
දින නවයක මෙහෙයුමකින් පසු හෙරොයින් කිලෝග්‍රෑම් 100ක් සමඟ ශ්‍රී ලාංකිකයන් හය දෙනකු ඉන්දීය වෙරළ ආරක්ෂක බළකායේ අත්අඩංගුවට පත්ව ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
ශ්‍රී ලංකා වෙරළ ආරක්ෂක බළකාය ලබාදුන් තොරතුරු අනුව ඉන්දීය වෙරළ ආරක්ෂක බළකාය ඉකුත් 17 වැනිදා මෙම මෙහෙයුම ආරම්භ කර ඇති අතර තූත්තුකුඩු දෙසට දකුණින් ගැඹුරු මුහුදේදී මෙම වැටළීම කර තිබේ.
බෝට්ටුවේ සිටි සියලු දෙනා ශ්‍රී ලාංකිකයන් බවත් මේ වනවිට ඔවුන් රඳවාගෙන ප්‍රශ්න කරන බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
පාකිස්තානයට අයත් යාත්‍රාවකින් මෙම හෙරොයින් තොගය ලැබුණු බවත් පාකිස්තානයේ කරච්චි නුවර සිට එම තොගය පැමිණි බවත් මුලින් කරන ලද ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී තිබේ. ඉන්දීය වෙරළාරක්ෂක බළකායේ අත්අඩංගුවට පත්ව තිබෙන යාත්‍රාවේ නම ‘‘ෂෙනායා දුව’’ බවත් හෙරොයින් පැකට් 99 ක්, මත්පෙති පැකට් 20 ක්, මිලිමීටර 9 වර්ගයේ පිස්තෝල පහක් ද එහි තිබී අත්අඩංගුවට ගෙන ඇත. ඊට අමතරව චන්ද්‍රික දුරකතන කට්ටලයක් ද එහි තිබී අත්අඩංගුවට ගෙන ඇත.
මීගමුවේ සිටින අලෙන්සු කුට්ටිගේ සිංහ දීප්ත සනි ප්‍රනාන්දු යන අයකුට මෙම ධීවර යාත්‍රාව අයත් බවත් ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී තිබේ.

055
2025 දෙසැම්බර් මස 04
356
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
431
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
403
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
හෙරොයින් කිලෝ 100 ක් - ශ්‍රී ලාංකිකයන් 6 ක් ඉන්දියාවේ අත්අඩංගුවට
කමල් Wednesday, 25 November 2020 05:16 PM
එවන් අසිරිමත් ජාතිය ජයෙන් උදාරයි... යශෝ කැලුම් වර ජෝතිය පිනෙන් උදාරයි.
K. සනීර Thursday, 26 November 2020 05:18 AM
මීගමුවේ නම් හාන්න දෙයක් නැහැ. කවුරුත් දන්නවනේ මේකට කවුද සම්බන්ධ කියලා.. ලොක්කා ඇවිල්ලා බේරගනියි.