(අනීෂා  මානගේ)
 
අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රඳවා සිටින රැඳවියන් පිරිසක් බන්ධනාගාරයේ පිහිටි කුලුනක් මත නැඟ උද්ඝෝෂණයක් අරඹා ඇත.


ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ඔවුහු අද (21) උදෑසන 7 ට පමණ බන්ධනාගාරයේ කුලුනක් මතට නැඟ ඇති අතර මේ වන විටත්  උද්ඝෝෂණයේ නිරතව සිටිති.

රැඳවියෝ 75 ක් පමණ මේ සඳහා එක්ව සිටිති.

“එස්ටීඑෆ් අපිට එපා” ලෙස සදහන් පුවරුවක්ද විරෝධතාකරුවන් කුළුන මත ප්‍රදර්ශනය කර ඇත. කුළුන මත නැගි රැඳවියන් හූ කියමින් එස්ටීඑෆ් අපි අපිට එපා යනුවෙන්කෑ ගසමින් විරෝධතාවයේ නිරත වෙති.

බන්ධනාගාරය තුළ  ආරක්ෂාව තර කිරීමට පොලිස් විශේෂ කාර්යය බළකායේ නිලධාරින් යොදවා ඇති ආකාරය දක්නට හැකිය.