ඉන්දිකා රාමනායක
 
බි‍්‍රතාන්‍යයේ  ලන්ඩන් අගනුවර  ශි‍්‍ර ලංකා  මහකොමසාරිස්  කාර්යාලයේ  ඉදිරිපිට උද්ඝෝෂයේ නිරත පිරිසකට මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශකවරයා වශයෙන් කටයුතු කරන  යුද හමුදා බි‍්‍රගේඩියර්වරයා අතින්  ගෙළ සිද   දමන  ආකාරය නිරූපනය කිරීමේ  සිද්ධිය සම්බන්ධයෙන් බි‍්‍රතාතන්‍යයේ  ශි‍්‍ර ලංකා මහකොමසාරිස්වරිය  ආරම්භ කර ඇති  පරීක්ෂණ අවසන් වු පව  යුද හමුදා පරීක්ෂණයක් ආරම්භ කරන  බව යුද හමුදාපති ලූතින්න ජනරාල් මහේෂ් සේනානායක මහතා පැවසීය.
 
බි‍්‍රතාන්‍ය ශි‍්‍ර ලංකා මහකොමසාරිස්වරියගේ පරීක්ෂණයේ  ප‍්‍රථිපලය අනුව  යුද හමුදාව මෙම පරීක්ෂණ ආරම්භ කර බි‍්‍රගේඩියර්වරයා ලංකාවට ගෙන්වීමට කටයුතු කරන  බවද යුද හමුදාපතිවරයා කීය.
 
මේ සම්බන්ධයෙන්  ලංකාදීපය කළ විමසුමකට පිළිතුරු දෙමින් යුද හමුදාපතිවරයා මේ බව ස`දහන් කළේය.
 
ඉකුත් (4)  දින  මෙම සිද්ධිය සිදුව  තිබු  අතර එම  අවස්ථාව  පටිගත වු වීඩියෝ පට අන්තර්ජාලයේ හා සමාජ ජාලා ඔස්සේ ප‍්‍රචාරය වී තිබුණි.
 
මෙම සිද්ධිය ඇතිවීමට පෙර සිද්ධීන් මාලාවක් සිදුව ඇති බවත්   එක් සිදුවීමක් පමණක්  සමාජ ජාලා  වෙඩි අඩෙවි මගින්  ප‍්‍රචාරය වී ඇති බව  උසස් හමුදා නිලධාරියකු පැවසීය.
 
මෙම බි‍්‍රගේඩියර්වරයා මුලින්ම උද්ඝෝෂන කරුවන් සිටි දෙසට ගොස් ඔවුන් වෙත මුලින්ම කථා කර ඇති බවත් පසුව උද්ඝෝෂණකරුවෝ  ඔහුට බැන වැදී ඔහු සමඟ ගැටුම් ඇතිකර ගැනීමට උත්සහ ගෙන ඇති බවට තොරතුරු  ලැබුණ බවද  එම උසස් නිලධාරියා සඳහන් කළේය.