(නිමන්ති රණසිංහ)
කොටහේන ප‍්‍රදේශයේ පුද්ගලයින් 11 දෙනෙකු අතුරුදන් කළැයි කියන සිද්ධියට අදාළ හිටපු නාවික හමුදා ලූතිනන් කමාන්ඩර් චන්දන ප‍්‍රසාද් හෙට්ටිආරච්චි හෙවත් ‘‘නේවි සම්පත්’’ ලබන 25 වැනිදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් රංග දිසානායක මහතා අද (11) නියෝග කළේය.
මෙම සිද්ධියට අදාළ මහේස්ත‍්‍රාත් පරීක්ෂණය අද (11) අධිකරණය හමුවේ යළි කැඳවූ අවස්ථාවේදි සිද්ධියේ සැකකරුවන් 14 දෙනෙකු අධිකරණය හමුවේ පෙනී සිටි අතර, සැකකාර නාවික හමුදා බුද්ධි අංශ කොමදෝරු සුමිත් රණසිංහ යන අය අසනීප වී වැලිසර නාවික හමුදා රෝහලේ ප‍්‍රතිකාර ලබන බවට අධිකරණයේදී කරුණු අනාවරණය විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අපරාධයේ කතානායකත් පොහොට්ටුවෙන් මහපුටුවට පැනගන්න හදන හාදයායි. හිසේ කෙස් ගානට අපරාධ කරලා නේද?