(ජයන්ත සමරකෝන්)
පාස්කු ඉරිදා සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලබා රිමාන්ඩ් බාරයට පත් කර සිටින හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරු දෙදෙනා අද (09) සවස කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරය වෙත රැගෙන ඒමෙන් පසු එහි ලියාපදිංචි කර වැලිකඩ බන්ධනාගාර රෝහලට යාබදව පිහිටි විශේෂ ආරක්ෂක ස්ථානයක රඳවා ඇතැයි බන්ධනාගාර මූලස්ථාන ආරංචි මාර්ග අනාවරණය කරයි.
සැකකරුවන් දෙදෙනා බාරව ජේලර්වරයකු සහ සැරයන්වරයකු යොදවා සිටින බවද පැවසේ.
මෙම සැකකරුවන් රඳවා සිටින ස්ථානයේ මීට පෙර වැලිකඩ බන්ධනාගාරයේ සිරකරුවන් 27 දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි බන්ධනාගාර කොමසාරිස් එමිල් රංජන් සහ පොලිස් පරීක්ෂක නියුමාල් රංගජීව යන මහත්වරුන් දෙදෙනා ද රඳවා සිටි බවද දැනගැනීමට තිබේ.
COMMENTS
ඔය කියන්නේ අර වායු සමනය කරලා, තියෙන සුඛෝපබෝගී නිල නිවාසේ නේද? ඔහොම ටිකක් විවේක ගත්තාවේ..., නැතිනම් කාදිනල් තුමාව රවට්ටන්න බැරි වෙනවා.
මේ දෙදෙනා දේශපාලකයන්ගේ උවමනාවට සිරකරුවෝ ඉදිරි මැතිවරණයෙන් මෙවැනි අසාධාරණයන්ට කතිරෙන් පිළිතුරු දෙවි .
කරුමය රජෙකුට උවත් පල දේවී කාටත් මේවා හොද පාඩම්
අනුන්ගේ පවු අසරණයන් ගේ අතින් යවන රටක් මේ
මෙදා පාර ජේලර් මහත්තයා ගුටිකයිද? සැරයන් මහත්තයා ගුටිකයිද? නැතිනම් ලේකම් තුමා ගුටිකයිද? කට්ටියටම උදේට භාවනා කරන්න කියන්න වෙනවා.
මේවා ගෙදර ගියොත් අඹු නසී මග හිටියොත් තෝ නසී තීරණ. මේ දෙන්නාගේ වරද? ලැබුණු තොරතුරු ක්ෂණිකවම නිසි තැන්වලට ලබා නොදීමෙන් හානියකට සහභාගී වීම? ඔං ඊයේ පෙරේදා පත්තරවල තිබුනා ලැබුණු තොරතුරක් සම්බන්දව ක්ෂණිකව බලපෑ හැකියි තම මට්ටමින් තීරණය කර අවශ්‍ය පියවර ගත්තායි දෙදෙනෙකුගේ වැඩ තහනම් කරලාලු. පළමු දෙදෙනාගේ වරද ආපහු වේයැයි සිතා වලක්වාගැනීමට උත්සහා කිරීමත් වරදක්. කාට කියම්දෝ ???
ධර්මරාජ මහත්තයා ඉන්නේ බන්ධනාගාර නිල නිවාසයේ විශේෂ කුටියක පත්තරේ සහ රූපවාහිනිය බලමින්... හැබැයි භාවනා කරන්නේ නම් නැතිලු...
අර මොකෝ ඩබල විශේෂ ස්ථානයක...
එතකොට මේ දෙන්න විතරම ද වැරදි කාරයෝ ?
මෙම ක්‍රියා පටිපාටියේ වැරැද්දක් දකිමි. පරිපාලන යාන්ත්‍රණයක් තුළින් පොදු වරදක් සිදුවුණොත් එම යාන්ත්‍රණයේ එක් පුද්ගලයකු අරගෙන ඔහුට දඬුවම් දීම මගින් නියම වරදකරුට දඬුවම් දුන්නේ යැයි සතුටු විය හැකිද? පරිපාලන යාන්ත්‍රණය දම්වැලක් මෙනි. දම්වැලේ මුලත් නොවන, අගද නොවන යම් පුරුකක් මුළු දම්වැලටම සම්බන්ධ නොවේ යයි කියන්නේ කෙසේද? දම්වැල කැඩෙන්නේ එම පුරුක නිසාමද?
ආන්ඩු පත්විම් ගන්නේ නිකං ඉඳලා වැටුප ගන්නයි. එය අවභාවිතා කරන්නයි. පූජිත පත්වූ දා පටන් කලේ දේශපාලන කතා. හේමසිරි බැංකුවෙත් ඉන්නවා. ආරක්ෂක ලේකම්කමේත් ඉන්නවා. වගකිම් ගැන මෙලෝ හසරක් දන්නේ නැහැ.
ඡන්දෙ ඉවර වෙනකම් ජනතාවගේ හොඳහිත ගන්න සිරිසේන දාපු ඩීල් එකේ කොටසක් නොවේද මෙයත්...!
මේ දෙදෙනාටත් වඩා සිද්ධියට අදාල විශේෂයෙන්ම වගකිවයුතු විෂය බාර කෙනා නිදැල්ලේ සුවසේ පසුවෙනවා.නීතියට අනුව ඔහුත් මොවුන් සමගම ඇතුලේ සිටිය යුතු උනත්,විධායක බලය විසින් නීතිය අවනීතිය වී ඇති බවක් පෙනේ.අහෝ ! නීතියේ දෙවඟන............
සරණ අත්අඩංගුවට ගන්නට උපදෙස් දිදී හිටිය නීතිපති දෙපාර්තමේන්තුවේ නිතීඥ සහ ඔහුගේ ඉහළ නිලධාරින්ට දඬුවම් නැතිද? වැටුප් වැඩිවීම් පමණද?
එතකොට ආරක්ෂක ඇමැති, උප ඇමැති, රාජ්‍ය ඇමැති අත් අඩංගුවට නොගන්නේ කුමන හේතුවක් නිසා ද?