(බිඟුන් මේනක ගමගේ)
සුරක්ෂා පාසල් සිසු රක්ෂණය පෞද්ගලික අංශයෙන් රජයට පවරා ගන්නැයි ලංකා ගුරු සංගමය අධ්‍යාපන ඇමැති ඩලස් අලහප්පෙරුම මහතාගෙන් ඉල්ලීමක් කර ඇත.
රජය සුරක්ෂා රක්ෂණයට කරන විශාල ආයෝජනයට සාපේක්ෂව පාසල් දරුවන්ට ප්‍රතිලාභ නොලැබෙන බැවින් මෙම ඉල්ලීම කළේ යැයි එහි ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් මහතා ලංකාදීපයට පැවැසීය.
එම රක්ෂණ ක්‍රමය ආරම්භ කළ 2017 වසරේ දී රජය ඊට මුදල් රුපියල් මිලියන 2700ක් වෙන් කළද පාසල් දරුවන්ට ප්‍රතිලාභ හිමිවුණේ රුපියල් මිලියන හාරසියයක් පමණකැයි කී හෙතෙම එමගින් සිදුවන්නේ පෞද්ගලික සමාගම්වල මඩිය තරකිරීමක් යැයි චෝදනා කළේය.
මේ වනවිට එම රක්ෂණය පෞද්ගලික සමාගමකට ලබා දී ඇත්තේ ටෙන්ඩර් පටිපාටියෙන් බැහැරව යැයිද අධ්‍යාපන ඇමතිවරයා ඒ ගැන දැනුවත් කළේ යැයි ද ස්ටාලින් මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
පාසල් සිසුන් වෙනුවෙන් ක්‍රියාත්මක සුරක්ෂා රක්ෂණය ජාතික වගකීමක් ලෙස සලකා අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව අධ්‍යාපන ඇමති ඩලස් අලහප්පෙරුම මහතා පසුගියදා නිවේදනයක් නිකුත් කළේය.
COMMENTS
රක්ෂණය ගැන මෙලෝ අවබෝධයක් නැති රතු පක්ශකාරයෙක්.
එපා. පුද්ගලික අයගේ සේවය ඉතා ඉහළයි SLICට වඩා...
මමත් හිතන්නේ ලංකා ගුරු සංගමයට රක්ෂණය ගැන මෙලෝ අවබෝධයක් නැහැ කියලා.
ඒක හොඳයි. ආයෙත් ඔක්කොම එකතුවෙලා කොමිස් ගහන්න පුළුවන්නේ...
පුද්ගලික අංශය තමයි මේ යෝජනාව රජයට ඉදිරිපත් කලේ.. මෙහෙම රක්ෂණයක් දරුවන්ට කරමු කියලා.. නිර්මාණශිලී අදහසක් ඒක.. මේ අධ්‍යාපනය ගැන මොලෝ හසරක් දන්නේ නැතිව පාරේ ඉන්න වෘත්තීය සමිතිකාරයින් මොනවද දන්නේ..? ඔවුන් අධ්‍යාපනයට සේවයක් කරලද ඔය කෑ ගහන්නේ..