IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


උකුවෙල පොහොට්ටුවේ මන්ත්‍රීගේ සාමාජිකත්වය අත්හිටුවයි

 

 
(මහේෂ් කිර්තීරත්න) 

 
පාසල් සිසුවෙකු අපයෝජනයට ලක් කළැයි සැකපිට රිමාන්ඩ් බන්ධනාගාර ගතව සිටින උකුවෙල ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී අනුරුද්ධ ඒකනායක මහතා එම පක්ෂයෙන් ඉවත් කිරීමට අදාළ ලියකියවිලි පක්ෂ මුලස්ථානය වෙත බාර දී තිබූ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රත්තොට ආසනයේ කැඳවුම්කරු උකුවෙල ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක සමන්ත ධර්මසේන මහතා අද (22) පැවසීය.

සමන්ත ධර්මසේන මහතා ප්‍රකාශ කළේ අදාළ මන්ත්‍රීවරයා විසින් මීට පෙර අවස්ථාවකදී මාධ්‍යයට ප්‍රකාශයක් ලබා දෙමින් පක්ෂයෙන් ඉවත් වන බව ප්‍රකාශ කර තිබූ බවයි.  

පක්ෂයක් ලෙස ගත යුතු තීරණ රැගෙන ඇති අවස්ථාවක මෙම සිදුවීම වූ බවත්, ඒ නිසා ඔහු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන අයෙකු නොවන බවත් ධර්මසේන මහතා පැවසීය. 


පක්ෂයක් ලෙස මෙවැනි පුද්ගලයින් සාමාජිකත්වයේ තබා නොගන්නා බවද කැඳවුම්කරු සමන්ත ධර්මසේන මහතා වැඩිදුරටත් පැවසීය.



අදහස් (10)

උකුවෙල පොහොට්ටුවේ මන්ත්‍රීගේ සාමාජිකත්වය අත්හිටුවයි

sanu Monday, 22 October 2018 11:02 AM

ඔහු මුදල් අමාත්‍යංශයට අනුයුක්ත කරනු ..

:       301       195

Anura Monday, 22 October 2018 11:24 AM

බලයේ ඉන්න කාලෙත් මේ විදිහට තීරණ අරගත්තා නම්.

:       1       100

muhna Monday, 22 October 2018 11:44 AM

තවටික දවසකින් මෙම පොහොට්ටුවට සාමාජිකයෝ නැතිවෙනවා

:       121       312

Hafeel Monday, 22 October 2018 11:58 AM

එදා අකුරැස්ස සහ තංගල්ලලට වෙච්ච වගේ උකුවෙල ගිහින් ඉවත් කල ලියකියවිලි ආයිත් ගෙන්න ගන්න එපා.

:       0       0

රවින් Monday, 22 October 2018 12:19 PM

වරදක් වුණාට පස්සේ ඇයි මේ ඉල්ලා අස් වුණාය කියලා කියන්නේ... ඉල්ලා අස් වුණත් නැතත් නෙරපන්න. විශේෂයෙන් ළමා දූෂකයෝ කිසිම පක්ෂයක තියාගතයුතු නොවේ.

:       2       106

sirimal Monday, 22 October 2018 12:34 PM

ඔහොම කරන්න ගියොත් පොහොට්ටුවේ කීදෙනෙක් ඉතුරුවෙයිද මන්දා?

:       110       404

සතයපාල Monday, 22 October 2018 12:54 PM

ප්‍රශ්ණයක් නැහැ... ඊළඟපාර ඡන්දෙට මහින්ද මහත්තයා පොල් ලෙළි ටිකක් ඡන්දයට දාලා තමන්ගේ සමාජිකයින්ට කිව්වම ඒ අය ඡන්දය දෙනවනේ ඉතිං මොකටද මේ අය ?

:       94       205

Buddika Monday, 22 October 2018 01:25 PM

බලයට එන්න තියෙන කෑදරකමට දැන් මේවා කරනවා. ඒත් මේ මිනිසුන්ට බලය තිබ්බ කාලෙ මොන තරම් වංචා, දූෂණ කළාද? සමහර අයව මැරුවා. ඒත් එදා මේ මිනිස්සු ගෝලයෝ ටික රැක්කා. නැවත බලයට ආවත් අදට වඩා වෙනස් වෙන්නේ නැහැ.

:       0       104

OMG Monday, 22 October 2018 01:37 PM

අනුර - පාර්ලිමේන්තුව විසුරුවන්න වෙනවා. නැතිනම් අගමැතිකම විපක්ෂයට දෙන්න වෙනවා. ඒකයි එහෙම තීරණ ගත්තේ නැත්තේ...

:       0       0

Kumar (Gulf) Monday, 22 October 2018 04:43 PM

මේ පක්ෂයේ ඉන්නා ජ්‍යෙෂ්ඨයන් කරන එකනේ පොඩි අයත් කරන්නේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31205 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13365 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10970 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 70 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 905 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 272 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site