IMG-LOGO

2025 දෙසැම්බර් මස 02 වන අඟහරුවාදා


'හුනුවටය' නාට්‍යය උතුරේ දෙමළෙන් පෙන්වයි

20161115North-1යුද්ධයෙන් පසුව උතුරු, නැගෙනහිර ජනතාවට මුහුණදීමට සිදුවන එදිනෙදා ගැටලු හා එම ගැටලු ජයගන්නා ආකාරය ඇතුළත් 'හුනුවටය' සිංහල නාට්‍යය දෙමළ බසින් පරිවර්තනය කර 'වෙන්කට්ටි වට්ටම්' නමින් උතුරේ ස්ථාන කිහිපයක ප්‍රදර්ශනය කිරීමට පියවර ගෙන ඇතැයි ප්‍රවීණ නාට්‍ය නිෂ්පාදක පරාක්‍රම නිරිඇල්ල මහතා පැවසීය.

20161115North-7හෙතෙමෙ මේ බව පැවසුවේ, මේ දිනවල උතුරු පළාතේ ප්‍රදර්ශනය කෙරෙන 'හුනුවටය' වේදිකා නාට්‍ය‘යේ දෙමළ පරිවර්තනය වූ ‘වෙන්කට්ටි වට්ටම්' නාට්‍ය ප්‍රදර්ශනය වූ අවස්ථාවකට සහභාගි වෙමිනි.

සාමය තේමාව කරගත් නාට්‍යයක් නිෂ්පාදනය කර එය උතුරු පළාතේ ප්‍රදර්ශනය කර සංහිඳියාව ගොඩනැගීමට උත්සාහ දැරීමකට වඩා එම පළාත්වල ජනතාවගේ හදවතට සමීප සිංහල නාට්‍යයක් දෙමළට පරිවර්තනය කර ප්‍රදර්ශනය කිරීම හරහා සංහිඳියාව ගොඩනැංවීම වඩා වැදගත් බව හෙතෙම පැවසීය.

'හුනුවටය' සිංහල නාටකය "වෙන්කට්ටි වට්ටම්" නමින් දෙමළ භාෂාවට පරිවර්තනය කර ඇත්තේ 'කුලදේ ෂන්මුගලිංගම්' නැමති දෙමළ නාට්‍ය පිටපත්කරුවාගේ පරිවර්තනයක් ඇසුරින් බවත්, ඊට යුනෙස්කෝ සංවිධානයෙන් මූල්‍ය අනුග්‍රහය ලැබුණු බවද නිරිඇල්ල මහතා පැවසීය.

පරාක්‍රම නිරිඇල්ලයන්ගේ 'හුනුවටය' සිංහල නාට්‍ය‘යේද, දෙමළ නාට්‍යය වූ 'වෙන්කට්ටි වට්ටම්' නාට්‍යයේත් ගෲෂාගේ චරිතයට පණපොවනුයේ 'ලීලාවතී සෙල්වරාජ්' නැමැති දෙමළ තරුණියයි.

20161115North-2

 

මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ පරාක්‍රම නිරිඇල්ල මහතා,

"හුනුවටය කතාවේ දෙමළ පරිවර්ථතය වුණු 'වෙන්කට්ටි වට්ටම්' නාට්‍යයේ ගෲෂාගේ චරිතය දෙස බලන විට ඇය මුහුණදෙන ගැටලු හා ප්‍රශ්න සියල්ලක්ම පාහේ උතුරු නැගෙනහිර වැසියන් යුදසමයේදී විඳි ගැටලුවලට බොහෝ සෙයින් සමානයි. මේ නිසා එම නාට්‍යය ඔවුන්ගේ අත්දැකීම් පිළිබඳව යළි විමසා බලන, ඔවුන්ගේ දුක කතාකරන ඔවුන්ගේම නාට්‍යයක් බවට පත්වෙලා තියෙනවා. ඒ නිසා 'වෙන්කට්ටි වට්ටම්' නාට්‍යයට උතුරු, නැගෙනහිර දෙමළ ප්‍රෙක්ෂකයන්ගෙන් ඉතා හොඳ ප්‍රතිචාරයක් ලැබෙනවා." යනුවෙන් පැවසීය.

වවුනියාව - මධුෂංඛ අමරසිංහ

20161115North-6 20161115North-320161115North-5



අදහස් (0)

'හුනුවටය' නාට්‍යය උතුරේ දෙමළෙන් පෙන්වයි

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්





“කන්න දීප අත සපා කෑ අලියා“
2025 නොවැම්බර් මස 19 6058 2

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 258 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 308 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1233 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site