කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි 9දෙනෙකු සුවය ලබා අද(14) පිටව ගිය බව වසංගත රෝග විද්‍යා අංශය නිකුත් කළ වාර්තාවේ දැක්වේ.

ඒ අනුව, සුවය ලැබූ සමස්ත ආසාදිතයන් ගණන 3005ක් වන අතර, 217ක් තවදුරටත් රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටිති.

අද දිනයේ දී සුවය ලබා පිටව ගිය අය අතර, ජාතික බෝවන රෝග විද්‍යායතනයෙන් 3දෙනෙක් සහ ඉරණවිල රෝහලෙන් 6දෙනෙක් ද වෙති.

ජාතික බෝවන රෝග විද්‍යායතනයෙන් පිටව ගිය තිදෙනා අතර, විදේශිකයෙක් ද වෙයි.

මේ වනවිට ශ්‍රී ලංකාවෙන් වාර්තා වන සමස්ත ආසාදිතයන් ගණන 3234කි.