IMG-LOGO

‘ජාත්‍යන්තර පාර්ශ්ව ජනපතිවරණයට මැදිහත් නොවේවියි විශ්වාස කරනවා’

කිසිදු ජාත්‍යන්තර පාර්ශ්වයක් මෙවර ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ජනාධිපතිවරණයට මැදිහත් නොවනු ඇතැයි විශ්වාස කරන බව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඉන්දියාවේ ‘ද හින්දු’ පුවත්පතට සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් පවසා ඇත.

හෙතෙම කියා තිබේ. ශ්‍රී ලංකාවේ ජාතික දේශපාලනය තුළ ජාත්‍යන්තර ප්‍රජාවේ භූමිකාව සම්බන්ධයෙන් අදහස් දක්වමින් බැසිල් රාජපක්ෂ මහතා ඒ බව ප්‍රකාශ කර තිබේ. ඔහු කියා ඇත්තේ ආචාරධාර්මිකව එසේ විය යුතු බවය.

‘ද හින්දු’ පුවත්පත බැසිල් රාජපක්ෂ මහතා හඳුන්වා දී ඇත්තේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ  මැතිවරණ ව්‍යාපාරයේ මහ මොළකරු ලෙසය.

2015 වසරේ පැවැති ජනාධිපතිවරණයෙන් පරාජයට පත්වීමෙන් අනතුරුව බැසිල් රාජපක්ෂ මහතාගේ සොහොයුරු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉන්දියාවේ බුද්ධි අංශය වන ‘රෝ’ සංවිධානයට චෝදනා කළේය. පාර්ශව රැසක් 2015 දී රෙජීමයේ වෙනසක් කිරීමට උත්සාහ කළ බවත් ඉන්දියාවේ ‘රෝ’ සංවිධානය ඉන් එකක් බවත් මහින්ද රාජපක්ෂ මහතා පැවැසීය. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා චීනයට වැඩි හිතවත්කමක් පෙන්වූ බවත් ‘ද හින්දු’ පුවත්පත වාර්තා කර ඇත.  

කෙසේ නමුත් බැසිල් රාජපක්ෂ මහතා අද දරන්නේ ඊට වෙනස් මතයක් යැයි ද ‘ද හින්දු’ පුවත්පත සඳහන් කරයි.

“ඉන්දියාව හෝ වෙනත් රටක් එදා විපක්ෂ සන්ධානයට සහයෝගය දැක්වූ බව මා සතුව සාක්ෂි නැහැ. එහෙත් අද වෙද්දි එදා වැරැදුණේ මොනවාදැයි අපි හොඳින් තේරුම් අරගෙන තිබෙනවා. එදා ඔවුන් අපේ ආණ්ඩුව වෙනස් කළා නම්, අද වෙද්දි අපි ඒ වැරැදි හදාගෙන තිබෙනවා” යැයි ඔහු ‘ද හින්දු’ පුවත්පතට ප්‍රකාශ කර තිබේ.

ඉන්දියාව අපේ අංක එකේ මිතුරා. ඒ වගේම අපේ අසල්වැසියා. අපිට සෑම විටම ඉන්දියාව සමඟ කටයුතු කරන්න වෙනවා. විශේෂයෙන්ම දේශපාලන සහ ආරක්ෂක කරුණුවලදී අපිට හැමතිස්සේම ඉන්දියාව සමඟ වැඩ කරන්න වෙනවා. එහෙත් ආර්ථික සහ අනෙකුත් කරුණුවලදී අපට චීනය අමතක කරන්න බැහැ” යැයි ද ඔහු පවසා ඇත.

මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන සමයේදී බලවත් අමාත්‍යවරයකු වූ බැසිල් රාජපක්ෂ මහතාට මහා පරිමාණ වංචා දූෂණ චෝදනා එල්ල වී තිබේ. 2015 වසරේදී ඔහු අත්අඩංගුවට ගැනුණු අතර කෙටි කාලයකින් පසු ඇප මත නිදහස් විය. ඇප මත මුදා හැරීමෙන් පසු බැසිල් රාජපක්ෂ මහතා කාලය නාස්ති නොකරමින් 2015 වසරේ ලැබූ පරාජයෙන් නැගී සිටීම සඳහා පසුබිම සකස් කළේය. ඔහු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආරම්භ කළ අතර 2018 වසරේ පැවැති පළාත් පාලන මැතිවරණය සඳහා දැවැන්ත සහ ශක්තිමත් මැතිවරණ ව්‍යාපාරයක් ද ක්‍රියාත්මක කළ බව ද හින්දු පුවත්පත් වාර්තාවේ සඳහන් වේ.

එහිදි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සියයට 40ක ඡන්ද ප්‍රතිශතයක් හිමි කරගනිමින් පාලනයේ සිටි එක්සත් ජාතික පක්ෂය දෙවැනි තැනටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තෙවැනි තැනටත් පත් කළේය. එම මැතිවරණ ජයග්‍රහණයත් සමඟ රාජපක්ෂ කඳවුර මැතිවරණ ක්‍රියාදාමය තුළ නැගී සිටියේය. එය රාජපක්ෂවරුන් සිය දේශපාලන දිවි ආරම්භ කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කඩා වැටීම ද සනිටුවහන් කළේ යැයි ද එහි සඳහන් කර ඇත.

බැසිල් රාජපක්ෂ මහතා සංඛ්‍යා දත්ත සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කර ඇතැයි ද ‘ද හින්දු’ පුවත්පත වාර්තා කරයි.

“අපි මැතිවරණය වෙනුවෙන් මෘදුකාංගයක් (ඇප් ස්මාර්ට් ජංගම දුරකතනවල භාවිත කළ හැකි මෘදුකාංගයක්) සංවර්ධනය කර තිබෙනවා.  එමගින් සෑම දිස්ත්‍රික්කයකම සිදුවන ඡන්ද ව්‍යාපාරය ඒ අවස්ථාවේදීම බලාගන්න පුළුවන්. අපි එමගින් තමයි ඉලක්කම් ගැන බලන්නේ. සංඛ්‍යා දත්ත ගැන බලන්නේ එහෙමයි. අපි මිනිස්සුන්ට කතා කරනවා. ගමේ ඉන්න මිනිස්සු එක්ක සම්බන්ධ වීම ඉතාම වැදගත්. ඉලක්කම් තියෙන්නේ ඉලක්කවලට” යැයි ඔහු පවසා ඇත.

අපේ ඉලක්කය ඡන්ද මිලියන 6.5ක් (ලක්ෂ 65ක්). ජයග්‍රහණයට අවශ්‍ය සියයට 50 ඉලක්කය අපි පහසුවෙන් පහු කරනවා. එය පහසු නැහැ. අපි පළාත් පාලන මැතිවරණයේදී සියයට 40 සීමාව ඉක්මවා ගියා. එහෙත් ජාතික මැතිවරණයකට එය ප්‍රමාණවත් නැහැ. අපට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහාය අවශ්‍ය වෙන්නේ ඒ නිසයි. ඒ වගේම සුළු ජාතික ප්‍රජාවල ඡන්දද ඉතාම වැදගත්” යැයි බැසිල් රාජපක්ෂ මහතා ‘ද හින්දු’ පුවත්පතට පවසා ඇත.

ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් වන ගෝඨාභය රාජපක්ෂ මහතාට යුද සමයේ සිදු වූ ඝාතන කිහිපයක් සම්බන්ධයෙන්, යුද්ධයෙන් පසුව බලහත්කාරයෙන් කළ අතුරුදන් කිරීම් සහ මුස්ලිම් විරෝධී ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇතැයි ද ‘ද හින්දු’ පුවත්පත එම සම්මුඛ සාකච්ඡාවේ සඳහන් කර ඇත.

“ඔවුන්ගේ ඡන්දය ඉතා වැදගත්. දෙමළ ජනතාවට වුණ දේ අමතක කරන්න බැහැ. කොහොම වුණත් හැමෝම, ප්‍රජා දෙකේම (සිංහල සහ දෙමළ) එකිනෙකාට සමාව දිය යුතුයි. අපට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අවශ්‍ය ද කියා තීරණය කිරීම ජනතාවට ලබා දිය යුතුයි. අපි පූර්ණ බලය බෙදීමකට කැප වී සිටිනවා.  අපේ ජනාධිපතිවරයා කවුරු වුණත් අපේ නායකයා වන්නේ මහින්ද රාජපක්ෂයි. ඔහු තමයි ආණ්ඩුවේ ප්‍රධානියා. ඔහු තමයි අග්‍රාමාත්‍යවරයා. එය අපට ඉතාම සුදුසුයි. ඔහු තමයි අපේ රටේ ආධ්‍යාත්මික නායකයා” යැයි බැසිල් රාජපක්ෂ මහතා ‘ද හින්දු’ පුවත්පතට තවදුරටත් පවසා ඇත.

055



අදහස් (29)

‘ජාත්‍යන්තර පාර්ශ්ව ජනපතිවරණයට මැදිහත් නොවේවියි විශ්වාස කරනවා’

Dasa Monday, 14 October 2019 03:21 PM

තවත් ජාත්‍යන්තර පාර්ශවයක් කතාකරයි...

:       1134       1310

samanTuesday, 15 October 2019 03:29 AM

විදෙස් විනිමය සංචිතය සැප්තැම්බර් මාසය තුළ දී ඩොලර් මිලියන 7,494.66 සිට ඩොලර් මිලියන 6,637.3 ක් දක්වා ඩොලර් මිලියන 857කින් ද රන් සංචිතය ඩොලර් මිලියන 956.83 සිට ඩොලර් මිලියන 926.7 දක්වා ද පහළ බැස ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කරන ලද නවතම වාර්තාවක සඳහන් වේ.

:       7       44

සෙනෙවිරත්න Monday, 14 October 2019 03:35 PM

මේ කියන්නේ ඔබලාගේ රට වන ඇමරිකාව ගැනද?

:       964       1246

saliya Monday, 14 October 2019 03:50 PM

ඔහේලගේ දරු මල්ලෝ, ඉන්නේ කොහෙද? දේපල තියෙන්නේ කොහෙද? තවත් මොනවද මේ කතා...? ජාත්‍යන්තර අතපෙවීම් ගැන...

:       74       2274

Kumara Monday, 14 October 2019 04:21 PM

මොකක්ද දන්නේ නැහැ මෙතුමගේ යන්තරේ?

:       51       243

Amila Monday, 14 October 2019 04:35 PM

පොහොට්ටුව කියන්නේම ඇමරිකානු ජාත්‍යන්තර රූකඩයක් මිසක් වෙන දෙයක් නොවේ. අපේක්ශකයා ඇමරිකානුවෙක්, අපේක්ශකයාගේ නෝනා සහ ලමයා ඇමරිකානුවෝ, මේ කතාකරන මහත්තයා තවමත් ඇමරිකානූ පුරවැසියෙක්. මෙවැනි කණ්ඩායමකට රට දීම ජාතික ආරක්ෂාවට, රටේ ස්වෛරීභාවයට විශාල තර්ජනයක් වෙනවා.

:       2849       3536

RasikaTuesday, 15 October 2019 01:10 AM

බොහොම හොදයි අමිල, එතකොට මොහු 30 අවුරුදු යුද්දය ජයගන්න කැපවී ක්‍රියාකරන කොට ඔහු හොදයි. අපිට වැදගත් වෙන්නේ පුද්ගලයා කරන ක්‍රියාව සහ ඔහු මොනවද මේ රටට කලේ කියන එක. අගහරු ලෝකෙන් හරි ඇවිත් මෙරට හදනව නම් මම නම් ඡන්දේ දෙනවා. දැන් ඔය ලංකාවේ පුරවැසියෝ ටික නේද ලංකාවම විකුණගෙන කන්නේ. නැවත බෝම්බ පිපිරෙන රටක් හැදුවේ ....

:       827       1183

AmilaTuesday, 15 October 2019 03:44 AM

ලංකාවම විකුණගෙන කෑවේත් ඔය කියන කෙනාම තමයි. ණය උගුලක හිරකරෙත් ඔය අයම තමයි. අනික ඇමරිකන් රූකඩයක් ජනාධිපති කරනවා කියන්නේම ඇමරිකාවට සහ බටහිර බලවේග වලට ඕන විදියට නටවන්න පුලුවන් වෙනවා කියන එක තමයි. මොකද පවුල ඇමරිකන් ළමයි ඇමරිකන්.

:       125       622

athuraTuesday, 15 October 2019 03:56 AM

බෝම්බ යුද්ධ නැත්නම් රාජපක්ෂලා දේශපාලනය නොකරනු ඇත.

:       42       297

ගීතාල් Tuesday, 15 October 2019 04:04 AM

තිස් අවුරුදු යුද්ධය ජයගන්න මෙයා මොනවද කලේ, ප්‍රධාන වශයෙන්ම වැඩකලේ සරත් ෆොන්සේකා ඇතුළු ත්‍රිවිධ හමුදා රණවිරුවෝ. ඔයාලා දැන් මේ ඡන්දෙට වෙන ප්‍රතිරූපයක් මවනවා.

:       133       443

කපිලTuesday, 15 October 2019 04:23 AM

කැපවිිමේ ප්‍රතිපලය තමයි මල්වානෙන් මතු වුනේ

:       126       498

කමල් Monday, 14 October 2019 05:06 PM

ඉස්සා ඔලුවේ මොනවද තියාගෙන මම සුදන කියනවලු, ඒවගේ මෙතුමන්ලා ඇමෙරිකානු පුරවැසි භාවය තියාගෙන තවත් ඇමෙරිකානු පුරවැසියෙක් අපේක්ෂකත්වයට දාලා, මුස්ලිම් ජනතාවට උඩින් එකයි යටින් එකයි කර කර ඡන්ද දිනන්න එනවා. මේ රටේ මධ්‍යස්ථ, බුද්ධිමත් ජනතාවක් ඉන්නවා...

:       0       0

විජිත් Monday, 14 October 2019 06:59 PM

ඒ මදිවට අධ්‍යාත්මික නායකයෙකුත්...?

:       3       75

lion Tuesday, 15 October 2019 12:37 AM

මේ මිනිස්සු කරලා තියෙන දේවල් දැක්කහම පුදුම හිතෙනවා. මොනවද මේ රටට මේ මිනිසුන් කරන්නේ. රට මේ අයගේ බුදලට වගේ.

:       231       509

ShehanTuesday, 15 October 2019 05:50 AM

ඔව් ඇත්තටම පුදුම හිතෙනවනම් තමයි නෙලුම් කුලුන වගේ අපේ අනිත් පාලකයොන්ට හිතාගන්නවත් බැරි වැඩ කරපු, රට සීග්‍රයෙන් සංවර්ධනය කරපු ,අවුරුදු 3 න් යුද්දය එහෙම පිටින්ම ඉවරකරපුව හිතාගන්නවත් බෑ තමයි.

:       452       23

kapTuesday, 15 October 2019 06:20 AM

මෙන්න බයියෙක්. කුලුනට නෑගල, මත්තල එයාපෝට් එක දිහා බලල, හම්බන්තොට වරාය දිහා බලල, ගෙවන්න තියෙන ණය කන්දරාව ගෑන හිතල බිමට පනින්න.

:       24       334

appuhami Tuesday, 15 October 2019 01:35 AM

ඇමෙරිකන් පුරවැසියෙක් කතා කරයි

:       242       523

Saman Tuesday, 15 October 2019 02:01 AM

ලංකාවෙ කොහෙද ආධ්‍යාත්මික නායකයො ?

:       9       80

nayana Tuesday, 15 October 2019 03:35 AM

සාපෙළ අසමත් අපේක්ෂකයාට ඉන්න මුදල් ඇමති මංගල ආර්ථික විද්‍යාව ගැන මුකුත් ම දන්නේ නැති කෙනෙක් . අඩුම ගණනේ ළගදි නිකුත් කල ලෝක බැංකු වාර්තාවත් කියවල නැහැ.

:       112       149

Rasika Tuesday, 15 October 2019 03:54 AM

අමෙරිකාවත් ඉන්දියාවත් දෙගොල්ලොම පිළිගත්තනේ 2015 ආණ්ඩුව වෙනස්කරන්න මැදිහත් උනා කියලා. ඇමෙරිකාව කිව්වා 2015 දී ලංකාව , බුරුමය ඇතුළු රටවල් කිහිපයකම ආණ්ඩු වෙනස්කරන්න කියලා

:       0       77

Sugath Tuesday, 15 October 2019 04:16 AM

ගෝඨා, බැසිල්ලා කොහොමත් රටට ආදරේ නැහැ. වාසි ලබාගන්න මෙරටට ආවට බලයේ නැත්නම් මොවුන් ඇමෙරිකාවේ තමයි ජීවත්වෙන්නේ. බැසිල් මහත්යයෝ බොරු බේගල් ඇද බාල මහජනයා මුලා කරන්න එපා. අපිට ඕනේ අපේම නායකයෙක් .

:       239       838

Deepal Nirosh Tuesday, 15 October 2019 04:25 AM

අනේ මන්ද මේ ඩිංලිත්තට 2015 ජනාධිපතිවරණයත් 2018 ඔක්තෝබර් 26 විප්ලවයත් අමතක වෙච්චි හැටි. ඔය ජාත්‍යන්තර කුමන්ත්‍රණ ගැන බොරුවට කතා කරන්න ඔ්න නැහැ. ඒවැන්නක් සිදු වේ යයි අපේක්ෂාවෙන් ඉදිරියට යාමයි වැදගත්.

:       3       157

harsha Tuesday, 15 October 2019 05:10 AM

සිංහල මිනිස්සු පක්ෂ වලට බෙදිලා දේශපාලකයන්ගේ වහල්ලු වෙලා. මේ පක්ෂ දේශපාලනේ තියනකන් මේ රට හදන්න බෑ. මොකා දිනුවත් දේශපාලකයෝ හැමදාම සැප විදිනවා. මිනිස්සු හැමදාම දුක් විදිනවා. අයෙත් උන්ටම කඩේ යනවා. මේ චක්‍රය ඉවර වෙන්නේ නෑ

:       0       237

යාපා Tuesday, 15 October 2019 05:46 AM

කියලා තියෙන දෙයක්වත් හරියට තේරුම්ගන්න බැරි පාට කන්නාඩිවලින් බලන අපි යුඑන්පි ජේවීපී කියන පිරිසක් කමෙන්ට් කර ඇති බවනම් හොදටම පෙනේ. ඇත්තටම ඔවුන්ට වහල්භාවයෙන් මිදී පාට කන්නාඩි ගලවාගැනීමට වාසනාව උදාවේවායි ප්‍රාර්තනා කරමි.

:       101       150

ජීබුම්බා Tuesday, 15 October 2019 06:28 AM

පාට පක්ෂ කුමක් වුවත් මීළඟ ජනපති තරුණ සජිත්

:       329       357

athuraTuesday, 15 October 2019 06:35 AM

කුරහන් පාට කන්නාඩියක් දාගෙන කෙනෙක් අනිත් අයගේ පාට කන්නාඩි හොයනවා වගේ වැඩක්.

:       148       166

යාපාTuesday, 15 October 2019 09:12 AM

කොළපාට කණ්නාඩි දාන වහලෙක් නේද ?

:       7       9

kamal Tuesday, 15 October 2019 07:21 AM

මොකද මේ බැසිල් සල්ලි දීල පෙට්ටි මාරු කරන්න වත් හදනවද දන්නේ නෑ

:       0       119

Prabha Tuesday, 15 October 2019 09:10 AM

2015 පරාජයට වගකියන්න ඕනේ ඉන්දියාව නෙවේ. මිනිස්සුන්ට ආණ්ඩුව එපා කරේ ඔබ වැනි මිනිස්සුය.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 81 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 503 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 932 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site