කොරෝනා වයිරසය ආසාදනය වී සුවය ලැබූ පුද්ගලයින් 74 දෙනෙකු පුර්ණ සුවය ලබා  පිටව ගිය බව වසංගත රෝග විද්‍යා අංශයේ නවතම වාර්තා වලින් දැක්වේ. ඒ අනුව අද (02) දිනය වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබන පුද්ගලයින් සංඛ්‍යාව 291 ක් දක්වා පහළ බැස තිබේ.

 

ඊයේ (01 වැනිදා) රාත්‍රී 10.00 වන විට රෝගීහු 365 දෙනෙක් රෝහල්ගතව සිටියහ.

 

කොරෝනා වයිරසය ආසාදිතයන් වශයෙන් ශ්‍රී ලංකාවෙන් මෙතෙක් හඳුනාගන්නා ලද මුළු සංඛ්‍යාව 2816 කි.

 

සුවය ලබා පිටව ගිය මුළු ආසාදිතයින් සංඛ්‍යාව 2514 කි.

 

කොවිඩ් -19 වයිරසය ආසාදනය වී මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව 11 කි.

535