IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


බැංකු ආයෝජන මණ්ඩලය විසුරුවා හැරීමට ගත් තීරණය ගැන සාකච්ඡාවකට සැරසෙයි


 
(නිමල කොඩිතුවක්කු)

   
ලංකා බැංකුව, මහජන බැංකුව සහ ලංකා ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩල විසුරුවා හැරීමට ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා විසින් ගත් තීරණය පිළිබඳ සාකච්ඡා කිරීම සදහා එක්සත් ජාතික පක්ෂයේ නියෝජිත පිරිසක් ජනාධිපතිවරයා මුණ ගැසිමට තීරණය කර තිබේ.


යහපාලන රජයේ එක්සත් ජාතික  පක්ෂය නියෝජනය කරන අමාත්‍යවරු දෙදෙනෙකු යටතේ  ක‍්‍රියාත්මක වන ආයතන තුනක අදාළ අමාත්‍යවරුන් විසින් පත්කරන ලද  අධ්‍යක්ෂ මණ්ඩල ඉවත් කිරීම සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කිරීමට නියමිත බව එක්සත් ජාතික පක්ෂය පවසයි.


ලංකා බැංකුව සහ මහජන බැංකුව අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා යටතේ  පවතින ආයතන වන අතර ලංකා ආයෝජන මණ්ඩලය අමාත්‍ය මලික් සමරවික‍්‍රම මහතා යටතේ පවතියි.


ලංකා බැංකුව, මහජන බැංකුව සහ ලංකා ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩල ඊයේ (17) මධ්‍යම රාත‍්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් විසුරුවා හරිනු ලැබීය.



අදහස් (4)

බැංකු ආයෝජන මණ්ඩලය විසුරුවා හැරීමට ගත් තීරණය ගැන සාකච්ඡාවකට සැරසෙයි

irondi Thursday, 18 October 2018 03:15 PM

එදා චන්ද්‍රකා කළ දේම අද මෙයත් කළා වගේ ..

:       0       0

kamil Thursday, 18 October 2018 03:17 PM

මේවා දකිනකොට සුභ සහ යස නාඩගම මතක් වේ .

:       0       0

ROHAN DAYADARA Paris Thursday, 18 October 2018 03:32 PM

විධායක ජනාධිපති ව්‍යවස්ථාව 78 ජේ. ආර්. ජයවර්ධන ජනාධිපති තුමා හදුන්වා දෙනකොට . ඩබල් ඩොක්ට . එන් .එම් . පෙරේරා මහතා කළා මේ ව්‍යවස්ථාවේ බලතල මිනිහෙක් ගැනියෙක් විතරයි කරන්න බැරි හැබැයි ජේ .ආර් . වැනි උගත් , පළපුරුදු , බුද්ධි මතෙකුට සුදුසුයි..... නමුත් නුසුදුයි අයෙකුට ගියෙත් භයානකයි යන වග .

:       0       0

kamal Friday, 19 October 2018 07:12 AM

මේ සියල්ල පසුපස ඉන්නේ බැසිල් කියා හිතේ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 145 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site