IMG-LOGO

2025 දෙසැම්බර් මස 02 වන අඟහරුවාදා


සිත් රූ ඇඳි රූ

ජාතික චිත‍්‍ර කතා පදනම සංවිධානය කළ චිත‍්‍රකතා ශිල්පීන් 200කට වැඩි පිරිසකගේ චිත‍්‍ර ඇතුළත් ”සිත්තරු ඇදි රූ” ප‍්‍රදර්ශනය මේ දිනවල කොළඹ ජාතික කලාභවනේදී පැවැත්වෙන අතර, එහි අවසන් දිනය අදට (09) යෙදී තිබේ. ”සිත්තරු ඇදි රූ” ප‍්‍රදර්ශනය පසුගිය 07 වැනි දින ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් විවෘත කෙරිණි. එහිදී ජනාධිපතිවරයා විසින් චිත‍්‍රකතා ශිල්පීන් සියලූ දෙනා සමග කතාබහ කරමින්, ඔවුන්ගේ චිත‍්‍ර රසවිඳීම විශේෂත්වයකි. ජාතික චිත‍්‍රකතා පදනමේ සභාපති දයා රාජපක්‍ෂ හා ලේකම් දුමින්ද සංජීව බාලසූරිය යන මහත්වරු මෙහිදී ජනාධිපතිතුමාට කරුණු පැහැදිලි කර දෙමින් චිත‍්‍ර නැරඹූ අයුරුත් ප‍්‍රවීණ චිත‍්‍රකතා ශිල්පී ”විජය, බිළිඳු” පුවත්පත් කර්තෘ පියල් උදය සමරවීර හා ලංකාදීප චිත‍්‍රකතා ශිල්පි බෙල්ලන සෝමසිරි යන අය සමඟ ජනාධිපතිතුමා කතා කළ අයුරුත්  ඡුායාරූපවල දැක්වේ. ”සිත්තරු ඇදි රූ” ප‍්‍රදර්ශනයේ අවසන් දිනය වන අද (09) පස්වරු 3.30ට සමාප්ති වැඩසටහන සඳහා ප‍්‍රධාන ආරාධිතයා ලෙස අග‍්‍රාමාත්‍ය දි.මු. ජයරත්න මහතා සහභාගි වීමට නියමිතය. ප‍්‍රදර්ශනය නැරඹීමට දහස් සංඛ්‍යාත පිරිස් මේ වන විට පැමිණ ඇති බවත්, නමින් හා චිත‍්‍රකතාවලින් පමණක් දැන සිටි චිත‍්‍රකතා ශිල්පීන් රසියන්ට හඳුනා ගැනීමට මෙය මහඟු අවස්ථාවක් වූ බවත් ජාතික චිත‍්‍රකතා පදනමේ සභාපති දයා රාජපක්‍ෂ ”රසවින්දනට” පැවසීය. ඡායාරූප ශාන්ත රත්නායක



අදහස් (0)

සිත් රූ ඇඳි රූ

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්






මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 274 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 315 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1245 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site