(ඉන්දික අරුණ කුමාර)
ශ‍්‍රී ලංකාව තුළ ඇත්තේ අද වන විට ලෝකයේ බොහෝ රටවල් ප‍්‍රතික්ෂේප කළ අධ්‍යාපන ක‍්‍රමයක් බව උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පවසයි.
ආසියානු කලාපයේ දශක දෙකකට පෙර හොඳම අධ්‍යාපන ක‍්‍රමයට හිමිකම් කි ශ‍්‍රී ලංකාවේ නිදහස් අධ්‍යාපන ක‍්‍රමය අද වන විට දහතුන්වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය හරහා විකෘති වී ඇති බව ද අමාත්‍යවරයා කියා සිටියේය.
රුපියල් එක්කෝටි හතලිස් ලක්ෂයක මුදල් ප‍්‍රතිපාදන මත නාඋල - අරංගල සංස්කෘතික මධ්‍යස්ථානයේ ඉදිකරන ලද උත්සවශාලා ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාවට අද (22) එක් වෙමින් හෙතෙම මෙම අදහස් පළ කළේය.
අතීතයේ විදෙස් රටවල් රැසක දරුවන් ශ‍්‍රී ලංකාවේ අධ්‍යාපන ක‍්‍රමය හැදැරීමට මෙරටට පැමිණි බවත් අදවන විට අපේ රටේ දරුවන් විදේශ විනිමය විශාල ලෙස වශයෙන් වැය කර විදෙස් අධ්‍යාපනය ලැබීමට පෙළඹි ඇති බවත් අමාත්‍යවරයා කියා සිටියේය.
දරුවන්ට අධ්‍යාපනය ලබාදීමේ දී සමාජය තුළ ගොඩනැගී ඇති සටන හේතුවෙන් වත්මන් අධ්‍යාපන ක‍්‍රමය අංගවිකල තත්ත්වයට පත්වී ඇති බවත් ජාතික පාසලකට ඇතුළත්වීමට නොහැකි වූ ළමුන් මානසිකව බිඳවැටීමට ලක්වන බවත් හෙතෙම කියා සිටියේය.
ඒ මහතා වැඩිදුරටත් මෙසේ ද කීය.
”ඇතැම් දරුවන් අද අධ්‍යාපනයේ සම අවස්ථා නැහැ කියලා කලබල වෙනවා. ජාතික පාසලක අධ්‍යාපනය නොමැතිව ඉහළට ඉගෙන ගන්න බෑ කියලා රටේ මතයක් හදලා තියෙනවා. ඒක කරලා තියෙන්නේ වැඩි වශයෙන් දෙමව්පියෝ.
එතකොට අපි ළමයි පාසලට යවන්නේ මානසිකව බිදවට්ටලා , මානසික රෝගීන් බවට පත්කරලා.
දරුවන්ගේ දහම්පාසල් අධ්‍යාපනය මෙන්ම සංස්කෘතික කටයුතු පවා නතර කරනවා අධ්‍යාපනය වෙනුවෙන්. කලාව සෞන්දර්ය වගේ කටයුතු වලිනුත් ඈත් කරනවා.
පැය 05 ක් පාසලේ ඉන්න දරුවා හොඳටම හෙම්බත් වුනාට පස්සේ ඇදගෙන ගිහින් දානවා ටියුෂන් ක්ලාස් එකකට.
ලෝකේ පිළිගත් ක‍්‍රමවේදය තමයි යමක් අවබෝධ කරගන්න දරුවෙකුගේ මොළයේ සක‍්‍රිය මට්ටම පැය පහයි කියන එක.
ඒ නිසා තමයි පාසලේ කටයුතු පැය 05 න් නතර කරන්නේ.
මේ රේස් එක දුවන්නේ කුමක් සඳහාද මේකෙන් දිනන්නේ බුද්ධිය වර්ධනය නොවු දැනුමෙන් වර්ධනය වෙච්ච පිරිසක් පමණයි.”


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අද රටේ සිටින බොහෝ අධ්‍යාපනඥයින්ගේ අදහසද මෙයමයි. ඒත් බලධාරීන් කිසිවෙක් ඊට සුදුසු ප්‍රතිකර්ම නොකරන්නේ මන්ද...? අවසානයේ රටේ අනාගත පරපුර අපේක්ෂා භංග වූ මානසික රෝගීන් වීම වැළැක්විය නොහැක.
වෙනස් වන ලෝකයේ වෙනස් නොවීම තමා අධ්‍යාපනයේ සහ රටේ විනාශයට මුල. දැන් නිකන් අධ්‍යාපනය දුන්නට වැඩක් තියේද? රැල්ලක් වගේ උපකාර පන්තිවලට සල්ලි විසිකරද්දි... හැබැයි ඉතින් රතු පක්ෂ නම් කියන්නේ නිදහස් අධ්‍යාපනයේ රැක ගන්න ඕනේ කියලා. මේ මුදල් නාස්තිය ගැන කතා නැහැ. අද ඉස්කොලේ ඉවරවෙලා රෑ වෙනකන් පන්ති වල... ඒට පස්සේ ඉතින් ලෙඩරෝග සහ දෙමාපියෝ සල්ලි ප්‍රශ්න කියකිය අඬනවා. පුද්ගලික යුනිවර්සිටි වලට විරුද්ධයි. ඒත් උපාධි පිටරට යුනිවර්සිටි එකකින් දුන්නට කමක් නැහැ... කියන මතයත් එහෙමයි. මේවා වෙනස් වෙන්න ඕනේ... අපේ රටේම පුද්ගලික යුනිවර්සිටි දාන්න දෙන්න ඕනේ.. එතකොට රටින් පිට යන විශාල සල්ලි ටිකක් ඉතුරු කරගන්න පුලවන් (අමතක කරන්න එපා රට ගිහින් ඉගෙන ගනිද්දිත් එදිනෙදා වියදමට තව මෙහෙන් සල්ලිත් පිටවෙනවා කියලා)
ඇයි ලංකාවම ප‍්‍රතික්ෂේප කරපු දේශපාලකයෝ පාර්ලිමේන්තුවේ ඉන්නේ... ප්‍රතික්ෂේප කරන්නවත් අධ්‍යාපන සුදුසුකමක් නැහැ.
චන්ද්‍රිකාගේ ආණ්ඩුව...
අධ්‍යාපනය විතරක් නෙවෙයි බොහෝ දේවල් ලෝකයත් සමග වෙනස් නොවීම නිසා අපි බොහෝ දේවල් වලින් පසුගාමී වෙලා
ප‍්‍රතික්ෂේප කල මන්ත්‍රීවරු ඇමතිවරු පාර්ලිමේන්තුවේ ඉන්නකොට මේක මොකක්ද? ප‍්‍රතික්ෂේප කල අධ්‍යාපන ක‍්‍රමයේ දැනුම වත් මේ අයට තියෙනවද?
වෙනත් රටවලට වඩා විශාල පරිමාවක් විෂය කරුණු පාසලෙන් උගන්වනවා. ඒ මදිවට හවසට පන්ති යනවා. මේවා ඔක්කොම ඔලුවට දාගන්න ලමයින්ට වෙලාවක් නැහැ. විවේකයක්, සෙල්ලම් කාලයක් නැහැ. මොකටද මෙච්චර නහින්නේ- අනවශ්‍ය තරඟයක් ඇතිවෙලා නිසා. පාසලේ පාඩම් ඉගෙන ගත්තම මදිද 9 පන්තිය වත් වෙනතුරු? සා පෙළ / උසස් පෙළ ටියුෂන් පන්ති ගියත් කමක් නැහැ.
අද අපේ අධ්‍යාපනයේ දිවි පැවැත්ම සඳහා අධ්‍යාපනය දැනුම ලබා ගැනීම සඳහා අධ්‍යාපනය යන කිසිවක් නැහැ. උසස් අධ්‍යාපනය ලබන සිසුන්ගෙන් බහුතරයකින් පෙනීයන්නේ පලදායක දෙයක් කරනවට වඩා උද්ඝෝෂණවලට නැඹුරුවක්.
අපේ අධ්‍යාපනය කෑවේ අට පාස් දේශපාලකයො ප්‍රතිපත්ති කිය කියා අධ්‍යාපනය එක්ක සෙල්ලම් කරපු නිසා. එක්කෙනෙක් ඇවිත් විෂයන් වැඩි කරනවා අනිත් කෙනා ඇවිත් විෂයන් අඩුකරනවා.
ඔව් ඉතින් රටේ ජනතාව ප්‍රතික්ෂේප කරපු මැති ඇමති ගොල්ලොත් පාර්ලිමේන්තුවට කොහොම හරි රිංගගෙන ඉන්න රටේ, ලෝකෙම ප්‍රතික්ෂේප කරපු අධ්‍යාපන ක්‍රමයක් තියෙන එක පුදුම වෙන්ඩ දෙයක් නොවේ බලන් යනකොට.
මෙයත් කටින් බතල හිටවන කෙනෙක්.
ලෝකේ හොදම අධ්‍යාපන ක්‍රමය ෆින්ලන්තෙ නෙවැනි තැන අපිට ළඟම සිංගප්පූරුවෙ අධ්‍යාපන ක්‍රමය. ඇයි අපේ අයට සහ අධ්‍යාපනේ බලධාරින්ට බැරි ඒවයේ අධ්‍යාපන ක්‍රමවේදයන් අධ්‍යයනය කරලා මේ රටේ අධ්‍යාපනය යහමගට ගන්න. නැති බනේම කියව කියවා හිටියට මේක කවදාවත් හරියන්නේ නෑ.
අවුරුදු 10-15 වැඩිය පාර්ලිමේන්තුවේ ඉඳලා, ඒ ඇමැතිකමත් කරලා, දැන්ද හලෝ තේරෙන්නේ ගැලපෙන්නේ නෑ කියලා? විරුද්ධ පක්ෂයේ ඉන්නකොටවත් කියන්න තිබ්බේ නැද්ද මේ ගැන..?