
(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
මත්කුඩු ජාවාරමක ප්‍රධාන සැකකරු වන 'මත්තෙගොඩ කට්ටා'නමැත්තා, ඇතුළු 7 දෙනකු ගංජා ග්‍රෑම් 30ක් සහ හෙරොයින් මිලිග්‍රෑම් 2340ක් සමග අද(01) අත්අඩංගුවට ගත් බව මත්තෙගොඩ පොලීසිය පවසයි.
සැකකරුවන්, 19 -25 යන වයස්වල පසුවන, මත්තේගොඩ පදිංචිකරුවන් බව පොලිසිය කියයි. අත්අඩංගුවට ගත් පිරිස අතර, 'කබරයා' සහ 'ගඩොලා' යනුවෙන් හඳුන්වන අයද වෙති.
පොලිසිය ලද තොරතුරක් අනුව මත්තේගොඩ සල්ගස් හන්දියේදී හෙරොයින් පැකට් දෙකක් සමග අත්අඩංගුවට ගත් සැකකරුවකුගෙන් ප්‍රශ්න කිරීමෙන් පසු, ජාවාරමට සම්බන්ධ සැකකරුවන් 5දෙනකු අත්අඩංගුවට ගෙන ඇත. ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීමේ දී 'මත්තෙගොඩ කට්ටා' නමැත්තා ද හෙරොයින් මිලිග්‍රෑම් 1560 ක් සමග අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. අනෙක් සැකකරුවන් සන්තකයේ හෙරොයින් මිලිග්‍රෑම් 780 සහ ගංජා ග්‍රෑම් 30ක් තිබී සොයාගෙන ඇත.
හෙරොයින් ග්‍රෑම් එකක් මිලයට ගෙන ඉන් පැකට් 20ක් සකසා පැකට් 13 ක් අලෙවි කර ඉතිරි පැකට් 7 සැකකරුවන් අතරේ පානය කිරීමට පුරුදුව ඇතැයිද පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් කැස්බෑව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. මත්තෙගොඩ පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
2025 නොවැම්බර් මස 21
59
0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
158
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1011
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
’මත්තෙගොඩ කට්ටා’ ඇතුළු 7ක් මත්කුඩු සමඟ අල්ලයි