(ඩයනා උදයංගනී)
හෙලිකොප්ටරයක් නිර්මාණය කළ රත්නපුර, කුරුවිට මධ්‍ය මහා විද්‍යාලයේ තරුෂික දිලංක සිසුවා අද (2) උසස් අධ්‍යාපන, තාක්ෂණ හා නවෝත්පාදන, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා හමුවිය.
තාක්ෂණවේදය හදාරන 13 වසර ශිෂ්‍යයෙක් වන තරුෂික අමාත්‍යවරයාගේ ආරාධනයක් අනුව උසස් අධ්‍යාපන අමාත්‍යාංශයට පැමිණියේය. අමාත්‍යවරයා එම සිසුවාගේ තොරතුරු විමසූ අයුරු ඡායාරූපයේ දැක්වේ.
අමාත්‍යංශ ලේකම් අනුර දිසානායක, විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිසන් සභාවේ ලේකම් ආචාර්ය ප‍්‍රියන්ත පේ‍්‍රමකුමාර යන මහත්වරුන්, සිසුවාගේ පාසලේ විෂය භාර ආචාර්යවරයා, සිසුවාගේ දෙමාපියන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.
එම සිසුවා ලබන වසරේ අ.පො.ස උසස් පෙළ විභාගයට පෙනී සිටීමෙන් පසු අවශ්‍ය තාක්ෂණික සහ න්‍යායාත්මක දැනුම ලබා දෙමින් ඔහුට අවශ්‍ය නිපැයුම් සඳහා යොමු කිරීමට ද නව නිපැයුම් කරුවන්ගේ කොමිසමේ සභාපති මහාචාර්ය රංගික හල්වතුර මහතාගේ ද අදහස් විමසීමකින් පසු අමාත්‍යවරයා තීරණය කළේය.


2025 නොවැම්බර් මස 17
52
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
881
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2515
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
හෙලිකොප්ටරයක් නිර්මාණය කළ සිසුවා උසස් අධ්‍යාපන ඇමැති හමුවෙයි
surath Monday, 02 December 2019 03:58 PM
ඔබට සුභ පැතුම් ! නොනැවතී ඉදිරියට යන්න.
Voter Monday, 02 December 2019 04:45 PM
මගේ සුබ පැතුම්!
Keppetipola Monday, 02 December 2019 11:59 PM
ඔබ වැනි දරුවන් රටට සම්පතක්. ඔබගේ ඉදිරි නිර්මාණ කටයුතු සාර්ථක වේවා කියමින් ඔබට සුභ අනාගතයක් පතමි.
විමලවංශ හිමි Tuesday, 03 December 2019 02:45 AM
පුතාට සුබ පැතුම්! (මේ වගේ දේටත් ඩිස්ලයික් දාන අය ඉන්නවනේ හැබැට).
අප්පුහාමි Tuesday, 03 December 2019 03:11 AM
සමහරුන් මිත්‍යාවන්සේ දැක්වුවත් ලෝකයේ කථාවලින්හෝ ගුවන් යානා ගැන කියවෙන්නේ රාවණා කාලයේ තිබුන දඬුමොණරය ගැනය. එවැනි අතීතයක් ඇති අප රටට නිදහස ලබා අවුරුදු 72 ක් ගතවූ කාලයේ මෙවැනි නිර්මානයකට සැලකිල්ලක් දැක්වීම අගය කල යුතුය. කුමන දෙයකින් හෝ නව නිර්මාන කරන අයව දිරිගන්වා රටේ අනාගතය දියුණු කිරීමට පාලකයින්ට නැණ නුවන පහලවේවා මේ දිරිය පුතාට සුභ පතමි.!
යාපා Tuesday, 03 December 2019 03:18 AM
රටේ සම්පත් මේ දරුවෝ තමයි. අපි හැමෝම එකතුවෙලා මේ රත්තරන් පුතාලා රැකගත යුතුයි.
amila Tuesday, 03 December 2019 04:10 AM
හැඩය පමණි අඟලක්වත් උස්සන්න බෑ
Perera Tuesday, 03 December 2019 04:12 AM
තරුෂිත පුළුවන් තරම් ඉක්මනට ලංකාවෙන් දියුණු රටකට යන්න. ඔබේ ඔය කුසලතාවයන් සහ හැකියාවන් ඔප නංවලා වැඩක් ගන්න තරම් මොලයක් තියෙන අය අපේ රටේ දේශපාලනයේ නැහැ.
fairoos Tuesday, 03 December 2019 05:33 AM
මගේ සුබ පැතුම්!
පිටිගල මිලානෝ Tuesday, 03 December 2019 07:43 AM
ඇමතිතුමාව හෙලිකොප්ටරයේ දාලා යවන්නකෝ.
තරුෂිත නවෝද් Saturday, 26 February 2022 12:22 AM
අපේ කොල්ලෙක්... ආඩම්බරයි බන්..!
තරුෂිත නවෝද් Saturday, 26 February 2022 12:23 AM
අපේ කොල්ලෙක්...