(හර්ෂණ තුෂාර සිල්වා)
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පත් කර තිබෙන කොමිසන් සභාවේ කටයුතු අවසන් වූ පසු ‘මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන්’ ගිවිසුම සම්බන්ධයෙන් යළි සාකච්ඡා කරන බව ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරිනි ඇලිස් ජී. වෙල්ස් මහත්මිය අද (14) ප්‍රකාශ කළාය.
ශ්‍රී ලංකාවේ දෙදින නිල සංචාරයක නිරත වූ තානාපතිනි ඇලිස් ජී. වෙල්ස් මහත්මිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ යන මහත්වරුන් සමඟ ද්විපාර්ශ්වීය කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වූවාය.
හම්බන්තොට වරාය ගිවිසුම අසාර්ථක සහ ශ්‍රී ලංකා ජනතාවට අසාධාරණයක් කරන ලද ගිවිසුමක් යැයි ද ලංකාදීපයට අදහස් දැක්වූ තානාපතිනි ඇලිස් ජී. වෙල්ස් මහත්මිය කීවාය.
ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් මහතාගේ ලිපියක් ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට දුන් බව කී තානාපතිනි ඇලිස් ජී. වෙල්ස් මහත්මිය පුළුල් ඉන්දු ශාන්තිකර කලාපයක් සම්බන්ධයෙන් ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ සාකච්ඡා පැවැත්වූ බව පැවැසුවාය.
ආරක්ෂාව, වෙළෙඳාම හා ආයෝජන ආදී කරුණු රැසක් සම්බන්ධයෙන් ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහත්වරුන් සමඟ සාකච්ඡා පැවැත්වූ බව ද ඇය කීවාය.
ශ්‍රී ලංකා සංචාරයේදී විපක්ෂය, දෙමළ ජාතික සන්ධානය සහ සිවිල් සමාජයේ පාර්ශව සමඟ ද සාකච්ඡා පැවැත්වූ බව ඇය පැවැසුවාය.
ඇලිස් ජී. වෙල්ස් මහත්මිය ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රධාන නියෝජ්‍ය සහකාර ලේකම් ධුරය හොබවයි. එමෙන්ම ඇය ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ කාර්යාංශයේ ප්‍රධානියා වශයෙන් ද කටයුතු කරයි.
මෙම අවස්ථාවට ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ නියෝජ්‍ය සහායිකා සහ ඇමෙරිකා එක්සත් ජනපද ජාතික ආරක්ෂක කවුන්සිලයේ දකුණු හා මධ්‍යම ආසියානු කලාපය පිළිබඳ අධ්‍යක්ෂ ලීසා කර්ටිස් මහත්මිය ද මෙම අවස්ථාවට එක්වූවාය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇමරිකාව ඩොලර් මිලියන 480 ලංකාවට දෙන්න මෙච්චරම දඟලන්නේ ඇයි? මෙම මුදලට රට පාවා නොදෙනවා යැයි අපේක්‍ෂාවෙන් ඡන්දය පාවිච්චි කළ ජනතාවට මෙම ආණ්ඩුව ද්‍රෝහි නොවනු ඇතැයි අපේක්‍ෂා කරමි...
යළිත් සාකච්ඡා...? රට විකුණාගන්න.. තවදෙයක් මෙයා කියනවා හම්බන්තොට වරාය ගිවිසුම ජනතාවට අවාසිදායකයි කියලා. එහෙම කියන්න එයා කව්ද..? ඒ ගිවිසුම ජනතාවට අවාසිදායක නම් mcc ගිවිසුම ජනතාවටත්, රටටත්, අාසියාවටත් "මාරාන්තිකයි". අපේ හොර, තක්කඩි දේශපාලුවන්ට කොන්දක් නැති හැටි... අපි ඒ ගිවිසුම අත්සන් කරන්නේ නැහැ. ඒක අපේ රටට අහිතකරයි. අපේ රට සාමකාමී රටක්.. අපේ භූමිය වෙනත් කෙනෙකුට අපරාධ සඳහා පාවිච්චි කරන්න ඉඩ දෙන්න අපේ රටේ මිනිස්සු කැමති නැහැ "..කියලා. ලැජ්ජයි... මේ වගේ සක්කිලි දේශපාලුවන් සිටින රටක ඉපදීමත්...
පාදෙනිය මහත්තයෝ ...!!
අනේ දෙයියෝ ඇයි අපිට ඕක ඡන්දෙට කලින් කිව්වේ නැත්තේ? අර හාමුදුරුවන් මාරාන්තික උපවාසේ කලේ විහිලුවකටද එහෙනම්? තව ටියුෂන් ගුරුවරයෙක් සිතියම අැඳලත් පෙන්නුවනේ...
ඇමරිකාව මෙම ගිවිසුම අත්හරින එකක් නැහැ. කවදාවත් ඔවුන්ගේ වාසියට මිස අපේ යහපතට නොවේ.
එතකොට ඡන්ද කාලේ කිව්වා නේද සිරි මහා බෝධිය වඳින්න යනවා නම්, ඇමරිකානු වීසා ඕනැයි කියලා. මේ ආණ්ඩුව මේ ගිවිසුම අත්සන් කරනවාමයි. බොරුවට කමිටුයි, සාකච්ඡායි..
ඡන්දෙට කලින් කිව්වේ ගිවිසුම ඉරනවා කියලා, අනේ මන්දා...
අපිට නම් මිලේනියම් චැලේන්ජ් ගිවිසුම් එපා... අපේ දුප්පත්කම අපිට හොඳයි ජනපතිතුමනි..,
ඒ එක්කම සම්බන්ධන්, සුමන්තිරන් හම්බවෙලා තියෙන්නේ.. හොඳයි, හොඳයි... ඔහොම යන්...
ඕක අහෝසි කරනවා කියලා නේද ජනාධිපතිවරණයේදී හා අතේ දිව්රලා පොරොන්දු වුනේ...?
මොවුන්ගේ අදහස් මොන ආකාරයේද කියන එක සැක සහිතයි.
දැන් මේ අාපු අය දෙමළ සංධානේ අය හම්බ වෙනවට කව්රුත් සද්ද නැහැ. අනිවාර්යයෙන්ම, කිසිම වෙනස් කමක් නොකර, ඔරිජිනල් එකට වැඩ... තව ඒවා එකතු කරලා මේ ගිවිසුම අත්සන් කරනවා.
අර සෑර් එම්.සී.සී පාඩම කියා දීම දැන් නතර කොරලද? එතුමා එම්.සී.සී පාඩම උගන්වපු විදිහට ඒ නම ඇහෙන කොටත් අපට නම් දවල් තරු පේනවා.
ඔය එළිවෙන්නේ... ඇලිස් වේල්ස් ආවේ එම්සීසී ගිවිසුම ගැන කතා කරන්න. ඉන්දියානු පත්තරයක් එළිකරනකම් යූටර්න් ආණ්ඩුව මේ ගමන ගැන කිව්වේ නැහැ. අනික යූටර්න් ජනාධිපතිගේ මේ කතාවට රැවටෙන්න එපා. රනිල්ට වඩා එහාගිය පාවාදීමක් කරන්න හදන්නේ. යූටර්න් ජනාධිපති එම්සීසී සහ සොෆා ගිවිසුම් දෙකම අත්සන් කරනවා. රටට ආදරය කරන ජනතාවගේ ඡන්දෙන් ඇවිල්ලා කරන තමන්ගේ මහා පාවාදීම වහන්න බාල ජනප්‍රියත්වය යොදා ගන්නවා. සෙනඟ ඉන්න තැන්වලට යනවා. ලොක්කන්ගේ පඩිඅඩු කරනවා. හැබැයි මහා වංචනිකකමක්.. ඒ පිටිපස්සේ තියෙනවා. හිටපු ඇමරිකන් තානාපති 2018 යූටර්න් ජනාධිපති නැතුව වෙන කෙනෙක් දාන්න කිව්වාම මම කිව්වා ඕක ඇමක්... ඇමරිකන්කාරයා දන්නවා සිංහලයින්ගේ හැටි... ඇමරිකාව විරුද්ධ වෙච්චි ගමන් සිංහලයා කරන්නේ ඇමරිකාවට පාඩමක් උගන්වන්න කියලා ඒකම කරන එක කියලා. කිව්වා වගේම ඒකාබද්ධ විපක්ෂය ඒ ඇම ගිලලා කිව්වා රාජපක්ෂලාට ඇමරිකාව විරුද්ධයි. ඒ හින්දා මිනිහවම ජනාධිපති කරන්න ඕනේ කියලා... ඇමරිකාවටත් ඕනේ වුනේ ඒක... මම මීට කලිනුත් ලියලා තියෙනවා. යූටර්න් ජනාධිපති බය ගුල්ලෙක්. මහින්ද වගේ එඩිතර කෙනෙක් නෙමෙයි. ඔහු පෙනී ඉන්නේ ලංකාව වෙනුවෙන් නෙමෙයි ඇමරිකාව වෙනුවෙන්... අද ඒ බව ඔප්පු වෙලා.
මෙදා පාර එම්සීසී ගිවිසුම හදලා දෙන්නේ ලංකාව. හරියටම 2015 රට පාවා දීපු ජිනීවා ගිවිසුම වගේ. යූටර්න් ජනාධිපති කමිටුවක් දැම්මේ එම්සීසී ගිවිසුමේ වැරදි හොයන්න නෙමෙයි. ඒකේ තියෙන ජනතාව විරෝධය දක්වන කරුණු වහන් කරලා ගිවිසුම හොරට හදලා ඒක අත්සන් කරන්න. රට පාවාදෙන ගිවිසුම ඇමරිකාවට හදලා දෙන්නේ ලංකාවමයි. රනිල් කරන්න හදලා නවත්ත ගත්ත එම්සීසී ගිවිසුම අත්සන් කරන්නේ රටට ආදරය කරන ජනතාව පත්කරපු කෙනාමයි. යූටර්න් ජනාධිපතිවම ජනාධිපති කරන්න ඕනේ කියලා පොළොවේ පසුත් කාපු ගිහිපැවිදි දෙපක්ෂයම අද වුවමනාවෙන්ම නිර්වින්දනය වෙලා වගේ ඉන්නවා.. ඔවුන් සියල්ල මේ පාවා දීමේ හවුල්කාරයින්. කොහොම හරි ඇමරිකාව ඇමරිකන් කාරයෙක්ම ජනාධිපති කරගෙන දේශප්‍රේමීන්ගේ හඬවහලා දැම්මා. ඡන්දෙට ඉල්ලන කොටත් ඇමරිකන් පුරවැසිභාවය තිබුණා. ඇමරිකාවට මිනිහව බ්ලැක්මේල් කරන්න පුළුවන්. ඉරානයට ගහන්න ගිය ඇමරිකාව එක පාරට ගල්වුණා. හැබැයි ගහනවා ලංකාව එක්ක එම්සීසී එක අත්සන් කළාට පස්සේ. ඉරාකේ කිව්වා තමන්ගේ රටේ ඉන්න ඇමරිකන් හමුදාව ඉවත් කරගන්න කියලා. ට්‍රම්ප් කිව්වා ඒ කඳවුරු හදන්න ඩොලර් බිලියන් ගණන් වියදම් කරලා තියෙනවා. යන්න නම් ඒ මුදල ගෙවන්න කියලා. ලංකාවටත් ගැලවීමක් නැහැ...
මේ ප්‍රවෘත්තියේ හැටියට හොඳටම පැහැදිලියි. යූ ටර්න් ජනාධිපති එම්සීසී සහ සොෆා ගිවිසුම් දෙකම අත්සන් කරනවා කියලා. කරන්න තියෙන්නේ එකම එකයි. රට පාවාදෙන එම්සීසී ගිවිසුම අත්සන් කරලා විතරක් නවතින්නේ නැහැ. රට ඉඳන් ඔක්කොම සෙට් කරන පොහොට්ටුවේ නිර්මාතෘ හිතනවා එයාගේ ඇම මිනිස්සු කයි කියලා. දැන් යූටර්න් සමාගම කියන්න බලන්න ලෝකේ බලවත් රටවල් 4ක්ම එක දවසේ ලංකාවට ආව කියලා. මොකටද? ඇමරිකාවට රටෙන් කොටසක් දෙනවට අපි විරුද්ධ නැහැ. හැබැයි අපිටත් රටෙන් කොටස් ඕනේ කියන්න තමයි ආවේ. මහින්ද ජනතාවට පොරොන්දු වුණා. චීනෙත් එක්ක කතාකරලා මාගම්පුර වරාය ආපහු අරන් දෙනවා කියලා. යූටර්න් ජනාධිපති කිව්වා චීනෙත් එක්ක ඒ ගැන කතා කරන්නේවත් නැහැ කියලා. ඇමරිකාව සුලේයිමාන්ව මැරුවහම පුටින් සිරියාවට ගිහින් කිව්වා ඉරානෙට උදව් කරනවා කියලා. ලංකාවට ආපු රුසියන් විදේශ ඇමති කියනවා ඒකට අත දමන්නේ නැහැ කියලා. කියලා කියවලා තියෙන්නේ. මේ ආපු රටවල් 4ම එම්සීසී ගිවිසුමට සහයෝගය දෙනවා. තමන්ටත් ලැබෙන කොටස වෙනුවෙන්. ඉන්දියාව තිරේ පිටුපස. කරන්න ඉතුරු වෙලා තියෙන්නේ එකම එක දේයි. දෝෂාභියෝගයක් ගෙනැල්ලා යූටර්න් ජනාධිපතිව ඉවත්කරලා මහින්දව වැඩබලන ජනාධිපති කරලා රට බේරාගන්න එක...