(සමන් පාලිත නානායක්කාර)
බණ්ඩාරවෙල ඇල්ල ප්‍රදේශයේ හෝටලයකින් එළවා දැමූ විදෙස් යුවලක් දින හතරක් කැලෑවේ සිටියදී සොයා ගැනීමට හැකි වූ බව ඇල්ල පොලිසිය කියයි.
කොරෝනා හේතුවෙන් විදේශිය ජාතිකයන්ට හෝටල් වල නවාතැන් දීමේදී ඇතිවන ගැටලු නිසා හෝටල්වල නවාතැන් දීම හෝටල් හිමියා ප්‍රතික්ෂේප කරමින් සිටියි.
එවැනි පසුබිමක පැමිණි විදේශීය යුවළක් නවාතැන් ගැනීමට ස්ථානයක් නොමැති ව
පෞද්ගලික ඉඩමක කූඩාරමක් ගසා නවාතැන් ගෙන සිට ඇත.
පසුව පොලිසිය ඔවුන්ට සුදුසු නවාතැනක් ලබා දීමට කටයුතු කර තිබේ.

COMMENTS
ඔන්න ලෝකෙටම බන කියන අපේ මනුස්සකම.
මෙන්න නියම තිරිසන්නු. ඊලඟ රට ගම හොඳ වුණාම ඒවි අපේ රටට, හෝටල් හදල කාට දෙන්නද?
ආගන්තුක සත්කාර හොදින්ම විදේශිකයන්ට ලබාදෙන ජාතියක් හැටියට අප මෙම " අපත හෝටල්කාරයාට නොබණින්නේ කව්රුන්ද? ශ්‍රී ලාංකීය අනන්‍යතාවයක් වන සිනහමුසු මුහුණින් සුහදව විදේශිකයන් පිළිගන්න ලෝකයේ එකම රටේ මෙවන් තිරිසනුන් සිටීම පුදුමයකි. මෙම මුර්ගයන් සංචාරකයන්ගේ පසුම්බිය දෙස බලා මෙතෙක් කල් රගපෑමක් කළා නොවේද? ඇත්තෙන්ම මෙම "හෝටල් හිමිට " කල යුතුව තිබුනේ මෙම සංචරකයන්ව ලගම තිබෙන පොලිසියට බාරදීම නොවේද ? මෙමගින් රටේ නමට කැළලක් සිදුකල මෙම හෝටල්කාරයාට අයහපතක්ම වේවා !!
ආගන්තුක සත්කාර හොදින්ම විදේශිකයන්ට ලබාදෙන ජාතියක් හැටියට අප මෙම " අපත හෝටල්කාරයාට තුක් නොදකින් බුරුවා " නොකියන්නේ කව්රුන්ද ?? ශ්‍රී ලාංකීය අනන්‍යතාවයක් වන සිනහමුසු මුහුණින් සුහදව විදේශිකයන් පිළිගන්න ලෝකයේ එකකම රටේ මෙවන් තිරිසනුන් සිටීම පුදුමයකි. මෙම මුර්ගයන් සංචාරකයන්ගේ පසුම්බිය දෙස බලා මෙතෙක් කල් රගපෑමක් කළා නොවේද ?? ඇත්තෙන්ම මෙම "පාදඩ හෝටල් හිමි බල්ලාට " කල යුතුව තිබුනේ මෙම සංචරකයන්ව ලගම තිබෙන පොලිසියට බාරදීම නොවේද ? මෙමගින් රටේ නමට කැළලක් සිදුකල මෙම තිරිසන් හෝටල්කාරයාට ( අපට හිතට එකගව මෙසේ කීමට නොහැක නමුත් මෙවන් බල්ලන්ට වෙන මොනවා කියන්නද ) අයහපතක්ම වේවා !!
මෙම හෝටලය පිළිබඳව මහජනයාව දැනුවත් කල යුතුයි. හදිසි අවස්ථාවකදී සංචාරකයන්ට සලකන හැටි කියාදිය යුතුයි.
මොන කාලකන්නිද මේ හෝටල් කාරයෝ? පර්මිට් කැන්සල් කරන්න ඕන, ඔය මහා කාරුණික ආගන්තුක සත්කාරයට ලැදි කියල කියාගන්න සිංහල බෞද්ධ කියන අය තමයි මේ වගේ වැඩ කරන්නේ, මතකනේ මීට කලින් ඒඩ්ස් කියල පොඩි එකෙක් මරාගෙන කන්න හැදුව....
ලංකික හෝටල් හිමියා හොද දෙයක් කළා කියලා හිතාගන්න ඇති... එයාට තිබුනා ලංකා පොලිස් ස්ථානයකට බාරදෙන්න.. කෙසේවෙතත් හෝටල් හිමියාට පෙර පිනකට අපේ බලවත් ස්තුතිය පොලිසියට.. අපි පිටරටකට ගිහින් ඔහොම උන්නොත් මොනවගේ සිතුවිල්ලක් එවිද?
එය ශ‍්‍රී ලංකාවට නුසුදුසු දෙයකි.
මනුස්සකම නොමැති හෝටල් හිමියානෙනි, කවද හරි තමන්ටත් ඔය විදියටම කර්මය පල දෙනව කියන එකත් මතක තියා ගන්න. රෝගයකට බිය වෙන්න ඕනේ තමා ඒකෙන් ආරක්ෂා වෙන්න. හැබැයි සරණක් හොයන මිනිස්සුන්ව අසරණ කරනව කියන්නෙ තමන්ගෙ ගතිය ලෝකෙට පෙන්නුව කියන එකත් මතක තියාගන්න.
යහපත් මනුෂ්‍යයා තමාගේ යහපත් සම්‍පතින් යහපත් දේ පිටතට ගෙනෙන්නෝය. නපුරු මනුෂ්‍යයා තමාගේ නපුරු සම්‍පතින් නපුර දේ පිටතට ගෙනෙන්නෝය.
මේ හොටෙල් හිමිය ගැන මොනවා කියන්නද? මෙතෙක් කල් ජිවත් වුණේ මේ මිනිසුන්ගේ මුදල් වලින් නේද? සංචාරක කටයුතු නිසා අපගේ රට තරමකින් ගොඩ ගියා නේද? මේ වැනි අයට විරුද්ධව කටයුතු කළ යුතුයි .
මෙච්චර දෙයක් වෙලත් ඒ විදේශිකයා පැවසුවේ අයි ලව් ශ්‍රි ලංකා කියලයි. අපි මොනතරම් පහත් තැනකද ඉන්නෙ ?
මේ වගේ වැඩ කලාම කොරෝනත් එක්කම ලංකාවේ සංචාරක ව්‍යාපාරයත් ඉවරටම ඉවරයි.
අපි දන්නේ නැහැනේ සම්පූර්ණ කතාව. ඔය සුද්දොත් මහා කුම්මහියෝ. ගාන ශේප් කරගන්න ටෙන්ට් එකක් ගහගෙන හිටියද කවුද දන්නේ?
රවින්ද්‍ර මල්ලි, ඔබ බොහොමත්ම හරි. ලංකාවේ සංචාරක මණ්ඩලය කියලා එකක් තියෙනවානේ. ඒ ගොල්ලන්ට පුළුවනි මේ හෝටල් කාරයා එහෙමත් නැත්නම් " මස් වැද්දාගේ " පර්මිට් එක සදාකාලයටම අවලංගු කරන්න. ඉන්පසු ඒ හෝටලය පිළිබඳව ලෝකයම දැනුවත් කරන්න. මේ වගේ අමානුෂික වැඩ කිහිපයක්ම මේ දිනවල ලංකාවේ සිදුවුනා. ඇයි දෙයියනේ මේ අමනයින්ට තේරෙන්නේ නැතිද..? මෙත් අපි වගේම ,ලේ මස් වලින් හැදුන, හිතන්න පුළුවන්.. මිනිස්සුන් කියලා.
මෙවැනි හෝටල් වලට දන්නා කිසිම කෙනෙකුට යන්න දෙන්න එපා.
හෝටලේ නම දාගන්න හැමෝටම දැනගන්න.
ඒක සංචාරක මණ්ඩලයෙත් වැරද්දක්. සොයා බලා සංචාරක මණ්ඩලය විදේශිකයන්ට සුදුසු තැන් සොයා දෙන්න වැඩ පිළිවෙල කල යුතුයි මේ අවස්ථාවේදී.