(බිඟුන් මේනක ගමගේ )
රිෂාඩ් බදියුදීන් ඇමැතිවරයාත් එම්.එල්.ඒ.එම් හිස්බුල්ලා හා අසාද් සාලි යන ආණ්ඩුකාරවරුන් තනතුරුවලින් තාවකාලිකව පහකර ඔවුන්ට එරෙහිව නැගී ඇති චෝදනා සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් කිරීමට ජනාධිපතිවරයා පියවර ගත යුතු යැයි ජාතික හෙළ උරුමයේ ජාතික සංවිධායක පළාත් සභා මන්ත්‍රී නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා ‘ලංකාදීප’ යට පැවැසීය.
යුද හමුදාපතිවරයා ප්‍රමුඛව පාර්ශ්ව ගණනාවකින් මෙම දේශපාලකයන්ට එරෙහිව චෝදනා නැගෙද්දී රාජ්‍ය නායකයන් මුනිවත රැකීම මුළු රටටම උභතෝකෝටික ගැටලුවක් වී ඇතැයි ද ආණ්ඩුවට විශ්වාසභංගයකට මුහුණ දීම දක්වා තත්ත්වය නරක්වීමට ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් දෙදෙනාම වගකිව යුතුය යන්න ජාතික හෙළ උරුමයේ මතය යැයි ද වර්ණසිංහ මහතා කීය.
ආණ්ඩුවටත් රිෂාඞ් බදියුදීන් ඇමැතිවරයාටත් එරෙහිව ඉදිරිපත්ව තිබෙන විශ්වාසභංග සම්බන්ධයෙන් ආණ්ඩුවේ පාර්ශ්වයක් වන ජාතික හෙළ උරුමයේ මතය ගැන කළ විමසීමකට පිළිතුරු දෙමින් වර්ණසිංහ මහතා මෙම අදහස් පළ කළේය.
චෝදනාවට ලක්ව සිටින ඇමැතිවරයා හා ආණ්ඩුකාරවරුන් තනතුරුවලින් පහකොට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු විමර්ශන කටයුතුවලට සහාය දක්වන්නේ නම් විශ්වාසභංග ක්‍රියාවලිය වුව වලක්වාගත හැකිව ඇතැයි වර්ණසිංහ මහතා අවධාරණය කර කීය.
මුස්ලිම්විරෝධී කෝලාහලවලට මැදිහත් වී යැයි යන පදනමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ප්‍රකාශ සටහන් කරගැනීමට හැකි නම් මේ තරම් බරපතල සිදුවීමකට අදාළ තොරතුරු හෙළිදරව් වෙද්දී මෙම දේශපාලකයන් තිදෙනා සම්බන්ධයෙන් ජනාධිපතිවරයා මුනිවත රකින්නේ ඇයිද යන්න විශාල ප්‍රශ්නයක් යැයි ද වර්ණසිංහ මහතා පැවසීය.
රජය නියෝජනය කරන කතෝලික මන්ත්‍රීවරුන් මෙම සිද්ධිය නිසා දැඩි පීඩනයකට ලක්ව සිටින්නේ යැයි ද එක්සත් ජාතික පෙරමුණේ සාමූහික වගකීම කුමක්ද යන්නවත් පැහැදිලි නැති තත්ත්වයක් නිර්මාණය වී ඇතැයි ද මන්ත්‍රීවරයා සඳහන් කළේය.
පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතාට ද චෝදනා රැසක් එල්ල වී ඇති නමුත් පක්ෂයක් හැටියට ඊට පැහැදිලි පිළිතුරක් දෙන්නට හෝ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනීසිට ප්‍රකාශයක් කරන්නැයි උපදෙස් දීමක් හෝ සිදුව නැතැයි ද එය එක්සත් ජාතික පෙරමුණේ විශාල අඩුපාඩුවක් යැයි ද වර්ණසිංහ මහතා අවධාරණය කළේය.
වගකීම්සහගත ආණ්ඩුකරණයක් මගින් ආගමික අන්තවාදයට ඇතැම්විට මාස තුනක් වැනි කාලයකින් විසඳුම් දිය හැකි යැයි කී හෙතෙම දේශපාලන වශයෙන් පිල් බෙදී කරන ගහමරාගැනීම් මගින් එය වසර තිහක් වැනි දිගු කාලයකට දිග්ගැස්සෙන ප්‍රශ්නයක් බවට පරිවර්තනය කරගත හැකි යැයි ද අවධාරණය කළේය.
ඒ නිසා සියලු පක්ෂ එක්ව මෙය ජාතික ගැටලුවක් සේ සලකා පොදු එකඟතාවයකට පැමිණිය යුතු යැයි ද ආගමික අන්තවාදීන්ට දේශපාලන සහාය දෙන සියලු පුද්ගලයන් පරාජයට පත් කළ යුතු යැයි ද වර්ණසිංහ මහතා කීවේය.
විශ්වාසභංගවලදී ගන්නා ස්ථාවරය සම්බන්ධයෙන් ජාතික හෙළ උරුමයේ නායකයන් සාකච්ඡා කර කඩිනමින්ම පක්ෂ මතය ප්‍රකාශයට පත්කරන්නේ යැයි ද වර්ණසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
‘බදියුදීන්, හිස්බුල්ලා, සාලිගේ තනතුරු අහෝසි කරන්න‘
warnasinghe Wednesday, 22 May 2019 03:19 AM
ඔය මුවින් වැදගත්යමක් පිට උනාමයි
sharm warn Wednesday, 22 May 2019 03:51 AM
මේකට කියන්නේ රාජ්‍ය ත්‍රස්තවාදය කියලා...
saliya Wednesday, 22 May 2019 04:48 AM
තවත් අයට වගකීම් පැහැරහැරීම පිලිබඳ ප්‍රබල ඍජු චෝදනා තිබෙනවා නේද? දෙතුන් දෙනෙක් ව මේ අයට උදවු කළා කියලා අල්ල ගෙන ඒ ගොල්ලන්ට ගැලවෙන්න ඉඩ හරිමුද?
Sithi mutucumarana Wednesday, 22 May 2019 05:53 AM
යම්කිසිවෙක් වරදක් කොට ඇත්නම්, එසේ සැක කරනවානම් කලයුත්තේ පළමුව පොලිසියට පැමිණිලි කිරීමයි. නැතිනම් උසාවියේ නඩුවක් ගොනුකිරීමයි. ඔවුන් රකින ජනාධිපතිට හෝ අගමැතිට පැමිණිලි කිරීම බොරු වැඩක්.!
Rasi Wednesday, 22 May 2019 06:41 AM
මෙයා නිකන් කෑගහනවා. පුළුවන් නම් චම්පික ට කියන්න විශ්වාශභංගයට ඡන්දෙ දෙන්න කියලා