(දසුන් රාජපක්ෂ)
පාස්කු ඉරු දින සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී මරාගෙන මැරෙන බෝම්බයක් පුපුරවා ගත් මොහොමඩ් ඉන්ෂාෆ් අහමඩ් නැමැත්තාට අයත් වූ තඹ නිෂ්පාදනය කරන කොලෝසස් පුද්ගලික සමාගමට අධික ලාභයක් ලැබෙන ලෙස, හිටපු කර්මාන්ත සහ වාණිජ කටයුතු අමාත්‍යවරයකු වූ රිෂාද් බදියුදීන් මහතා කාර්මික සංවර්ධන මණ්ඩලය හරහා වට්ටම් ලබා දී ඇති බව කාර්මික සංවර්ධන මණ්ඩලයේ අලෙවි අධ්‍යක්ෂ සරත් උදයසිරි මහතා පාස්කු ඉරු දින බෝම්බ ප්‍රහාර මාලාව පිළිබඳ විමර්ශන සිදුකරන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙමින් අද(01) ප්‍රකාශ කළේය.
කාර්මික සංවර්ධන මණ්ඩලයේ ඇස්තමේන්තුගත ලේඛනවලට අනුව කොලෝසස් පුද්ගලික සමාගමට වාසි සහගත ලෙස තඹ අමුද්‍රව්‍ය විකිණීම නිසා එම මණ්ඩලයට රුපියල් මිලියන ගණනක පාඩුවක් සිදු වී ඇති බවද, සරත් උදයසිරි මහතා සඳහන් කළේය.
කොලෝසස් පුද්ගලික සමාගමට එලෙස අධික ලාභයක් ලැබීමට සැලැස්වීම නිසා පාඩු සිදු වූ තඹ අමුද්‍රව්‍ය මිලදීගන්නා අනිකුත් සමාගම් කාර්මික සංවර්ධන මණ්ඩලය වෙත දිගින් දිගටම පැමිණිලි ඉදිරිපත් කර තිබූ බවද ඒ මහතා කියාසිටියේය.
සරත් උදයසිරි මහතා මෙලෙස ප්‍රකාශ කරසිටියේ 2017 වර්ෂයේ සිට 2019 වර්ෂය දක්වා කාර්මික සංවර්ධන මණ්ඩලයේ විකුණුම් ලේඛනවල සඳහන් තොරතුරු ජනාධිපති කොමිසම හමුවේ හෙළිදරව් කරමිනි.
පාස්කු ඉරු දින බෝම්බ ප්‍රහාර මාලාව පිළිබඳ විමර්ශන කරන ජනාධිපති කොමිසම අභියාචනාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ ස්ථාපිත කොට තිබෙන විශේෂ කාර්යාලයේදී අද(01) රැස්විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ජාතිවාදී සුලුජාති පක්ෂ ප්‍රධාන දේශපාලන ප්‍රවාහය හා එක්වී කොයිපැත්ත ආවත්, තම ජාතියේ ප්‍රවර්ධනයට කටයුතු සලසා ගන්නවා. ඒත්, මහජාතිය එකිනෙකා කුළල් කා ගනිමින් තමන්ගේ අයිතිවාසිකම් නොලබා පිරිහීම කරා පියමං කරනවා. මෙහෙමත් මිනිසුන්...
ඉතින් ඒ කාලේ මේවා නොකියා බුදියාගෙන හිටියේ ඇයි? කොන්ද පණ නැද්ද? වැඩේට කෙළවුණාට පස්සේ තමයි ඔක්කොම ලොකු කතා... මේ වැඩේම තමයි මහ බැංකුවේ සිද්ධ වුණෙත්... අවුරුදු ගාණක් හොරකම යනකන් කටවල් වහගෙන ඉඳලා.., ඊට පස්සේ කෑ ගහනවා... එතකොට වැඩේ වෙලා ඉවරයි.
මේ වගේ දේවල් ඉතින් අමුතුවෙන් අහන්නත් දෙයක්ද? සහරාන් කියන්නේ අපේ රටේ හිටපු බුද්ධි අංශ සාමාජිකයෙක්ලුනේ... 2015ට පෙර පැවති රජය මහජනතාවගේ මුදල්වලින් සහරාන්ට පඩි ගෙවලත් තියනවනේ... එතකොට, බෝම්බ ගහනකම් ඇහැ කන පියාගෙන හිටියේ සිංහල නායකයෝ නෙමේද? අනුන්ට බැනලා, අනුන් මත වැරදි පටවලා සිංහලයින් හිත හදා ගත්තට, දෙගොල්ලෝම එකතුවෙලා බලය වෙනුවෙන් සිදුකළ හදිය අපට නම් හිතාගන්න පුළුවන්... එසේ බැලුවාම, කුමන වැරදි මත දරුවත් දෙමළ හා මුස්ලිම් දේශපාලන නායකයින් ශ්‍රේෂ්ඨයි. ඒ මිනිස්සු තමන්ගේ ජාතිය නසලා බලය ලබා ගන්නේ නැහැ කවදාවත්. කාට තිත්ත වුණත් ඇත්ත ඒකයි..
ඡන්දයක් ආවාම ඩ්‍රාමා ආරම්භ වෙනවා..
ඇයි ඒ වෙලාවේ ඕකට විරුද්ධ නොවුනේ? අඩුමගානේ මාධ්‍යයට කියන්න තිබුණානේ ඒක වරදක් නම්... දැන් ඡන්දේ ළඟ නිසා මෙයාව ටික දවසකට ඇතුළට දාන්න පොටක් පාදාගන්න වගේ හදන්නේ. මාස 8ක් ගිහිනුත් මහ බැංකුව වංචාවට කරපු දෙයක් නෑ. එහෙව් අයගෙන් පාස්කු එකටත් වෙන්නේ ඒකමයි. දෙගොල්ලන් ශේප් එකේ ඉන්නවා මිනිස්සුන්ට පොඩිපොඩි නාට්‍ය පෙන්නමින්...
වැරැදි කරලා තියෙනවා නම් කියව කියවා ඉන්නේ නැතිව, නීතිය ඉදිරියට ගෙනැවිත් දඬුවම් දෙන්න.. පාලකයින් වැරැදි කරපුවා දැනදැනත් කිසිම පියවරක් නොගෙන නිකන් ඉන්න එකත් විශාල වරදක් බව දන්නේ නැතිද?
ඔය තඹ, රජයේ ආයතන වලින් ඉවත් කරන අබලි යකඩ අයිඩීබී එක හරහා දෙන්නේ සුළු හා මධ්‍යම පරිමාණ කර්මාන්ත වලට දෙන්න. නමුත් ඔතැනට එන හැම ඇමතියම කරන්නේ තමන්ගේ හෙංචයියන්ට හොර පාරෙන් දෙන එක. ඕන අද ඊයේ දෙයක් නොවේ. අයිඩීබී එකේ හැමෝම දන්නවා ඇති වෙන සෙල්ලම...
කවදාවත් මේ පාලකයින්ගෙන් සාධාරණ ඉටුවේවි කියලා විශ්වාස තියන්න එපා. පහුගිය ජනාධිපතිවරණ පොහොට්ටුවේ මන්නාරම ප්‍රචාරය රැලියට සහභාගි වූ වර්තමාන ප්‍රධාන දේශපාලකයින් දිවා අාහාරය ගත්තේ මේ බෝම්බකරුගේ මාමණ්ඩියගේ නිවසේදී තමා. විජයකලාගේ ප්‍රකාශයට රනිල් මෛත්‍රී දඬුවම් දුන්නෙත් නැහැ. කරුණාගේ ප්‍රකාශයට රාජපක්ෂලා දඬුවම් දෙන්නත් නැහැ. ජවිපෙ හැර අනිකුත් දේශපාලන පක්ෂ සේරම එකම පන්තියේ. එළියේ ඉන්න සාමාන්‍ය මිනිස්සු සහ ආධාරකරුවන් නිකං ගහමරා ගන්නවා සහ එකිනෙකා සැකයෙන් බලනවා.
ඔය දේවල් කතාකරන්නේ නැතුව ආණ්ඩුවේ කොන්දක් තියෙන කවුරුත් නැද්ද මෙයට නීතිය ක්‍රියාත්මක කරන්න.?
අපි දන්නවා ඡන්දය ආවම රිෂාඩ් භූමිකාව එනවා කියලා පොහොට්ටුවට තියන එකම තුරුම්බුව රිෂාඩ්, පොහොට්ටුව එක්ක එකතු නොවුනට ඔක්කොම විදින්න වෙනවා.
ඕක මොකක්ද බන්..., සහරාන් කව්ද ලංකාව වෙනුවෙන් KP හා කරුණා අම්මාන් කරලා තියෙන සේවය බලද්දී.. KP අල්ලාගෙන ඒමට වියදම්කළ මුදලත් පාඩුයි ලංකාව පැත්තෙන්... සහරාන්, ඊබ්‍රාහිම් දැන් හිටියා නම් KPව සුද්ද කළ එකේ 2 වැනි කොටස බලාගන්න තිබ්බා. පව්... ලංකාවේ 69, 52 ලක්ෂයේ වහල් ඡන්ද දායකයෝ...
මේ ඔක්කොම අහලා එපාම වෙලා, මේ කාටවත් දඬුවමක් දෙන්නේ නැහැ. ජනතාව මුලා කරනවා.
බදුර්දීන්ට, රනිල්ට, රවිට, සිරිසෙනට, දඬුවම් දෙයි කියල හිතන කවුරුහරි ඉන්නවද?
බදියුදීන් විපක්ෂේ ඉන්න නිසා ඔක්කොම ප්‍රශ්ණ... එන්නකෝ... ඔක්කොම ප්‍රශ්න ඉවරයි.
මේවා ඔයිට කලිනුත් තොරතුරු තිබ්බනේ මාධ්‍යවල, ඒත වැඩක් වුණාද? එපාවෙලා තියෙන්නේ මේවා අහලාම, කිසිම නීතිමය ක්‍රියාමාර්ගයක් ගන්නේ නැහැනේ.. කියව කියවා ඉන්නවා විතරයි මේ ආණ්ඩුවත්... අපිට මේවා දාන්න එපා රටේ නීති අංශ වලට දාලා අපරාධකරුවන් අල්ලන්න පම්පෝරි නැතුව...
සිත්ගන්නාසුළු වට්ටම්...