IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


අක්කාට- මස්සිනාට-දරුවාට පහරදුන් මල්ලී රිමාන්ඩ්

ඩී.ජී.සුගතපාල

රාත්‍රි ආහාරය ප්‍රමාද විම නිසා යාබද නිවසේ පදිංචි අක්කාටත් මස්සිනාටත් ඔවුන්ගේ හය හැවිරිදි දියණියටත් පොල්ලකින් පහරදි තුවාල සිදු කළැයි සැකකරුවෙකු ජූනි 8 වනදින දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කර සැකකරුගේ මානසික වෛද්‍ය වාර්තාවක් කැඳවිමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා අද (31) නියෝග කලේය.

මෙසේ රිමාන්ඩ් බන්ධනාගාර ගත කරනු ලැබුවේ තල්පෙ කහවැන්නගම පදිංචි ගාර්දිය හේවා වසම් කැළණියන්ගොඩ ගමගේ දිපාල් නමැති හතළිස් හැවිරිදි සැකකරුවෙකි.

තුවාල ලබා ඇති මව පියා සහ දියණිය කරාපිටිය රෝහල ඇතුලත් කර ඇති අතර තවමත් ඔවුන්ගෙන් ප්‍රකාශ ලබා ගැනිමට නොහැකි බවද පොලිසිය අධිකරණයට කියා සිටියේය.

පොලිස් හදිසි ඇමතුම් අංශයට ඊයේ රාත්‍රි අටට පමණ ලැබුන දුරකතන ඇමතුමක් පොලිස් නිලධාරින් එම ස්ථානයට ගොස් ඇති අතර ඒ වනවිට තුවාලකරුවන් කරාපිටිය රෝහලට ගෙන ගොස් තිබු අතර සැකකරු අත් අඩංගුවට ගෙන ඇත.

පොලිසිය කරන ලද මූලික පරික්ෂනවලදි අනාවරණයවි ඇත්තේ සැකකරු මානසික ආබාධයකින් පෙලෙන අතර ඔහුගේ බිරිඳ ඔහු හැරගොස් ඇති නිසා යාබද නිවසේ පදිංචි සොහොයුරිගේ නිවසින් ආහාර පාන ලබාදෙන බවය.

ඒ අනුව පෙරේදා රාත්‍රි ආහාරය ප්‍රමාදවිම හේතුවෙන් මෙසේ පහරදි ඇති බවද අනාවරණයවි ඇත.

හබරාදුව පොලිසියේ උප පොලිස් පරික්ෂක විමල් මහතා විසින් සැකකරු අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලදී.



අදහස් (2)

අක්කාට- මස්සිනාට-දරුවාට පහරදුන් මල්ලී රිමාන්ඩ්

පූජා . Sunday, 31 May 2020 08:42 AM

හය හැවිරිදි දියණියටත් පොල්ලකින් පහරදි තුවාල කරා නම් හිතක් පපුවක් නැත්තෙක් වෙන්න ඇති. අපේ රටේ සමහර මිනිසුන්ගේ සංවේදී බව මෙතරම් පිරිහිලා තියෙන්නේ ඇයිදැයි මට නම් හිතාගන්නවත් බැහැ. මේ වයසේ කුඩා දරුවෙක් මොනතරම් හුරතල් දරුවෙක් වෙන්න ඕනෙද ?

:       2       39

sugathSunday, 31 May 2020 09:50 AM

අද හැමදෙනාගේම ප්‍රමුඛත්වය වී ඇත්තේ මුදල් පස්සේ හඹා යෑමයි. මනුස්සකම, ගුණධර්ම වලට අද මිනිසුන්ගේ හිත් තුළ ඉඩක් නැහැ.

:       2       25

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කොළඹ සරසවියේ විරෝධය වළකන ඉල්ලීම විසිවෙයි
2024 අප්‍රේල් මස 26 1 0

කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඪ ශිෂ්‍ය සංගමය රජයට විරෝධය පළ කරමින් ලිප්ටන් වටරවූමේ සංවිධානය කරන විරෝධතා රැළිය වළක්වන තහනම් නියෝගයක් නිකුත් කරන්නැය


පාකිස්තාන යුවතියට ඉන්දියානුවකුගේ හදවතක්
2024 අප්‍රේල් මස 26 346 0

පාකිස්තාන 19 හැවිරිදි යුවතියකට ඉන්දීය ජාතිකයකුගේ හදවතක් සාර්ථකව බද්ධ කිරීමට චෙන්නායි වෛද්‍යවරුන් පිරිසක් සමත්වී තිබේ.


නොමිලේ දුන් හාල් මල්ල නරක්වෙලා‘යි පැමිණිල්ලක්
2024 අප්‍රේල් මස 26 211 0

රජය මගින් නොමිලේ ලබා දුන් හාල් ලබා ගත් හාලිඇල ප්‍රදේශයේ පුද්ගලයකු ට නරක්වු ආහාරයට ගැනීමට නුසුදුසු තත්ත්වයේ ඇති හාල් බෑගයක් ලැබුණු බව පවසමින් හාලිඇල ස


අපරාධ වලින් ඉපැයූ සල්ලි අය කර ගන්න නීති
2024 අප්‍රේල් මස 26 341 1

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග විස්තීරණ ණය පහසුකම ලබා ගැනීම සඳහා එළැඹ ඇති ගිවිසුම අනුව 2014 වර්ෂය වන විට වත්කම් අය කර ගැනීම සම්බන්ධයෙන් පරිපූර්ණ නීතියක් හ


ගිණුම් වලින් සල්ලි අදින හොර කල්ලියක්
2024 අප්‍රේල් මස 26 793 1

ජංගම ගිණුම් සහ ඉතිරි කිරීමේ ගිණුම් හරහා ඔන්ලයින් ගනුදෙනු කරන අයගේ ගිණුම් වලින් මුදල් අදින ජාවාරමක් දැනට සතියක පමණ සිට ක්‍රියාත්මක වෙමින් තිබෙන බව පො


මත්තල ගුවන්තොට ඉන්දියාවට - රුසියාවට
2024 අප්‍රේල් මස 26 1471 1

මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළෙහි කළමනාකාරීත්වය රුසියා සහ ඉන්දියා සමාගම් දෙකකට බාරදීම සඳහා කැබිනට් අනුමැතිය ලබා දී ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 334 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1720 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1558 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site