බීජිංහිදීය (ඒ.එෆ්.පී)
ඇමෙරිකා එක්සත් ජනපදය පැනවූ තහනමත් සමඟ ඇති වී තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් ගූගල් සමාගම සමඟ සාකච්ඡා කරන බව හුවාවි සමාගමේ නිර්මාතෘ රෙන් ෂෙන්ග්ෆෙයි මහතා පැවැසීය.
ඇමෙරිකා එක්සත් ජනපදය හුවාවි සමාගමට තහනමක් පැනවීමත් සමඟ ගූගල් සමාගම හුවාවි ස්මාර්ට් ජංගම දුරකතනය සඳහා තාක්ෂණික සේවා සැපයීම හෝ විකිණීම හෝ නවතා දැමීය.
ගූගල් සමාගම ඇමෙරිකාව කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක වන අන්තර්ජාල සේවා සපයන දැවැන්ත සමාගමකි. ලොව ස්මාර්ට් ජංගම දුරකතන රැසකට මෙහෙයුම් පද්ධති සපයන්නේ ද ගූගල් සමාගමයි.
“ගූගල් කියන්නේ ඉතා ඉහළ වගකීමක් තියෙන සමාගමක්. අපි ඔවුන් සමඟ සාකච්ඡා කර ඇති ව තිබෙන තත්ත්වයට ප්‍රතිචාර දැක්විය හැකි ක්‍රමවේදයක් සලකනවා” යැයි රෙන් ෂෙන්ග්ෆෙයි කීය.
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අමාරුවේ වැටුන විදිය පැහිදිලි නෑ
විදිය මේකයි අමර ඇමෙරිකන් කාරය ගෙයි චීනගෙයි අතර තියන සීතල වෙළඳ යුද්ද්දය හින්ද ලෝක පොලිස්කාරය හුවාවී (කියන්නේ ලෝකේ ලොකුම දුරකථන නිෂ්පාදකය ) වලට ගූගල් පහසුකම සපයන එක තහනම් කරා ඕක තමයි කතාව