(අංජුල මහික වීරරත්න)
එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් ජනාධිපතිවරයකු පත්වූ විට ඔහුට පක්‍ෂ නායකත්වය හිමි විය යුතුය යන වගන්තිය එක්සත් ජාතික පක්‍ෂ ව්‍යවස්ථාවෙන් මේ වන විට ඉවත් කර පවතී.
ඉහත වගන්තිය එක්සත් ජාතික පක්‍ෂ ව්‍යවස්ථාවෙන් ඉවත් කරනු ලැබුවේ වර්ෂ 1994 දීය. එවකට එක්සත් ජාතික පක්ෂයේ මහලේකම්වරයා ලෙස කටයුතු කළ ගාමිණි අතුකෝරල මහතා විසින් පෙන්වා දෙනු ලැබූ වැදගත් කරුණක් පදනම් කරගනිමින් ඉහත වගන්තිය ඉවත් කිරීමට පියවර ගත් බව එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙක් ප්‍රකාශ කළේය.
එවකට ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයේ සිටි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය දිවයිනේ කුමන ප්‍රදේශයකින් හෝ එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ගනු ලැබුවේ නම් ඇයට එක්සත් ජාතික පක්‍ෂ නායකත්වය පිරිනැමීමට සිදුවන බව එවකට සිටි මහ ලේකම් ගාමිණි අතුකෝරල මහතා පෙන්වා දෙනු ලැබීය.
ඉහත නීතිමය කරුණු සැළකීමට ගනිමින් එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයෙක් ජනාධිපති ධුරයට පත්වුවහොත් ඔහු පක්‍ෂ නායකත්වයට පත්විය යුතු යැයි යන වගන්තිය 1994 වසරේදීම ඉවත් කිරීමට පියවර ගැනිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙම විස්තරය සජිත්ට දැනගැනීමටයි. ඕනෑ නම් විලියම් ගොපල්ලව කෙනෙක් විය හැකියි.
කොහොමත් නායකත්වය ලබන්න නම් රනිල් වික්‍රමසිංහ යනකම්ම බලන් ඉන්න වෙයි.
1994දී කරපු දේටත් බනින්න රනිල්ට...
ජනපතිකම තියෙනවා නම් එජාපෙ නායකකම බම්බුවකටද? විලියම් ගොපල්ලව වුණත් ලෝකය දන්නේ ජනපති වුණු හින්දනේ. එජාපෙ නායකයා කියලා ලෝක ඉතිහාසේ ලියවෙන්නේ නැහැ නේද?
අදාල නෑනේ... ජනාධිපති වෙන්නේ නෑනේ...
පක්ෂයේ වෙනස් වීම පාක්ෂිකයින් දැනගත යුතුයි.
මේ විධායක ජනාධිපති ක්‍රමය හඳුන්වා දුන්නෙත් එක්සත් ජාතික පක්ෂය. ඒ විධායක බලතලෙන් වැඩියෙන්ම බැට කෑවෙත් ඔවුන් තමයි. ප්‍රේමදාසගෙන් පසු ඔවුන්ට තාම ජනාධිපති කෙනෙක් පත් කරගන්න බැරි වුණා. ඒ වගේම තමයි මේ රනිල් ගෙනාපු පක්ෂ ව්‍යවස්ථාවත්. අතුකෝරලත් රනිල්ගේ ලණුව කාලා ඇති.