුබ පතනවා හොද අනාගතයකට.

:       25       57

දිලුම් Thursday, 08 November 2018 03:32 AM

මෙතන එක එක්කෙනාගේ ක්‍රියා කලාප අගය කරලාවත් පක්ෂ ආරක්ෂා කරලවත් වැඩක් නෑ. දවසින් දවස රට වලපල්ලටම යනවා රටේ ආරක්ෂාවක් නෑ අපේ ළමයින්ට අනාගතයක් නෑ රටේ ඉන්න පුළු පුළුවන් හැම කෙනාම රට අත්හැරල යනවා අන්තිමට මෝකවත් කරගන්න බරි මිනිස්සු ටික ඉතුරු වෙයි. ඔබලා පක්ෂ කිය කිය නාඩගම් නටනවා. මොනව කලත් අපේ අහිංසක දරුවන්ගේ අනාගතය කබාසිනියා කරන්න ඔබලාට අයිතියක් නෑ අද ඉපදුන හා ඉපදෙන්න ඉන්න දරුවන් පවා ඔබලාගේ තීරණ වල පවු ගෙවන බව මතක තියා ගන්න. මේ රට තවත් අප්‍රිකානු දේශයක ලක්ෂණ පෙන්වමින් තිබෙන බවයි මටනම් පේන්නේ. වෙනස කියල යහපාලනේ තෝරාගෙන අපි පොට වරද්දා ගත්තා. ඒකෙන් රටේ බාගයක් විනාශ වෙලා කැලෑ ටික පවා කාන්තාර වුනා අන්තිමට අපිට බොන්න තියන වතුර බින්දුවත් නැතිකරල තමයි මේ රටේ දේශපාලකයො කියන කට්ටිය නවතින්නේ. කොටින්ම අපිට ඔබලාගේ පක්ෂවලින්වත් වැඩක් නෑ. අපිට ඔන මේ කරුමයෙන් ගාල්වීමක් පමණි. එය කල හැක්කේ පඹයෙකුටද අපි ඌට හෝ ඡන්දය දී මේකෙන් ගැලවීමට බලා සිටින්නෙමු.

:       51       372

shan saudi Thursday, 08 November 2018 07:00 AM

මෙතුමාගේ ක්‍රියා කලාපය සිරිසේන ජනපතිටත් හොඳ ආදර්ශයක් එදා 2014 නොවැම්බර් මස තමන්ට අගමැතිකම නුදුන්නු නිසා පක්ෂයට ද්‍රෝහිවූ මෙතුමා අද තමන්ගේ බලය යොදවා මෙවන් ඉල්ලීමක් කල විට ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලකයෙක් ලෙස ඔහු ප්‍රතික්ෂේප කිරීම ඉහලින් ගරු කරමි. තවද එදා අගමැති කම නොලැබීමෙන් පිල් මාරු කල සිරිසේන ජනපති අද එන ජනපතිවරණයේ නව ජනපති අපේක්ෂකත්වය නොලැබෙන බව දැනගත් විගස මෙලෙස යලිත් සුපුරුදු පිල් මාරුව කිරීම අරුමයක් නොවේ "අතීතයේ පැරන්නක් කී කතාවක් අනුව අත්තෙන් ඇත්තට පනින කුරුල්ලා තෙමී නසී " යන කතාවේ අරුත නුදුරීදීම සනාථ වනු ඇත.

:       0       0

maaraya Thursday, 08 November 2018 07:39 AM

රටේ මහජනයා කිසිම අවබෝධයකින් ජීවත් වෙන්නේ නැති බව තමයි පෙනෙන්නේ. කලින් ආණ්ඩුව කරගෙන ගිය අය මිනිස්සු මෝඩයට ඇඳගෙන රටේ දේවල් වික්කා. මතකනේ සීනි කම්හල, නකල්ස් කන්ද, මත්තල වී දාපු එක. මේවා ඔක්කොම මිනිස්සු අන්දන්න ගොතපු කතා. එකම දේශපාලකයෙකුටවත් කඩේ යන්න එපා. තමන්ට කඩේ ගිහින් තමන්ගේ බඩුමල්ල පුරවාගන්න. මොකද ඔය එක කෙනෙක්වත් සතයක්වත් දෙන්නේ නැහැ ඕනවෙලාවක....

:       0       0

Bamunuarachchi Thursday, 08 November 2018 10:15 AM

නොදන්නා නොත්රෙන මගුල් කොරන්න ගිහිල්ලා තිබෙන අමතිකම්ටත් කෙලවාගන්නේ මොකටද කියා හිතුනා නේද?

:       0       0

Nimal Thursday, 08 November 2018 12:10 PM

ඇත්ත තමයි , නායකයා ගැන නොවෙයි රට ගැනයි හිතන්න තිබේ ,.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 372 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 781 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 940 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 525 2

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 560 2

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


ඇමෙරිකා කෘෂි උප ලේකම් ජනපති හමුවෙයි
2024 අප්‍රේල් මස 26 197 0

ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1729 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site