ජනාධිපති ධූරය වැනි භාරදූර තනතුරක් දරාගත නොහැකි පුද්ගලයකුට රටක් පාලනය කළ නොහැකි බවත් ගෝඨාභය රාජපක්ෂ මහතා වැනි මහත්මයෙක් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ එම තනතුර දැරීමට තමුන් සුදුසු බව මුළු රටටම ඔප්පු කර පෙන්වීමේන් පසුව බව පේරාදෙණිය ගැටඹේ රාජෝපවනාරාමයේ විහාරාධිපති කැප්පිටියාගොඩ සිරිවිමල නා හිමියෝ පැවසූහ.
උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ගැටඹේ විහාරස්ථානයට අද (14) පැමිණි අවස්ථාවේදීය.
ගෝඨාභය රාජපක්ෂ මහතාට සෙත් පැතීමේ විශේෂ පිරිත් දේශනාවක් ද මෙහිදී මහා සංඝරත්නය විසින් සිදු කළහ.විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ ඇතුළු මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු රැසක් ද මේ අවස්ථාවට එක්ව සිටියහ.
(ඡායාරූප - රොමේෂ් ධනුෂ්ක සිල්වා)






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හාමුදුරුවන්ට කාර් පර්මිට් එකට දෙකක්ම ලැබෙයි.. මෙයා දිනපුවම. හැබැයි හාමුදුරුවනේ, මේ ආත්මයේදී නම් ඒ පර්මිට් දෙක ලැබෙන්නේ නැහැ. ඇයි දන්නවද? ' බයගෝඨා ' මේ ආත්මයේදී නම් ලංකාවේ ජනාධිපති වෙන්නේ නැහැ. මිනිහගේ ඇපත් ඉතිරි වෙයිද දන්නේ නැහැ. ඡන්දෙට ඉස්සෙල්ලා තමන්ට අයිති නැතිදේවල් කියවලා, ඡන්දෙ පැරදුණාම පන්සලට ගල් ගැහුවා කියලා බොරුවට කෑ ගහන්න එහෙම එපා...
යුද්දේ දරාගන්න බැරිව මොලේ අමාරුවක් කියලා මෙඩිකල් දීලා ඇමෙරිකාවට පැනලා ගිය හාදයා අපේ රටේ ජනාධිපතිවෙන්න...? මෙයා තමයි අැමෙරිකාවත් එක්ක කාටත් හොරෙන් අක්සා ගිවිසුම අත්සන් කරලා රට පාවාදුන්නේ. හාමුදුරුවන්ට මෙයා කීයක් දුන්නද බටර් ගාන්න කියලා...
හාමුදුරුවන් මේ නඩේට සෙත්පතලා රට බාර දෙන්න කලින්.... බලය තියෙනකොට කරපු වැරදි, මිනීමැරුම්... ගැන කතා කෙරුවද? බලය අයුතු ලෙස පාවිච්චි කරමින්, තුවක්කුව අතට ගත්තා කියන්නේ නිර්භීතකමද? නිවටකමද? අසරණ ජනතාව බිල්ලට දෙන්න. රටක් බාරදෙන්න කිසිවකුට බැහැ. පූජනීය ස්ථානවලට ලැබෙන දීමනා වෙනුවට රටට, ජාතියට වෙන හානිය හොයලා බලන්න. මිනිස්සු කියන්නේ මිනිසාට මිසක් සතා සිව්පාවට නෙමේ... හැම ප්‍රශ්නයකටම මුහුණ දෙන්නේ අසරණ ජනතාව...
ගෝඨාගේ ඇමෙරිකන් පුරවැසිකම ඉවත්කරන්නේ මේ උන්නාන්සේලාද?
මෙතුමා ඔප්පුකරලා තියෙනවා.. ඕනෑතරම් සුදුසුකම් තියෙනවා කියලා, තියෙන නඩු දිහා බැලුවාම සහ ඒවට මුහුණදෙන පිළිවෙල දිහා බැලුවම..
1956 ඉඳලාම රට අවුල් කළා..
ලබන මැතිවරණයෙන් පසු ජනාධිපතිගේ බලය අඩුවෙනවා නේද? එතකොට කොහොමද ඕක කරන්නේ? ගෝඨා සහෝදරයා නැතිව තනිවම ගමන් යන්න බයද? බය ගොඨාගේ බය තවම අඩුවෙලා නැතිවා වගෙයි.
අන්න හරි හාමුදුරුවනේ... ලේකම් තනතුරේ ඉඳන් රටේ බලගතු ඇමති ධුරයක් හොබවපු කෙනෙක්. ඇමෙරිකාවේ විදියට ආරක්ෂක ඇමතිම තමයි.
මහින්දානන්දයි ආනන්දයි දෙන්නම ඉන්නේ.. හැබැයි ඉතින් මෙයාලත් එක්ක ඉදිරි ගමන අති මහත් දුෂ්කර එකක් වේවි.
සිරිකොතේ පඩිගන්න අය මේකේ හරියට කොමෙන්ට්ස් දානවා...!
අයියගේ හයිය අරන් වැඩ කරා මිසක් මොලෙන් වැඩකරේ නෑනේ. එහෙම ඉවසීමක් විනයක් නැතිනම් මේ මොනවද කියන්නේ? අනික ජීවිතේට පාර්ලිමේන්තුවේ නොගිය කෙනෙක් ජනාධිපති කළොත් හොඳට තියෙයි.
ඕක දරාගන්න පුළුවන් රාජපක්ෂ කෙනෙකුට පමණද?
එකම අදහස් ඇති පිරිසක් එක දිගටම කමෙන්ට් කරලා. . කොච්චර නින්දා අපහාස කළත් මේ මිනිස්සු රට වෙනුවෙන් කළසේවය ඔය අදහස් දාන අයට වඩා අති මහත්... 30 අවුරුදු යුද්ධයකින් කී දාහක් මැරුණද? මරණ බියේ හිටපු ජාතිකයාට ජීවිත දානය දුන්නු මිනිස්සු මේ.. මේ රටේ මිනිස්සු තීරණය කරයි කවුද ඊ ළඟ ජනාධිපතිවරණයේදී ජයග්‍රහණය කරන්න ඕනෑ කෙනා කියලා. තමන්ගේ අපේක්ෂකයා විශ්වාස නම් මේ මනුස්සයාට මෙච්චර අපහාස කරන්නේ ඇයි? මේ ආණ්ඩුව සහ හෙන්චයියන් පහුගිය අවුරුදු 4 1/2 තිස්සේම කලේ සංඝයා වහන්සේලාට හිරිහැර සහ අපහාස කරපු එක තමයි. ඒවට පව් ඉක්මනට ගෙවන්න වෙයි.
අපි දන්නවා අපේ පූජ්‍ය සිරිවිමල නා හිමියෝ කවදත් රාජපක්ෂලාගේ පැත්තේ බව... කැප්පිටියාගොඩනේ... එ් නිසා වෙන කතාවක් කිව්වා නම් තමයි අරුමේ... ඉතින් මොන බණක් කිව්වත් ඒවා ත්‍රිපිටකයේ තියෙන දේවල් නොවේ කියලයි කියන්න වෙන්නේ. අයියයි, මල්ලියි වාඩිවෙලා ඉන්න අකාරය දැක්කහම නම් "රජ්ජුරුවෝ උඩයි උඩයි අනිත් ගොල්ලෝ බිමයි බිමයි" කියලා තමයි හිතෙන්නේ...
වැස්සකටවත් පන්සලකට ගොඩ නොවුන "බයගොටාගේ " අතින් අල්ලන් ලොකු අයියා එක්ක මේ ජෝඩුව පන්සල් ගානේ බඩගානවා !!! කැමරාවලට විරිත්තන්න දත්සෙට් එක එළියේ දමා ඉන්න ගෝඨා පන්සල මතක් උනේ චන්දෙ ළඟ එන නිසා නේද?
රන්ජන් විජේරත්න කියපු ප්‍රකාශයක් අපි ළඟ තිබෙනවා මේ දරාගන්න පුළුවන්කම ඇති පුද්ගලයා එදා හමුදාවේ ඉන්නකොට යුද්ධයට බයවෙලා මානසික ආතතියක් මවලා ඔහුට බැගෑපත් වෙලා ලංකාවෙන් පලාගියේ කොහොමද කියලා... අපිට කණගාටු මේ හිමිවරු දූෂණ, වංචා නඩුවලට මුහුණ දෙන පුද්ගලයෙකුට රටේ නායකත්වයට ඔසවා තබන්න සුදුහුණු ගාන එකටයි.
සංඝ ගෞරවය කෙලෙසීම ගැන හාමුදුරුවරුම හරියට කතා කරනවා. ඇයි එහෙම වෙලා තියෙන්නේ කියන එකට උදාහරණ ඔය තියෙන්නේ. ඊජිප්තුවේ හිටපු ෆාරුක් රජ්ජුරුවන්ව බලයෙන් පහකරලා නසාර් බලය අල්ලා ගත්තාම ෆාරුක් රජ්ජුරුවෝ කිව්වලු, 'ලෝකයේ අන්තිමට ඉතුරුවෙන්නේ රජවරු පස් දෙනයි, එංගලන්තයේ රජුත්, කාඩ් කුට්ටමේ රජුන් හතර දෙනාත් පමණයි' කියලා. මෙහෙම ගියොත් කෙලින් කතා කරන්න හැකියාව තියෙන හාමුදුරුවරු ඉතුරු වෙන්නෙත් ටෙලි නාට්‍යවල පමණයි.
2010 ජනාධිපති මැතිවරණය තරගය තිබුණු කාලෙ ITN සහ ජාතික රූපවාහිනි වල විකාශනය කරවපු වැඩසටහන් ගැන ආවර්ජනයක් කරල බලමු ද?.. ඒකාධිපති දරදඩු මිනිස්සු ලෙස නම්දරපු ලොව සමහර නායකයන් ආශ්‍රිතව නිෂ්පාදන කරන ලද චිත්‍රපට තමා දවසගානෙ ඒවායෙ පෙන්නුවෙ. සරත් ෆොන්සේකා ට එරෙහිව ජනමනස හදන්න...
සිරිකොතේ හා අසමාජවාදීන් කුලප්පු වී ඇති බව නම් හොඳටම පෙනේ. මෙතුමාට විරුද්ධව එකම චෝදනාවක් වත් වසර 5ක් ගතවෙලත් මෙතරම් පක්ෂපාති අධිකරණයකින් ඔප්පු කිරීමට නොහැකිවීම මේ සියල්ල බොරු චෝදනා බව ඔප්පු කිරීමට ප්රමාණවත්ය.
අනේද කියන්නේ 7/11 convenient shop එකේ වැඩ කරලා අයියා ජනාධිපති වුණාම ඇවිත් ආරක්ෂක ලේකම් වෙලා. ඇමෙරිකාවේ ඉන්න ලංකාවේ අයගේ සමාගම් වලින් වැඩකළා කියලා ලියුම් අරන් පරිගණක උපාධිය කළා කියලා කොළඹ විශ්වවිද්‍යාලයෙන් සහතික අරන්, මිග් අරන් ගසාකාලා, අහුවුණාම සාක්කි නැති කරලා, සාක්කිකාරයන් වැලිගම්පිටි යවලා, සල්ලි පිටරට ගිණුම් වල දාලා ස්වල්ප නැගීමක්ද මෙයා නැග්ගේ..? මහින්ද ජනාධිපතිවෙලා කරපු දේවල් මෙයා ජනපති නොවීත් කරලා අපේ හාමුදුරුවනේ. ජනාධිපති වුණාම ලංකාව උකස් කරලා හඳටත් යයි.
මාරු බඩු ටික එන්නද අලුත්ගමගේත් ඉන්නවා. ශා රට හදාවි සති දෙකෙන්...
2010 සරත් පොන්සේකාට රාජපක්ෂ ඇතුළු සියලු දෙනා කියපු ඒවා ගෝඨාට වලංගුද?
ගෝඨාභය මැතිතුමාට එනවට අපි බොහොම කැමතියි. නමුත් පරණ විදිහටම බොරුවට බස් වලින් මිනිස්සු ගෙනල්ල මහජනතාවට කරදර වන ආකාරයෙන් කටයුතු කරන්න එපා.. පෝය දවසේ ඔබ තුමා අනුරාධ පුරයට ඇවිල්ල මහා ජනතාවට පුදුම කරදරයක් දුන්නේ. අපට අඩුගානේ ශ්‍රී මහා බෝධියවත් රුවන් වැලි සැය වත් වදින්න ඔබ තුමාගේ ආරක්ෂක කණ්ඩායම අපට ඉඩ දුන්නේ නැහැ.. කරුණාකර ඔවැනි වන්දනා කටයුතු සඳහා සෙනග අඩුවෙන් ගැවසෙන දවස් තෝරා ගත්තොත් හොදයි නේද?
ජනාධිපති වරුන් කීදෙනෙක්ට කරගන්න බැරිව තිබුණු යුද්දය හැමෝම එකතු කරගෙන ඉවරයක් කරගන්න පුළුවන් කම එතකොට නාගරික සංවර්දනය , හමුදාවට අදායම ලබාගැනීමේ ක්‍රම උපායන් ක්‍රියාත්මක කරගැනීම කොතරම් රටට අලුත් වැඩද?. අනිවාර්යෙන්ම මෙතුමා රට ඉදිරියට ගෙනියනවා. කොලපාට කන්නාඩි දැන්වත් ගලවල දාන්න. ඔබේ පක්ෂය තරම් රටට අගතියක් කල පක්ෂයක් තවත් නැහැ. 30 වසරක යුද්දය ආරම්භය, වැඩවර්ජන මිනිසුන්ගේ රැකියා නැතිකර හා ඝාතන කර යටපත් කිරීම ,1983 ජාතිවාදය ඝාතන වලට යනකම් නිදාගෙන සිටීම, 88 හා 89 තරුණයන් 60,000 පමණ ඝාතනය වනකම් නිදා සිටීම, ත්‍රස්ත වාදීන්ට ආයුධ ලංකා හමුදාව ලවා ගෙන්වා ලබාදීම, ඉන්දීය හමුදා රටට ගෙන්වීම, අප්‍රේල් බෝම්බ පුපුරා යනකම් මුකුත් නොදැනීම වගේ මේවට වඩා තවත් රටට අහිත කරදෙවල් කොතරම් කලාද. මුල්වරට මාධ්‍යවේදියෝ ඝාතනයට මුල්වූයේ මෙම පක්ෂයයි. ප්‍රේමකීර්ති හා රිචඩ් ඒවාට උදාහරණ. මෙම මාධ්‍ය වේදියෝ රටට පිළිලයක් වුනේ නැහැ ,මේවා ඔක්කොම දැන් කොළ ලේ ඇගේ දුවන අයට අමතක වෙලා.
ජනපති බලතල 90%ක් පාර්ලිමේන්තුවට දීලා නිසා මෙවර පත්වන ජනපතිට ඕනෑ විදිහට වැඩකරන්න බැරිය. ඒ බව නොදැන බයිලා ගහනවද නැත්නම් හැටිද..? මේ ජනපති පත්වුණත් වත්මන් පාර්ලිමේන්තුව පවතින බැවින් දැනට තියන ජනපති බලතලත් සංශෝධනය කර පාර්ලිමේන්තුව සම්මත කරන අණපනත් අනුව ක්‍රියාකරන පාර්ලිමේන්තුවෙන්ම පත් කරන ජනපති තනතුර හදා ජනපතිවරණයත් නොපවත්වා ඒ සඳහා වියදම් වන මුදලුත් ඉතුරු කර පාර්ලිමේන්තු නියෝජිතයින්ගේ වියදනුත් හැකිතාක් අඩුකර ජනතා මෙහෙවර කිරීම ඊළඟ පියවරයි. නැවත ඒකාධිපති කතා මොකටද? පාර්ලිමේන්තුවට පත්කර යවන විවිධ පක්ෂවල ජනතා නියෝජිතයින් විවාද කර රාජ්‍ය යාන්ත්‍රණය සඳහා අණපනත් සම්මත කිරීම ජනතා පරමාධිපත්‍ය ක්රියාවේ යෙදෙන ප්රජාතන්ත්රවාදී පාලන ක්‍රමයයි. තනි අයෙකුට රටේ බලය පැවැරූ විධායක ජනපති ක්‍රමය ඒකාධිපති ක්‍රමයයි. ජේආර් හැර සියලු ඒකාධිපති ජනපතිවරු වියරුවෙන් ක්‍රියාකළ හැටි රටවැසියෝ පිළිකුලෙන් ප්‍රතික්ෂේප කළහ. 1994 සිට ඒකාධිපති ක්‍රමය අහෝසි කරනවා කියා ජනපතිලා බලය ගත්හ. වත්මන් යහපාලනය එය අහෝසිකර ඇතිබව මෙයාලා දැනගත්තේ 2018 ඔක්තෝම්බර් 26 අගමැති එලෝපු වෙලේ අධිකරණ තීන්දුවෙන්. මෙයාලගේ රාජ්යතන්ත්ර ඥානයේ තරම තමයි.
රටට අවශ්‍ය නව නායකත්වයක්... නැතුව පරණ හොරු ටිකයි, අලුත් හොරු ටිකයි මාරු කරන එක නෙවෙයි. අපේ දරුවන් ගැනවත් හිතලා අලුත් රටක් හදමු. මේ ඔක්කොම අයින් කරලා. නැත්නම් ඔවුන් අපිට දිනයකදී සාපකරයි. අනාගතය ගැන හිතන්න මේක හොඳ අවස්ථාවක්...
මේකේ ගෝඨාට ගරහන සංවිධානාත්මක මඩ ගැසීමක් තමා වෙන්නේ...!!!
පොදුජන පෙරමුණේ ඒකාධිපති වාදයට අකමැති සියලුම දෙනා සිරිකොතේ ගැත්තන් ලෙස හිතන මිනිස්සු ගැන නම් හරිම කණගාටුයි. මෝඩකමට බෙහෙත් තවම හොයාගෙන නැති බවයි කියන්න ඇත්තේ. ඔන්න හොඳ ආරංචියක් එහෙනම්. රවී කරුණානායක එජාපයේ 8 දෙනෙක් එක්ක මහින්ද රාජපක්ෂ හමුවී තියෙනවා. ජනාධිපති අපේක්ෂකයා සජිත් වුනොත් ඔවුන් පොහොට්ටුවට සහය දෙන බවයි කියන්නේ. දැන් සතුටුද?
යකෝ මේක මාර කෙලියක් නේ රාජපක්ෂලා විතරයි රට පාලනය කරන්න සුදුස්සෝ. අනේ මන්ද? මේ අබුද්දස්ස කාලේ වගෙයි.
තමන්ගේ හිත හදාගන්න බැරුව අනුන්ගේ ශක්තිය ගැන කතා කරන එක පිස්සුවක් වගේ.
හැබැයි රාජපක්ෂ මහත්තයෝ කෙනෙක් ඉදිරියේ පුටුවේ වාඩි වෙන්නේ ඔහොම නොවෙයි. ඔහොම ගෙදර වාඩි වෙන්න පුළුවන්...