(ටෝනි කරුණානායක)
සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් නායක ගනේමුල්ලේ සංජීව නැමැති පාතාල නායකයාගේ ප්‍රධාන ගෝලයකු යැයි කියන ගම්පහ උඩුගම්පොළ අලයා යන නමින් අනුවර්තන නාමයෙන් හදුන්වනු ලබන සැකකරුව ලබන 13 වෙනිදා දක්වා (දින07ක්)පෑලියගොඩ කොට්ඨාසයේ විශේෂ මෙහෙයුම් ඒකකයේ රඳවා ප්‍රශ්න කිරීම සඳහා ගම්පහ අතිරේක මහෙස්ත්‍රාත් ආර් .එස්.එම්.මහේන්ද්‍ර රාජා මහතා අද (06)අවසර ලබා දුන්නේය .
ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ට ලැබුණු තොරතුරක් මත බස්නාහිර උතුර අපරාධ විමර්ශන කොට්ඨාසයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක ජයන්ත ධර්මකීර්ති, පොලිස් පරීක්ෂක අජිත් සේනානායක, උප පොලිස් පරීක්ෂක කපුරු බණ්ඩාර ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් සැකකරුව ගම්පහ උඩුගම්පොළ ප්‍රදේශයේ ( 05 )වෙනිදා සවස හෙරොයින් ග්‍රෑම් 10 ක් සමග අත් අඩංගුවට ගන්නා ලදී.
සැකකරු ගම්පහ ඇතුළු අවට ප්‍රදේශවල දී කළ මිනිස් ඝාතන, කප්පම් ගැනීම් සහ හෙරොයින් ජාවාරම් සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශනය කිරීම සඳහා සැකකරුව රඳවා විමර්ශනය කිරීමට අවසර ලබා දෙන ලෙස පොලීසිය අධිකරණය හමුවේ අද ඉල්ලා සිටියේ ය.
එම ඉල්ලීමට ඉඩ දුන් මහෙස්ත්‍රාත්වරයා පරීක්ෂණ අවසන් වූ වහාම සැකකරුව ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට පොලිසියට වැඩිදුරටත් නියම කළේය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
’උඩුගම්පොළ අලයා’ දින7ක් රඳවා ප්‍රශ්න කරන්න අවසර
Buddika Monday, 06 July 2020 01:02 PM
එතකොට අර මේ දවස්වල එක එක ලොකු කතාකියන උඩුගම්පළ මෙයාගේ නෑදෑයෙක්ද?