(ඩයනා උදයංගනී)
ඒකාබද්ධ විපක්‍ෂය විසින් පැවැත්වූ ජනබල මෙහෙයුම නිදහස් සංවාදශීලී විරෝධතා ව්‍යාපාරයක් ලෙස තමා දකින බවත්, ඔවුන්ට විපක්‍ෂය නියෝජනය කිරීමේ අනුමැතිය ලබාදුන්නේ ජනාධිපතිතුමා බැවින් එම පිරිසට විරුද්ධව හදිසි ක‍්‍රියාමාර්ග ගැනීමේ අවශ්‍යතාවයක් නැති බවත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මහ ලේකම් මහාචාර්ය රෝහණ ලක්‍ෂ්මන් පියදාස මහතා පැවසීය.
ඉදිරි ජනාධිපතිවරණය හා මහ මැතිවරණය ජයගැනීමේ ගැඹුරු අරමුණකින් කටයුතු කරන ශ්‍රීලනිපයට අවශ්‍ය සියලූ දෙනා ඒකරාශී කරගෙන ඉදිරියට යාමට බව කී මහ ලේකම්වරයා හැඟීම්වලට මුල්තැන දී හා ඇතැමුන් කරන විවිධ ප‍්‍රකාශවලට මුල්තැන දෙමින් එම ගමන යා නොහැකි බව ද සඳහන් කළේය.
කෙසේ වෙතත් ශ්‍රීලනිපයෙන්, එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ඉදිරියට ගිය අය නායකත්වය දුන් මෙම විරෝධතාවයේදී පක්‍ෂ මූලස්ථානයට හූ කීම මවට අපහාස කිරීමක් වැනි ක‍්‍රියාවක් බවද මහාචාර්ය රෝහණ ලක්‍ෂ්මන් පියදාස මහතා කීවේය.
රෝහණ ලක්‍ෂ්මන් පියදාස මහතා මේ බව පැවසුවේ කොළඹ, ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේදී අද (11) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
COMMENTS
ඉතින් ආචරියා කපන්න බැරි අත ඉඹ ඉඹම සිටපන්.
මට හිනා යනවා.
කොහොම වුනත් මහත්තයෝ, වැඩේ වර්චස් වෙලා නොව කෙලවර වුනේ!
දැන් එතකොට ඔය වෙන්වෙන්න ඉඩ දුන්න දවසේ පටන් වෙනත් පක්ෂයක් අටවාගෙන ඒක ප්‍රවර්ධනය කරන්නට කටයුතු කරන කට්ටිය කවදද "ඒක රාශි කරගන්න" හම්බ වෙන්නේ? ඒකනේ ඔය "වහෙන් හොරෝ" කතාවේ තේරුම. අද ඉන්දියාවේදී "2019 දී පොහොට්ටු පක්ෂයේ නායකත්වය අරගෙන මැතිවරණය ජයග්‍රහණය කරන්නට කටයුතු කරන" බවට ඔය ඒක රාශි කරන්න උත්සාහ කරන කණ්ඩායමේ ඉන්න බලවත්ම පුද්ගලයා කියා තියෙනවා දකින්න ඇතිනේ. ලොක්කාගේ මතය ඒක නම් සොක්කන් ගැන කුමන කතාද? ඉතින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වය තියාගෙන එළිපිට වෙනත් පක්ෂයක් ජයග්‍රහණය කරන්නට කටයුතු කරන අයට විරුද්ධව විනයානුකූල ක්‍රියාමාර්ග ගන්නවා කියකියා දැන් කීවතාවක් නම් අනතුරු ඇඟෙව්වද? කතාව විතරයි වැඩ නැති නිසා ඒ ගොල්ලෝ දැන් අවුරුදු තුනක්ම දැවැන්ත ජනප්‍රසාදයක් ගොඩනඟා ගන්නට සමත්වී සිටිනවා. දූෂිතයන්ට අසුචි මහා නරකාදියට ගිහිල්ලා හරි දඬුවම් කරනවා කීවට තවම බැරිවුණා එක්කෙනෙක්වත් අල්ලාගන්න. අද ඒ ගොල්ලෝ කියන්නේ මේ නඩු එකක්වත් ආණ්ඩුවට බලය තියෙන කාලය ඇතුළත අහවරක් කරන්න බැරි බවයි. ඒ ගොල්ලන්ට බලය ලැබෙන බව සහතික නිසා බයවෙන්න දෙයක් නෑ කියලත් කියනවා. අපටත් කියන්න තියෙන්නේ "අයියෝ සිරිසේන" කියලා තමයි ඉතින්...