( බිමල් ශ්‍යාමන් ජයසිංහ)
 
මහනුවර බූවැලිකඩ ප්‍රදේශයේ  ගිලා බැසීමට ලක් වූ පස් මහල් ගොඩනැගිල්ලේ සුන්බුන්වලට  යටවී මියගිය  යාබද  නිවසේ  බිළිඳාගේ මව හා පියා ද  සුන්බුන් අතර සිරවී සිටින බව ලද තොරතුරු අනුව ඔවුන් සොයා මේ වන විට  මෙහෙයුමක් ක්‍රියාත්මක කර ඇතැයි  මහනුවර පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක තුසිත හලංගොඩ  මහතා පැවසීය .
 
යුද්ධ හමුදාව ,පොලිසිය හා සහන කණ්ඩායම්  රැසක් ඔවුන් මුදවා ගැනීම සඳහා යුහුසුළුව  ක්‍රියාත්මක වන බව ස්ථානාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය 

ඡායාරූප -  (ටී. එච්. සරත්)