(නිමල් ජයරත්න)
එක්සත් ජාතික පක්ෂයේ කුණු ගොඩවල් තියෙන බවත්.කුඩු වෙළදාම , මත්ද්‍රව්‍ය වෙළදාමට ජනප්‍රිය දෙදෙනෙක් වේදිකාවට ගෙනත් දා ගත් බවත් වසන්ත සේනානායක මහතා පැවැසීය.
මේ දෙදෙනාගෙන් එක් කෙනෙක් රාජ්‍ය සේවකයෝ ගස් බැන්ඳා බවත් අනිත් කෙනා මිහින් ලංකා විනාශ කරලා රටේ සල්ලි විනාශ කරපු කෙනා බවත් වසන්ත සේනානායක මහතා පැවැසීය.
මනම්පිටියේ මෛත්‍රී ක්‍රීඩාංගණයේදී පැවැති ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ රැළියට එක් වෙමින් මෙසේ ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහයට එක්ව එම රැළියේදී ජනතාව ඇමතූ වසන්ත සේනානායක මහතා මෙසේද අදහස් දැක්වීය.
‘‘පාස්කු ප්‍රහාරයෙන් පසු අපේ රට ලේ විලක් බවට පත්වුණා.ඒ කාලේ සමහර ඇමැතිවරු එක එක දේවල් කිව්වා.එක්කෙනෙක් කිව්වා ළමයි රක්ෂණය කරලා තියෙන්නේ පාසල් යවන්න කියලා.අනිතා කෙනා කිව්වා බෝම්බ ප්‍රහාරයෙන් පසසේ ඇමරිකාවෙන් අපේ රටට සල්ලි ටිකක් ආවා කියලා.රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ සුරතල්ලු ටික අද පක්ෂය විනාශ කරනවා.
අපිට ලොකු ගමනක් යන්න තියෙනවා.මේ රට සංවර්ධනය කරන්න ඕන.ඔබේ දරුවන්ට අනාගතයක් තිබිය යුතුයි. මේ රටේ ආරක්ෂාව ස්වෛරීභාවය රැකගන්න ඕන.ඒකට එකම සුසංයෝගය තමා මහින්ද ගෝඨා සුසංයෝගය.අපි ඒ ගමන යන්නේ අද එකතු වෙලා.
ගෝඨා - මහින්ද සමඟ ඒ ගමන යමු.ඒ සඳහා ජයග්‍රාහි එකම මාවතද ගෝඨා - මහින්ද සුසංයෝගය‘‘ බවද වසන්ත සේනානායක මහතා මෙහිදී සඳහන් කළේය.
මෙම අවස්ථාවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු මන්ත්‍රීවරු විශාල පරිසක් එක්ව සිටියහ.
COMMENTS
කවද්ද මේ මහත්තයාගේ " වීඩියෝ පට" එලියට දාන්නේ? මේවාත් රස මුසු වෙයිද කියලයි අපි මේ බලාගෙන ඉන්නේ...?
සතිගාණක් තිස්සේ තටමලා තටමලා මේ මැතිවරණයේ පළමු පිම්ම පැන්න වසන්තට අපෙන් සුබපැතුම්...! ගිනස් වාර්තා පොතට අනිවා එකතු කළයුතු අරුම පුදුම චරිතයක් තමයි ඉතින්..
ඔව් ඔව් ඔන්න එ්කට අපේ පක්ෂේ... එක කුණු පොදක් නෑ. කට්ටිය වුණත් හතර පෝයට සිල් ගන්නවා එක පොදියට, කුඩුකාරයන් කියන්නේ කවුද කියලා අපි අහලවත් නෑ. ඔය දැන් අනික් පැත්තේ ඉන්න රජයේ සේවකයන් ගස් බැන්ද කෙනා අපේ පක්ෂේ කවදාවත් හිටියෙත් නෑ. කොටින්ම මං වුණත් මැරිලා ඉපදුනේ දවස් දෙකතුනකට කලින්. තමුන්නාන්සේලාත් එහෙම නේද?
එක්සත් ජාතික පක්ෂයේ කුණු ගොඩවල් තියෙනවා නම් එම කුණු සුද්ද කිරීමට මැතිවරණය අවසන් වනතෙක් නොසිට කුණු සුද්දකරන පුද්ගලයා දැනුවත්ව හෝ නොදැනුවත්ව කුණුවලකට වැටී ඇත. 16 වැනිදායින් පසුව කුණුගොඩ / කුණුවල සදහටම වසා දැමෙනු ඇත.
ඇත්ත කථාව, එක කෑල්ලක් අද ගියා... ඉතුරු දෙන්නයි.
මෙයා තව ටික දවසකින් කියාවි මහින්ද, ගෝඨා සුසංයෝගය හරියන්නේ නැහැ කියලා. මොන අපේක්ෂකයා වෙනුවෙන් මෙයා පෙනී සිටියද, මෙයාගෙන් අඩු තරමින් ඡන්ද 50ක්වත් හරවන්න බැහැ...
වැඩකට නැති අය කී දෙනෙක් නම් එව්වද?
නිරිසතාට සුදුසු ස්ථානය වන නරකාදිය සොයා යාම ගතියයි ..
මිට කලිනුත් එහාට පැන්න මේ අය මොකටද එජාපයට?
පොළොන්නරුවේ පැවැත්වුණු පොදුජන පෙරමුණේ රැලියේදී ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා සිය කතාව පවත්වන අතර මැදදී කිසියම් පිරිසක් ජයගෝෂා නඟමින් වසන්ත සේනානායක මහතා සෙනඟ මැද්දෙන් වේදිකාවට රැගෙන එනු දුටු ගෝඨාභය මහතා ඒ ගැන උරණ වූ වීඩියෝවක් දැන් තියෙනවා..
ඒකටත් එක්ක අපේ පක්ෂය... පොහොට්ටුවේ ඉන්නේ ඔක්කොම සුද්දවන්තයෝ.. දූෂිත පවුල් පාලනේ ගැනවත් අහලාවත් නැතුව ඇති...
ගෝඨාභය සහ මහින්ද යන දෙදෙනාම අමතක වීමේ රෝගයට ප්‍රතිකාර ගන්නා දෙපලකි. එක්තරා මැදිරියට පැමිණි ගෝඨා හා මහින්ද රූ ගත කිරීම වලට සහභාගි වී ඇත.
එක්සත් ජාතික පක්ෂයේ විතරක් නෙමේ, මේ ඉස්ගෙඩි සේරමගේම කුණු තියෙනවා. කාටද කියන්න පුළුවන් මම සුදනා කියලා...? කට්ටියක් කනවා ආපහු තව කට්ටියක් ගොඩදානවා... අවුරුදු හතරෙන් හතරට. හොරකමින් කුඩු, එතනෝල් මහා පරිමාණ හොර බිස්නස් තමයි. කවුරුත් කරන්නේ, සුදු රෙද්ද ඇඳලා පිරිත් නූල් බැඳලා මල් වට්ටිය අතින් අරන් තමයි වැඩ අරඹන්නේ... හාමුදුරුවරු මේ ඇත්තන්ට ආශිර්වාද කරන්නේ යෝධ බල ශක්තිය ලැබෙන්න කියලා.... හරියට මහන්සි වෙලා වැඩ කරන කට්ටියනේ...
ගෝඨා ජනාධිපති වුණොත්... අලුත් අමාත්‍යාංශයක් හදනවා...
අපි දුටුවා මොහු වේදිකාවට එනකොට කතාකරමින් සිටි අපේක්ෂක කතාව නවතලා අහනවා මම කතාකරනකොට මොකටද මේ පුද්ගලයව මෙතනට ගෙනාවේ කියලා.. අපි අහනවා මේ විදියට බැනුම් අසමින් තමන්ගේ ආත්මය පාවාදෙන්න මොහු මොකට ඉපදුණාද කියලා... ඒ වගේම පේනවා නේද ජනපති අපේක්ෂකයා ඔහුගේ කතාවට බාධාවෙනවා කියා කේන්ති ගිහින් තිබෙන හැටි..
අරුවක්කාලු කසල අංගනයට යවන්න...
කැලිෆෝනියාවේ නිශ්ප්‍රභා කළ ලසන්ත ඝාතන නඩුව අායිමත් ඇදෙන ලකුණු.. එහෙනම් එවකට තිබූ රජය මහින්දගේ රජයයි.
එක්සත් ජතික පක්ෂයටත්, සේනානායක පරපුරටත් නින්දා කරනවා. කිසි ප්‍රතිපත්තියක් නැහැ. කුණු එකතු වෙන්නේ කුණු සමග යන කියමන සත්‍යයි. ඔප්පු කළාට බොහොම ස්තුතියි.
කුණු ගොඩවල් නොවෙයි එකම කුණුගොඩක්. අර මනූෂ කියනවා සජිත් කියනවාලු දූෂිතයින් කිසිවෙකුට කැබිනට් ඇමතිකම් දෙන්නේ නැහැ කියලා. එජාපෙ දූෂිත නැති අය ඉන්නවා නම් ඒ ඊයේ පෙරේදා ආපු පසුපෙලේ ගොයියන් ටිකයි. ඒ අයට පුලුවන්ද ඇමතිකම් කරන්න. දූෂිතයින් කිසිවෙකුට කැබිනට් ඇමතිකම් දෙන්නේ නැතිනම් රනිල්ට මොකද වෙන්නේ?
අපි හැමෝම දන්න දෙයක් තමයි උෟරෙක් කොච්චර පිරිසිදු තැනක තිබ්බත් උෟ යන්නේ ජරා කුණුවලවල් හොයාගෙන කියලා...
ඔය මොනවත් නෙවෙයි මට තියෙන ප්‍රශ්නේ... ගෙම්බා ගාවට ගියාද, ගෙම්බා ගෙට ආවද කියන එකයි ගැටළුව...