IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


‘‘ජිනිවා යෝජනාවේ යුද්ධය ගැන සටහන්ව ඇත්තේ පිටු දෙක හමාරයි‘‘

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ශ්‍රී ලංකාව පිළිබඳ ජිනීවා මානව හිමිකම් යෝජනාවෙි පිටු 15කම තිබෙන්නේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ප්‍රජාතන්ත්‍ර විරෝධී පාලන ක්‍රමය ගැන යැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි .

එම වාර්තාවේ සම්පූර්ණ පිටු ගණන දාහතහමාරක් බවද කිරිඇල්ල මහතා සඳහන් කළේය.

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මේ බව සඳහන් කළේ ජිනීවා යෝජනාව සම්බන්ධයෙන් සභානායක විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේ කළ විශේෂ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමිනි.

කිරිඇල්ල මහතා මෙසේද කීය.

සභානායකතුමා යෝජනාව පිළිබඳ සඳහන් කළත් එතුමා යෝජනාව පාර්ලිමේන්තුවේ කියවූයේ නැහැ .එම යෝජනාව කියවන්නැයි මම ඉල්ලීමක් කරනවා.එහි යුද්ධය ගැන සඳහන් වී ඇත්තේ පිටු දෙකහමාරක පමණයි.පිටු 15ක තියෙන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතා ජනපති වූ පසුව විනාශ වූ ප්‍රජාතන්ත්‍රවාදය ,මාධ්‍ය නිදහස , සුළු ජාතීන්ට හිරිහැර සිදු කිරීම යන කරුණු පිළිබඳවයි.

 



අදහස් (20)

‘‘ජිනිවා යෝජනාවේ යුද්ධය ගැන සටහන්ව ඇත්තේ පිටු දෙක හමාරයි‘‘

සමිත සේනක අලුත්ගමගේ. Thursday, 25 March 2021 11:59 PM

කිරිඇල්ල කියන්නේ බලය තියෙනකොට බලයෙන් දෑස් අන්ධ කරගෙන හිටපු කෙනෙක්. පාර්ලිමේන්තුවේ කාටවත් නිදහසේ කතාකරන්න දුන්නේ නැහැ. මේ දඟලන්නෙත් රටට වඩා ආණ්ඩුවට ලෙඩක් දාලා බලය ගන්න ක්‍රමයක් හදාගන්න. ඒක වෙනම කතාවක්. ඒත්, යෝජනාවෙන් වැඩිපුරම කියවෙනවා කියන්නේ මේ රජය පත්වීමෙන් පසු සිදුවූ දේවල් ගැනලු. කරුණු එසේ නම්, යෝජනාව පැරදීම පුදුමයක් නම් නොවෙයි. කෙසේවෙතත්, යෝජනාව අඩංගු කරුණු රටට හෙළිකළ යුතුයි. ජනතාව සත්‍යය දැනගත යුතුයි.

:       2       7

Bamunuarachchi Friday, 26 March 2021 01:19 AM

අපි දන්න තරමින් ගෝඨාභය මහතා කිසිම ප්‍රජාතන්ත්‍ර විරෝදී ක්‍රියාවක් කර නැහැ. යහපාලකයින් තමයි ඊනියා ප්‍රජාතන්ත්‍රය රකින්න සුළු ජාතීන්ට රටේ මුල් තැන දීලා මහජාතියේ බලය හීන කලේ. අනික අපි දැන දැන තමයි ඔබලා කීව හිට්ලර් කෙනෙක් බලයට ගෙනාවේ. අපිට දැන් තිබෙන ප්‍රශ්නය එතුමා හිට්ලර් කෙනෙක් ලෙස ක්‍රියා නොකිරීමයි.

:       14       14

බමුණු.Friday, 26 March 2021 10:55 AM

මෙහෙමත් අමන උද්ධච්ච මිනිසුන්.... අර කවුද කෙනා කට වහගෙන ඉන්නා තෙක් ඔහු බුද්ධිමතෙක්ලු. කට ඇරිය ගමන් මිනිහා කව්ද කියලා තේරෙනවලු... මේ එහෙම කෙනෙක්...

:       1       6

BamunuarachchiSaturday, 27 March 2021 02:01 AM

මගේ උදච්චකම මාගාව තිබුණා වේ. එය ඔබ ප්‍රශ්නයක් කර ගන්න එපා.. මම පල කර ඇති අදහසට විරුද්දව යමක් කියන්න තිබෙනවා නම් හේතු සාධක ඇතිව කියන්න. මගේ උද්දච්චකම ගැන කතා කරන්න ගොස් ඔබේ බංකොලොත් භාවය පෙන්වන්න එපා. කතාකළ යුත්තේ පුද්ගලයා ගැන නොවෙයි පළකල අදහස ගැනයි.

:       0       0

naushiFriday, 26 March 2021 12:02 PM

ලේකම් කෙනෙක් ජනාධිපති වෙලා රට පාලනය කරගන්න බැරිව දඟලනවා. ගෝඨා සර් හොඳ ලේකම් ජොබ් එකට තමයි.

:       3       2

මුණසිංහ Friday, 26 March 2021 01:50 AM

එහෙනම් ඉතිං හොඳටම පැහැදිලියි මේක දේශපාලනමය පලි ගැනීමක් බව. ආණ්ඩු විරෝධීන් බල ලෝභිත්වය උදෙසා ඔය කොමසාරිස්ට බොරු ගොතලා කියලා ගහපු යටිමගඩි වැඩක්. කිරිඇල්ල මහත්තය සේරම දන්නවා වගෙයි.

:       6       11

Nishan Friday, 26 March 2021 02:18 AM

යුද්දේ කාලෙට වඩා ඉතා දරුණු විදියට මානව හිමිකම් උල්ලංඝනය වෙනවා. දැන් රට පුරාම. 20 වෙනි සංශෝධනයම මානව හිමිකම් උල්ලංඝනයක්. රාජ්‍ය ආයතන වලට හමුදා නිලධාරින් යොදවා සේවකයින්ව අනියමින් බිය වද්දා ක්‍රමයෙන් හමුදා පාලනයකට නතු කිරීම තවත් උග්‍ර මානව හිමිකම් උල්ලංඝනයක්. රාජ්‍ය නායකයා එළිපිටම වක්‍රාකාරයෙන් මරණ තර්ජන එල්ල කරනවා නම් ඔහුගේ පාලනය මානව හිමිකම් රකියිද? මානව හිමිකම් කොමිසම අක්‍රීය කරලා හීලෑ කරගෙන, අනෙකුත් සියලු කොමිසම් හීලෑ කරගෙන ඒකාධිපති ගමනක් යනවා චණ්ඩිකමෙන්. රාජ්‍ය නායකයා මානව හිමිකම් රකිනවා තබා මානව හිමිකම් කියන්නේ මොනවාදැයි නොදන්න ගානයි...

:       11       12

BamunuarachchiSaturday, 27 March 2021 02:06 AM

නිකන් වනවන කතා කරන්න එපා. අපිටත් දැනගන්න.. ඉතා දරුණු විදියට මානව හිමිකම් උල්ලංඝනය කළ එක අවස්ථාවක් පෙන්වන්න. හුදීජනයාගේ පහන් සංවේගය සඳහා....

:       0       1

Raveendra Friday, 26 March 2021 03:11 AM

අපගේ මතකය දිව යනවා වසර කීපයකට පෙර "දියවන්නාව පට්ටියේ " ඕන ගොනෙකුට යුද්ධ කරන්න පුළුවන් යයි මහා හඬින් තප්පුලමින් "කියපු කතාව"....

:       5       15

Lion Friday, 26 March 2021 03:18 AM

කරුණාකර මිනිසුන් දැනුවත් කරන්න. පාලකයා පෙන්නන්නේ මේ රණවිරුවෝ දංගෙඩියට ගෙනියනවා කියලා.

:       4       11

නුවන් Friday, 26 March 2021 03:23 AM

කිරිඅැල්ලට අමරුද දන්නෑ... යහපාලනයෙන් අත්සන් කරලා මානව හිමිකම් කඩවුනා ලංකාවේ කියලා කියපුවෑ ප්‍රතිඵල ඔය තියෙන්නේ.. ඔවුන් කියන පදෙට නටනවා නම් යහපාලනේ වගේ කිසි ප්‍රශ්නයක් නැහැ.. අපේ ජනාධිපතිතුමා කොන්ද කෙලින් තියාගෙන කතාකරන එක පිට රැටියන්ට දරාගන්න බැහැ.

:       9       20

Rathnajiiwa Friday, 26 March 2021 05:57 AM

පක්ෂය මොකක් වුණත් තමන්ගේ රට ආරක්ෂා කරන් ඉන්න. නැත්තන් ආවා කියලා ඔය යෝජනා වෙනස් වෙන්නේ නෑ. ශක්තිමත් විපක්ෂයක් හදාගෙන රටේ ප්‍රශ්න රට ඇතුළේ කතාකරලා මිනිස්සුන්ගේ විශ්වාසය දිනාගෙන ආණ්ඩු බලේ ගන්න... එහෙම කළොත් මීලඟ ඡන්දෙන් හොඳ නායකයෙක් පත්කර ගන්න පුළුවන්. ඒත් එහෙම පාටක් පේන්නවත් නෑ.

:       6       13

විජේ Friday, 26 March 2021 07:11 AM

කිරිඇල්ල, තමුන් වසලයෙක් බව බහුතරයක් දන්නවා. කට ඇරියොත් පළාතම ඉවරයි...

:       6       9

RaveendraFriday, 26 March 2021 08:54 AM

සහතික ඇත්ත විපක්ෂයේ ඉන්න "ඌරන්" හැමවිටම බලන්නේ බලයේ ඉන්න "නරින්ට" හෙන ගැහැව්වාට කමක් නෑ අප පට්ටියේ බලය ගන්නවා යන්න පමණක්ය. මොහුගෙන් එය මනාලෙස පැහැදිලි වෙනවා නොවේද?

:       2       9

NishanFriday, 26 March 2021 11:07 AM

ඊට වඩා මතක් වෙන්න එපැයි මේ ඊයේ, පෙරේදා කිව්ව කතාව මම දන්නවා එයාලට දෙන්න ඕනෑ දඬුවම්, මට චරිත දෙකක් තියෙනවා. අපි නෙවෙයි යුද්දෙ කලේ හමුදාපති තමයි යුද්දේ කලේ වගේ කතා. ඒවනේ බරපතලම කතා...

:       1       2

jayasekara Friday, 26 March 2021 07:24 AM

අම්මේ... හරිම සතුටු ඇති. මේ වගේ ජනතා සේවකයෝ. කුහකකම පෙරෙනවා. ‘‘ඕන ගොනෙකුට යුද්ධ කරන්න පුළුවන් කියලා හිතපු නිසා වෙන්න ඇති යුද්ධය ගැන පිටු දෙකහමාරක් ලියන්න ඇත්තේ...

:       5       11

සෙනෙවිරත්න Friday, 26 March 2021 08:52 AM

කිරිඇල්ලගේ වගතුග හොයන්නේ නැතිව කිරිඇල්ල කියපුවා ගැන සාකච්ඡා කරන්න. එයා කියපුවා ඇත්ත... මේක පැරදුනේ රාජපක්ෂවරුන්ගේ වැරැදි නිසා..

:       7       6

jayasekaraFriday, 26 March 2021 10:43 AM

ඔව් පැරදුණේ රාජපක්ෂවරුන්ගේ කොන්ද කෙළින් තියෙන නිසා.... පහුගිය ආණ්ඩු කාලේ නම් ඔය කිසිම ප්‍රශ්නයක් නැහැනේ. මොකෝ කියන කියන එක කරානේ රටත්... රණවිරුවෝත් පාවලා දීලා. මෙයා හරියට මැරිලා ඉපදිලා වගේ කතාව...

:       4       5

Chinthaka Friday, 26 March 2021 10:11 AM

ඕන ගොනෙකුට යුද්ද කරන්න පුළුවන් වගේම, යහපාලනය කාලේ ගොන්නු වගේ හිටියා නම් මුකුත් නැහැ. මේ වයසක උන්දැගේ දේශපාලනය ගේන්නම් කියලා වැඩක් නැහැ.

:       3       6

Tissa Friday, 26 March 2021 12:59 PM

අපේ මානව හිමිකම් අහිමිවීමට පටන් ගත්තේ 1977 සිටයි. එදා සිට අපිට හිමි වූ මානව හිමිකමක් නැත...

:       1       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පාර්ලිමේන්තු පක්ෂ නායක රැස්වීමක් කැඳවයි
2024 අප්‍රේල් මස 26 151 0

පාර්ලිමේන්තු කටයුතු කාරක සභාවේ විශේෂ රැස්වීමක් අද (26) දහවල් 11ට කැඳවන බව නියෝජ්‍ය කතානායක රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.


ලොරි අනතුරකින් හමුදා සෙබ‌ළෙක් මරුට
2024 අප්‍රේල් මස 26 154 0

මාන්කුලම වසන්තනගර් හන්දියේදී අද (26) අලුයම ලොරි රථයක් සහ හමුදා ට්‍රක් රථයක් ගැටී සිදුවු අනතුරකින් යුද හමුදා සැරයන්වරයකු මිය ගොස් තවත් හමුදා සාමාජිකයන්


උලපනේ හිමි ඇතුළු පස් දෙනාට දැඩි කොන්දේසි මත ඇප
2024 අප්‍රේල් මස 26 128 0

අධිකරණ නියෝගයකට අවනතව කටයුතු නොකර රාජ්‍ය නිලධාරීන්ට බාධා පමුණුවා, ඇමතිවරයකුගේ ලිපියක් පෙන්නමින් බලපෑම් කළේ යැයි රක්ෂිත බන්ධනාගාර ගතව සිටි ගුරු විද


මෛත්‍රී පාස්කු ගැන පාර්ලිමේන්තුවටත් කියන්න යයි
2024 අප්‍රේල් මස 26 355 0

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට අද ප්‍රකාශයක් කිරීමට නියමිතය.


ජනපතිට එරෙහිව අල්ලස් පැමිණිල්ලක්
2024 අප්‍රේල් මස 26 750 0

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දේශපාලන කටයුතු සඳහා තරුණ සේවා සභාවේ දේපල යොදාගැනීම පිළිබඳ විමර්ශනයක් කරන ලෙස ඉල්ලා අල්ලස් හා දුෂණ කොමිෂන් සභ


මත්පෙති සමඟ අයෙක් අත්අඩංගුවට
2024 අප්‍රේල් මස 26 134 0

යාපනය ප්‍රදේශයේ තරුණයන් හට අලෙවි කිරීම සදහා මත්පෙති සන්තකයේ තබාගෙන සිටි මහා පරිමාණ ජාවාරම් කරුවකු පොලිස් විශේෂ කාර්ය බලකායේ නිළධාරින් විසින් අත්අඩ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 332 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1713 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1554 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site