IMG-LOGO

2025 ඔක්තෝබර් මස 23 වන බ්‍රහස්පතින්දා


හඳුනානොගත් ද්‍රව්‍ය දිඹුලාගලට පතිත වෙයි



(මනම්පිටිය නිමල් ජයරත්න)

ඵෙතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනය අවට අහසේ සිට සුදු පැහැති ද්‍රව්‍යමය කැබලි කොටස් දිඹුලාගල, දලුකාන, නාමල්පොකුණ, මැදගම සහ ඒ අවට ගම්මාන වලට අද (26) උදෑසන සිට පැය ගණනාවක් මහපොළොවට වැටෙමින් පවතින බව ඇසින් දුටු ප්‍රදේශවාසීහු පවසති. එලෙස වැටෙන සුදු පැහැති කැබලි කොටස් විදුලි රැහැන් මත සහ ශාක පත්‍රවල දැවටී තිබෙන බවද ප්‍රදේශවාසීහු සදහන් කරති.


මෙම තත්වයත් සමග ප්‍රදේශවාසීහු දැඩි සැකයකට හා නොසන්සුන්තාවයකට මෙන්ම භීතියකට පත්ව සිටිති.

උදෑසන සිට එලෙස වැටෙන සුදු පැහැති කැබැලි කොටස් පිළිබද ඇසින් දුටු දිඹුලාගල ආරණ්‍යවාසී හේනානිගල චුල්ලපන්තකාලංකාර ස්වාමීන් වහන්සේ සඳහන් කලේ තම ආරණ්‍ය සේනාසනය අවට ගම්මාන වලට පතිත වන මෙම සුදු පැහැති මකුළුදැල් වලට සමානකමකින් යුත් කොටස් පිළිබඳ වහා පරීක්ෂණයක් කර රටට හෙලිදරව් කරන ලෙසයි.

මිට පෙරද දිඹුලාගල කඳුමුදුන ආශ්‍රිත ප්‍රදේශයන්ට ඇතැම් හඳුනා නොගත් ද්‍රව්‍ය පතිත වී තිබේ. ඒ සම්බන්ධයෙන් පිටසක්වල ජීවින්, උල්කාපාත සහ පාවෙන පිරිසි වැනි තහවුරු නොකළ දේ ගැන සැක පහළ කර තිබිණ.

මේ වනවිට පතිතවන හඳුනාගත නොහැකි එම සුදුපැහැති කොටස් මිනිස් ජීවිත වලට හිතකරද? අහිතකරද? යන්න පරීක්ෂණ පවත්වා ඒ පිළිබඳ සැබෑතත්වය රටට හෙලිදරව් කරන ලෙසද චුල්ලපංතකාලංකාර හිමියෝ පැවසූහ.

මේ පිළිබඳ දිඹුලාගල ප්‍රාදේශීය ලේකම් පි.ටී.එම්.ඉර්ෆාම් මහතාගෙන් දුරකතනයෙන් කළ විමසීමකදි පැවසුවේ එවැනි සිද්ධියක් මෙතෙක් වාර්තා නොවු බවත් ඒ සම්බන්ධව ප්‍රාදේශීය සේවා සෞඛ්‍ය අධ්‍යක්ෂකවරයා ඇතුලු අදාල අංශ දැනුවත්කර එම සිදුවිම පිළිබඳ වහාම සොයා බලන බවත්ය.



අදහස් (7)

හඳුනානොගත් ද්‍රව්‍ය දිඹුලාගලට පතිත වෙයි

පූජා Saturday, 26 September 2020 10:39 AM

මේ ගැන අනවශ්‍ය බියක් ඇතිකර ගතයුතු නැහැ. අපේ රටේ පමණක් නොව පිටරටවල් වලත්, මකුලු දැල්වලට සමාන නූල් වැනි දෙයක් අහසින් පතිත වෙනවා සමහර අය දැක තිබෙනවා. ඒ ගැන වැඩියමක් කියන්නට දන්නේ නැහැ. විද්‍යානුකූල පරීක්ෂණයකින් පුලුවන් වෙයි මේවා මොනවද කියල‍ා දැනගන්න.

:       7       25

Nandalal DE SILVA - France Saturday, 26 September 2020 11:16 AM

මෙම අද්භූත පතිතවීම් සුලුකොට නොතැකිය යුතුය. ගුවනින්, සයුරෙන් හා වෙනත් මාර්ගවලින් රටට ගලාඑන මත්කුඩු මර්ධනයට ආරක්ෂක හමුදා කරන වැටලීම් සාර්ථක වෙමින් පවතින බව පේනවා. ඒ නිසා මේවා එවැනි මත්කුඩු ආනයනික ක්‍රමයක් වෙන්න බැරිද? විධිමත් පරීක්ෂණයක් කර මේවායේ සුලමුල හොයාගෙන, එය රටට හෙළිකිරීම රජයේ වගකීම සහ යුතුකම වෙනවා.

:       33       7

Prabha Saturday, 26 September 2020 05:50 PM

ප්‍රංශයට මත්කුඩු ගෙන්නන්නේත් සුළඟේ පාකරලාද?

:       0       0

කපිල Saturday, 26 September 2020 12:14 PM

ඔය 20ට ආශිර්වාද පිණිස දිව්‍ය ලෝකෙන් එවන විභූති...

:       14       48

Ajantha Sunday, 27 September 2020 05:00 AM

සජිත් ද කිවුවේ.

:       0       0

siri Saturday, 26 September 2020 02:18 PM

ඒවා මොනවා වුනත් ආරක්ෂාවක් නැතුව අල්ලන එකනම් නුවණට හුරු වැඩක් නොවේ.

:       0       0

Champa Sunday, 27 September 2020 03:41 PM

මේකට බය වෙන්න හේතුවක් නැහැ කියලයි මම නම් හිතන්නේ. වෙන රටවලටත් මෙහෙම වැටෙනවා. ඔස්ට්‍රේලියාවට මකුළුවෝ පිටින්ම අහසින් වැටිලා තියෙනවා. මේක පැහැදිලි කරන්න කියන එක හේතුවක් තමයි; ඉහල ගස්, පර්වත සහ කඳුමුදුන් වල ඉන්න විශාල ප්‍රමාණයක මව් මකුළුවන් දමපු බිත්තර බිඳිලා පරිසරයට මුදා හැරෙන පැටව්, මකුළු පාවීම (spider ballooning) හෙවත් සුළඟ ආධාරයෙන් වෙන තැන්වලට සංක්‍රමණය වීම. මේ කුඩා මකුළුවන් කොහේ හරි වැටුනහම හරි, අත්තක එල්ලුනහම හරි ඔවුන් වටා පැටලිලා තියෙන කුඩා මකුළු දැල් ඉබේම ඉවත් වෙනවා. ඒකයි මේ විදිහේ තනි කෙන්දෙ මකුළු දැල් සුළඟට පාවෙලා ඇවිත් තැන් තැන්වල වැටෙන්න පටන් ගන්නේ. අනිත් රටවලත් මේක වැඩිපුරම සිද්ධ වෙලා තියෙන්නේ ගිම්හාන සෘතුවේ. බය වෙන්න දෙයක් නැහැ. ස්වභාව ධර්මයේ තවත් අපූරු, නිර්මාණාත්මක සංසිද්ධියක් විතරයි මේක.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1238 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1205 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 441 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site